පරීක්ෂණය දොස්තරටද...? දිවයිනටද...?
පසුදා වන විට දිවයින පුවතින් තව තවත් සමාජය උණුසුම් වී තිබුණි. එදිනද පාර්ලිමේන්තුවේදී අනුර කුමාර දිසානායක මහතා පෙරදා දිවයින පුවත්පතේ පළවූ පුවත පිළිබඳව ප්‍රශ්න කර සිටියේය.
අනුර කුමාර දිසානායක - ‘දිවයින’ පත්‍රයේ ශීර්ෂ පාඨය ගැන මම ඊයේ ප්‍රශ්න කළා. සිංහල මවුවරුන් හාරදහසක් වඳ සැත්කමට යොදාගෙන කියලා. ඔබතුමා කිව්වා පොලිසියෙන් විමසලා අද පිළිතුරක් දෙනවා කියලා.
කථානායක - මම අදත් පොලිසියට කතා කළා. රහස් පොලිසිය ඒ පිළිබඳව පරීක්ෂණ පවත්වනවා.
අනුර දිසානායක මහතා - පරීක්ෂණ කරන්නේ වෛද්‍යවරයා ගැනද, පත්තරේ ගැනද?
කථානායක - සිද්ධිය ගැන.
අනුර දිසානායක මහතා - ඒ කියන්නේ එහෙම සිද්ධියක් තියෙනවද?
කථානායක - ඒක ගැන හොයාගෙන යනවා. පොලිසියට ඉඩදෙන්න පරීක්ෂණ කරන්න.
සිය කතාවේදී අනුර කුමාර දිසානායක මහතා දිගටම ප්‍රශ්න කරන ලද්දේ පරීක්ෂණය කරන්නේ වෛද්‍යවරයා
ගැනද... පත්තරේ ගැනද...? යනුවෙනි.
සහරාන් සමග එකට බෝම්බ පුපුරුවා ගත් ඉම්ෂාෆ් අහම්ඞ් ඊබ්‍රහයිම් සහ ඉල්හාම් අහමඞ් ඊබ්‍රහයිම් යන දෙදෙනාගේ පියා වන තඹ සහ ගම්මිරිස් ව්‍යාපාරික ඊබ්‍රහිම්, 2015 වසරේ මහමැතිවරණයේදී ජවිපෙ ජාතික ලැයිස්තුවට ඇතුළත්ව සිටියේය. දෙමටගොඩ මහවිල මාර්ගයේ මහල් 3 කින් යුත් සුඛෝපභෝගී නිවසක මොවුන් පදිංචිවී සිටි අතර ඔවුන් අල්ලා ගැනීම සඳහා පොලිසිය යන විට, මින් අයකුගේ බිරිඳක් සහ දරු දෙදෙනා ද මරාගෙන මැරෙන බෝම්බ පුපුරුවාගෙන පොලිසියේ තිදෙනකු ඝාතනය කළහ. ත්‍රස්තවාදියෙකු තම ජාතික ලැයිස්තුවට ඇතුල්වීම පිළිබඳව සොයනවා වෙනුවට, අනුරට අවශ්‍ය වූයේ, වෛද්‍යවරයා
ගැන හෙළිකරන ලද ‘දිවයින’ට මාංචු කුට්ටම දමා ගැනීමය. පරණ ඇරියස් එකක් කවර් කර ගන්නට ගොස් අනුර හත්පොලේ ගාගන්නේ, එදින සවසම කුරුණෑගල ශික්ෂණ රෝහලේ අධ්යක්ෂ හමුවේ, වෛද්‍ය සාෆි විසින් කරන ලද හෙළිදරව්ව නිසාය. තමන් සිසේරියන් සැත්කම් අට දහසක් සිදුකර ඇති බව කුරුණෑගල මහ රෝහලේ අධ්යක්ෂ ඉදිරියේ දී සාෆි පිළිගෙන තිබුණි.
සිසේරියන් අටදාහක් කළා... සාෆි පිළිගනී
දිවයින විසින් කරන ලද හෙළිදරව්ව සම්බන්ධයෙන් කුරුණෑගල මහ රෝහලේ අධ්‍යක්ෂගේ ප්‍රධානත්වයෙන් විශේෂ විමර්ශනයක් ආරම්භ කළ අතර, එහිදී වෛද්‍ය ෂාෆි ෂිහාබ්ඞීන්ගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම් හමුවේ, මේ බව ඔහු හෙළිකර තිබුණි.
