අභිමානවත්~සිංහලයා!!!

Djtharindur

Member
Dec 26, 2009
2,666
363
0
සෙපෝයි සේනාව සිටියද එය ප්‍රමාණවත් නොවූ නිසා බර්ගර්වරු ද සිවිල් සේවාවල අය ද ඊට යොදා ගති. මුත්තුසාමි කුමරු මාර්තු 4 වැනිදා නුවරට රැගෙන ආ අතර මාර්තු හයවැනිදා රජකමේ පිහිටුවුයේ මනුෂ්‍යයන් නැති පාළු මහනුවරය. අලුත් රජු පිළිබඳ ශුභාරංචිය දීමට හමුදා කොටස්‌ අසල ගම්වලට ගියවිට ගම්මුන් පලාගිය බැවින් මිත්‍රත්වයේ පණිවිඩය දීමට නොහැකි විණි. ආණ්‌ඩුකාරයා හා මුත්තුසාමි රජු අතර ගිවිසුමක්‌ ද අත්සන් තැබිණි. එය පහත පරිදිය. ඉංග්‍රීසීන් විසින් හතර කෝරලේ, ගිරාගම හා ගලගෙදර හැර ඉතිරි කොටස්‌ රජුට දීම හා අවශ්‍ය වුවොත් රජුට අතිරේක හමුදා සැපයීමට ද පොරොන්දු වූහ. රජු විසින් උඩරට හරහා ත්‍රි'මලය දක්‌වා පාරකට ඉඩම් පටියක්‌ ලබා දීම. උඩරට වසන මැලේවරු මුහුදුබඩ ප්‍රදේශවලට යෑවීම, බලන කන්දෙන් බටහිර ඇති කුරුඳු ඉංග්‍රීසීන්ට ලබාදීම. ඉවත් කළ රජුට කොළඹට යැමට ආරක්‍ෂාව ලබාදීම, ශ්‍රී වික්‍රම රජුට පක්‍ෂව ක්‍රියා කළ අයට සමාව දීම හා උඩරට ගංගාවල යාත්‍රා කිරීමට ඉංග්‍රීසීනට අවසර දීම පොරොන්දු විය. නමුත් තමා සමඟ ආ ඥතීන් අටදෙනා හැරුණු විට රජුට වෙනත් රටවැසියන් නොවීය. ශ්‍රී වික්‍රම රාජසිංහ රජුද, නිලධාරීන්ද, සන්නද්ධ මහජනයා ද හඟුරන්කෙත ආරක්‍ෂිත රජමාලිගා ආශ්‍රිත ජනාවාසයෙහි විසූ අතර එය පිහිටියේ දින දෙකක්‌ ගමන් කළ යුතු දුරිනි. කැලෑ වැදුනු මහජන සෙනාවට කැලෑවේ ගඩාගෙඩි කමින් වුවද ජීවත් වීමට සුදුසු පරිදි පලතුරු ගස්‌වලින් සැදි කැළෑව වවන ලද්දේ සෙනරත් රජතුමා විසිනි. තමනට වඩා සන්නද්ධ බලයෙන් ඉංග්‍රීසීන් වැඩි නිසා ආහාර හිඟ වී, යල් වැසි මැයි මාසයේ ආරම්භ වී, භූමිය මඩ වී ලෙඩ රෝගද පැතිරෙන තුරු බලා හිඳීම පෘතුගීසි ආක්‍රමණවලදී පටන්ම