අභ්‍යවකාශයේ සිට
අන්තර්ජාතික අභ්‍යවකාශ මධ්‍යස්ථානය (International Space Station /ISS) යනු අභ්‍යාවකාශයෙහි පවතින පර්යේෂණ මධ්‍යස්ථානයකි. මෙම අභ්‍යවකාශ මධ්‍යස්ථානය පහත් පෘථිවි කක්ෂයේ පවතින අතර පෘථිවියේ සිට පියවි ඇසින් දැකගැනීමට හැකිය. එය පෘථිවි පෘෂ්ඨයෙන් දළ වශයෙන් කිලෝමීටර් 350 ක් (හැතැප්ම 217) උසින් පවතින අතර එය පැයට කිලෝමීටර් 27,700 ක දළ වේගයකින් ගමන් කරමින් දිනකට කක්ෂ 15.77 ක් සම්පූර්ණ කරයි.
ISS යනු ඇමරිකා එක්සත් ජනපදයේ (NASA), රුසියාවේ (RKA), ජපානයේ (JAXA), කැනඩාවේ (CSA), සහ යුරෝපීය රටවල් එකොළහක (ESA) අභ්‍යාවකාශ ඒජන්සි විසින් හවුලේ කරගෙන යනු ලබන ව්‍යාපෘතියකි. බ්‍රසීලියානු අභ්‍යාවකාශ ඒජන්සිය (AEB, බ්‍රසීලය) නාසා ආයතනය සමඟ වෙනම ගිවිසුමක් හරහා මෙම ව්‍යාපෘතියට සම්බන්ධ වේ. එසේම ESA නැතිනම් යුරෝපීය හවුලට අයත් ඉතාලිය ද ESA හි කාර්යභාරයට අයත් නොවන විවිධ ක්‍රියාකාරකම් සඳහා වෙනම ගිවිසුම් ඇති කරගෙන තිබේ.
චීනය මේ සඳහා තවමත් හවුල් වී නොමැති නමුත් රුසියානු ඒජන්සිය සමඟ එක්ව කටයුතු කිරීමට ඉඩ ලැබෙන්නේ නම් ඔවුන් ද මේ ව්‍යාපෘතියට උනන්දු වන බව වාර්තා වී ඇත.
ISS යනු කලින් සැලසුම් කෙරුනු වෙනත් අභ්‍යවකාශ මධ්‍යස්ථාන නොකඩවා පවත්වාගෙන යාමක් බව දැක්විය හැකිය. රුසියාවේ මීර් 2, දරුණු ලෙස අරමුදල් හිඟයකට ලක්වුනු ඇමෙරිකානු ෆ්‍රීඩම් අභ්‍යවකාශ මධ්‍යස්ථානය, යුරෝපීය කොළම්බස් සහ කිබෝ මධ්‍යස්ථාන, ජපානයේ එක්ස්පරිමන්ට් මොඩියුල් මධ්‍යස්ථානය එවැනි මධ්‍යස්ථාන කීපයකි.
ISS වෙත පළමුව නේවාසික කණ්ඩායමක් ඇතුළු වූ දිනයේ (2000 නොවැම්බර් 2) සිට නොකඩවා එය ජනයාගෙන් යුක්ත වූ බැවින් මිනිසුන් අභ්‍යවකාශයෙහි ස්ථිර පදිංචි කරුවන් බවට පත්ව ඇත. එක්ස්පඩිෂන්ට 17 යානාවේ කණ්ඩායම දැනට මෙම මධ්‍යස්ථානයෙහි වාසය කරති. වර්තමානයේ දී මෙහි ඉඩපහසුකම් ඇත්තේ තිදෙනෙකුගේ කණ්ඩායමකටය. ක්‍රියාකාරී පර්යේෂණ වැඩසටහනක් දියත් කිරීමට නම් ඉදිරි කාලයේ දී ගගනගාමීන් 6 දෙනෙකුගේ කණ්ඩායමකට ප්‍රමාණවත් ඉඩ පහසුකම් සලසා ගත යුතුය. මුල් කණ්ඩායමේ සාමාජිකයන් සියලු දෙනා පැමිණීයේ රුසියාවෙන් සහ ඇමෙරිකාවෙනි.
