You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser.
අභිමානවත් පුතෙක් සහ දුවෙක් , 
පුතෙක් නම් , 
පිළිවල උගන්නන්න
පුතාට පොඩි කාලෙම පිරිසිඳුකම හුරුකරන්න . තමන්ගේ වැඩටික තනියම කරගැනීම සඳහා හුරුකරන්න .එසේ නොවුනොත් අනාගතයේ ඔබේ ලේලිය හෝ මුණුබුරා වෙත කිසිදු අවවාදයක් දීමෙන් වැළකී සිටින්න ඔබ හුරුවෙන්න.
අවදානම - අම්මේ මේ , ළමයි හදන විදිහ මට කියල දෙන්න ඕනේ නෑ .ඔයා හදපු එක ළමයෙක් මගේ ළඟ ඉන්නවනේ ..මට පේනවා හදල තියන හැටි .
සුළුවෙන් හෝ අහාර පිසීම
වර්තමානයේ මෙය කාන්තාවට පමණක්ම අදාල නොවේ .කුඩා කාලෙම සරලව යමක් උයා පිහා ගැනීමට පොඩ්ඩක් උගන්වන්න .බිරිඳක් ඇතුව හෝ නැතුව හෝ ඔවුන් කිසිදා බඩගින්නේ නොසිටීවි.
බහුවිද හැකියා
වුර්තීමය හැකියාවට , ක්ෂේත්‍රයට අමතරව , මිටියක්, නියනක් , කියතක් හෝ එකී මෙකි , එදිනෙදා අත්‍යවශ්‍ය ටූල්ස් අත පත ගාන්න , පාවිචිචි කරන්න පොඩ්ඩක් කියල දෙන්න .
ගෙදර බල්බයක් ගියත් , දොස් කන්ද ඔබේ පුතාටය .ඔබේ දරුවා අජටාකාශගාමියෙකු උවද ඔහුගේ බිරිඳට / අනාගත ලේලිට අදාල නැත . විවාහයෙන් පසු ඔබේ දරුවා , multi skill විය යුතුමය .
සීනි බෝල පුතාලා අනාගතයේ ඉක්මනින් දියවී යාහැකි හෙයින් ඔවුන් ඝන වස්තුවක් ලෙස නිර්මාණය කිරීම වැදගත්ය .
අවදානම - අප්පෝ මොකක්ද අනේ ..ඔයා පිරිමියෙක් නේද ? ඕකවත් බැරිද?කෝ දෙන්න මන් කරන්නම්. නැත්තම් අර එහා ගෙදර අයියටවත් කියමු .
පරාජය හුරු කරන්න
කොල්ලන්ට මෙය විශේෂයි .කුඩා කල සිටම , පරජාය විඳගැනීමට හුරු කරන්න , දරා ගැනීමට ,වැටි වැටි නැගිටීමට මනස හුරු කරන්න , එවිට බුට් එකක් කෑ පමණින් වහ බීමට නොයා , අවම වශයෙන් බියර් බෝතලයකින් කතාව අවසන් කරගනී.
උදා - රොෂාන් ප්‍රනාන්දු ගයනා කරන ''හමුවන්නට සමුගන්නට ඇවිත් යන එන , දුම්රියපොළ පෙම්වතුන්ගේ සරසවි උයන" ගීයට පාදක වූ ''බොනපාර්ට් සහ සොබනි '' ගේ කතාන්දරය ඇසු විට ඒ තරමට උගත් බුද්ධිමත් කොල්ලෙකු හැදු දෙමව්පියන් හට , දරාගැනීම ඉවසීම පුරුදුකිරීමට අමතක වීමේ වරද හොඳින් අවබෝධ වෙයි .
ගෑනියෙක්ගෙන් ගොඩයාම
වැදගත්ම කාරණය මෙයයි .ඔවුන්ම හොයාගෙන බැන්දත් , ඔබ විසින් හොයා දුන්නත් , උප්පැන්නේ සඳහන් ආකාරයටම male ලෙස status පවත්වාගෙන යාමට කුඩා කල සිටම හුරු කරන්න .
ආදායමේ , සමාජ තත්වයේ හැටියට හැකි අයුරින් දෙපයින් නැගිටින්නට ඔවුන්ට හුරු කරන්න.
පුතේ ..හොඳ තියන තැනකින් කෙල්ලෙක් සෙට් කරගන්න , අප්පෝ ඒ ලමයනම් හොඳයි , හොඳ බර අත්තක් ..මෙවන් කතා විහිළුවටවත් ඔවුන් ඉදිරියේ නොකියන්න .
ගෑනියෙක්ගෙන් ගොඩයාමට බලාපොරොත්තු වෙන බාග පිරිමියෙකු සමාජයට දායක නොකරන්න .ඔවුන් දෙදෙනා විසින් උපයාගත් දෙයින් ගොඩගියාට නම් කම් නැත .
