ඉස්සර මිනිස්සු සොහොන් ලඟින් මහ රෑට පයින් යද්දි බයක් හිතුනොත් ඉතිපිසෝ ගාථාව කිය කිය තමයි ගිහින් තියෙන්නෙ. දැනුත් අපිට වැඩිහිටියො කියන්නෙ හිතට බයක් දැනුනොත් තෙරුවන් ගුණ සිහි කරන්න කියලා. අද ඉතින් මිනී පුච්චන්නෙ ගෑස් වලින්නෙ. ඒ නිසා සොහොන් ගැන මිනිස්සුන්ගෙ ලොකු බයක් නැහැ. නමුත් මලගිය ප්‍රාණකාරයෝ නම් එදා වගේම ඉන්නවා. අමනුස්සයො නම් එදා වගේම ඉන්නවා.
ඔයාලට දැනිලා ඇති ඉස්සර වගේ නෙමෙයි දැන් මොනව හරි පින් කමක් කරන්න හදද්දි නොසෑහෙන්න බාධා ඇති වෙනවා, හිතෙන් පස්සට අදිනවා, වටේ පිටේ මිනිස්සු දොස් කියනවා වගේ දේවල්. මේ මොන විදියෙන් හරි අන්තිමට කරන්නෙ පිනෙන් අපිව ඈත් කරන එක.
ඊළඟට නිවන් දකින්න නම් දස සංයෝජන බිඳින්න එපැයි. මේ සඳහා චතුරාර්ය සත්‍යාවබෝධය තියෙන්න ඕනා. සත්තිස් බෝධිපාක්ෂික ධර්ම අනුගමනය කරන්න ඕනා. දැන් අපිට මේවා ගැන වැඩි අවධානයක් යොමු කරන්න ලැබෙන්නෙ නැහැ. වෙන වෙන දේවල්වලට අපි යොමු වෙලා. බහුතරයක් දෙනා යොමු වෙන්නෙ නිවන පැත්තට නෙමෙයි, පත්තු වෙන පැත්තට. මේ දේවල් නිකන්ම වෙනවා නෙමෙයි, හේතු ඇතිවයි වෙන්නෙ.සරලවම ගත්තම බුද්ධ දේශනාවෙන් පිටට තමයි අපිව ස්වයංක්‍රීයව හිත අරන් යන්නෙ.
මේ වගේ දේවල් වෙන්න අමනුස්ස බලපෑමතු හේතුවෙනවා. විශේෂයෙන්ම මාරයාගේ බලපෑම. නිකමට හිතන්න දවසකට විනාඩි කීයක් බෞද්ධයෙක් විදියට ඔයා බුද්ධානුස්සතිය නැත්නම් ධම්මානුස්සතිය නැත්නම් සංඝානුස්සතිය වඩනවද කියලා? එහෙම කරගන්න බැරි වෙන්න විවිධ හේතු බලපාන අතරෙ එයින් එකක් තමයි අමනුස්ස හෝ මාරයාගේ බලපෑම.
ඉතින් කවුරුහරි කෙනෙක් කැමැති නම් මේ අමනුස්ස බලපෑම් වලින් මාර බලපෑමෙන් මිදෙන්න තොවිල් පවිල්ම කර කර ඉඳලා වැඩක් නැහැ. තමුන්ට සිද්ධ වෙනවා තමුන් වෙනුවෙන් දෙයක් කරගන්න.