මේක මම මේල් එකකින් උස්සපු එකක්. කුතුහලය දනවන දේවල් ගොඩක් තිබුනා. සොයාගැනීම්වලට කැමති අයටනම් වැදගත්වෙයි. මේ ත්‍රෙඩ් එක කලින් කවුරුහරි දාල තිබුනද කිලය දන්නෑ. කවුරුහරි දාල තිබුනනම් සමාවෙන්න.
කිවපු අය අදහසක් ලියල යන්න අමතක කරන්නෙපා.
ලෝකේ දියුණුයි... විද්‍යාවෙන් හැම දෙයක්ම විසඳන්න පුළුවන්... ඕනෙම ප්‍රශ්නෙකට තාක්ෂණේ උත්තර දෙනවා කියලා හිතාගෙන හිටියට මොකද, මෙච්චර දියුණුයි කියන නූතන මානවයටත් විසඳගන්න බැරි ගැටළු... ලෙහා ගන්න බැරි අවුල්... අගක් මුලක් හොයාගන්නවත් නැති අවස්ථාවන් නම් මේ ලෝකයේ අනන්තයි... අප්‍රමාණයි. මේ ලිපියේ ඡායාරූප එක්ක ඉදිරිපත් කරලා තියෙන වස්තුන් සියල්ලම පැහැදිලි කිරීමක් කරන්න බැරි තරමේ අරුම පුදුම අද්භූත දේවල්. මේවා කොහෙන් ආවද ? කොහොම හැදුවද ? මොකට හැදුවද ? කියන එක තමයි ප්‍රශ්නේ... එනම් බලලම කියවන්නකෝ... මේ තමා ලෝක අභිරහස්...!!!
1. ඊජිප්තු පීරමිඩ කියන්නේ කොහොමත් ඉතින් අභිරහසක්ම තමයි. ඒවා ඇතුලේ තියෙන දේවල් ඊට වඩා අභිරහස්... මේ රූපයත් ඒ වගේ. මේක තියෙන්නේ ඊජිප්තුවේ Dendera වල හාතර් දෙවොලේ. මේ රූප වලින් පෙන්නුම් කරන්නේ යම් ආකාරයක විදුලි බුබුලක් වැනි ව්‍යුහයක් බවයි පැවසෙන්නේ. මේ බල්බ දඟර ගැසුනු වයරයකින් ජෙනරේටරයක් වැනි ව්‍යුහයකට සම්බන්ධ වෙනවා. ඔය බල්බ් එක මැද්දේ සර්පයෙක් වගේ තියෙන්නේ සූත්‍රිකාව නොහොත් ෆිලමන්ට් එක (filament). ක‍්‍රිස්තු පූර්ව ගණන් වල විදුලි බල්බ වගේ තාක්ෂණයක් ගැන ඊජිප්තු වැසියන් දැන සිටියාද යන එක තමයි මෙතන තියෙන අභිරහස...!
2. ඉහත කී ඊජිප්තු රූපයට පොඩ්ඩක් එහායින් තමා මේ වස්තු හතර පෙන්නලා තියෙන්නේ. මේ වස්තුන් හතරම පෙරදී මෙන්ම දඟර ගැසුනු වයරයක් වැනි සම්බන්ධකයකින් තවත් එක් පොදු වස්තුවකට සම්බන්ධ වෙනවා. මේ පොදු වස්තුවේ ව්‍යුහය බැටරියකට හෝ එවන් විදුලි සැපයුමකට සමාන බව තමයි පැවසෙන්නේ. ඔය පහතින් තියෙන රූපෙන් පේන්නේ අර වස්තු දෙකක් මැද තිබෙන ගෝලාකාර ව්‍යුහයයි. මෙමගින් යම් ආකාරයක විද්‍යුත් විසර්ජනයක්, නැත්නම් පුලිඟුවක් වැනි යමක් නිරූපණය කෙරෙනවා. මේක මොකක්ද කියන එක තාමත් හොයාගෙන නෑ.
