අභි ප්‍රේත වස්තුව හා අවීචි මහා නරකය හා එයට &#3

Randeerraza

Member
Jul 10, 2014
8
4
0
අභි ප්‍රේත වස්තුව හා අවීචි මහා නරකය හා එයට &#3

මේ ප්‍රේතයා ගේ හිස මිනිසෙකු ගේ වැනිය. කැඳ නාගයකු ගේ වැනිය. මුළු අංගම ගිනිගෙන නිතර විලාප කියමින් දුවයි. මෙය ගිජුකුළු පව්වේදී දුටු මුගලන් හිමි බුදුරාජාණන් වහන්සේ හමු වී ඒ බව ප්‍රකාච් කොට ඔහුගේ පුරව කර්මය විචාළේය.
බුදුරජාණන් වහන්සේ එය වදාළ සේක. පෙර මොහු පන්සලක් අසල කුඹුරක් ඇති ගොවියෙකි. ඉදින් බොහෝ මිනිසුන් කුඹුර මැඩගෙන පන්සලට එන බැවින්, මොහු මේ පන්සල නැත්නම් මගේ කුඹුර රැකෙ යැ යි සිතා පන්සල ගිනිබත් කළේ ය. මේ පවින් අවීචියේ පැසි දැන් ප්‍රේතව ඉපදී දුක් විදින්නේ යැ යි වදාළ සේක. එබැවින් සත්පුරුශයෙනි පවට බිය වෙත්වා...

දැන් ඔබට ගැටලුවක් පැනනැගී ඇති අවිචිය යනු කුමක් ද කියා.
මේ නරකයෙහි එක බිත්තියකින් නැගෙන ගින්න අනිත් බිත්තිය දක්වා ගමන් කරන්නනේ ය. පොළොවෙන් නැගෙන ගිනි ජාලාව උඩ පියන්පත දක්වා ද උඩ පියන් පතින් නික්මෙන ගිනි ජාලාව පොලොව දක්වාද ගමන් කරන්නේය. දත්වයේ නිතරම එම සදිසාවෙන් ම එන ගිනිදැල් වලින් වේලි දවෙන්නා හා. අතරක් නැතිව එහි සත්වයෝ වෙසෙති. ගිනිදැල් වලින් හා දුක් වලින් ද සත්වයන්ගෙන් ද අතරක් නැති බැවින් ඒ නරකය අවිචිය නම් වේ.

මව මැරීම, පියා මැරීම, රහතුන් මැරීම, සංඝ බේදය, බුදුන් ගේ ඇඟේ ලේ සෙලවීම, යන පංචානත්තරිය කාර්ම කළවුන් ද, බෝසතානන් වහන්සේලාගේ ජීවිත නැසූවෝද, ගුණවතුන්ගේ ජීවිත නසුවොද, චෛතිය බිඳින්නොද, බෝ ගස් විනාශ කල උන් ද, රත්නත්ත්‍රයට අයත් වස්තුව පැහැර ගන්නාවුන්ද, මිත්‍ර ද්‍රෝහියෝද, භාර්යාවන්ට අපරාධ කළෝ ද, බොරු කීවෝද, සුරාපානය කළවුන් ද, මිසදිටු ගත්තෝ ද එහි උපදිති.
ඇති පුජ්‍ය රේරුකානේ චන්දවිමල ස්වාමින් වහන්සේ ගේ බෞද්ධයා ගේ අත්පොත නම් ග්‍රන්ථය ඇසුරෙනි.

සබ්බ දානං ධම්ම දානං ජිනාති! සාදු සාදු සාදු
සම්පාදනය: පුජ්‍ය රිදීගම සුධම්මාභිවංශ හිමි.
කාර්ම විපාක නම් ධර්ම දානය වෙනුවෙන් නොමිලේ බෙදාහරින පොතෙහි අනු පිටපතකි,
ඉ සටහන : රන්දීර් රාසා හා නිල්මිණි ප්‍රනාන්දු විසිනි