කිසිදු වග විභාගයකින් තොරව දිවයින පුවත්පත මෙවැනි ප්රවෘත්ති පළ කරන ලදැයි ගරහන පිරිස් වටහා නොගත්තේ ඔවුන් විසින් අපගේ පුවත විවේචනය කරන ලද්දේ ද ඔවුන් අපට චෝදනා කරන පරිදි කිසිදු වග විභාගයකින් තොරව බවය. මෙම විවේචකයන් සියලූ දෙනා විසින් නගන ලද තර්කය වූයේ සිසේරියන් සැත්කම් අටදාහක් සිදුකරන්නේ කෙසේද යන්නය. දිවයින පුවත සත්‍ය කරමින්, වද වී ගොස් තිබූ විවේචකයන්ගේ මොළය මතු කර ගත්තේ වෛද්‍ය සාෆි විසින්මය. ඔහු විසින් 2015 අගෝස්තු මාසයේදී ලංකාදීපය සමග පවත්වන ලද සාකච්ඡුාවේදී මෙන්ම තමන්ට එරෙහිව පවත්වන ලද පරීක්ෂණයේදී ද ඒ බව පිළිගත්තේය. සිංහල ජාතිය සමග වෛර බැඳ ගත් සමහරු සාෆි විසින් සිසේරියන් සැත්කම් අටදාහක් තමන් විසින් සිදු කළ බව පිළිගනිද්දී, තවමත් කියා සිටින්නේ මේ කතාව බොරු බවය
සිසේරියන් කරන අතරේම වඳ සැත්කම්
සාෆි විසින් අටදාහේ කතාව පිළිගත් පසු සමහරු අපට චෝදනා කරන ලද්දේ සිසේරියන් සැත්කමක් කරන අතරේ වද සැත්කමක් කරන්නේ කෙසේද යන ප්රශ්නය අසමිනි. දරු ප්‍රසූතියක් සඳහා පිවිසෙන ශල්‍යාගාරයේ තවත් වෛද්‍යවරු, හෙදියන් සිටිනා හෙයින්, වෛද්‍ය සාෆි ඒ අයට හොරෙන් මෙවැනි වඳ සැත්කම් කරන්නේ කෙසේද යන්න සමහරු අපෙන් ඇසුවේ ඔලොක්කුවට මෙනි. දිවයිනේ මාධ්‍ය භාවිතය මේ දේශය වෙනුවනි. සත්‍ය නොවලහා කීම අපි අදහන්නේ තෙවලා දහමක් මෙනි. දේශපාලන බලය හෝ සමාජය කිතිය අනුව වෙනස්වීමේ හිතක් ‘දිවයින’ට නැත. අපගේ පුවත සනාථ කරමින් මුලින්ම මේ පිළිබඳව වෛද්‍ය විද්‍යාත්මක විවරණයක් සපයන ලද්දේ රජරට විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ මහාචාර්ය චන්න ජයසුමන විසිනි. ඊට අමතරව රටේ සිටිනා ප්‍රසව සහ නාරිවේද විශේෂඥ වෛද්‍යවරු කිහිප දෙනකු ඉතා පැහැදිලිව කියා සිටියේ, අවශ්‍ය අයෙකුට කාටත් හොරා, එවැනි මගඩියක් ඉතා පහසුවෙන් කළ හැකි බවය. දිවයින අසත්‍ය පතුරුවා හරින බව කියූ පිරිස, එම විද්‍යාත්මක විවරණයෙන් පෙරේතයා පොළොවේ ගැසුවා සේ ඇද වැටුණේය.