උඹ කොල්ලෙක් ගෑනුන්ගේ දේවල් මොකටද ? උඹ යමක් කරගනින් පුතේ .. කියාදෙන්න .
ඉතා හදිස්සියෙන් මල පැනපු අවස්ථාවක , අතින් කෙසේ වෙතත් කටින් හෝ ගසා බේරීමට සහ අනේ මේ ඉන්න බැරිනම් යනවා , කීමටවත් තරම් හයියක් ඇති කොල්ලෙක් හදන්න .( මෙසේ කීමෙන් පසු ,බිරිඳගේ කට අනුව ඔබේ පුතාරෝහල් ගත වන දින ගණන තීරණය විය හැකි අතර , හොදින් ඉවසීම ප්‍රගුණ කරවා තැබීමද වැදගත් වේ )
දෑවැද්දට නිවසක් ගැනීමට බලාපොරොත්තුවක් පුතාට ඇත්නම් ඔබේ නිවසේ කාමරයක් වෙන්කර තැබීම සුදුසුයි - ( නැන්දම්මා හෝ බිරිඳ සුළු අමනාපයකට පත් උවද ප්‍රථම වචනය මේක මගේ තැන බහිනවා එලියට ..වීම සිදු වේ )
අවදානම- අපේ අම්මල් තාත්තලා හින්ද හොඳයි , නැත්තම් ඉතින් අම්මල පුතාල හබක් ,හ්ම්ම්
අනික මම අත වන වන අවේ නැනේ ..මන්තරයක් ලෙස ඇසෙන බැවින් කන හුරුකරවන්න.
ආදරය උගන්නන්න
අවසානයේ අපේ දරුවන් සතුටින් ජීවත් වීම අපගේ සතුටයි.
" ගෙදරක සතුට තීරණ වන්නේ බිරිඳගේ සිනහව මතයි " මෙම සදාකාලික සත්‍ය දරුවාට කියාදෙන්න .ඔවුන් ඉදිරියේ නිතරම අඬදබර නැති ආදරණීය පවුල් ජීවිතයක් ගත කරන්න .
බිරිඳට ආදරය කිරීමට , ගෞරව කිරීමට ඉගැන්වීම , තුලින් අනාගතයේ ප්‍රදර්ශනය වන්නේ ඔබ දරුවන් සැදීමේදී කොතරම් සාර්ථකද යන්නයි .
විනෝද වන්න ඉඩ දෙන්න
ඔවුන්ගේ තරුණ කාලය අව්ශ්‍යපරිදි ඔවුන්ට විනොදවන්න දෙන්න .(සීමාව ඔබ සතුය) මන්ද , විවාහයෙන් පසු ඔවුන් ඔබේ සීමාවන් හා නීති රීති වලට වඩා කිහිප ගුණයකින් වැඩි නීති ගොන්නකට යටත් වන බැවිනි.
උප්පැන්නයට පමණක් සීමා නොවුණු , පව්ර්ශවත් , දෙපයින් හිටගහත හැකි , ගෑණියෙක්ගෙන් ගොඩ යාමට බලාපොරොත්තුවක් නැති , අභිමානවත් පුතෙකු සමාජයට දායාද කරන්න.
දුවෙක් නම්, 
ඔබ විවාහකනම් දියණිය වෙනුවෙන් / අවිවාහකනම් ඔබ වෙනුවෙන් කියවන්න ( අම්මගේ මුඩ් එක බලා අම්මට පෙන්විය හැක )
හොඳට කන්න දෙන්න
කොල්ල්නට මෙන්ම හෝ ඊටත් වැඩියෙන් , වැඩියෙන් පෝෂණයෙන් යුතු ආහාර පාන ආර්ථිකයේ හැටියට දියණියන්ට රිසිසේ ලබාදෙන්න.
කොල්ලන්ට කන්න දී කෙල්ලන්ට දෙන මානසිකත්වය තවම ඔබේ හිතේ කොනක හෝ තිබේනම් , ජීවිතේ වැඩි ශක්තියක් අවශ්‍ය ගැහැණු දරුවෙකුට ( දරුවන් වැදීමේදී වැනි) බව හිතට ගන්න .කොල්ලන්ටත් පෙර කෙල්ලන්ට කන්න දෙන්න .
සැ.යු - විවාහයෙන් පසුව සියල්ලටම බෙදාදී ඉතුරු කොටස කෑමට ඔවුන් ඉබේම හුරු වන නිසා කුඩා කල සිට හුරුකරවීමක් අවශ්‍ය නොවේ.
