අමතක නැති වේදනා බර මතක.........................

Yudewwa

Well-known member
  • Oct 8, 2023
    3,434
    4,874
    113
    Link to Facebook Post

    මම උපුටා ගත්තෙ Saman Dissanayake මහත්මයාගෙ ෆේස්බුක් පිටුවෙනි.

    අමතක නැති වේදනා බර මතක.........................
    ආසන්න දින කීපයක දී මොණරාගල බිබිල නෙල්ලියද්ද විද්යාලයේ නිවාසාන්තර ක්‍රීඩා තරග පැවතුණි. අම්පාර - බිබිල මාර්ගයේ අම්පාර දිස්ත්‍රික් සීමවට ආසන්න වූ මේ ගම බොහෝ දුප්පත් අසරණ මිනිසුන් වාසය කල ගමකි.

    ඒ 1999.02.22 දින සවස් යාමයි. නිවාසාන්තර ක්‍රීඩා තරග නිසා ගමේ මෙන්ම අවට ගම් වල සිටි මේ පාසලේ දරැවන් මෙන්ම ඔවුනගේ වැඩිහිටියන්ද සිටියේ සතුටිනි. නිවාසාන්තර තරගයේ රස මුසු තැන් ගැන කතා කල ඔවූහු නින්දට වැටුනේ යලි නොඑන ගමන එන සිතකින් නොවේ.........................
    එහෙත් හවස 4-5 වෙන විට නෙල්ලියද්ද අසල කරමැටිය නම් ගමට කඩා පිනූ ප්‍රභාකරන්ගේ උමතු ත්‍රස්තයෝ ගම කැති ගා දැමුවේ උන්ගේ උමතු ඊලාම් රාජයයේ පාදඩ විමුක්තිය උදෙසාය. කුඩා දරැවන් ඇතුලු 12 දෙනෙකු මෙම ප්‍රහාරයෙන් ඝාතනයට ලක් වූ අතර තවත් විශාල පිරිසක් තුවාල ලබා දිවි බේරා ගත්හ.

    අලුයම ලද දුරකථන ඇමතුමක් සමග දමන සිට තවත් මාධ්‍ය මිතුරෙක් සමග යතුරැ පැදියෙන් එහි ගියෙමූ......... මුලු ගමේම විලාප හඩකි. කුඩා දරැවෙකු වෙනුවෙන් හඩා වැලපෙන් පියෙකුගේ දසුන අපටද ඉවසා ගත නොහැකි තරම් විය..............................................

    එදිනම සවස් භාගයේ මෘත දේහ නෙල්ලියද්ද විද්යාලයේ ශාලාවක තැන්පත් කර අවසන් කටයුතු සදහා සූදානම් කෙරින.....
    එවක ජවිපෙ මන්ත්‍රි වරයෙකු වූ අද ජානිපෙ මන්ත්‍රීවරයෙකු වූ එදත් අදත් මාගේ හිතවතකු වෙන මොණරාගල මන්ත්‍රී පද්ම උදය ශාන්ත ගුණසේකර එවක ජවිපෙ මන්ත්‍රී සමන්ත විද්යාරත්න එවක මැති ඇමති වරැන් වූ විජිත මුණි සොයිසා ජගත් පුෂ්ප කුමාර යන මහත්වරැන් ඇතුලු විශාල ජනකායක් මේ දුක්බර මොහොතට එක විය........

    දේහයන් වල ලගට ගෙන යද්දි නෙල්ලියද්ද විදුහලේ නිවාසාන්තර පිටියේ වූ නිවාසයක් ද පසු කරද්දි සැමගේ සිත්වලට ඉමහත් වේදනාවක් ගෙන දුන් බව නම් සැබෑය. .........JCB යන්ත්‍රයකින් කැපුණු සුවිසල් වලක දේහයන් තැන්පත් කර වසා දැමුනේ සැමගේ සෝ සුසුම් මධ්‍යෙය්ය. ........සැදැ හිරැ රැස් අවර ගිරට යද්දි ප්‍රභාකරන් නම් වූ උමතු ත්‍රස්ත වාදියාගේ කඩුපතින් මිය ගිය ඔවුනට නිවන් සුව පතමින් අප ආපසු පැමිණියෙමු...................................


