අභ්‍යාවකාශයේ සිට උතුරු කොරියාව
අන්තර්ජාතික අභ්‍යාවකාශ මධ්‍යස්ථානයේ සිට ලබාගත් උතුරු කොරියාවේ අගනුවර වූ පියොන්ජියෑන්ග් හි දුර්ලභ වීඩියෝ පටයක් පසුගිය කාලයේ මාධ්‍ය වෙත නිකුත් කර තිබිණි.මෙම වසරේ මැයි මස 30 වනදා ලබාගෙන තිබෙන මෙම වීඩියෝපටය ඔස්සේ උතුරු කොරියාවේ ජීවිතය,තදබදයක් හෝ මෝටර් රථයක් හෝ දක්නට නැති මහා මාර්ග කදිමට දිස්වේ. අර්ත්කාස්ට් හි ඉංජිනේරුවන්ට අනුව එහි දක්නට ලැබෙන්නේ පයින් කුම්සුසන් මාළිගය ආසන්නේ ගමන් කරන මිනිසුන්ය.
මෙම වීඩියෝව ලබාගත් විශේෂිත කැමරාව වසර දෙකකට(2014) පෙර අන්තර්ජාතික අභ්‍යාවකාශ මධ්‍යස්ථානයේ රුසියාවට අයත් කොටසේ ස්ථාපනය කරන ලදි.එය නිර්මාණය කලේ අර්ත්කාස්ට් - Urthecast නම් සමාගමයි.ඔවුන්ගේ අරමුණ සමාගම් සහ තනිතනි පුද්ගලයින්ට පෘථිවිය සම්බන්ධව අවශ්‍ය වන තොරතුරු එකතු කිරීමට අවස්ථාව ලබාදීමයි.උදාහරණයක් ලෙස යම් අයෙක් වන විනාශය අධ්‍යයනය කරයි නම් හෝ නගරයක වාහන තදබදයට විසදුමක් සොයන්නේ නම් මෙම කැමරාව ඒ සඳහා භාවිතා කල හැකිය.
මාර්ගයක ගමන් කරන මෝටර් රථයක් ,වෙරළේ වදින රළ පහරක් ආදිය පවා පැහැදිලිව රූගත කරන්නට මෙම කැමරාව සමත්ය.අර්ත්කාස්ට් සමාගම සඳහන් කරන පරිදි මෙම කැමරාවට උතුරු දකුණු අක්ෂාංශ 52 අතර එනම් ලෝක ජනගහනයෙන් 95%ක් පමණ වෙසෙන ප්‍රදේශය රූපගත කල හැකිය.
අයිරිස් යනු මධ්‍යම විභේදන බලයක් සහිත කැමරාවකි.පික්සලයකින් මීටර් 5ක් පෙන්වන ඡායාරූප ලබාගන්නා මෙම කැමරාව විශේෂිත ස්ථානයකට ඉලක්ක කිරීමට නම් එක් ස්ථානයක නතර වී තිබීම අවශ්‍ය බව සඳහන් වේ.එය පාලනය වන්නේ අභ්‍යාවකාශ මධ්‍යස්ථානයේ තිබෙන පරිගණකයක් මගින්ය.ගගනගාමීන්ගේ චලන නිසා සිදුවන කම්පන පරිගණයක මගින් කපාහරියි.අභ්‍යාවකාශ මධ්‍යස්ථානය දිනකට 15 වතාවක් පෘථිවිය වටා භ්‍රමණය වෙන අතර එහිදී මෙම කැමරාව මගින් වීඩියෝ සහ ඡායාරූප ලබාගනියි.බිලියන 100ක් වටිනා මෙම අභ්‍යාවකාශ මධ්‍යස්ථානයේ රුසියාවට අයත් කොටසේ අර්ත්කාස්ට් සමාගමට අයත්, රටවල් 15 ව්‍යාපෘතියක් වන අයිරිස් කැමරාව සවි කිරීමට රුසියානු අභ්‍යාවකාශ ඒජන්සිය එකඟ විය.ඒ මීට වසර 2කට පෙරය.කැමරාවට තනි තනි පුද්ගලයින් රූපගත කිරීම අසීරුය.නමුත් ඊට පෘථිවි පෘෂ්ඨයේ සිට සැතපුම් 220ක දුරක සිට රැස්ව සිටින පිරිසක් රූපගත කල හැකිය.
එය එක් ප්‍රදේශයක් දෙසට මිනිත්තුවක කාලයක් නාභිගත කර තිබේ.එහි සිට පොළොවට එවන ඡායාරූප ඉහත වීඩියෝපටවල පෙනෙන ඒවා මෙන් නොවේ.ඒවා නිර්මාණය වන්නේ විශාල පශ්චාත්-ක්‍රියාවලියක් අවසානයේදී බවයි සඳහන් වන්නේ.අභ්‍යාවකාශ මධ්‍යස්ථානයේ චලනය සහ ඉන් පිටත අභ්‍යාවකාශගාමීන්ගේ ක්‍රියාකාරකම්වලින් කැමරාවට බලපෑමක් නොවන්නට අවශ්‍ය වැඩසටහන් සමගාම විසින් සැලසුම් කර තිබේ.
ලන්ඩන්,බොස්ටන් සහ බාසිලෝනා යන නගරවල අතිශය පැහැදිලි දර්ශන සහිත වීඩියෝවක් පසුගිය වසරේදී අර්ත්කාස්ට් සමාගම විසින් නිකුත් කර තිබිණි.ඒවා මගින් ලබාදෙන දර්ශන පොලොවම මත රථවාහන ධාවනය,මිනිසුන් ඇවිද යාම ආදි දේ දැක ගැනීමට ප්රමාණවත්ය.