පිළිවල උගන්නන්න
කුඩා කල සිටම ජීවිතයට පිලිවල පිලිබඳ පාඩම් කියා දෙන්න.පිරිසිදූකම පිලිවල උගන්වන්න.තරාතිරම කුමක් වුවත් , ගෙදරකට ඇතුළුවත්ම ගැහැණියගේ පිලිවල ඇය නොදක වුවද ආලින්දය හෝ වැසිකිලිය දැකීමෙන් කිවිය හැක .
කුඩාකල සිට හුරු කිරීමෙන් ක්ලීනින් පිස්සුව ඔලුවට වැටුන පසු , අපිරිසිඳු ගෙදරක ඔවුන්ට නින්ද නොයයි .
නින්ද
තරුණ කාලයේදී ඇති තරම් නිදා ගැනීමට ඔබේ දියණියට ඉඩ දෙන්න. විවාහයට පසු ඔවුන්ට කොහොමත් ඇහැරී ඉන්නට සිදුවෙයි. දෙනෙත් පියාගත්ත්ද මනස දරුවන් ස්වාමියා හා අනාගතය වෙනුවෙන් බොහෝ විට ක්‍රියාකාරී වේ .එහෙයින් , නිවාඩු දවල් වල හෝ හැකි සෑම විටම ඔහේ නිදාගැනීමට ඉඩ දෙන්න .අනාගතයේදී අතීතයේ නිදාගත් අයුරු සිහිකරමින් ඔවුන්ගේ මුවට සිනහවක් හෝ නැගෙයි.
ඉවුම් පිහුම්
ජානමය වෂයෙන්ම ඉවුම් පිහුම් කෙල්ලන් බාරයේය. කොල්ලන් මෙය අමුතුවෙන් උගත යුතු උනත් කෙල්ලන් හට සහජයෙන්ම ඇත . ඉවුම් පිහුම් , කුස්සියේ වැඩ පිලිබඳ සරළ අදහසක් ලබදියුතුමය . එනමුත් ,
ජීවිතේ හොඳම වයසෙන් පටන් ගෙනඅවසන් හුස්ම දක්වා ඔවුන් වැඩිකාලයක් ඉන්නේ කුස්සියේය.ඔබ ළඟ ඉන්න කාලයේදී ඔබ නිරෝගී නම් ඇයට නිදහසේ ඉන්න දෙන්න.
ඉවුම් පිහුම් වලට නිශ්චිත රටාවක් අනුගමනය කලයුතුමයි කියා දෙයක් නැත, ඔබේ පරිප්පු හොද්දම දුව සෑදිය යුතු නැත.ඇගේ හොද්ද ඇයට හැකි අයුරින් යූ ටියුබ් එකෙන් බලා හෝ ඇය උයා ගනීවි. ඔබේ සෙවනේදී කවා පොවා සතුටින් තබන්න.
ආත්මාරක්ෂාව උගන්නන්න
නැටුම් , ගැයුම් , පිහිනුම් ඔය ඕන එකක් උගන්වන අතරේ සුළුවෙන් හෝ ආත්මාරක්ෂක සටන් කලාවක් උගන්නන්න .දුසිරිතෙන් බහුල මිනිසුන් පිරි සමාජයකට ඔවුන් ඇත හැර දැමීමට පෙර , තමන්ගේ ආරක්ෂාව උදෙසා එය ඉදිරියේදී ඔවුන්ට බොහෝ ප්‍රයෝජනවත් වේවි .
සැ .යු - යෝජිත විවාහයකට සුදානම් වුවහොත් , ඒ පවුලේ උදවිය එය දැනනොගත්ටතා කම් නැත.(පසුකලයෙදී ස්වාමියාගේ හැසිරීම අනුව ඔහු එය සමහරවිට ප්‍රයෝගිකව දැනගනීවි) )
කෝලම් කිරීම
ලස්සනට අඳින්න , ඇවිදින්න යන්න , නටන්න , ගයන්න ඉඩහරින්න. ඔවුන්ට
ජීවිතය සුන්දර ලෙස විඳින්න දෙන්න .( ඔබෙගේ ආර්ථික හා සමාජ මට්ටම අනුව සීමාවන් පැනවීම ඔබ සතුය)
සැ -යු- අනාගතයේ විඳීම හා විඳවීම අතර අනුපාතය අයගේ සැමියා මත තීරණය වන නිසා වර්තමානය හොඳින් විඳින්න ඉඩ හරින්න
හැකියාව අනුව රැකියාවක් කරන්න ඉඩ දෙන්න -
අධ්‍යාපනය
කොල්ලොන්ටත් වඩා හොඳින් කෙල්ලන්ට යමක් උගන්වන්න .පිරිමියෙකුගෙන්ම යැපීමට නොගොස් තනිව හිටගැනීමට හෝ අනාගතයේ සැමියාට අත්වැලක් වීමට එය ඉවහල් වේ.
