අමතර වියදමකින් තොරව Air Filter මාරු කරගමු.
ඔබේ කාර් එකේ තියන වැදගත්, කලින් කලට මාරු කලයුතු උපාංගයක් තමයි එයාර් ෆිල්ටර් (Air filter) එක. මේක සාමයෙන් රු .1000/= වගේ සිට ඔබේ වාහයන අනුව රු. 2500 / 3000 වගේ හෝ ඊට වැඩි මුදලක්මුදලක් වෙන්න පුලුවන්. මේක අපි සර්විස් එකේදි මාරු කලොත් එකට තවත් වැඩි මුදලක් එකතු වෙනවා. මෙය ඉතාමත්ම සරල, කිසිම බේදයකින් තොරව ඕන කෙනෙකුට කරන්න පුලුවන් දෙයක්.ඒ නිසා එයාර් ෆිල්ටර් එක ගෙදරදිම මාරු කරන ආකාරය සහ එය කලයුතු කාල පරාසය ගැන අවබෝධයක් අපි ලබා ගමු.
එයාර් ෆිල්ටර් වර්ග කීපයක් තිබුනත් එදිනෙදා අපිට බහුලව මුණගැසෙන ෆිල්ටර් එක හදල තියෙන්නෙ විශේෂයෙන් සකස් කල කඩදාසි නැතිනම් කාඩ්බෝඩ් වැනි ද්‍රව්‍යකින්. මෙහි එක පසෙක බොහෝ විට රැලි ස්වාභාවයෙන් පවතින අතර අනෙක් පස සමතුලිත්ව නැතිනම් කුඩා රැලි සහිතව දකින්න පුලුවන්.මෙය සම්බන්ධ වී තිබේන්නෙ එන්ජිමේ ත්‍රොටල් බොඩි (Throttle body) එහෙම නැතිනම් කාබියුරටර්යේ (Carburetor) මුලටයි. අලුත් වාහන්යක් නම් ත්‍රොටල් බොඩි එකේ ඉඳල එන්ජිමේ පිටත දිසාවට එන නලයක කෙලවර කලු පැහැති පෙට්ටියක ඇතුලෙ තමයි මේක තියෙන්නේ.
එයාර් ෆිල්ටර් එකේ කාර්යභාරය
සාමාන්‍ය වාතයේ අපේ ඇසට නොපෙනෙන දූවිලි අංශු තිබෙනවා. මෙම දූවිලි අපේ එන්ජිම ඇතුලට ගියොත් ත්‍රොටල් බොඩි එකේ ඉඳල තියෙන නොයෙකුත් සංවේදක (Sensors) වල ක්‍රියාකාරිත්වය, ස්පාර්ක් ප්ලග් (Spark plug) හෙවත් පුලිඟු පේනුව වගේ ඒවටහානි වෙලා ඉන්ධන වැඩිපුර දහනය, එන්ජිමේ බලය අඩුවීම වගේම නොයෙකුත් සෙන්සර් වලට හානි වෙන්න පුලුවන්.මේ නිසා එන්ජිම තුලට ගන්න වාතයේ ඇති දුහුවිලි රඳවාගෙන පිරිසිඳු කර ඇතුල් කිරීම තමයි එයාර් ෆිල්ටර් එකෙන් කරන්නෙ.
කාලයක් භාවිතා කරද්දි එයාර් ෆිල්ටර් එකේ දුහුවිලි තැන්පත් වීම නිසා එහි කාර්යක්ෂමතාවය අඩුවෙලා වාතය ඇතුල්වීම අවහිර වෙන්න පටන් ගන්නවා. මෙහෙම වෙන්න පටන් ගත්තම අපි ඉක්මනින් ෆිල්ටර් එක මාරු කරන්න ඕන. එත් කොහොමද අපි මේක් දැන ගන්නේ? ඇත්තටම එයාර් ෆිල්ටර් එක හොඳට පරික්ෂා කරල කරන්න ඕන දෙයක් මේක. දල වශයෙන් ඔබ්ගේ වාහනය ගමන් කරන වාර ගණන, පරිසරයේ අති දුහුවිලි ප්‍රමාණය අහුව තමයි මේක තීරණය කරන්න වෙන්නේ. උදාහරණයක් විදියට ඔයාල අධික දූවිලි සහිත කාපට් කරල නැති පාරවල් වල දිනපතා ගමන් කරනවනම්, නගරබදව කාපට් පාරක දුවන වාහනයට වඩා ඉක්මනින් ඔයාලගෙ එයාර් ෆිල්ටර් එක මාරු කරන්න වෙනවා. සමහර විට ඔබේ පරිසරයේ ස්වාභාවය අනුව නගර බද වාහනයක වාහන දුම් නිසා ඔබේ මොටර් රථයේෆිල්ටර් එක මීට ඉක්මනින් අවහිර වෙන්නත් පුලුවන්.දල වශයෙන ගත්තොත් 20,000Km සිට 35,000Km වගෙ පරාසයක් තමයි උපරිම කාලය විදියට සලකන්න පුලුවන්.මෙක ටිකක් පැහදිලි නැති නිසා අපි රූප සටහනකින් හොඳ තත්වයෙ තිබෙන සහ ඉවත් කල යුතු ආකාරයෙ ෆිල්ටර් සංසන්දනය කරල බලමු.
මෙම රූප සටහන් අනුව ඔබ්ට අදහසක් ගන්න පුලුවන් ඔබේ මොටර් රථයේ එයාර් ෆිල්ටර් එකේ තත්වය. මුලින් සඳහන් කල ආකරයට මෙය ඉතා සලර පියවරක්. එක්වරම ඔබට ෆිල්ටරයෙ තත්වය අවබෝධ කරගන්න අපහසු නම් ඊලඟ සර්විස් එකේදි එයාල කිව්වොත් ෆිල්ටර් එක මාරු කරන්න ඕන කියල කලින්ට වඩා අවබෝධයකින් තීරණයක් ගන්න අවෂ්‍ය දැනුම ලැබෙන්න ඇති.
ඉස්සුවේ මෙතැනින්
http://www.autoguide.lk/