උඩරැටියන් විසින් උගත් යුද්ධෝපක්‍රමයක්‌ විය. තමන් සතු සීමිත අවි ආයුධ, වෙඩි බෙහෙත්, පතුරම් ආදිය අනවශ්‍ය ලෙස නාස්‌තිකර නොගෙන කුඩා එකාගේ වාරය එනතුරු බලා සිටීමට අවශ්‍ය විනය හා ඉවසීම ඔවුනට තිබිණි. දිවා කාලයේ සැඟවී සිට ඔත්තු බලා රාත්‍රි කාලයේ හදිසියේ පහරදීමක්‌ කර පලායැමේ හැංගිමුත්තම්වලින් ඉංගී්‍රසීන් වෙහෙසට පත් කරවීමට ද වග බලා ගත්හ. පිලිමතලාවේ මහඅදිකාරම නැවත මිත්‍රත්වයේ වෙස්‌ මුහුණ දමාගෙන මැක්‌ඩෝවල්ට දැන්වූයේ නිවැරදි ලෙස ගමන් කර ශ්‍රී වික්‍රම රජු අල්ලා ගැනීමට උදව් කිරීම තමනට කළ හැකි බවය. මාර්තු 13 වැනිදා කර්නල් බේලි යටතේ 300 සහ කර්නල් ලොගන් යටතේ 300 ක්‌ දෙපැත්තකින් හඟුරන්කෙත බලා යෑවිණ. ගමන දුෂ්කර නිසා සුළු අවි පමණක්‌ රැගෙන ගියහ. දෙපස කඳුවල සිට සිංහල හමුදාව වෙඩි සැර එල්ල කිරීම හා ගල් පෙරළීම කළ ද ඔවුන් පළවා හැරීමට හැකි වුණි. මියයැම් හා තුවාලවීම් සිදුවිය. මාර්තු 14 දා සවස හමුදාංක දෙක හඟුරන්කෙත දී හමුවූහ. සටනකින් තොරවම මාලිගා ව අල්ලා ගැනුනි. රජු හා ප්‍රභූන් පැන ගියහ. වටිනා කිසිවක්‌ ඉතිරිව නොවීය. දවස්‌ 8 කට ප්‍රමාණවත් ආහාර පමණක්‌ ගෙන යැම නිසා මාලිගාව හා ගෙවල් ගිනිතබා 15 දා ආපසු පිටත් වී 16 දා මහනුවරට ආහ. ආපසු ගමනේ විරුද්ධතා ඇති වුණේ පළමු වරට වඩා අඩුවෙනි. කඳු මුදුන්වල සැඟවී සිට ශබ්ද නැතිව ඊතල ප්‍රහාර එල්ල කිරීම මෙහි විශේෂ වූ පහරදීමකි. කොළඹ සිට නුවරට සැපයුම් මාර්ගය දඹදෙණියේ දී අවහිර කෙරුණි. මාර්තු 16 දා ලියුම් පැහැරගෙන පණිවිඩ හුවමාරුව නතර වුණි. මාර්තු 30 දක්‌වාම කොළඹ - නුවර මාර්ගය අවහිරව පැවතුනි. කැප්ටන් පොලොක්‌ මහනුවර සිට හමුදාංකයක්‌ රැගෙන දඹදෙණියට ගොස්‌ සටන් වැදී සිංහල හේවායන් පරාජය කළේය. නමුත් ඔහු උණ ගැනී කොළඹට ගියේය.
 