සාෆිගේ මගඩි කර්මය ඇස් පනා පිට මුලින්ම ඔප්පු කිරීම සඳහා ඉදිරිපත් වූයේ කුරුණෑගල ශික්ෂණ රෝහලේම හෙද නිලධාරිනියක් වන ආර්. ඒ. මධුමාලි රූපසිංහ මහත්මිය ය. ඇය විසින් රෝහල් පාලනාධිකාරිය වෙත මොහොමඞ් සාෆි වෛද්‍යවරයාට එරෙහිව පැමිණිල්ලක් ඉදිරිපත් කරමින් කියා සිටියේ, වෛද්‍ය ශාෆි යටතේ තමන් 2018 මාර්තු මස 06 වැනිදා සිසේරියන් සැත්කමක් සඳහා ලක්වූ බවය. එම සැත්කමකින් පසු මුත්‍රා පද්ධතියේ ඇති වූ වෙනස්කම්වලින් තමන් පීඩා විඳි බවත් ප්‍රසූතියෙන් වසරකට පසුවත් විවිධ ඖෂධ නික්ෂේපණ වශයෙන් ලබාගනිමින් ශාරීරිකව හා මානසිකවත් පීඩාවට පත්ව සිටින බවත් එම පැමිණිල්ලේ ඇය වැඩිදුරටත් සඳහන් කළාය. හෙද නිලධාරිනිය පැමිණිල්ලෙන් ඉල්ලා තිබුණේ, තවත් ගර්භනී මාතාවකට මේ තත්ත්වයට මුහුණ පෑමට සිදු නොවනු පිණිස මේ පිළිබඳ පරීක්ෂණයක් පවත්වන ලෙසය.
සාෆි අත්අඩංගුවට
එසේ ආරම්භ වූ ‘දිවයින’ හෙළිකළ ඇත්ත, සමාජය සිසාරා විශ්වාසයේ සුළ රැළි ජනිත කරමින් පැතිරී යන්නට විය. සාෆි වෙනුවෙන් තව කතා ගොතන්නට සමහරු තැත් කරද්දී, දිනපතාම කුරුණෑගල සහ දඹුල්ල රෝහල් සොයා එක් දරු මව්වරු පැමිණෙන්නට වූහ. සාෆිගෙන් සිසේරියන් සැත්කම් කර ගන්නා ලද එම මව්වරු සියලූ දෙනාටම, දෙවැනි දරුවා අහිමි වන්නේ ස්වභාවිකව ද යන්න ‘දිවයින’ට එරෙහිව කට අමෝරා ගත් පිරිස කිව යුතුය.
මේ අතර සිකුරාදා සන්ධ්‍යාවේදී වෛද්‍ය සාෆි පොලිස් අත්අඩංගුවට පත්වන්නේ, අයථා ලෙස වත්කම් ඉපැයීමේ චෝදනාව යටතේය. ඔහු වෙත කුරුණෑගල නගරයේ ගොඩනැගිලි පහක් පමණ අයත්ව තිබුණි. එසේම ඒ අවට ඉඩම් ද ඔහු මිලදී ගෙන තිබුණි. ඉපයූ ආකාරය හෙළිකළ නොහැකි රුපියල් බිලියන ගණනක දේපළක් ඔහු සතුව ඇතැයි පොලිසිය විසින් මෙතෙක් සිදුකළ විමර්ශනවලින් හෙළිවී තිබේ. සාෆිට අයත් කුරුණෑගල හා ඒ අවට ප්‍රදේශවල පිහිටි රුපියල් කෝටි ගණනක් වටිනා ඉඩම් 17 කට අයත් ඔප්පු පොලිසිය විසින් සොයා ගැනීමත් සමග සාෆි වෙනුවෙන් පෙනී සිටිමින් දිවයින වෙත වෛරය වපුරා හළ පිරිස නන්නත්තාර විය.
