අමතක කලාට මම නුඹව , අමතක වෙලා නැහැ මට තවම

^Chamith^BE_ONE

Active member
  • Aug 27, 2014
    348
    64
    28
    අදාල නෑනේ
    අමතක කලාට මම නුඹව , අමතක වෙලා නැහැ මට තවම

    අමතක කලාට මම නුඹව , අමතක වෙලා නැහැ මට තවම



    සහසකුත් කල්පනා මැද,
    දහසකුත් සිතිවිලි වලින් තෙරපී,

    තෙහෙට්ටුවෙන් අකර්මන්‍ය වු,
    මගේ ඔත්පල සිත,

    තවමත් සොයන්නේ ඔබේ රුවයි....
    අමතක කළා යැයි,

    පාරම් බෑවාට,
    තුන්හිතින් එළවලා ගොඩක් කල් කීවාට,
    විටින් විට එබී එබී ,
    සිතට දුක් ගිනි දිදී,

    ආත්මෙට වධ දිදී,
    මගේ ජීවිතේ එක්ක,

    සෙල්ලම් කරන්නට තරම්,

    ඇයි ද මතකය නපුරු ඔබගේ....



    ඔහුගේ දෑතේ වෙලී,

    පෙම් බසින් උදම් වී,
    ඔබ තුටින් ඉන්නා බව දැන දැනත්,
    දෑස් පියවෙන හැම මොහොතකම,
    මගේ තුරුලට අරං,
    හුරතල් කතා කිය කියා,

    සෙනෙහසින් වැළඳගෙන,
    ආදරෙන් සිපගන්න,

    මගේ සිත දඟලන්නේ,
    ඇයි කියලා කියනවද?


    ජීවිතේ එතනමයි! ඔයා නැති අඩුව විතරයි! අනිත් හැමදේම එහෙමමයි!

    අමතක කලාට මම නුඹව , අමතක වෙලා නැහැ මට තවම!​