අභිරහස්_නින්ද

ROCCO-X

Well-known member
  • May 12, 2017
    10,076
    3,535
    113
    Pls wear a MASK
    කසක්ස්තානයේ ගමක වැසියෝ හිටිහැටියේ දිගු නින්දකට වැටිලා

    ප්‍රතිකාරයක් නැති රෝගයක්. වෛද්‍යවරු අන්දුන්කුන්දුන්



    අද වෙනම රටක් වුවත්, කසක්ස්තානය කලක් සෝවියට් සමූහාණ්ඩුවට අයත්ව තිබුණි. උතුරුදිග කසක්ස්තානයේ කලාචී නමැති කුඩා ගම්මානයක් තිබේ. මේ ගම්මානය මේ වනවිට ලොව නොවිසඳුණු අබිරහස් අතරට එක්වී අවසන්ය. ඒ, මේ ගම්මානයේ පැතිර යන අබිරහස් රෝගයක හේතුවෙනි. එම රෝගය නම් දීර්ඝ කාලයක් නින්ද යෑමය. ගම්වැසියන්, ලොකු කුඩා සැවොම, මේ රෝගයට ගොදුරුවී දින ගණනාවක් එක දිගට නින්දට වැටෙති. මෙසේ ​ෙවන්නේ ඇයි ද යන්න වෛද්‍ය විද්‍යාවට ද ප්‍රහේළිකාවක් වී ඇත.

    මෙම අසාමාන්‍ය රෝගී තත්ත්වය මේ ​ෙවනවිට ලෝකයේ කාගේත් අවධානයට යොමු වී ඇති නමුත්, කසක්ස්තාන වෛද්‍යවරුන් පවසන්නේ කලාචී ගමේ පැතිරෙන මෙම නින්ද යෑමේ රෝගී තත්ත්වය වසර හතරක් තිස්සේ පැවැති බවය. ඔවුන් පවසන අන්දමට මෙසේ එක දිගට නින්දට වැටෙන ගම්වැසියන්ගේ මොළයේ දියර රැස්වීම සිදුවෙයි. එසේ වන්නේ ඇයි ද යන්න වෛද්‍යවරුන්ට ගැටලුවකි.

    image_e967b19c4f.jpg


    කලාචී ගම්වැසියන් පවසන්නේ රෝගී තත්ත්වය දිනෙන් දින උත්සන්න ​ෙවන බවය. ගම්මානයෙන් බොහෝ දෙනා මේ ​ෙවනවිට නගරයේ රෝහල්වල ප‍්‍රතිකාර ලබන බව ද පැවැසෙයි. ඔවුන් සැවොම ඇඳන්වලට පමණක් සීමාවී සිටිති. කලාචී ගම්මානයේ 600 දෙනකු වාසය කරන බවත් ඔවුන්ගෙන් සියයට 14 කට රෝගය වැළැඳී ඇති බවත් මේ ගැන විස්තර වාර්තාවක් ඉදිරිපත් කරමින් බ්‍රිතාන්‍යයේ ඩේලිමේල් පුවත් වෙබ් අඩවිය පවසයි. මේ නිසාම ගම්මානය පාළුවට ගොස් ඇතැයි ද පැවැසෙයි.


    පසුගිය ගිම්හානයේ රෝගී වූ 60 දෙනකු නගරයේ රෝහල්වලට ඇතුළත් කෙරුණු බව පැවැසිණි. නින්ද යෑමට පළමුවෙන් රෝග ලක්ෂණ කිහිපයක් පහළ වෙයි. නිදිමතගතිය, කැරැකිල්ල, අධික තෙහෙට්ටුව, කෙළින් සිටගෙන සිටීමට නොහැකිවීම සහ මතකය අහිමිවීම එම රෝග ලක්ෂණ යැයි වෛද්‍යවරුන් හඳුනාගෙන ඇත.

    image_29af59e5a1.jpg


    මෙම අබිරහස් රෝගයට හේතුව මොළයට බලපෑම් කරන මෙනින්ජයිටිස් ආකාරයේ වෛරසයක් හෝ බැක්ටීරියාවක් හෝ නොවන බව වෛද්‍ය පර්යේෂකයෝ පවසති. බලධාරීන් පැමිණ ගම්මානයේ පස් සහ ජලය නිරන්තරයෙන් පරීක්ෂා කෙරුණු නමුත් ජලයේ ආම්ලික හෝ භාෂ්මිකතාවයේ වෙනසක්, විසක් මුසු වූ බවක් හෝ කිසියම් විස රසායන ද්‍රව්‍යයක් පස්වලට මුසු වූ බවක් හෝ දකින්න නොලැබුණැයි පැවැසිණි.


