අභියාචනයත් පරාදයි
මහින්දගේ අභියාචනයත් පරාදයි..! මහින්දගේ පැටික්කියත් මහින්දට එරෙහි වෙයි..! හොර අගමැති සහ හොර
කැබිනට්ටුවේ වාරණය දිගටම..!
හොර අගමැති සහ හොර කැබිනට්ටුව වාරණය කරමින් අභියාචනාධිකරණය දුන් වාරණ නියෝගය තව දුරටත් පවත්වාගෙන යාමට ශ්‍රේෂ්ඨාධිකරණය මීට ස්වල්ප වේලාවකට පෙර තීන්දු කෙළේය.
මන්ත්‍රී වරුන් 122 ක් විසින් ක්වෝවොරන්ට් ආඥාවක් ඉල්ලා අභියාචනාධිකරණයට ඉදිරිපත් කළ පෙත්සම විභාගයට ගනිමින් හොර අගමැති සහ හොර කැබිනට්ටුව වාරණය කරමින් අභියාචනාධිකරණය දුන් වාරණ නියෝගයට එරෙහිව මහින්ද රාජපක්ෂ හොර අගමැති විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කළ අභියාචන පෙත්සම විභාග කිරීම අධිකරණයේ වසරාවසාන දිනය මෙන්ම ඊවා වනසුන්දරගේ රාජකාරි දිවියේ අවසන් දිනය වූ දෙසැම්බර 14 (අද) නඩුව විභාගයට ගත්තාය. ඇය සමග බුවනෙක අලුවිහාරේ, විජිත් මළල්ගොඩ යන විනිසුරුවරුන් දෙදෙනා ද නඩුව විභාග වන විනිසුරු මඩුල්ලට අයත් වූහ
ප්‍රසිද්ධියේ මහින්ද සහ තමා අතර ඇති පුද්ගලික සම්බන්ධතා ගැන ප්‍රකාශ කර ඇති ඊවා මේ නඩුව විමසනවාට අනෙක් පාර්ශවය විසින් විරෝධතා දෙකක් මතු කළ නමුත් ඇය ඒවා ගණන් නොගෙන ‘මගේ අවසාන දිනයේ මට නඩු අහන්න දෙන්නැයි’ කියමින් විලි ලැජ්ජාවක් නොමැතිව නඩුව අසන්නට අසුන් ගත්තා ය. (මන්ද යත් එවැනි විරෝධයක් එල්ල වූ විට නඩු විමසීමෙන් ඉවත් වීම විනිසුරු සම්ප්රදාය යන බැවිනි) අද මෙකී නඩුව විභාගයට ගනිද්දී පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් ඉල්ලා සිටියද එයද ප්‍රතික්ෂේප විය.
නඩු විභාගය පුරාම ඊවා නඩු තීන්දුව ගෙදර සිට ලියාගෙන ඇවිත් තිබෙන බව පෙනී ගිය නමුත් අභියාචනාධිකරණ වාරණය දිගටම පවත්වාගෙන යෑමට දුන් තීන්දුව ඊවාද ඇතුළු විනිසුරු තිදෙනාම ඒකමතිකව ලබා දුන්හ. ඊවාගේ අවසන් රාජකාරි දිනයේ දී ඇය තම නමේ තාර ගා නොගැනීමට වග බලා ගත්තා විය යුතුය.
නඩුව තව දුරටත් විභාග කළ යුතු යැයි ඊවා ඇතුළු විනිසුරු දෙදෙනකු තීන්දු කරන ලද නමුත් එක් විනිසුරුවරයෙකු පමණක් ඊට විරුද්ධ විය. ඒ අනුව වාරණ නියෝගය සම්බන්ධ නඩු විභාගය ඉදිරි ජනවාරි 16, 17, 18 පැවැත්වීමට තීන්දු කෙරිණ.
අභියාචනාධිකරණයේ නඩුව ජනවාරි 12 වැනි දින සිට විභාග වීමට නියමිතය.
මහින්ද රාජපක්ෂ වාරණයට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට ගියේ එවැනි වාරණ නියෝගයක් ලබා දීමට අභියාචනාධිකරණයට බලයක් නැති බව කියමිනි. නමුත් අද තීන්දුවෙන් නිගමනය වූයේ අභියාචනාධිකරණයට ඒ බලය තිබෙන බවයි.
මේ අනුව හොර අගමැති සහ හොර කැබිනට්ටුවේ වාරණය තව දුරටත් පවතිනු ඇත.
ඔක් 26 දියත් වූ මරා-සිරා ජුන්ටාවේ රාජ්‍ය විරෝධී කුමන්ත්‍රණය දිගින් දිගමට අධිකරණය ඉදිරියේත් පාර්ලිමේන්තුව තුලත් මහජනතාව අතරේත් පරාජය වෙමින් තිබේ. මේ කුමන්ත්රණයේ නිර්මාතෘ වූ ව්‍යවස්ථාව කඩ කළ පල්ලෙවත්ත ගමරාළ දැන්වත් සිය ධූරයෙන් ඉල්ලා අස්වී නම්බු පිටින් පොළොන්නරු යා යුතුය.