අභයගිරි විහාරය

BEN TANNYSON

Well-known member
  • Dec 19, 2009
    12,459
    377
    83
    අභයගිරි විහාරය

    ආරම්භය


    ද්‍රවිඩ ආක්‍රමණ නිසා වළගම්භා රජු පලා යන විට අභයගිරිය පිහිටි ස්ථානයේ සිටි ගිරි නම් නිගණ්ඨයා මහාකළු සිංහලයා පලායයි යනුවෙන් අපහාස කළ බවත්,නැවත රාජ්‍ය ලබා ගත් විට රජතුමා නිගණ්ඨ දේවාලය කඩා දමා අභයගිරිය සාදා තමාට බැරි කාලයේදි උපකාර වු කුපික්කල මහාතිස්ස හිමියන්ට පුජා කළබවත් තමාගේත් නිගණ්ඨයාගේත් නම් එක් කොට එය අභයගිරි විහාර‍ය යනුවෙන් නම් කළ බවත් මහා වංශයේ සඳහන් වේ.පුරාණයේ උස් බිම් හා පර්වත ආශ්‍රිතව ඉදි කළ විහාරගිරි යන්නෙන් අවසන් කර ඇත.මේඝගිරි,චේතියගිරි,මුහුන්දගිරි,වෙස්සගිරි ආදියේත් ගිරි නිගණ්ඨයන් නොසිටි හෙයින් අභයගිරි යනු අභය රජතුමා උස් බිමක සෑදු විහාරය නිසා නම් වු බව පෙනේ.පස්වැනි සියවස වන විට මෙහි භික්ෂුන් 5000 ක් වැඩසිටි බව අභයගිරි විහාරයේ වැඩසිටි චීන ජාතික පාහියන් හිමියන් සඳහන් කරයි.එසේම හතරවැනි සියවසේදි කිත්සිරිමෙවන් රජ දවස මෙරට ගෙන ආ දළදා වහන්සේගේ භාරකරත්වය හිමි වුයේද අභයගිරියේ පැරණිතම භික්ෂූ කණ්ඩායම වු උත්තර මුලය‍ටයි.අනුරාධපුර යුගයේදි දළදා පෙරහැර පැවතුනේද ඇතුළු නුවර සිට අභයගිරියටයි.ලංකාරාමය මෙහි භික්ෂුණි ආරාමයක් විය.වයඹදිග ප්‍රදේශයේ තපෝවනයක් ද විය.1017 සොළි ආක්‍රමණ නිසා අඩපණ වු අභයගිරිය 1215 මාඝගේ ආක්‍රමණය නිසා වල්වැදි ගියේය.



    03.අභයගිරි විහායේ දක්නට ලැබෙන සුවිශේෂි කලා නිර්මාණ


    01.අභයගිරි ස්තූපය

    02.රත්න ප්‍රසාදය

    03.මුරගල

    04.සඳකඩපහණ

    05.සමාධි බුදු පිළිමය

    06.ඇත් පොකුණ

    07.කුට්ටම් පොකුණ

    08.අභයගිරියේ සුදස්සන පඨානඝරය


    අභයගිරි ස්තූපය
    250px-%E0%B6%85%E0%B6%B7%E0%B6%BA%E0%B6%9C%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B6%BA..jpg