ඉපැයූ ආකාරය හෙළිකළ නොහැකි අසීමිත දේපළක් සන්තකයේ තිබීම සම්බන්ධයෙන් එල්ලවූ චෝදනාව මත වෛද්‍ය ෂාෆි ෂෙහාබ්දීන් මහතා කුරුණෑගල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබුණේ 24 වැනිදා, සිකුරාදා රාත්‍රියේදීය. එම සන්ධ්යාවේදීම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් දිවයින ඉරිදා සංග්‍රහයේ කර්තෘ අනුර සොලමන්ස්ට සහ හේමන්ත රන්දුණු දෙදෙනාට දැනුම් දෙනු ලබන්නේ, ප්‍රශ්න කිරීම සඳහා පසුදා සී.අයි.ඩි.ය වෙත පැමිණෙන ලෙසය. හේමන්ත රන්දුණු විසින් මුස්ලිම් අන්තවාදයේ රෙදි ගැලවූ සේම ඔහුගේ හෙළිදරව්ව නිසා තවත් පාර්ශ්වයක් රෙදි කඩාගෙන නටන්න පටන් ගැනීම සමාජයට පෙනෙන්නේ මේ අවස්ථාවේදීය. දිවයින පුවත්පතේ සාෆි පිළිබඳ පුවත පළවූ සැණින්, එය විශ්වාසදායි පුවතක් නොවන බව කියමින් කර්තෘ සංසදයේ සභාපති සිරි රණසිංහ මහතා වෙත දන්වා යැවූ සංවිධාන පහකින් යුත් මාධ්‍ය රැළ, දිවයිනේ මාධ්‍යවේදීන් රහස් පොලිසියෙන් ප්‍රශ්න කරන විට ඒ ගැන වචනයක් හෝ කතා නොකර තම එන්ජි ඕ වුවමනාව එය නොවන බව පෙන්වමින් පැත්තකට වී සිටියහ.
මෙම මාධ්‍ය සංවිධාන පහ වෙනුවෙන් අත්සන තබා තිබුණේ බාලාංශ ගණයේ මාධ්‍ය රැලක්ය. ඔවුන් කිසිවෙකු හරි හමන් මාධ්‍යවේදීන් නොව එන්ජී ඕ නරි හම් මාධ්‍ය සළුවෙන් වසා ගත් පිරිසකි. එහි මුස්ලිම් මාධ්‍ය සංවිධානයක් වෙනුවෙන් අත්සන් තබා සිටි අමින්, මුස්ලිම් පල්ලි ඇතුළෙන් කඩු මතුවන විට ඒ වෙනුවෙන් පෙනී සිටි අයෙකි. මෙවැනි වර්ගවාදී සහ එන්ජී ඕ බුරුත්තක් විසින් දිවයිනට අලගු තබන්නට පැමිණීම, මහා රැල්ලක් මුත්‍රා පහරකින් නවතා දමන්නට සැරසීමක් වැනි බව පැහැදිලිව පෙනුනි.
දිවයින රහස් පොලිසියට
පැය පහක් තිස්සේ ප්‍රශ්න කිරීමෙන් පසු දිවයිනේ මාධ්‍යවේදීහු රහස් පොලිසියෙන් පිටතට පැමිණියහ. එදින දහවල් වන විට සාෆි බේරා ගැනීම සඳහා මුස්ලිම් අන්තවාදීන් එක පෙළට ඉදිරිපත් විය. ජනාධිපතිවරයා විසින් බස්නාහිර පළාතේ ආණ්ඩුකාර ලෙස පත් කරන ලද අසාද් සාලි මාධ්‍ය හමුවකදී පවසන ලද්දේ, දොස්තර සාෆි කියන්නේ හිඟන්නෙක් නොවන බවත් ඔහුව අත්අඩංගුවට ගත් වයඹ පළාත භාර නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත් මහතා වහාම මාරු කළ යුතු බවත්ය. පල්ලිවල කඩු තිබෙන්නේ වත්ත ශුද්ධ කරන්නට යැයි පැවසූ, මුස්ලිම් ආගමික අමාත්‍ය හලීම් පවසා සිටියේ හැකි ඉක්මනින් සාෆි නිදහස් කළ යුතු බවය. මේ ප්‍රකාශ දෙකම ආණ්ඩුව විසින් සිංහල ජාතියට එරෙහිව වර්ග සංහාරයක් කළා යැයි චෝදනා ලැබ සිටින සාෆි බේරා ගැනීම සඳහා කරන ලද සටන්ය. කොහොමටත් මෙවැනි තැනකදී වැරදි පොටෙන්ම අල්ලා ගන්නා, සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මෙවර ද වල්ගය විකාගෙන දඟලන්නට විය. ඔහුගේ අණ කිරීම යටතේ මුලින්ම නීතිය ක්‍රියාත්මක වන්නේ මෙතරම් පැහැදිලි චෝදනා ඇති සාෆිට නොව ‘සාෆි සිද්ධිය’ සම්බන්ධයෙන් මාධ්‍ය හමුවක් පවත්වන ලද කුරුණෑගල ශික්ෂණ රෝහලේ අධ්යක්ෂ වෛද්‍ය සරත් වීරබණ්ඩාර මහතා වෙතය.