Djtharindur

Member
Dec 26, 2009
2,666
363
0
මේ වන විට ශ්‍රී වික්‍රම රජු නිවේදනය කර තිබුනේ යුරෝපීය හමුදා හිසකට රු. 10 ක්‌ හා දේශීය කුලී හේවා හිසකට රු. 5 ක්‌ ප්‍රසාද ගෙවීමක්‌ ලෙස කරන බවය. මාර්තු 17 වැනිදා කර්නල් බාබට්‌ හමුදාංකයක්‌ ද රැගෙන නුවර සිට ත්‍රි'මලය පාර අසල ගම්වලට ගියේ නව රජු ගැන ආරංචිය ගම් ප්‍රධානීන්ට දැනුම් දීමටය. නමුත් මද දුරක්‌ ගිය විට හැම අතින්ම සැඟවී සිට ප්‍රහාර එල්ල කළහ. මැරූ ඉංග්‍රීසි හේවායන් ගස්‌වල එල්ලූහ. කොළඹ - නුවර සැපයුම් මාර්ගයේ කොටදෙනියාවේ හා දඹදෙණියේ සැපයුම් කරන කොටුවලට නැවතත් සිංහල මහජන හමුදාවෙන් පහර දුන්හ. කැප්ටන් බුලොත් යටතේ යවන ලද හමුදාංකයෙන් ඔවුන් පලවා හැරියද, බොහෝ දෙනාට උණ ගැනීම නිසා කොටදෙනියාවේ ෆෙඩ්රික් කොටුවේ ආහාර තොග මා ඔය දිගේ ඔරුවලින් මීගමුවට යවා කොටුවට ගිනි තැබිණි. මේ අතර මහනුවර තත්ත්වය ව්‍යාකූල විය. සැපයුම් මාර්ග නිතර අවහිර කරන නිසා විශාල හමුදාවක්‌ මහනුවර තබා ගැනීම අපහසු විය. උඩරැටියන් යුද්ධයකට එන බවක්‌ ද පෙනෙන්නට නැත. රජෙකු පත්කළ ද ඔහුට පාලනයට රටක්‌ හෝ රටවැසියන් නැත. උණ ගැනී ලෙඩවීම් බහුලය. හමුදා රෝහල උණ රෝගීන්ගෙන් පිරී ඇත. මිත්‍රත්වය ප්‍රකාශ කිරීමට ගිය විට ගැමියෝ පලායති. ඉදිරියේ වැසී ආ විට තත්ත්වය තවත් දරුණු වේ. තමාට නොදන්වා හොරෙන්ම ආක්‍රමණයක්‌ කර අපහසුවට පත්වීම ගැන ඉංග්‍රීසින්ටම දොස්‌ තබමින් මහ අදිකාරම විසින් ආණ්‌ඩුකාර තැනට ලිපියක්‌ යවා මාර්තු 24 එය ලැබිණි. මහ අදිකාරමගේ නිල නිවාසය මේ වන විට ප්‍රතිසංස්‌කරණය කර තිබිණි. මාර්තු 28 වැනිදා දෙවැනි අදිකාරම වූ ඇහැලේපොල නිලමේ මහ අදිකාරමගේ නියෝජිතයා ලෙස නුවරට අවුත් මැක්‌ඩෝවල් මුණගැසුණි. 30 දා ඔහු ආපසු යන විට ආචාර වෙඩි මුරද පැවැත්වීය. මැක්‌ඩෝවල් ඉතා චපල හා දෙපිටකාට්‌ටු ලෙස මුත්තුසාමි රජුට ෙද්‍රdaහි වෙමින් තමන් පත් කළ රජු මහ අදිකාරම වෙනුවෙන් ඉවත් කර මහ අදිකාරම රජ කරවීමට පොරොන්දු වූ ගිවිසුමක්‌ ගිවිසගති. එහි කරුණු මෙසේය. සැඟවී සිටින රජු බ්‍රිතාන්‍ය සිරභාරයට ගැනීම, පිළිමතලාවේ මහ අදිකාරම නව රජු ලෙස පිළිගැනීම, මුත්තුසාමි ආපසු යාපනයට යෑවීම, නව රජු මුත්තුසාමිගේ නඩත්තුව ලෙස වසරකට රුපියල් 30,000 ක්‌ ගෙවීම, නුවර මැක්‌ඩෝවල් විසින් ඉදිකළ කොටුව හා අවට කලාපයත්, ත්‍රිකුණාමලයට පාර දමන බිම් පටියත් සත් කෝරලයත් ඉංග්‍රීසීන්ට දීම හා දෙපාර්ශ්වයම සන්නද්ධ ගැටුම් වහා නතර කිරීමය.
 