රැකියාව
ඔබ කොතරම් ධනවත් වුවත් දියණියට රැකියාවක නිරතවීමට ඉඩ හරින්න, එයින් ඇය සමාජය ප්‍රයෝගිකව ඉගන ගනීවි, ඉවසීම ,මුදල් ඉපයීමේ අසීරුව ඉගන ගනීවි , ,එවිට අනාගතයේ සැමියාගේ ආර්ථිකය අනුව ජීවිතය හැඩගස්වා ගනීවි.
රැකියාවක කිරීමේදී ,අනාගතය වෙනුවෙන් කීයක් හෝ ඉතුරු කර ගැනීමට ඔවුන් පොළඹවන්න .
මගේ පෞද්ගලික අදහස නම් විවාහයෙන් පසුව රැකියාවෙන් මිදීමට ඔබ සිතනවානම් දෙවරක් නොව දස දහම් වරක් සිතා අත්‍යවශ්‍යමනම් පමණක් රැකියාවට තිත තබන්න.වර්තමානයේ ඇති සංකීර්ණ අවශ්‍යතා නිසා සැමියාගෙන්ම යැපෙමින් , හූල්ලමින් ,හෝ තම හිත සනසවා ගැනීමට කරුණු එකතු කරමින් නොයා, සැමියාටත් ශක්තියක් වෙමින් පවුර්ශවත් කාන්තාවක් වීමට මග සාදා ගන්න .( ඒ සඳහා කාලය කළමනාකරණය වෙනම ලිපියකින්ම ලිවීම සුසුසුය )
සැ යු - ඔබේ රැකියාව ඔබේ හැකියාව පමණක් නොව අනාගතයේදී දිනක ,
ස්වාමියා - අනේ මේ ඔයාටනම් මොකද? ගෙදර නිකන්නේ ඉන්නේ ,ඕගොල්ලන්ට මේවා තේරෙන්නේ න අප්පා , දැන් ලෝකේ වෙනස් ''
දරුවන් - අයියෝ අම්මා , ඔයා දන්නේ නෑ ,දැන් ඉස්සර වගේ නෙමෙයි ,
මෙවැනි දෑ නොඅසා සිටීමට මග පාදනු ඇත .
ඔබ ගෘගනියක් ලෙස කොතරම් සාර්ථක සහ කාර්යබහුල වුවද , පවුල ඉදිරියේදී ඔවුන්ට අනුව , ඔබ දවසම ඉන්නේ නිකන්ය .එය හෙට දවසේත් එසේමය .
පෙම් සබඳතා හා පවිත්‍රත්වය
හදිස්සියේ විවාහ වී නිවීසනසිල්ලේ පසුතැවිලි නොවන්න .ප්‍රථම ප්‍රේමය එකම ප්‍රේමය විය යුතු නැත.ජීවිත විඳින්න .තමාව හොඳින් හඳුනා ගන්න . අපි පඬිවදන් කොතරම් දෙසුවද , උගත්කම සහ අත්දැකීම අතර පැහැදිලි වෙනසක් ඇත . අවරුදු 16 දී පෙම්වතෙකු හොයාගත්තොත් ඒ කොල්ලගේ කොණ්ඩෙට , මූණට හෝ සෙන්ට් එකේ සුවඳටය.,
අවරුදු 22-25 දී , රැකියාව ,දේපල , අද්‍යාපනය වැනි බෞතික කරණා හෝ බාහිර කරුණු මුලික වේ , බොහෝ විට කල්යත්ම කොල්ලන් තේරුම් ගැනීම කෙසේවෙතත් අපි අපිට ඕනේ මොකක්ද , අපි කව්ද කියා තේරුම් ගන්නා අතර , ඉන් පසුව බොහෝ විට තමා අපේක්ෂා කරගෙන ඇති ආකාරයට තමාව තේරුම් ගත කෙනෙකු සොයයි .ඔක්කොම ඉවර වී අදාල කෙනා හමුවනවිට ඔහු වෙන කෙනෙකු සතුවී ද තිබිය හැක .
කෙසේ හෝ , මුලින් තමාව තේරුම් ගෙන ඉන්පසු පෙම්වතා තෝරාගත හොත් කරදර අඩු වන අතර , එකෙක් දෙන්නෙක් මග හැලීමට උවද , දවසක් දෙකක් අඬා සිත හුරු කරගන්න.මන්ද වැරදි කෙනෙකු හා එක්ව ජීවිත කාලෙමහඬනවට වඩා එය කොහොමත් හොඳය.