3. මේ තවත් ඊජිප්තු පිරමීඩ අභිරහසක්. ඕගොල්ලෝ දන්නවා ඇතිනේ ඔය පීරමීඩ වල තියෙන රහස් උමං ගැන / රහස් කාමර / රහස් දොරටු ගැන කථා... මේ රූපයේ දැක්වෙන්නේ ඒ වගේ අභිරහස් දොරටුවක්. පුදුමේ කියන්නේ තඹ අත් අල්ලු (handles) දෙකකුත් මේ දොරට දාලා තිබුණත් මේක ඇරෙන්නේ තවත් බිත්තියකටමයි...! Rudolf Gantenbrink ඇතුළු පර්යේෂණ කණ්ඩායමක් මගින් මේ දොරටුව සොයා ගනු ලැබුවේ UPUAUT 2 නම් රොබෝ පාලක උපකරණයක් මගින් ලබාගත් ඡායාරූපයකින්. Cheops නම් පිරමීඩයේ රැජිණගේ කුටියෙන් දකුණු දෙසට වැටුණු විවරය කෙලවර වසා ගෙන සිටින මේ දොරටුව මෑතකදී විවෘත කරනු ලැබුවා. කවුරුත් බලාපොරොත්තු වුනේ පෞරාණික වස්තු සමූහයක් දකින්න වුවත් එතනින් එහා තිබුනේ හිස් බිත්තියක්...! සමහරු නම් කියන්නේ ඒ බිත්තිය, එහා පැත්තේ තියෙන වෙනත් දොරක පිටුපස පැත්ත කියලා. මේ වගේම දොරටුවක් රැජිණගේ කුටියෙන් උතුරු දෙසට යන විවරය කෙලවරත් තියෙනවා. ප්‍රශ්ණේ තියෙන්නේ හංගන්න දෙයක් නැත්නම් මේවා මොකට මෙච්චර හංගලා හැදුවද කියන එක තමයි...!
4. මේ රූපයෙන් පේන්නේ පැරණි මිටියක නටබුන්. ඩේවිඩ් බෲස්ටර් කියන භෞතික විද්‍යාඥයෙක් විසින් 1844 දී මේක හොයාගෙන තියෙන්නේ වැලිගල් කුට්ටියක් අස්සේ තිබිලා. බ්‍රිතාන්‍ය භූවිද්‍යා පර්යේෂණ මධ්‍යස්ථානයේ ආචාර්ය A.W. මෙඩ් විසින් මේ වැලිගල් කුට්ටියේ කාල නිර්ණය කරන්නට යෙදුනා. දන්නවද කොච්චර පරණද කියලා... අවුරුදු මිලියන 360 ත් 460 ත් අතර ගාණක් මේ මිටිය පරණයි ලු ! ඒ කාලේ කවුද දන්නෑ මේක පාවිච්චි කලේ...!!!
5. මේක දැක්ක ගමන් මොකක්ද ඔළුවට එන්නේ. මිනිස් මූණක් කැටයම් කරපු සිප්පි කටුවක්... 1881 දී මේක හොයාගත්ත භූ විද්‍යාඥ H. ස්ටෝප්ස් ට අනුව නම් මේක තිබිලා තියෙන්නේ එංගලන්තයේ රතු ගල් පරයක. පුදුමේ කියන්නේ ඒක නෙවෙයි, මේ සිප්පි කටුව ප්ලියෝසීන යුගයට අයත් එකක් බව තහවුරු වීමයි. තේරුණේ නෑ නේද... මේක අවුරුදු මිලියන දෙකකට වඩා පරණයිලු...!