    මෙම අබිරහස් රෝගය හේතුවෙන් කලාචී ගම්වැසියන් මහත්සේ බියට පත්වී සිටින බව වාර්තා වේ. රෝගය සම්බන්ධයෙන් ඔවුන් පවසන්නේ, ගම්මානය අසල අතහැර දමා ඇති යුරේනියම් පතළ ඊට හේතුවක් විය හැකියි කියාය. මේ පතළ සෝවියට් සමූහාණ්ඩුව පැවැති සමයේ දී භාවිතා කරන ලද්දක් නමුත් දැන් එය වසා දමා ඇත. යුරේනියම් විකිරණශීලී ද්‍රව්‍යයකි. පරමාණු බෝම්බ නිර්මාණයේ දී යුරේනියම් භාවිතා කරයි.



    කෙසේ නමුත් එම පතලේ සේවය කළ කිසිදු සේවකයකු මෙවැනි රෝගී තත්ත්වයකට ගොදුරුවී නැත. එහෙයින් ගම්වැසියන්ගේ සැකය ඉවත දැමීමට බලධාරීන්ට සිදුවී ඇත. කලාචී ගම්මානයේත් ඒ අවට ප‍්‍රදේශවලත් ඊට නුදුරින් පිහිටා ඇති කැනොගෝර්ස්ක් නමැති ගම්මානයේත් විකිරණශීලී පරිසරයක් ඇතිදැයි සෙවීමට ද පරීක්ෂණ සිදු කෙරුණි. අසාමාන්‍ය ලෙස හෝ මිනිසුන්ට හානිදායක අන්දමින් හෝ විකිරණ වැඩිවීමක් දක්නට ලැබී නැතැයි බලධාරීහු පැවැසූහ. කලාචී ගම්වැසියන් ඇතැම්හු පවසන්නේ ඉවත දමන රසායනික විස ද්‍රව්‍ය කිසිවක් ඔවුන්ගේ ගම්මානය අවට වළදමා ඇති බවය. එහෙත් සෑම තැනක්ම පරීක්ෂා කෙරුණු නමුත් එවැනි වළදැමූ කිසිවක් හමුවී නැත.


    ‘රුසියා ටුඩේ’ පුවත් නාළිකාවේ මාධ්‍යවේදීහු කණ්ඩායමක් පසුගිය සැප්තැම්බරයේ කලාචී ගම්මානයට ගොස් මෙම අබිරහස් රෝගයේ සුලමුල සොයමින්, ඒ ගැන වාර්තා වැඩසටහනක් ද නිර්මාණය කළහ. බලධාරීන් සහ වෛද්‍ය පර්යේෂකයන් මොනවා කීවත්, ඔවුන් පැවැසුවේ සාමාන්‍ය ප‍්‍රමාණයට වඩා එම ගම්මානය සහ ඒ අවට විකිරණ සියයට 16 කින් වැඩි බවය. අබිරහස් රෝගයට හේතුව එය යැයි මාධ්‍ය කණ්ඩායම පැවැසීය. බලධාරීන් මේ සම්බන්ධයෙන් නිහඬ ප‍්‍රතිපත්තියක් අනුගමනය කරන බව වාර්තා වේ. මේ අතර, වසාදමා ඇති යුරේනියම් පතලෙන් විස දුම් කාන්දුවෙන බව ද මාධ්‍ය කණ්ඩායම අනාවරණය කළේ යැයි ද පැවැසිණි.


    මෙම රෝගයට ගොදුරුවන්නන්ගේ මොළයට මෙම රෝගය හේතුවෙන් දරුණු ලෙස හානි සිදුවෙයි. දියර එක් රැස් වීමට අමතරව මොළයේ ක්‍රියාකාරීත්වයේ වෙනසක් සිදුවෙයි. මොළයේ දියර රැඳීමෙන් ස්නායු ආබාධ සිදුවෙයි. මෙම රෝගයට ගොදුරු වූ කුඩා දරුවෝ් ද බොහෝ සිටිති. වෛද්‍යවරු ඔවුන් ගැන බිය පළ කරති. ලාෆ්බරෝ විශ්වවිද්‍යාලයේ නින්ද සම්බන්ධයෙන් පරීක්ෂණ සිදුකරන මහාචාර්ය ජිම් හෝන් පවා පවසා ඇත්තේ, මෙවැනි අසාමාන්‍ය තත්ත්වයක් තමන්ට මීට පෙර දකින්න ලැබී නැතැයි කියාය.

    ලූසිත ජයමාන්න
    ඩේලිමේල් ඇසුරිනි
     

    khjinesh

    Well-known member
  • Nov 13, 2007
    3,874
    2,898
    113
    රජරට
    අඩේ මමත් කසකස්තානයේ කලාචි ගමනේ ආපු එකෙක් ද කියල වෙලාවකට හිතෙනව.