ඉර හඳ තරු සාක්කුවේ දාගෙන සිටින පෙම්වතා ඉදිරියේ රෙදි ගැලවීමට පෙර , හොඳින් හුස්ම ගෙන නැවත සිතන්න.එසේ මෙසේ කෙසේ හෝ එය සිදුවී හමාරනම් , සිතීම නවත්වන්න .ලේ බිංදුවකට ජීවිතය හෝ අනාගතය තීරණය කිරීමට ඉඩ නොදී හෙටට පිවිසෙන්න .
සැ .යු - වර්තමානයේ සිදුහත්ලා හිඟ බැවින් , යශෝදරා චරිතය සතු සියල්ල ඔබ සතු නොවීම විශාල ගැටළුවක් නොවන අතර , බොහෝ විට දේවදත්තලා සොයන්නෙම යශෝදරාවන් බැවින් ප්‍රවේසම් වන්න .
මට අනුව නම් , ඔබේ/ හෝ ඔබේ දියණියගේ පතිවත ඉතා වැදගත්ය , එළියෙන් පොෂ් වුවත් මනසින් තවමත් වැඩවසම් අදහස් දරන පිරිමින් සුලබ බැවින් , විවාහයෙන් පසු අහම්බෙන් බත රොස් වූ දිනක උවද ඔබේ සැමියා , ඔබේ පතිවත පිළිබඳ සිහිකළ හැකි බැවිනි.
( රට වටේ ගිය උන් කර ගැහුවට අපිට හොඳ වැඩේ . මෙවැනි දෑඇසීමට සිදුවිය හැක , ඔවුන් ගිය වට ගනන ඔබට වඩා බොහෝ වැඩි වුවද මැනීමට මිම්මක් නැති හෙයින් ඔබ නිරුත්තර විය හැක)
ඔප්පු කල පිවිතුරුභාවය ජීවිත කාලයට ප්‍රයෝජනයට ගත හැක.සැමියා වැරදිලා ඇඟේ වැදුනද , ''මේ අපි එක එකා එක්ක වටේ ගිහින් නෑ හරිද? ඒ නිසා එන්න එපා ඕවට විතරක් '' වාග් ප්‍රහාර වලින් සසන්නද්ධ වීමට එය ඉතා වැදගත්ය .
නැතිවුණු බඹසර නිසා , ඔබේ / දියණියගේ ජීවිතය පසුගාමී වීමට ඉඩ නොදිය යුතු අතර , මුළු ලොවම අදටත් ඩයනා කුමරියට හිස නමා ආචාර කරන්නේ , රජ පව්ලේ කන්‍යාවිය නිසාම බව ද හිතට ගන්න .
දෑවැද්ද
පව්ම් ගානට , අක්කර ගානට , හෝ කවිච්චි ලී බඩු ගොඩක් සමග පවරා දීමට ඔබේ දරුවා කුණුගොඩක් හෝ කරදරයක් හෝ නොවේ . පන හා සමව හැදු කෙල්ල සල්ලිත් එක්ක ඉල්ලනවානම් එවන් බාග පිරිමින්ට නොදී දරුවා ගෙදර තබාගන්න .
දශක කිහිපයකට පෙර කාන්තාව යනු නිසි අධ්‍යාපනයක් , දැනුමක් නැති යැපෙන්නන් කොට්ටාශයක් බව සැබෑව , එනිසා එකල කෙල්ලකු විවාහ කරදෙන විට හැකි අයුරින් ඉඩමක් , හෝ යමක් කමක් දුන්නේ , ජීවිත කාලයම ඇය සංපූර්නයෙන්ම ස්වාමියා මත යැපෙන හෙයින් , ඒ සඳහා සහයෝගයක් හා අස්වැසිල්ලක් ලෙසය .
ගැහැනුන් රට පාලනය කරන මෙවන් සමයක එවන් බහුබූත අදාල නොවේ .ඔවුන් දෙදෙනා එකතු කරගත් යමක් හෝ දෙමව්පියන් ස්වකැමත්තෙන් යමක් පවරා දීම ගැටළුවක් නොවන අතර ,
දෑවැද්ද මොනවද කියා සොයමින් විවාහය ගනුදෙනුවකට සමාන කරන පිරිමින් මගහැරීමට සහ බුද්ධියෙන් යුතු උගත් ස්වාධීන ලෙස වූ දුවෙක් සමජ ගත කරන්න .
ඔබට අනුව ඉහත සඳහන් කරුණු අඩු වැඩි හා වෙනස් කරගත හැක .
විශේෂයි - එසේ මෙසේ කෙසේ ,
දුවලා හැදුවත්/ පුතාලා හැදුවත් /සැනසීමක් ,හොඳක් හෝ කිසිවක්ම බලාපොරොත්තු නොවන්න .
" හැදු මවටත් මහ පොළවටත් නොමැත නිවනක් "
මෙම කියමන සිහියේ තබා ගන්න .
==========================
උපුටා පලකරන ලද්දකි.