Djtharindur

Member
Dec 26, 2009
2,666
363
0
මාර්තු 30 ගිවිසුමට එකඟ වී දැන් සියල්ල යථා තතත්වයට එන බව ඒකපාක්‍ෂිකවම පැවසූ මැක්‌ඩෝවල් පසුදාම එනම් අප්‍රේල් 1 වැනිදා තම 51 වැනි රෙජමේන්තුව හා තවත් පිරිස සමඟ ආපසු කොළඹ ඒමට පිටත් වූනේ 1000 ක හමුදාවක්‌ මුළු උඩරටට ප්‍රමාණවත් බව කියමිනි. ත්‍රිකුණාමලයට ද පිරිසක්‌ ආපසු යෑවීය. කර්නල් බාබට්‌ ඉතිරි වූ හමුදාවේ අණදෙන නිලධාරි විය. පළමු ආ පාර මඟහැර වෙනත් පාරකින් මැක්‌ඩෝවල් හා පිරිස අප්‍රේල් 9 දා දින කොළඹට ආහ. යුරෝපීය 300 ක්‌, මැලේවරු 700 ක්‌, බෙංගාලි හා මදුරාසි තුවක්‌කුකරුවන් 150 ක්‌ ලෙස 1150 ක්‌ නුවර ඉතිරි විය. මහ අදිකාරම මෙවිට ප්‍රචාරය කර හැරියේ ඉංග්‍රීසි හමුදාව ආපසු යන බව හා එබැවින් කලබල නොකර ඔවුනට යන්නට ඉඩ හැරිය යුතු බවය. එවිට උඩරෑටියෝ සමීපයටම ගොස්‌ ආපසු යන හමුදාවන් නැරඹුහ. ඉවත් වී ගියේ හමුදාවෙන් කොටසක්‌ පමණක්‌ බව පසුදාම ඔවුහු දැන ගත්හ. මැක්‌ඩෝවල් හා මහ අදිකාරම අතර වූ එකඟතාවය උඩරට ප්‍රධානීන් අතර නොවීය. මැක්‌ඩෝවල් ඉවත්ව ගිය දිනට පසුදින එනම් අප්‍රේල් 2 වැනිදා මහ අදිකාරම විශාල සෙනඟක්‌ පිරිවරා ගෙන නුවරින් සැතපුම් 3 ක්‌ ඈත ස්‌ථානයකට අවුත් තම බලය ඉතිරි හමුදාවට ප්‍රදර්ශනය කළේය. තම කොන්දේසි ආණ්‌ඩුකාර තැන ලවා ස්‌ථිර කරවා ගැනීම එහි අරමුණ විය. එය සාර්ථක වූ අතර මැයි 1 දා ආණ්‌ඩුකාරයා සතර කෝරලයට අවුත් දඹදෙණියේදී ගම් ප්‍රධානීන් ද මහ අදිකාරම ද හමුවිය. පළමු සකස්‌ කරගත් ගිවිසුම එදින ආණ්‌ඩුකාරයා සමඟ අත්සන් කළේය. අවට ගම්වල ප්‍රධානීහු පිළිමතලාවේ රජවීම ගැන තම සතුට ප්‍රකාශ කළහ. මුත්තුසාමි මෙවක උණගැනී සිටි නිසා සනීප වූ වහාම ආපසු යාපනයට යෑවීමට තීරණය කරන ලදී කර්නල් බාබට්‌ මේ අතර උණ ගැනී රෝගාතුර වීම හා ත්‍රි'මලයට යාම නිසා මේජර් ජෙනරල් මැක්‌ඩෝවල් නැවතත් මැයි 23 වැනිදා නුවරට ආවේය. කැප්ටන් මැක්‌පර්සන් බ්‍රිගේඩ් මේජර් විය. ගිවිසුමේ අන් සියල්ල ඉටු වීම පළමු සත්කෝරලේට ඉංග්‍රීසි විශේෂ කොමසාරිස්‌ ලෙස ජෝශප් ජොනවිල් පත්කර එවීමට ඉංග්‍රීසීහු ඉක්‌මන් වූහ. පිළිමතලාවේ රජවීමේ කොන්දේසිය ඉටුවෙන තුරු ඉංග්‍රිසි විශේෂ කොමසාරිස්‌වරයකු පත්විය යුතු නැතැයි පවසා සත්කෝරලේ වැසියන් ඊට විරුද්ධ වීම නිසා ජොනවිල්ට ආපසු යැමට සිදුවිය.
 