සාෆිට ලැබුණු රාජිතගේ කරුණාව
ඇමැතිවරයාගේ යටි වුවමනාව වූයේ සාෆි පිළිබඳ ස්වාධීන පරීක්ෂණයක් සිදු කරන වෛද්‍ය වීරබණ්ඩාර ඉවත් කර තමන්ගේ බළල් අතක් ඒ සඳහා යෙදවීම විය හැකිය. සෞඛ්‍ය ඇමැතිවරයාට කොහොමටත් සුළු ජනවර්ග අන්තවාදී අරිෂ්ඨයට ඉතා රුචිය. ඔහුට හලා හල වස වන්නේ සිංහල බෞද්ධකමය. තමන් සංවිධායකත්වය දරන, මුස්ලිම් ජනතාව වසෛන බේරුවල ප්‍රාදේශීය සභාව හෝ දිනා ගත නොහැකි වුවත්, අන්තවාදී කඳවුරට ඉතා පෙම් කරන රාජිත ඇමැතිවරයා විසින් සාෆි බේරාගැනීම සඳහා මෙහෙයුමක් අමාත්‍යාංශයෙන්ම ආරම්භ කරන ලද්දේ, තමන් තෝරා ගත් හෙන්චයි කමිටුවක් වෙත ‘සාෆි කේස් එක’ භාර දීමෙනි. කොන්ද පණ තිබූ කුරුණෑගල වෛද්‍යවරු ප්රමුඛ රෝහල් සේවක ප්‍රජාව එම කමිටුව හමුවේ සාක්ෂි නොදෙන බව පැවසීමත් සමග එම කමිටුව ද හෙන ගැසූ පොල් කඳක් බවට පත් විය.
ඇමැති රාජිතගේ නොසන්ඩාල හැසිරීම පිළිබඳව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මාධ්‍ය හමුවක් පවත්වමින් කියා සිටියේ, කාන්තාවන්ට ව`ද සැත්කම් කළ බවට චෝදනා එල්ලවී ඇති වෛද්‍ය ෂාෆි ෂෙහාබ්දීන් මහතාට එරෙහිව පවත්වන සියලූ පරීක්ෂණ වහා නතර කරන ලෙස සෞඛ්‍ය ඇමැති රාජිත සේනාරත්න මහතා කුරුණෑගල මහ රෝහලේ අධ්යක්ෂවරයාට දැඩි බලපෑම් එල්ල කර ඇති බවය.
රාජිත අත්අඩංගුවට ගන්න...
අදාළ පරීක්ෂණ නතර කරන ලෙසට කරන බලපෑම් සම්බන්ධයෙන් රාජිත සේනාරත්න ඇමැතිවරයා වහා අත්අඩංගුවට ගන්නා ලෙස ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගෙන් ලිඛිතව ඉල්ලා සිටින බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලූත්ගේ මහතා එම ප්රවෘත්ති සාකච්ඡුාවේදී පැවැසුවේය. ඇමැතිවරයා සිදුකළ බලපෑම් සම්බන්ධයෙන් රෝහල් අධ්යක්ෂ එම අවස්ථාවේදීම රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ කුරුණෑගල ශාඛා සමිතියට පැමිණිලි කර ඇති බවත්, අනතුරුව එම සමිතිය විසින් ඒ බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට පැමිණිලි කළ බව වෛද්‍ය හරිත අලූත්ගේ මහතා එහිදී පවසා සිටියේය. රටේ සෑම කෙනකුටම ක්‍රියාත්මක විය යුත්තේ එක නීතියක් බව මෙහිදී පවසන ලද වෛද්‍ය හරිත අලූත්ගේ මහතා, වෛද්‍යවරයෙක් වරදක් කර ඇත්නම් ඔහු සිංහල ද මුස්ලිම් ද කියා නොසලකා ද`ඩුවම් කළ යුතු බවද එහිදී අවධාරණය කර සිටියේය.
