අබිං පනත බලාත්මකවේ

Truth Hurts

Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    පසුගිය ඔක්තොබර් 19 වැනිදා පාර්ලිමේන්තුවේදී සම්මත වූ විෂ වර්ග, අබිං සහ අන්තරායදායක ඖෂධ වර්ග (සංශෝධන) යන පනත් කෙටුම්පත අද (23) සිට 2022 අංක 41 දරන විෂ වර්ග, අබිං සහ අන්තරායදායක ඖෂධ වර්ග (සංශෝධන) පනත ලෙස බලාත්මක වේ.

    ඒ, අදාළ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අද (23) සිය සහතිකය සටහන් කිරීමත් සමගයි.

    අධිකරණ බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යවරයා විසින් සැප්තැම්බර් මස 9 වැනි දින විෂ වර්ග අබිං සහ අන්තරායදායක ඖෂධ වර්ග ආඥා පනත සංශෝධනය කිරීම සඳහා උක්ත පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදී.
     
    • Like
    Reactions: NRTG and topkollek

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,382
    21,300
    113
    මොනවද අබිං කියන්නෙ
    Opium

    අබිං දාල බැදපු මාලු කාල තියනව.
    පට්ට 😍😍
    සමහර රෙස්ටියුරන්ට්වල දානවලු කට්ටිය ගෙන්න ගන්න දිගටම.
    ------ Post added on Nov 23, 2022 at 5:37 PM