Djtharindur

Member
Dec 26, 2009
2,666
363
0
ත්‍රිකුණාමලයට ද පිරිසක්‌ ආපසු යෑවීය. කර්නල් බාබට්‌ ඉතිරි වූ හමුදාවේ අණදෙන නිලධාරි විය. පළමු ආ පාර මඟහැර වෙනත් පාරකින් මැක්‌ඩෝවල් හා පිරිස අප්‍රේල් 9 දා දින කොළඹට ආහ. යුරෝපීය 300 ක්‌, මැලේවරු 700 ක්‌, බෙංගාලි හා මදුරාසි තුවක්‌කුකරුවන් 150 ක්‌ ලෙස 1150 ක්‌ නුවර ඉතිරි විය. මහ අදිකාරම මෙවිට ප්‍රචාරය කර හැරියේ ඉංග්‍රීසි හමුදාව ආපසු යන බව හා එබැවින් කලබල නොකර ඔවුනට යන්නට ඉඩ හැරිය යුතු බවය. එවිට උඩරෑටියෝ සමීපයටම ගොස්‌ ආපසු යන හමුදාවන් නැරඹුහ. ඉවත් වී ගියේ හමුදාවෙන් කොටසක්‌ පමණක්‌ බව පසුදාම ඔවුහු දැන ගත්හ. මැක්‌ඩෝවල් හා මහ අදිකාරම අතර වූ එකඟතාවය උඩරට ප්‍රධානීන් අතර නොවීය. මැක්‌ඩෝවල් ඉවත්ව ගිය දිනට පසුදින එනම් අප්‍රේල් 2 වැනිදා මහ අදිකාරම විශාල සෙනඟක්‌ පිරිවරා ගෙන නුවරින් සැතපුම් 3 ක්‌ ඈත ස්‌ථානයකට අවුත් තම බලය ඉතිරි හමුදාවට ප්‍රදර්ශනය කළේය. තම කොන්දේසි ආණ්‌ඩුකාර තැන ලවා ස්‌ථිර කරවා ගැනීම එහි අරමුණ විය. එය සාර්ථක වූ අතර මැයි 1 දා ආණ්‌ඩුකාරයා සතර කෝරලයට අවුත් දඹදෙණියේදී ගම් ප්‍රධානීන් ද මහ අදිකාරම ද හමුවිය. පළමු සකස්‌ කරගත් ගිවිසුම එදින ආණ්‌ඩුකාරයා සමඟ අත්සන් කළේය. අවට ගම්වල ප්‍රධානීහු පිළිමතලාවේ රජවීම ගැන තම සතුට ප්‍රකාශ කළහ. මුත්තුසාමි මෙවක උණගැනී සිටි නිසා සනීප වූ වහාම ආපසු යාපනයට යෑවීමට තීරණය කරන ලදී කර්නල් බාබට්‌ මේ අතර උණ ගැනී රෝගාතුර වීම හා ත්‍රි'මලයට යාම නිසා මේජර් ජෙනරල් මැක්‌ඩෝවල් නැවතත් මැයි 23 වැනිදා නුවරට ආවේය. කැප්ටන් මැක්‌පර්සන් බ්‍රිගේඩ් මේජර් විය. ගිවිසුමේ අන් සියල්ල ඉටු වීම පළමු සත්කෝරලේට ඉංග්‍රීසි විශේෂ කොමසාරිස්‌ ලෙස ජෝශප් ජොනවිල් පත්කර එවීමට ඉංග්‍රීසීහු ඉක්‌මන් වූහ. පිළිමතලාවේ රජවීමේ කොන්දේසිය ඉටුවෙන තුරු ඉංග්‍රිසි විශේෂ කොමසාරිස්‌වරයකු පත්විය යුතු නැතැයි පවසා සත්කෝරලේ වැසියන් ඊට විරුද්ධ වීම නිසා ජොනවිල්ට ආපසු යැමට සිදුවිය. කොළඹින් හා ත්‍රිකුණාමලයෙන් එන සැපයුම්වලට බාධා කිරීමට උඩරැටියෝ වගබලා ගත්හ. එබැවින් මහනුවර විශාල ලෙස ආහාර හිඟවිය. ඉංග්‍රීසි සෙබළුන් ගම්වලට කඩා වැදී ගවයන් මරා මස්‌ ගෙන ඒම උඩරැටියන්ගේ පිළිකුල දැනවීය. ජුනි මස ආරම්භය සමඟ වර්ෂාව අධික විය. සැම තැන මඩ විය. ගඟ (මහවැලි) උතුරා ගැලීය. බෝට්‌ටු (ඔරු හා අඟුල්) ගසාගෙන ගියේය. ආයුධ හා වෙඩි බෙහෙත් ගබඩා තෙමී බත් විය.
 