අභිමානවත් පුතෙක් සහ දුවෙක් , 
පුතෙක් නම් , 
පිළිවල උගන්නන්න
පුතාට පොඩි කාලෙම පිරිසිඳුකම හුරුකරන්න . තමන්ගේ වැඩටික තනියම කරගැනීම සඳහා හුරුකරන්න .එසේ නොවුනොත් අනාගතයේ ඔබේ ලේලිය හෝ මුණුබුරා වෙත කිසිදු අවවාදයක් දීමෙන් වැළකී සිටින්න ඔබ හුරුවෙන්න.
අවදානම - අම්මේ මේ , ළමයි හදන විදිහ මට කියල දෙන්න ඕනේ නෑ .ඔයා හදපු එක ළමයෙක් මගේ ළඟ ඉන්නවනේ ..මට පේනවා හදල තියන හැටි .
සුළුවෙන් හෝ අහාර පිසීම
වර්තමානයේ මෙය කාන්තාවට පමණක්ම අදාල නොවේ .කුඩා කාලෙම සරලව යමක් උයා පිහා ගැනීමට පොඩ්ඩක් උගන්වන්න .බිරිඳක් ඇතුව හෝ නැතුව හෝ ඔවුන් කිසිදා බඩගින්නේ නොසිටීවි.
බහුවිද හැකියා
වුර්තීමය හැකියාවට , ක්ෂේත්‍රයට අමතරව , මිටියක්, නියනක් , කියතක් හෝ එකී මෙකි , එදිනෙදා අත්‍යවශ්‍ය ටූල්ස් අත පත ගාන්න , පාවිචිචි කරන්න පොඩ්ඩක් කියල දෙන්න .
ගෙදර බල්බයක් ගියත් , දොස් කන්ද ඔබේ පුතාටය .ඔබේ දරුවා අජටාකාශගාමියෙකු උවද ඔහුගේ බිරිඳට / අනාගත ලේලිට අදාල නැත . විවාහයෙන් පසු ඔබේ දරුවා , multi skill විය යුතුමය .
සීනි බෝල පුතාලා අනාගතයේ ඉක්මනින් දියවී යාහැකි හෙයින් ඔවුන් ඝන වස්තුවක් ලෙස නිර්මාණය කිරීම වැදගත්ය .
අවදානම - අප්පෝ මොකක්ද අනේ ..ඔයා පිරිමියෙක් නේද ? ඕකවත් බැරිද?කෝ දෙන්න මන් කරන්නම්. නැත්තම් අර එහා ගෙදර අයියටවත් කියමු .
පරාජය හුරු කරන්න
කොල්ලන්ට මෙය විශේෂයි .කුඩා කල සිටම , පරජාය විඳගැනීමට හුරු කරන්න , දරා ගැනීමට ,වැටි වැටි නැගිටීමට මනස හුරු කරන්න , එවිට බුට් එකක් කෑ පමණින් වහ බීමට නොයා , අවම වශයෙන් බියර් බෝතලයකින් කතාව අවසන් කරගනී.
උදා - රොෂාන් ප්‍රනාන්දු ගයනා කරන ''හමුවන්නට සමුගන්නට ඇවිත් යන එන , දුම්රියපොළ පෙම්වතුන්ගේ සරසවි උයන" ගීයට පාදක වූ ''බොනපාර්ට් සහ සොබනි '' ගේ කතාන්දරය ඇසු විට ඒ තරමට උගත් බුද්ධිමත් කොල්ලෙකු හැදු දෙමව්පියන් හට , දරාගැනීම ඉවසීම පුරුදුකිරීමට අමතක වීමේ වරද හොඳින් අවබෝධ වෙයි .
ගෑනියෙක්ගෙන් ගොඩයාම
වැදගත්ම කාරණය මෙයයි .ඔවුන්ම හොයාගෙන බැන්දත් , ඔබ විසින් හොයා දුන්නත් , උප්පැන්නේ සඳහන් ආකාරයටම male ලෙස status පවත්වාගෙන යාමට කුඩා කල සිටම හුරු කරන්න .
ආදායමේ , සමාජ තත්වයේ හැටියට හැකි අයුරින් දෙපයින් නැගිටින්නට ඔවුන්ට හුරු කරන්න.
පුතේ ..හොඳ තියන තැනකින් කෙල්ලෙක් සෙට් කරගන්න , අප්පෝ ඒ ලමයනම් හොඳයි , හොඳ බර අත්තක් ..මෙවන් කතා විහිළුවටවත් ඔවුන් ඉදිරියේ නොකියන්න .
ගෑනියෙක්ගෙන් ගොඩයාමට බලාපොරොත්තු වෙන බාග පිරිමියෙකු සමාජයට දායක නොකරන්න .ඔවුන් දෙදෙනා විසින් උපයාගත් දෙයින් ගොඩගියාට නම් කම් නැත .
