ඉතාමත් සරලව අභිධර්මය උගන්වන වටිනා දේශනා මාලාවක් (ගුරුතුමා අජන්ත සම්පත්, අතිපූජ්ය රේරුකානේ චන්දවිමල නා හිමිගේ පොත් ඇසුරින්)
අභිධර්මය යනු කෙටියෙන් ...!!
අභිධර්මය ඉතාම ගැඹුරු ධර්මයක් වන අතර එය තේරුම් ගැනීම අපහසු ධර්මයක්‌ද වේ. යම් කිසිදෙයක් නොතේරුණ විට ඒක අභිධර්මය වගේ යෑයි කියමනක් සමාජගතව තිබෙන්නේද මේ නිසාය. අභිධර්මය අඩංගු දේශනය බුදුරජාණන් වහන්සේගේ දීර්ඝතම දේශනය ලෙස හැඳින්වේ. එහි අඩංගු ධර්මස්‌කන්ධ ප්‍රමාණය 42000 කි. එනම් බුදුරජාණන් වහන්සේ දේශනා කළ 84000 ක් ධර්මස්‌කන්වලින් භාගයක්‌ද අන්තර්ගත වන්නේ අභිධර්මයේය. අභිධර්මය ප්‍රකරණ වශයෙන් කොටස් හතකට බෙදෙයි.
1. ධර්මසංගනී ප්‍රකරණය
2. විභංග ප්‍රකරණය
3. ධාතුකතා ප්‍රකරණය
4. පුද්ගල ප්‍රඥප්ති ප්‍රකරණය
5. කථා වස්‌තූ ප්‍රකරණය
6. යමක ප්‍රකරණය
7. ප්‍රස්‌ථාන ප්‍රකරණය
යනුවෙනි.
අභිධර්මය සඳහන් කරන්නේ පරමාර්ථ ගැනය. පරමාර්ථ, හතරක් ගැන එහි දැක්‌වේ. ඒ චිත්ත, චෛතසික, රූප හා නිබ්බාන යන සතර පරමාර්ථ ගැනය. පළමුවැනි තුන ව්‍යවහාරික වන අතර නිබ්බාන ලෝකෝත්තර වේ. ලොව ඇති සියලුම සජීවී සහ අජීවී සියල්ල මූල ධාතුන් මගින් සෑදෙන බවත් එම මූල ධාතූන් සෑදෙන ආකාරයත් පවතින ආකාරයත් විනාශවී යන ආකාරයත් ඒවායේ ඇති ශක්‌තියත් විස්‌තර කෙරෙන්නේ අභිධර්මයේය. එසේම සිත යනු කුමක් ද එහි ප්‍රභේද මොනවාද? ඒවා ක්‍රියාකරන්නේ කෙසේද? සිත දියුණු කරන්නේ කෙසේද? යන්න විස්‌තර කෙරෙන්නේද අභිධර්මයේය. කුසල් අකුසල් යනු කුමක්‌ද? ඒවා ඇතිවන්නේ කෙසේද? ඒවායේ පල විපාක මොනවාද? ඇතිවන්නේ කෙසේද? යන්න විස්‌තර කර ඇත්තේද අභිධර්මයේය. නිවන යනු කුමක්‌ද? නිවනට මඟ කුමක්‌ද? ඒ නිවන් මග ලබා ගන්නේ කෙසේද? යන්න සවිස්‌තරාත්මකව දැක්‌වෙන්නේ අභිධර්මයේය. ඒ බුද්ධ ධර්මය නිවැරැදිව තේරුම්ගත හැක්‌කේත් එමගින් ධර්මය අවබෝධ කර ගත හැක්‌කේත් අභිධර්මය ඉගෙනීමෙන් පමණි.
අභිධර්මය යනු බුද්ධ දේශනාවක්ද ...
අතිපුජ්‍ය නා උයනේ අරියධම්ම මහා ස්වාමින් වහන්සේ
— Click “Way to Nibbana” YouTube channel for all 51 videos
— Click Notes and Charts to download notes and charts.
— Click MP3 versions of Talks to download voice-only files
— Click All Files to view/download any file 127 files,1.3GB
The two most used charts are shown below (Chitta Weethi, Chitta-Chithasika-Bhavnaga)” Visit the “Resources” page to download the Abhidharma books by Ven. Rerukane Chandawimala Nahimi for reference.
චිත්ත වීථියක් හා සිත් වල නම්
![]()
චිත්ත නාම හා ඒවායේ යෙදෙන චෛතසික (පුද්ගල හා භූමි අනුව)
![]()
මෙය පලමු දෙශනා කිහිපයෙහි සාරන්ශයයි (DVD-1)
සබ්බ ධනං ධම්ම දානං ජිනාති | සියලු දානයන් අතර ධර්ම දානය උතුම් වන්නේය
!.......තෙරුවන්සරණයි පින්වත් ඔබට.......!
අනේක් අයටත් බලන්න බම්ප් එකක් දාල ඒ ධර්ම දානයේ හිමිකරුවෙකු වන්න
අභිධර්ම දේශනා DVD වීඩීයෝ පටි තැපැලෙන් නිවසට
ගෙන්වා ගැනීම සදහා අවශ්‍යතාව සොයා බැලීම.
Click Link
https://goo.gl/eu7DXw
ධර්මය අහන්න කියල හිතල අධර්මය අහන්න මහමෙව්නාවෙ යන අය මේකෙ තියෙන වීඩියෝ එක අනිවාර්යෙන්ම බලන්න. එහෙ ලොකු උන්නන්සෙට යන්න තියෙන තැනත් මේකෙ පැහැදිලිවම කියල තියෙනව. එතෙන්ට යන්න ඕනෙනම් ඔයාලත් මහමෙව්නාවෙ කියන ඒව ඒ විදිහටම පිලිපදින්න.