Djtharindur

Member
Dec 26, 2009
2,666
363
0
මැක්‌ඩෝවල්ට හා මැක්‌පර්සන්ට උණ ගැනී කොළඹට ගියහ. මේජර් ඩේවි අණදෙන ප්‍රධානියා විය. ගිවිසුම්ගත දේවල් ඉටු නොවන නිසා බලාපොරොත්තු සුන් වූ පිළිමතලාවේ මේජර් ඩේවිට ජුනි 13 බළකළේ එකඟ වූ පරිදි ආක්‍රමණයක්‌ කර රජු අල්ලාගෙන ගිවිසුම ක්‍රියාත්මක කිරීමටය. නමුත් ඩේවි සිතුවේ මෙය ඔහුව අමාරුවේ දැමීමට ඇටවූ උගුලක්‌ ලෙසටය. එබැවින් එය ඉටු නොකළේය. ආහාර හිඟය, රෝගීවීම වැඩිකම, උණ්‌ඩ මූනිස්‌සම් තෙමීම ආදිය නිසා ඉංග්‍රිසි හමුදාවේ බලය දිනෙන් දින හීනවිය. සිංහල ඔත්තුකරුවන්a හා ගරිල්ලන් දෙතුන් දෙනා රහසේ නගරය තුළට හා කඳවුරු තුළට වැදී තොරතුරු සොයා ගැනීම හා ආයුධ සඟවා තැබීම ආදිය කරන්නට වූහ. ජුනි 20 දින මැලේ සහ සිංහල තුවක්‌කුකරුවන් පිරිසක්‌ කොටුවෙන් පිටට අවුත් සිංහල පාර්ශ්වයට එක්‌වූහ. හමුදාවේ විනය නැති විය. පාලනය අවුල් විය. හැම පැත්තෙන්ම භයානක වටපිටාවක්‌ නිර්මාණය වන බව ඩේවිට අවබෝධ විය. නුවර නගරය අතහැර පසු බැසිය යුතුද, නැතිනම් අවසන් වරට ආක්‍රමණයක්‌ කර රජු අල්ලා ගෙන පිළිමතලාවේ රජ කරවිය යුතුද යන්න ගැන ඔහු කොළඹින් උපදෙස්‌ පැතීය. දේශීය ආධාරක හමුදාවක්‌ එන්සයින් ස්‌වෙලි යටතට යෑවීමට ජුනි 17 දා තීරණය කළ ද එය 26 වැනිදා දක්‌වා කල් දමන ලදී. ජුනි 23 දා උදය උඩරට මහජන හමුදාවෝ ගිරාගමට හා ගලගෙදරට කඩා පැන ඉංග්‍රීසි හේවායන් මරා සැපයුම් අවහිර කළහ.
 