Source:dailymail.co.uk
-HarshaLulzSec-

වීඩියෝපටයේ වැදගත් ස්ථාන කිහිපයක් හඳුනාගත හැකිය.චීන තානාපති කාර්යාලය,කේසන් තරුණ උද්‍යානය,කිම් ඉල්-සුන් ක්‍රීඩාංගනය සහ විජයග්‍රහණයේ ආරුක්කුව ආදිය ඒවා අතර වේ.
මෙම නගරය මිලියන 3.2ක ජනතාවකගේ නිවහන වුවද පුදුමය දනවන දෙයක් වන්නේ මාර්ගවල කිසිදු තදබදයක් නොමැතිවීමයි.
මෙම වීඩියෝව ලබාගත් විශේෂිත කැමරාව වසර දෙකකට(2014) පෙර අන්තර්ජාතික අභ්‍යාවකාශ මධ්‍යස්ථානයේ රුසියාවට අයත් කොටසේ ස්ථාපනය කරන ලදි.එය නිර්මාණය කලේ අර්ත්කාස්ට් - Urthecast නම් සමාගමයි.ඔවුන්ගේ අරමුණ සමාගම් සහ තනිතනි පුද්ගලයින්ට පෘථිවිය සම්බන්ධව අවශ්‍ය වන තොරතුරු එකතු කිරීමට අවස්ථාව ලබාදීමයි.උදාහරණයක් ලෙස යම් අයෙක් වන විනාශය අධ්‍යයනය කරයි නම් හෝ නගරයක වාහන තදබදයට විසදුමක් සොයන්නේ නම් මෙම කැමරාව ඒ සඳහා භාවිතා කල හැකිය.
කිම් ඉල්-සුන් ක්‍රීඩාංගනය සහ විජයග්‍රහණයේ ආරුක්කුව අයිරිස් - Iris කැමරාවට පෙනෙන අයුරු
කිම් ඉල්-සුන් ක්‍රීඩාංගනය සහ විජයග්‍රහණයේ ආරුක්කුව පියවි ඇසට පෙනෙන අයුරු
පියොංජියැන් නගරයේ ගොඩනැගිලි
මීට පෙර අර්ත්කාස්ට් සමාගමේ අයිරිස් - Iris කැමරාව යොදාගෙන එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි නගරය,ඊජිප්තුවේ ගීසා හි පිරමීඩ සහ දකුණු අප්‍රිකාවේ කේප් ටවුන් නගරය ආදිය රූගත කර මාධ්‍ය වෙත මුදා හැර තිබිණි.
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි නගරය Iris කැමරාවට පෙනෙන අයුරු
ඊජිප්තුවේ ගීසා හි පිරමීඩ Iris කැමරාවට පෙනෙන අයුරු
දකුණු අප්‍රිකාවේ කේප් ටවුන් නගරය Iris කැමරාවට පෙනෙන අයුරු
මාර්ගයක ගමන් කරන මෝටර් රථයක් ,වෙරළේ වදින රළ පහරක් ආදිය පවා පැහැදිලිව රූගත කරන්නට මෙම කැමරාව සමත්ය.අර්ත්කාස්ට් සමාගම සඳහන් කරන පරිදි මෙම කැමරාවට උතුරු දකුණු අක්ෂාංශ 52 අතර එනම් ලෝක ජනගහනයෙන් 95%ක් පමණ වෙසෙන ප්‍රදේශය රූපගත කල හැකිය.
කැමරාව ක්‍රියා කරන අයුරු
අයිරිස් යනු මධ්‍යම විභේදන බලයක් සහිත කැමරාවකි.පික්සලයකින් මීටර් 5ක් පෙන්වන ඡායාරූප ලබාගන්නා මෙම කැමරාව විශේෂිත ස්ථානයකට ඉලක්ක කිරීමට නම් එක් ස්ථානයක නතර වී තිබීම අවශ්‍ය බව සඳහන් වේ.එය පාලනය වන්නේ අභ්‍යාවකාශ මධ්‍යස්ථානයේ තිබෙන පරිගණකයක් මගින්ය.ගගනගාමීන්ගේ චලන නිසා සිදුවන කම්පන පරිගණයක මගින් කපාහරියි.අභ්‍යාවකාශ මධ්‍යස්ථානය දිනකට 15 වතාවක් පෘථිවිය වටා භ්‍රමණය වෙන අතර එහිදී මෙම කැමරාව මගින් වීඩියෝ සහ ඡායාරූප ලබාගනියි.බිලියන 100ක් වටිනා මෙම අභ්‍යාවකාශ මධ්‍යස්ථානයේ රුසියාවට අයත් කොටසේ අර්ත්කාස්ට් සමාගමට අයත්, රටවල් 15 ව්‍යාපෘතියක් වන අයිරිස් කැමරාව සවි කිරීමට රුසියානු අභ්‍යාවකාශ ඒජන්සිය එකඟ විය.ඒ මීට වසර 2කට පෙරය.කැමරාවට තනි තනි පුද්ගලයින් රූපගත කිරීම අසීරුය.නමුත් ඊට පෘථිවි පෘෂ්ඨයේ සිට සැතපුම් 220ක දුරක සිට රැස්ව සිටින පිරිසක් රූපගත කල හැකිය.
Iris කැමරාව

+6