    magnify-clip.png

    අභයගිරි ස්තූපය


    මෙය අභයගිරි උත්තර මහා චෛත්‍ය නමින්ද හඳුන්වනු ලබයි.වළගම්භා රජතුමා විසින් මෙම ස්තූපය ඉදිකර ඇත.බුදුන් වහන්සේ සිරිලකට වැඩම කළ පසු සිරිපාදය තැබු ස්ථානයක ස්තූපය ඉදිකර ඇති බවට විශ්වාසයක් වු බව ක්‍රි.ව.411-113 පාහියන් හිමියෝ පවසති.පසු කාලීන ග්‍රන්තයක් වන සද්ධර්මරත්නාකරයහි සඳහන් වන පරිදි මෙහි සර්වඥධාතු තැන්පත් කළ වෘෂභ‍යෙකුගේ හැඩයෙන් යුතු කරඬුවක් නිදන් කර ඇත. අභයගිරි භූමියේ තවත් ස්තූප කීපයක් දක්නට ඇත.ජනවහරේ ඉඳිනටු සෑය නමින් හැඳින්වෙන ප්‍රාසාද ස්තූපය කුඩා ගල්පර්වතයක් මැදි කොට ඉදිකරන ලද්දකි.මෙය පොළොන්නරුවේ සත්මහල් ප්‍රාසාදය නම් සතූපය හා සමානය.ඇත්පොකුණට බටහිරින් වේදිකාවක් මත තවත් ස්තූපයක් හමු වී ඇත.ඒ හැර තවත් කුඩා ස්තූප දෙකක නටඹුන් හමු වී ති‍බේ.
    රත්න ප්‍රාසාදය


    මෙය අභයගිරි විහාරයේ පොහොය ගෙයයි.මෙහි වීදුරු වර්ණ ආලේපිත උළු සෙවිලි කර ඇත.මෙය පස් මහල් ප්‍රාසාදයක් වේ.දැනට දක්නට ලැබෙන නටබුන් ක්‍රි.ව.7-8 සියවසට අයත් යැයි සැළකේ.



    මුරගල


    ලංකාවේ දක්න‍ට ලැබෙන කලාත්මක මුරගල රත්න ප්‍රාසාදය අසල දක්නට ලැබේ.මෙ‍ම මුරගල මුදුනේ මකර තොරණක් ද මකරාගේ මුවින් පිටවන ස්ත්‍රි පුරුෂ යුවලක් ද වේ.එ‍යින් ලෞකික සැපය විනාශයට හේතු වන බව එක් අදහසකි.



    සඳකඩපහණ

    250px-Sadakada_pahana.jpg

    magnify-clip.png

    සඳකඩපහණ

    අනුරාධපුරයේ සුප්‍රසිද්ධ සඳකඩපහණ පිහිටා ඇත්තේ අභයගිරි විහාරයේය.මහාචාර්ය පරණවිතාන මහතා සඳකඩපහණේ කැටයම් විස්තර කිරිම සඳහා තෝරා ගත්තේ මේ සඳකඩපහණයි.මීට නුදුරින් රත්නප්‍රාසාදයට පිටු පසින් එවැනිම කලාත්මක සඳකඩපහණක් ඇත.පරණවිතාන මහතාගේ අදහසට අනුව සඳකඩපහණේ කැටයමෙන් දැක්වෙන්නේ සංසාර චක්‍රයයි.

    • පලාපෙති මොස්තරය-ලෝකය ගිනිගත් බව දැක්වෙන ගිනි දැල්ය.

    • සිව්පාවන්-ජාති,ජරා,ව්‍යාධි,මරණ

    • ලියවැල-තෘෂ්ණාව

    • හංසයින්-සංසාරයෙන් මිදිමට තැත් කරන ජනතාව

    • පද්මය-නුවණ


    මේ පිළිවෙළට කැටයම් නොමැති සඳකඩපහණක්ද ඇත.
    සමාධි බුදු පිළිමය

    150px-%E0%B7%83%E0%B6%B8%E0%B7%8F%E0%B6%B0%E0%B7%92_%E0%B6%B6%E0%B7%94%E0%B6%AF%E0%B7%94_%E0%B6%B4%E0%B7%92%E0%B7%85%E0%B7%92%E0%B6%B8%E0%B6%BA..jpg

    magnify-clip.png

    සමාධි බුදු පිළිමය







    මෙය පිහිටා ඇත්තේද අභයගිරි විහාරයේ පැරණි බෝධිඝරයකයි.ගුප්ත ශෛලියට නිමවා ඇති මෙහි පාද වීරාසන ඉරියව්වෙන්ද දෑත් සමාධි මුද්‍රාවෙන්ද දක්නට ඇත.පිළිමයට පිටුපසින් බෝරුක පිහිටි ආවාටය දක්න‍ට ලැබේ.මෙය ක්‍රි.ව.3-4 කාලයට අයත් වේ.පුරාණයේ මෙය වර්ණ ගන්වා තිබු බවට සළකුණු තවමත් දක්නට ඇත.නේත්‍ර කුහර වල වටිනා ගල් අල්ලා තිබුණි.