උඹ කොල්ලෙක් ගෑනුන්ගේ දේවල් මොකටද ? උඹ යමක් කරගනින් පුතේ .. කියාදෙන්න .
ඉතා හදිස්සියෙන් මල පැනපු අවස්ථාවක , අතින් කෙසේ වෙතත් කටින් හෝ ගසා බේරීමට සහ අනේ මේ ඉන්න බැරිනම් යනවා , කීමටවත් තරම් හයියක් ඇති කොල්ලෙක් හදන්න .( මෙසේ කීමෙන් පසු ,බිරිඳගේ කට අනුව ඔබේ පුතාරෝහල් ගත වන දින ගණන තීරණය විය හැකි අතර , හොදින් ඉවසීම ප්‍රගුණ කරවා තැබීමද වැදගත් වේ )
දෑවැද්දට නිවසක් ගැනීමට බලාපොරොත්තුවක් පුතාට ඇත්නම් ඔබේ නිවසේ කාමරයක් වෙන්කර තැබීම සුදුසුයි - ( නැන්දම්මා හෝ බිරිඳ සුළු අමනාපයකට පත් උවද ප්‍රථම වචනය මේක මගේ තැන බහිනවා එලියට ..වීම සිදු වේ )
අවදානම- අපේ අම්මල් තාත්තලා හින්ද හොඳයි , නැත්තම් ඉතින් අම්මල පුතාල හබක් ,හ්ම්ම්
අනික මම අත වන වන අවේ නැනේ ..මන්තරයක් ලෙස ඇසෙන බැවින් කන හුරුකරවන්න.
ආදරය උගන්නන්න
අවසානයේ අපේ දරුවන් සතුටින් ජීවත් වීම අපගේ සතුටයි.
" ගෙදරක සතුට තීරණ වන්නේ බිරිඳගේ සිනහව මතයි " මෙම සදාකාලික සත්‍ය දරුවාට කියාදෙන්න .ඔවුන් ඉදිරියේ නිතරම අඬදබර නැති ආදරණීය පවුල් ජීවිතයක් ගත කරන්න .
බිරිඳට ආදරය කිරීමට , ගෞරව කිරීමට ඉගැන්වීම , තුලින් අනාගතයේ ප්‍රදර්ශනය වන්නේ ඔබ දරුවන් සැදීමේදී කොතරම් සාර්ථකද යන්නයි .
විනෝද වන්න ඉඩ දෙන්න
ඔවුන්ගේ තරුණ කාලය අව්ශ්‍යපරිදි ඔවුන්ට විනොදවන්න දෙන්න .(සීමාව ඔබ සතුය) මන්ද , විවාහයෙන් පසු ඔවුන් ඔබේ සීමාවන් හා නීති රීති වලට වඩා කිහිප ගුණයකින් වැඩි නීති ගොන්නකට යටත් වන බැවිනි.
උප්පැන්නයට පමණක් සීමා නොවුණු , පව්ර්ශවත් , දෙපයින් හිටගහත හැකි , ගෑණියෙක්ගෙන් ගොඩ යාමට බලාපොරොත්තුවක් නැති , අභිමානවත් පුතෙකු සමාජයට දායාද කරන්න.
දුවෙක් නම්, 
ඔබ විවාහකනම් දියණිය වෙනුවෙන් / අවිවාහකනම් ඔබ වෙනුවෙන් කියවන්න ( අම්මගේ මුඩ් එක බලා අම්මට පෙන්විය හැක )
හොඳට කන්න දෙන්න
කොල්ල්නට මෙන්ම හෝ ඊටත් වැඩියෙන් , වැඩියෙන් පෝෂණයෙන් යුතු ආහාර පාන ආර්ථිකයේ හැටියට දියණියන්ට රිසිසේ ලබාදෙන්න.
කොල්ලන්ට කන්න දී කෙල්ලන්ට දෙන මානසිකත්වය තවම ඔබේ හිතේ කොනක හෝ තිබේනම් , ජීවිතේ වැඩි ශක්තියක් අවශ්‍ය ගැහැණු දරුවෙකුට ( දරුවන් වැදීමේදී වැනි) බව හිතට ගන්න .කොල්ලන්ටත් පෙර කෙල්ලන්ට කන්න දෙන්න .
සැ.යු - විවාහයෙන් පසුව සියල්ලටම බෙදාදී ඉතුරු කොටස කෑමට ඔවුන් ඉබේම හුරු වන නිසා කුඩා කල සිට හුරුකරවීමක් අවශ්‍ය නොවේ.