    එවන් යුගයක් පසු කර ලබා ගත් සාමය සහිත වූ රටක් අද වැනසෙන අයුරැ දකිද්දි රණ විරැවන් සහ ඔවුන් දිවි පිදුවේ කුමකටදැයි සිතේ................

    34307606_1691890560846029_6093887611758182400_n.jpg
    34160277_1691890547512697_3058991758227537920_n.jpg
    34035379_1691890527512699_7116288972954796032_n.jpg
    34089294_1691890650846020_3479330827278483456_n.jpg
    34087894_1691890717512680_547429139909443584_n.jpg
    34118608_1691890784179340_6546375636301119488_n.jpg
    34050239_1691890820846003_7954569814930882560_n.jpg
    34038800_1691890920845993_8332784897009647616_n.jpg
    34066351_1691890960845989_7407931490169782272_n.jpg
    34199900_1691890994179319_8442126646877618176_n.jpg
    34181921_1691891127512639_5880995390089592832_n.jpg
    34177457_1691891157512636_8298340453296635904_n.jpg
    34107642_1691891177512634_4959746341279367168_n.jpg
     
    Last edited:

    nidarsha91

    Well-known member
  • 2009 කියලා ශුවර්ද? මට මෙහෙම සිද්දියක් මතක නෑනේ. ඒ කාලෙ වෙද්දි නැගෙනහිර පළතෙනුත් කොටි තුරන් කරලනෙ හිටියෙ
    2009 මැදදි නේද යුද්දෙ ඉවර වුනේ මචන්
     

    maticat

    Well-known member
  • Jul 24, 2010
    1,766
    1,423
    113
    Mr. යි එයාගෙ ගෝලයොයි එහෙම නෑ, එයාලා හොඳ අය මේ ළමයි වෙන මොනව හරි වෙලා මැරිල ඇත්තෙ
     

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,879
    113
    Fantasy
    2009 මැදදි නේද යුද්දෙ ඉවර වුනේ මචන්
    ඔව් එ උනාට 2009 වෙද්දි නැගෙනහිර සම්පූර්නයෙන් මුදාගෙන ඉවර වෙලානෙ තිබ්බේ. එතකොට මේකෙ කියන ප්‍රදේශවල මෙහෙම සිද්දියක් වෙන්ඩ විදිහක් නෑ. මොනරාගල සයිඩ් එකේ Ctb බස් එකකට නම් ක්ලෙමො එකක් ගැහුවා උදේක.

    1999 ලු වෙලා තියෙන්නේ මේක.
     
    • Like
    Reactions: nidarsha91

    nidarsha91

    Well-known member
  • ඔව් එ උනාට 2009 වෙද්දි නැගෙනහිර සම්පූර්නයෙන් මුදාගෙන ඉවර වෙලානෙ තිබ්බේ. එතකොට මේකෙ කියන ප්‍රදේශවල මෙහෙම සිද්දියක් වෙන්ඩ විදිහක් නෑ. මොනරාගල සයිඩ් එකේ Ctb බස් එකකට නම් ක්ලෙමො එකක් ගැහුවා උදේක.

    1999 ලු වෙලා තියෙන්නේ මේක.
    උඹේ මතකෙයි ලොජිකල් තින්කින් එකයි හරි මචන්
     
    • Like
    Reactions: windows_ubuntu

    Peace for All

    Well-known member
  • Mar 10, 2024
    2,922
    2,048
    113
    Murders are murders, regardless of who committed them

    Most young combatants from both sides, in the ended war, may not have been born, when things flared up between the two, due to political movements such as the Sinhala Only Act, just after the British occupation ended

    While respecting OP's right for freedom of expression, my belief is posting balanced articles, explaining the actions from both sides and what we can do as a community to help, is more helpful for those EK users, who were born after the war ended, in 2009

    I remember US Secretary of State Hillary Clinton, urging political reconciliation after the war ended and the UN Human Rights Council passing a resolution, against SL for the first time, subsequently

    SL only exports a tiny bit to the rest of the World, unlike countries such as India and China and still recovering from economic collapse

    The war costed huge for everyone, from safety to the economy, so we cannot continue to turn a blind eye, towards the concerns of the minorities - if you happen to live, overseas, you could understand the feeling of being the minority, yourself