Djtharindur

Member
Dec 26, 2009
2,666
363
0
ප්‍රථම වතාවට සිංහල හේවායෝ ඉංග්‍රීසීන් පරදවා ජය ගත්හ. එදිනම සවස්‌ වන විට පාළු මහනුවර නගරයේ පළමුව විසූ අය විශාල ලෙස ඇදී අවුත් නගරයෙන් පිටත රැඳී සිටියහ. යක්‍ෂයාගේ හෝරාව එළඹෙන බව ඩේවි ප්‍රකාශ කළ බව දැන ගැනීමට ඇත. කඳවුර ඇතුළට රිංගාගත් සිංහල ගරිල්ලන් හා ඉංග්‍රිසි හමුදා අතර ගැටුම් ද ඇතිවිය. ජුනි 24 දා අලුයම 4.00 ට අඳුර හා පොද වැස්‌ස තිබියදී කඳු මතින් ආ සිංහල මහජන හමුදාව අණ දෙන්නකු නැතිව ස්‌වෙච්ඡාවෙන්ම මාලිගාවට උඩ පැත්තෙන් උඩවත්ත කැලේ දිසාවෙන් කුඩා කණ්‌ඩායම් ලෙස ඇදී එන්නට වූහ. හිරු නොබසින අධිරාජ්‍යයේ මහනුවර ඉදිකළ හමුදා කඳවුරට කඩා වැදුණු ඔහු දරුණු ලෙස සටන් වදින්නට පටන් ගත්හ. හාර මාසයක්‌ පසුබැසි සිංහල හේවායන් මෙතරම් රණ ශූරදැයි බ්‍රිතාන්‍ය හමුදාවන්ට අදහා ගන්නට නොහැකි විය. ඉංග්‍රිසි හමුදාවේ අවි බලයෙන් ඔවුන්ටම පහර දෙන්නට වූහ. තම සීමිත තුවක්‌කු, පතුරම් හා උණ්‌ඩ, මූනිස්‌සම් ද තුන හතරක්‌ වන කැටයම් කෙටූ කාලතුවක්‌කු ද නාස්‌තිකර නොගෙන නියමිත අවස්‌ථාවේදී පමණක්‌ ප්‍රයෝජනයට ගත් යුද කළමනාකරණය ඉහළින්ම ක්‍රියාවට නැගූහ. සවස 2.00 වන තුරු සටන පැවතුනි. 2.30 ට මේජර් ඩේවි සුදු කොඩිය ඔසවා යටත් විණි. මහ අදිකාරම වහාම අවුත් මේජර් ඩේවි හා සාකච්ඡා කර සවස 5.00 ට යුද නිලධාරීන් 18 ක්‌, ඉංග්‍රීසි සෙබළුන් 60 ක්‌, මැලේ 250 ක්‌, තුවක්‌කු ලස්‌ක්‍රිCඳCඳ 150 ක්‌, කුලීකරුවන් සහ මුත්තුසාමි රජු ද මහනුවර නගරයෙන් පිටකර නගරය තමා භාරයට ගෙන උඩරැටියන්ට පැවරීය.
 

smsanjaya

Well-known member
  • Jul 7, 2010
    7,477
    398
    83
    9 වසර 10 වසර ඉතිහාස පොත මතක් වෙනවා
    එල වෑඩක්
     