මවුවරුන් හාරදහසක් නොව එක් මවක හෝ අනවසරයෙන් ව`ද සැත්කමකට ලක් කළ නොහැකි බව කී වෛද්‍ය අලූත්ගේ මහතා, ඒ ස`දහා අපක්ෂපාතී පරීක්ෂණයක් සිදු කළ යුතු බවද පැවසීය.
කුරුණෑගල ජනතාව පාරට
ඇමැති රාජිතගේ ප්‍රකාශයට විරෝධය පළ කරමින් ඊට පසුදාම සියයකට අධික මහා සංඝරත්නය සහ දහසකට අධික ජනතාව කුරුණෑගල නගර මධ්‍යයයේ විරෝධය පළ කරන්නට විය. කුරුණෑගල නගරයේ සිංහල වෙළෙඳසල් වසා දමා එම පිරිස් ද මෙම විරෝධතාව සඳහා එක්ව සිටියහ. ”දේශපාලකයන් නීතිය අතට ගන්න එපා. නීතියට අත දාන්නත් එපා. එහෙම කරන හැම මිනිහෙක්ම ජාති ද්‍රෝහීන් හැටියට සලකනවා. මේ ජාති ද්‍රෝහීන්ට එරෙහිව තමයි අපි සංඝයා වහන්සේලා මහ පාරට බැහැලා මේ පණිවිඩය දෙන්නේ” යැයි එහිදී මහා සංඝරත්නය පවසා සිටියහ. මෙසේ රට පුරා විරෝධතා ඇති වෙමින් දිවයින පුවත වෙනුවෙන් ජනතාව පෙළ ගැසී සිටියේ දිවයිනට එරෙහිව ගල් ගැසූ පිරිසට පෙරළා විරෝධය දක්වමිනි.
වෛද්‍ය ෂාෆි ෂෙහාබ්දීන් විසින් සිදුකළ සිසේරියන් සැත්කම්වලින් පසු දරුඵල අහිමි වූ බව කියන මවුවරුන් 381 දෙනකු බ්‍රහස්පතින්දා වන විට කුරුණෑගල සහ දඹුල්ල රෝහල්වලට පැමිණිලි කර තිබිණි. බ්‍රහ්සපතින්දා දිනයේ පමණක් කුරුණෑගල ශික්ෂණ රෝහල වෙත පැමිණිලි 98 ක්ද, දඹුල්ල රෝහල වෙත පැමිණිලි ගණනාවක් ලැබුණු බව රෝහල් ආරංචි මාර්ග කියා සිටියේය.
මෙතරම් ඇත්ත ප්‍රචලිතව තිබියදී එය දැකීමේ නොහැකියාවෙන් පෙළුණු සමහරු, මේ සදහා ඉඩම් ගනුදෙනුවක් පටලවා සාෆි , බේරාගැනීමට අලූත් කතාවක් ගෙතුවේය. සාෆි සමග ඉඩමක් මිලදී ගැනීමේ තරගයක යෙදී සිටි ව්‍යාපාරිකයෙක් සාෆිට එරෙහිව මෙම චෝදනා එල්ල කළ බව ඉන් කියැවිණි. එම ව්‍යාපාරිකයාගේ මැදිහත්වීම මත සාෆි පොලිසිය විසින් අත්අඩංගුවට ගත් බවට ද අවලාද නැගුණි. සත්‍යය එවැනි කතා ගෙතීම් වලින් වැසිය නොහැක. සාෆි විසින් සිංහල ජාතියට එරෙහිව සිදු කරන ලද සංහාරක චෝදනාව සදහා මෙවැනි අවලා දා නගා, ,අලගු තැබිය නොහැකිය.
දිවයින කියූ ඇත්ත ජනතාවගේ ඇස් මානයේ දැන් දිස්වෙමින් පවතී. සාෆි දැන් සිටින්නේ රහස් පොලිසිය භාරයේය. තවමත් සමහරු බලා සිටින්නේ සාෆිට ජයග්‍රහණය ලබාදී ‘දිවයින’ට බාල්දිය පෙරළන්නේ කෙසේදැයි කියාය. ඒ සියලූ දෙනාට කිව යුත්තේ අපි ගමන දැන යන, රටට ආදරය කරන දිවයින කියා පමණය.