පිළිවල උගන්නන්න
කුඩා කල සිටම ජීවිතයට පිලිවල පිලිබඳ පාඩම් කියා දෙන්න.පිරිසිදූකම පිලිවල උගන්වන්න.තරාතිරම කුමක් වුවත් , ගෙදරකට ඇතුළුවත්ම ගැහැණියගේ පිලිවල ඇය නොදක වුවද ආලින්දය හෝ වැසිකිලිය දැකීමෙන් කිවිය හැක .
කුඩාකල සිට හුරු කිරීමෙන් ක්ලීනින් පිස්සුව ඔලුවට වැටුන පසු , අපිරිසිඳු ගෙදරක ඔවුන්ට නින්ද නොයයි .
නින්ද
තරුණ කාලයේදී ඇති තරම් නිදා ගැනීමට ඔබේ දියණියට ඉඩ දෙන්න. විවාහයට පසු ඔවුන්ට කොහොමත් ඇහැරී ඉන්නට සිදුවෙයි. දෙනෙත් පියාගත්ත්ද මනස දරුවන් ස්වාමියා හා අනාගතය වෙනුවෙන් බොහෝ විට ක්‍රියාකාරී වේ .එහෙයින් , නිවාඩු දවල් වල හෝ හැකි සෑම විටම ඔහේ නිදාගැනීමට ඉඩ දෙන්න .අනාගතයේදී අතීතයේ නිදාගත් අයුරු සිහිකරමින් ඔවුන්ගේ මුවට සිනහවක් හෝ නැගෙයි.
ඉවුම් පිහුම්
ජානමය වෂයෙන්ම ඉවුම් පිහුම් කෙල්ලන් බාරයේය. කොල්ලන් මෙය අමුතුවෙන් උගත යුතු උනත් කෙල්ලන් හට සහජයෙන්ම ඇත . ඉවුම් පිහුම් , කුස්සියේ වැඩ පිලිබඳ සරළ අදහසක් ලබදියුතුමය . එනමුත් ,
ජීවිතේ හොඳම වයසෙන් පටන් ගෙනඅවසන් හුස්ම දක්වා ඔවුන් වැඩිකාලයක් ඉන්නේ කුස්සියේය.ඔබ ළඟ ඉන්න කාලයේදී ඔබ නිරෝගී නම් ඇයට නිදහසේ ඉන්න දෙන්න.
ඉවුම් පිහුම් වලට නිශ්චිත රටාවක් අනුගමනය කලයුතුමයි කියා දෙයක් නැත, ඔබේ පරිප්පු හොද්දම දුව සෑදිය යුතු නැත.ඇගේ හොද්ද ඇයට හැකි අයුරින් යූ ටියුබ් එකෙන් බලා හෝ ඇය උයා ගනීවි. ඔබේ සෙවනේදී කවා පොවා සතුටින් තබන්න.
ආත්මාරක්ෂාව උගන්නන්න
නැටුම් , ගැයුම් , පිහිනුම් ඔය ඕන එකක් උගන්වන අතරේ සුළුවෙන් හෝ ආත්මාරක්ෂක සටන් කලාවක් උගන්නන්න .දුසිරිතෙන් බහුල මිනිසුන් පිරි සමාජයකට ඔවුන් ඇත හැර දැමීමට පෙර , තමන්ගේ ආරක්ෂාව උදෙසා එය ඉදිරියේදී ඔවුන්ට බොහෝ ප්‍රයෝජනවත් වේවි .
සැ .යු - යෝජිත විවාහයකට සුදානම් වුවහොත් , ඒ පවුලේ උදවිය එය දැනනොගත්ටතා කම් නැත.(පසුකලයෙදී ස්වාමියාගේ හැසිරීම අනුව ඔහු එය සමහරවිට ප්‍රයෝගිකව දැනගනීවි) )
කෝලම් කිරීම
ලස්සනට අඳින්න , ඇවිදින්න යන්න , නටන්න , ගයන්න ඉඩහරින්න. ඔවුන්ට
ජීවිතය සුන්දර ලෙස විඳින්න දෙන්න .( ඔබෙගේ ආර්ථික හා සමාජ මට්ටම අනුව සීමාවන් පැනවීම ඔබ සතුය)
සැ -යු- අනාගතයේ විඳීම හා විඳවීම අතර අනුපාතය අයගේ සැමියා මත තීරණය වන නිසා වර්තමානය හොඳින් විඳින්න ඉඩ හරින්න
හැකියාව අනුව රැකියාවක් කරන්න ඉඩ දෙන්න -
අධ්‍යාපනය
කොල්ලොන්ටත් වඩා හොඳින් කෙල්ලන්ට යමක් උගන්වන්න .පිරිමියෙකුගෙන්ම යැපීමට නොගොස් තනිව හිටගැනීමට හෝ අනාගතයේ සැමියාට අත්වැලක් වීමට එය ඉවහල් වේ.
Very very good bro