    ඇත්පොකුණ


    භික්ෂුන් වහන්සේලාගේ ජල අවශ්‍යතා සඳහා මෙම පොකුණ ඉදිකර ඇත.දිග පළල දළ වශයෙන් මීටර් 160*35 කි.ක්‍රි.ව.3-4 සියවස් වලට අයත් වේ.වර්තමානයේ ඇත්පොකුණ නමින් හැඳින් වුවත් බෝධිවංස ගැටපදය අනුව එය හැඳින් වු පැරණි නාමය මාස්පොත පොකුණ විය.ඉහළින් ඇති පෙරමියන් කුලම වැවෙන් හෝ බුන්කුලම වැවෙන් ජලය ගෙන ආ උමං ජලමාර්ග දෙකක් උතුරු පැත්තෙන් ඇත.දකුණු පැත්තෙන්ද මෙයට ජලය ගෙන ආ උමං මාර්ග දක්නට ඇත.
    කුට්ටම් පොකුණ

    200px-%E0%B6%9A%E0%B7%94%E0%B6%A7%E0%B7%8A%E0%B6%A7%E0%B7%8A%E0%B6%B8%E0%B7%8A%E0%B6%B4%E0%B7%9C%E0%B6%9A%E0%B7%94%E0%B6%AB.jpg

    magnify-clip.png

    කුට්ට්ම්පොකුණ

    යුගලයක් වශයෙන් පොකුණු දෙකක් ඇති හෙයින් කුට්ටම් පොකුණ නම් වේ.අභයගිරි විහාරයේ වු මුල හතරින් කපාරාමුලයේ භින්ෂුන්ගේ ජල පහසුව සඳහා කරවන ලද්දකි.පොකුණු දෙකෙහි දිග පළල දළ වශයෙන් මීටර් 40*16 සහ 28*17 වේ.පළමුවන අග්බෝ රජුගේ කළ නිර්මාණයක් ලෙස සැලකේ.පොකුණට එන ජලය කීපවරක් පෙරි එන සේ ගලින් නිම වු බිසෝ කොටුවක් දැකිය හැකිය.ජලය අපවිත්‍ර වු විට පිට කිරිමට කුහරයක් ද දැකිය හැකිය.









    අභයගිරියේ සුදස්සන පඨානඝරය
    පාංශුකූලික භික්ෂුන් වැඩ හිඳින පඨානඝරය රත්නප්‍රාසාදය පසු කර යන විට වයඹ දෙසින් හමුවේ. මෙය වලගම්බා යුගයට පෙර සිට පැවති බවට සාක්‍ෂි හමු වි තිබේ.


    මේ අනුව විවිධ උසස් කලා ශිල්ප දක්නට ලැ‍බෙන ඉතා අලංකාර විහාරයක් ලෙස අභයගිරි විහාරය දැක්විය හැකි අතර ලංකාවේ ඇති වු දෙවැනි බෞද්ධ නිකාය වේ.


     

    The_CN

    Member
    May 2, 2009
    1,614
    7
    0
    34
    Anuradapura
    හොද වැඩක් සහෝ .......මම සුබ පතනවා ......දිගටම මේ වැඩේ කරගෙන යන්න ......
     

    llrajitha

    Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    අපි අභයගිරියට යන පාර තොට එහෙමත් හොයල දාමුද?
     

    anrdeknyke

    Well-known member
  • Oct 6, 2009
    8,802
    467
    83
    බ්‍රෝ මේ වැඩේ දිගටම කරන් යන්න...නියම වැඩක්..මගෙන් සුබ පැතුම් ( රෙප් +)