6. ආදී කාලීන ලෙදර් බෝලයක් වගේ නේද පේන්නේ. මේ බෝල ලෙදර් බෝල නොවුනත් ලෝක ප්‍රසිද්ධ ඒවා. මේ ලෝහ ගෝල සොයාගෙන තියෙන්නේ දකුණු අප්‍රිකාවේ Klerksdorp නම් ප්‍රදේශයෙන්. ඔය රූප සටහනේ තියෙන ගෝලයේ වටේට ඇලි තුනක් කොටලා තියෙන්නේ. ඔය වගේ බෝලත් එක්ක තවත් බෝල ගොඩාක් හම්බවෙලා තියෙනවා ආදී කේම්බ්‍රීය යුගයේ - ඒ කියන්නේ අවුරුදු බිලියන 28 ක් පරණ ඛණිජ නිධියක තිබිලා. මේ සමහර ගෝල වලට අඟල් කාලක් විතර ඝණකම තියෙන තුනී කබොල්ලක් වගේ පිට කට්ටක් තිබිලත් තියෙනවා. ඒත් ඒක යකඩ වලින් සූරන්න බැරි තරමටම දැඩියි. ඔය කට්ට කැඩුනම ඇතුලේ තිබිලා තියෙන්නේ අමුතු ජාතියේ ස්පොන්ජි වෙග් ද්‍රව්‍යයක්. මේ අමුතු ද්‍රව්‍යය වාතයට නිරාවරණය වුනාම දූවිලි වගේ කෑලිවලට කැඩිලා විසිරිලා යනවා. Klerksdorp කෞතුකාගාරයේ භාරකරු හා පරිපාලක වන Roelf Marx පවසන්නේ ඔහු ප්‍රදර්ශණය පිණිස තබා ඇති ගෝලයට තමා විසින්ම භ්‍රමණය වීමට මෙන්ම පිටතින් එන සෙලවීමකදී එක තැනකම නොසෙල්වී සිටිය හැකි බවයි...! මේ බෝල මොනවාද ? මෙතරම් ඈත අතීතයේදී මෙවැනි ජ්‍යාමිතික නිවරද්‍යතාවයකින් මේවා සෑදුවේ කවුද ? කුමක් සඳහාද යන්න අඥාතයි. මේවා තැනී ඇත්තේ ආගන්තුක ද්‍රව්‍යයකින් බවයි විශේෂඥ මතය වන්නේ.
7. මේකත් ටිකක් ප්‍රසිද්ධ දෙයක්. මේ වස්තුව හඳුන්වන්නේ කෝසෝ මෙවලම (COSO artifact) යන නමින්. මේ පැරණි ස්ඵටිකමය පාෂාණ කුට්ටිය හොයාගෙන තියෙන්නේ ඇමරිකාවේ කැල්ෆෝනියා ප්‍රාන්තයේ Olancha ප්‍රදේශයෙන්. මෙහි අන්තර්ගත වෙන්නේ ලෝහ හා පිඟන් මැටි (පෝසිලේන්). A රූපයෙන් පෙන්වන්නේ මේ පාෂාණය කොටස් දෙකකට වෙන් කර ඇති ආකාරය. B රූපයෙන් පේන්නේ ඒ කොටස් දෙකේ ඇතුළු පැත්ත. එතකොට C හා D රූප තමයි වැදගත්. මේවායින් පෙන්වන්නේ මේ පාෂාණයේ X කිරණ ඡායාරූපයන්. මේ රූප වලින් පේන්නේ කුප්පියක් වගේ ව්‍යුහයක් ඇතුලේ තියෙන යකඩ දණ්ඩක්. මේක පුදුම සහගත වෙන්නේ මේ පාෂාණ කුට්ටිය අවුරුදු ලක්ෂ පහක් පැරණි වීමයි. ගොඩක් දෙනෙක් මත පළ කරන්නේ මේක පුළිඟු පේනුවක් - ස්පාර්ක් ප්ලග් එකක් කියලයි. අවුරුදු ලක්ෂ පහකට එහා වාහන තියා මනුෂ්‍යයා වත් ලෝකෙට පහළවෙලා හිටියේ නැති එකේ, ඒ කාලේ මොන ස්පාර්ක් ප්ලග් ද ? පුදුමයි නේ...!!!

ලොව පුරා ඇති නොවිසිදුනු අභිරහස් වස්තු
World Mysteries