    Djtharindur

    Member
    Dec 26, 2009
    2,666
    363
    0
    බ්‍රිතාන්‍ය නඩයට මහවැලි ගඟ අයිනේ වල්පොල ගමෙහි රාත්‍රිය ගතකර උදය ගඟින් එතෙර වී යැමට බාධාවක්‌ නැතිබව දැනුම් දුනි. ජුනි 25 වැනිදා උදය මුත්තුසාමි කුමරු මහ අදිකාරමට භාරදීමට මේජර් ඩේවි නොකැමති වීම නිසා උපන් මතභේදයක්‌ තුළින් ඉංග්‍රීසි හමුදාවට ආපසු යැමට දුන් අවසරය අහෝසි කර හැමදෙනාම සිරභාරයට ගති. මුත්තුසාමි හා ඥාතීන් අටදෙනාගේ හිස්‌ ගසා දැමීම 25 දා සවසම සිදුවිය. මේජර් ඩේවි හා ඔහුගේ දෙවැනියා වූ කැප්ටන් රමාලීගේ පටන් සියලු දෙනා සිරකරුවන් වූ අතර රෝගීව සිටි සෙබළුන්ට නිලධාරීන්ට හා වෛද්‍යවරුන්ට ත්‍රිකුණාමලයට යැමට ඉඩ දුනි. මෙම තොරතුරු ලේඛනගත කළ ඉංග්‍රීසි ලේඛකයන් හැම දෙනාම පිළිමතලාවේ මහ අදිකාරම වැරදිකරුවකු වන පරිදි වාර්තා ලියා ඇත. ගිවිසුම් කඩකිරීම, චපල වීම, වංකවීම ආදී ඉංග්‍රීසි ප්‍රධානීන්ගේ දුර්වලතා සඳහන් කර නැත. මාතෘ භූමිය බේරා ගැනීමට උඩවත්ත කැලේ ජය මාවත හරහා රණබිමට ඇදී අවුත් හිරු නොබසින අධිරාජ්‍යයේ ආක්‍රමණය පරාජය කරන ලද උක්‌කුවා, බණ්‌ඩා, සේතුවා, ලපයා, දෙමටා වෙනුවෙන් ඉදි වූ ස්‌මාරක හෝ පිළිම උඩවත්ත කැලේ නැත. අදත් විලියම්ලා, ඩේවිඩ්ලා, තෝමස්‌ලා, එඩ්වඩ්ලාගේ ස්‌මාරක වලින් උඩවත්ත කැලේ පිරී ඇත. පිලිමතලාවේගේ මාවතෙහිම ගොස්‌ සාර්ථකත්වය ලැබූ ෂ විමලධර්මසූරිය රජු සැබැවින්ම ශ්‍රේෂ්ඨයෙකි. පිළිමතලාවේට රජවීමට ලැබුණේ නම් ඔහුටද ඊට නොදෙවැනි ශ්‍රේෂ්ඨත්වයට එළඹීමට නොහැකි වේ යෑයි නිශ්චිතව කිව හැකිද? එමෙන්ම මහජන හමුදාව ලොවට බිහිකළේ මාඕසේතුං යෑයි තවදුරටත් පිළිගත හැකිද?

    පිටපත :- ආචාර්ය සූරිය ගුණසේකර

    (වත්පොතේ මිතුරෙකුගෙන් මෙම තොරතුරු ලබාගතිමි)
    තවත් දිනෙක මෙවන් සිංහලයාගේ ඉතිහාස වීර කතාවක් ඔබ හමුවේ තැබීමේ බලාපොරොත්තුවෙන් අදට නවතිමි.
     

    Djtharindur

    Member
    Dec 26, 2009
    2,666
    363
    0
    කණගාටුවෙන් වුනත් ඇත්ත කියන්න ඕනි..අද අපේ සිංහල කොල්ලන්ගෙන් කෙල්ලන්ගෙන් අපේ ඉතිහාසය සිංහල සාහිත්‍ය උදුරාගෙ විකාර ලෝකෙකට තල්ලු කර දාල.මේ වගේ දෙයක් දැම්මත් නොපෙනෙන ගානට වැඩ කරන්නේ..කියෙන් කි දෙනාද බලන්න ඇත්තේ.
    ඔබගේ වටිනා අදහස් ඇත්නම් එකතු කරන්න..ඔබ සැමගේ සහයෝගය අවශ්‍යයි..
    අදහස් දැක්කු ඔබ සැමට ස්තුති..
    තෙරුවන් සරණයි!!!