2006 ජුලි මාසයේ දී ESA ගගනගාමී ජර්මානු ජාතික තෝමර් රයිටර් විසින් එක්ස්පඩිෂන් 13 කණ්ඩායමට එක්වූයේ වෙනත් අභ්‍යවකාශ ඒජන්සියකින් පැමිණි ප්‍රථම සාමාජිකයා ලෙස වාර්තා ගත වෙමිනි. මේ වන විට මධ්‍යස්ථානය ගවේෂණ කිරීමට රටවල් 16 ක ගගනගාමීන්ට හැකිවී තිබේ. ප්‍රථම අභ්‍යවකාශ සංචාරයකින් පස් දෙනාගේ ද චාරිකා අන්තය වුයේ ISS ය.
මධ්‍යස්ථානයේ අලුත්වැඩියා කටයුතු මුලිකව සිදුකරන්නේ රුසියානු සොයුස් සහ ප්‍රොග්‍රස් අභ්‍යාවකාශ යානා සහ ඇමෙරිකානු අභ්‍යවකාශ ෂටල මඟිනි (වර්තමානයේදී ඇමරිකානු ෂටල භාවිතා වන්නේ නොමැත). 2008 වසරේ මාර්තු 9 වනදා ESA මඟින් ඇරියෙන් 5 සමඟ පළමු ස්වයංක්‍රීය හුවමාරු වාහනය (Automatic transfer Vehicle) වන ජුල්ස් වර්න් ATV වාහනය කිලෝග්‍රෑම් 8000 කට අධික භාණ්ඩ ප්‍රමාණයක් ද සමඟ ISS කරා ගුවන් ගත කෙරුනි. 2008 අප්‍රේල් 3 වනදා එම භාණ්ඩ සාර්ථකව ලබා ගන්නා ලද බව වාර්තා වේ.
ආරම්භයේ සිට ISS ව්‍යාපෘතිය අවසන් වීමට නියමිත 2017 වර්ෂය දක්වා මේ සඳහා වැය වන මුදල ඩොලර් මිලියන 157 ක් වන අතර මානව වර්ගයා විසින් මෙතෙක් ගොඩ නගා ගෙන ඇති මිල අධිකම වස්තුව ISS වේ.
ජාත්‍යන්තර අභ්‍යාවකාශ මධ්‍යස්ථානයේ තතු විත්ති මෙන්න මෙහෙමයි
පෘථිවියේ සිට ආසන්න වශයෙන් කිලෝමීටර 408 දුරින් පිහිටා ඇත
- පෘථිවිය වටා ගමනමිනිත්තු 90කින් සම්පූර්ණ කරයි
-මධ්‍යස්ථානය දිනකදී ඉර උදාවල් සහ බැසයෑම් 16 ක් සම්පූර්ණ කරගනී
- බර කිලෝග්‍රෑම් 419,725
- සම්පිණ්ඩනය කළ දිග මීටර 73
- සමස්ථ දිග අඩි 357
- භාවිතා කල වයර් වල දිග කිලෝමීටර 18
- මේ දක්වා මධ්‍යස්ථානයට ගිය ගමන් වාර 115
- මධ්‍යස්ථානය සදහා ලියූ මෘදුකාංග කේත ලයින් මිලියන 3.3
- භූගත පද්ධතිවල මෘදුකාංග කේත ලයින් මිලියන 1.8
- මධ්‍යස්ථානයේ තත්ව මැන බැලීමට සෙන්සර (sensor) 350,000කට වඩා කාර්යයේ නිරත වේ
- සූර්ය පැනල වල වපසරිය අක්කර 1යි
- විදුලිබල ධාරිතාවය කිලෝවොට් 75-90
- අජටාකාශගාමින් 6 දෙනෙකුට පහසුකම් ඇත
- 2000 සිට 2015 දක්වා ආහාර වේල් 26,500ක් අජටාකාශගාමීන් ගෙන ඇත.
-වියදම ඇමරිකානු ඩොලර් බිලියන 150
මේ තියෙන්නේ අන්තර්ජාතික අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ (International Space Station /ISS) ඉදල ලයිව් ස්ට්‍රීම් video එක.

Last edited:

dan ekek eliye inna gaman live yanne feed eke