අමනුෂ්‍ය ලෝකයේ බලපෑම්

Rakza28

Member
Dec 27, 2016
105
17
0
අමනුෂ්‍ය ලෝකයේ බලපෑම්

අමනුෂ්‍ය ලෝකයේ බලපෑම් :shocked::angry:
iToKzDV.jpg

භාවනාව සම්බන්ධයෙන් අසාමාන්‍ය හැකියාවන් තියෙන අය ඉන්නවා…
මට මතකයි, එක දවසක් මම මගේ සහෝදර ස්වාමීන් වහන්සේනමක් එක්ක භාවනා කරන්න ගියා. එදා හරි පුදුම වැඩක් වුණා. ඔන්න අපි දෙන්නා වාඩිවෙලා භාවනා කරගෙන ඉන්නවා. අපි හරී උත්සාහයක් ගන්නවා සමාධියක් ඇතිකර ගන්න. නමුත් දෙන්නට ම සමාධියක් නෑ. අපි සමාධියක් ඇතිකර ගන්න දවස් ගාණක් මහන්සි ගන්නවා. එක දවසක් හවස හතට විතර අපි දෙන්නා කුටියේ බිම වාඩිවෙලා කළුවරේ භාවනා කරනවා. එහෙම භාවනා කරන කොට දත්කූරු කනවා. මම හිතුවා ‘ඉතින් යකෙක් වැහිලා තමයි දැන් මේ තියෙන්නේ..’ කියලා. මමත් දැන් හොඳට ම බයවෙලා. දැන් ඉතින් මගේ භාවනාවත් ඉවරයි. මම දැන් හිතනවා ‘මම දැන් කතා කරනවා ද, නැද්ද..? මම දැන් මොකක්ද කරන්නේ..?’ දැන් උන්වහන්සේ විනාඩි දහයක් විතර දත්කූරු කනවා. ඊට පස්සේ ටිකක් වෙලා ඉන්නකොට මම ඉක්මනට ගිහිල්ලා ලයිට් එක දැම්මා. මම ‘‘මොකද.. මොකද..?” කියලා ඇහුවා. ‘‘හරි.. හරි..” කිව්වා. මං ඇහුවා ‘‘මොකක්ද..?” කියලා. ‘‘මං හිත එකඟ කළා..” කිව්වා. ‘‘ඉන්නකෝ බලන්න හරි ගියා ද කියලා..” උන්වහන්සේ ආයෙමත් වාඩිවෙලා මෙනෙහි කරනවා. ‘‘හරි.. හරි..” කිව්වා. දවස් දෙකෙන් හතරවෙනි ධ්‍යානයට ම ගියා. ඊට පස්සේ අරූප ධ්‍යානත් වැඩුවා. නමුත් අපි දෙන්නාගේ මාර්ගය ගැන පොඩි පොඩි ප‍්‍රශ්න ඇතිවුණා. එ් කියන්නේ උන්වහන්සේ මාර්ගය ගැන කතා කරද්දී මට එකඟ වෙන්න බැරි දේවල් කියන්න පටන් ගත්තා. එ් කියන්නේ සමහර විට ධර්මයේ තියෙන කාරණාවලට එකඟ වෙන්නේ නැති දේවල් කිව්වා. මං කිව්වා ‘‘එහෙම කරන්න එපා.. අපට වැරදුණත් බුදුරජාණන් වහන්සේගේ ධර්මයට වරදින්නේ නෑනේ.. එ් නිසා අපට වරදින දේ හරි කියලා හිතලා එ්ක ධර්මයේ නැත්නම් ඊට පස්සේ ධර්මයේ මේක නෑ.. නමුත් මේක හරි.. කියලා කිව්වොත් එ්ක අපේ දෘෂ්ටියක්.” කියලා. මේ විදිහට අපි දෙන්නාගේ අදහස්වල පුංචි පුංචි ගැටලූ සහගත තැන් ඇතිවුණා. නමුත් මම එ් කිව්වේ එයාට සමාධිය වඩන්න තිබුණු හැකියාව ගැනයි. එ් වගේ අසාමාන්‍ය හැකියා තියෙන අය ඉන්නවා.

හොඳට සමාධිය වඩන සමහර පොඩි දරුවන්ව මට මුණගැහිලා තියෙනවා. එ් වගේ ම හොඳට සමාධිය වඩන වයසක අම්මලා මුණගැහිලා තියෙනවා. එතකොට අපට පේනවා, මේ සමාධිය කියන එක පින් බලයක්. එ් කියන්නේ පිනකින් ලබාගන්න දෙයක්. මට මුණගැහිලා තියෙනවා සමහර වයසක අම්මලා. එ් අය කාලයක් මහන්සි අරන් විනාඩි දෙකෙන් තුනෙන් බොහෝම ධාර්මිකව බොහොම හොඳට චිත්ත සමාධිය පුරුදු කරනවා. අපට පැහැදිලිව ම කියන්න පුළුවන්, එබඳු අය මරණින් මත්තේ සුගතියේ යනවා ම යි. දුගතියක යන්නේ නෑ. අපට තියෙන ලොකු ම වාසිය එ්කනේ. අපි දන්නේ නෑනේ අපේ පින්බලය දුර්වල වුණොත් මරණාසන්න වෙනකොට භූතයෝ අපිව එහෙට මෙහෙට ඇදලා ගන්නවානේ. එතකොට ඔක්කොම ඉවරනේ.

දෙවිවරු හැමදාමත් ධර්මයට සම්බන්ධයි…

අපට හරි පැහැදිලියි, බුද්ධ ශාසනයත් එක්ක දෙවිවරුන්ගේ සම්බන්ධයක් තියෙනවා ම යි. බුදුරජාණන් වහන්සේ දෙවියන්ගේත්, මිනිසුන්ගේත් ශාස්තෘන් වහන්සේනේ. අපි ඉස්සර සැවැත් නුවර ගියාම පායන කාලය නිසා නව ජේතවනාරාමය කියන ලංකාරාම පන්සලේ බූරු ඇඳන් දාගෙන නිදාගන්නේ. සමහර දවස්වල අපි සැතපිලා කතා කරමින් ඉන්නකොට අපට පේනවා හරියට එළි සැවැත් නුවර ජේතවනාරාමයට යනවා. එ්වාට උල්කාපාත කියලා කියන්න බෑ. උල්කාපාත නම් ජේතවනාරාමයට විතරක් වැටෙන්නේ කොහොමද? හරියට එළි වැටෙනවා. සමහර දවස්වලට අපි දහය, පහළොව, විස්ස ගණන් කරනවා. මට එක නායක ස්වාමීන් වහන්සේනමක් කිව්වා දවසක් උන්වහන්සේ පාන්දර තුනට විතර එළියට වඩද්දි දැක්කලූ පැට‍්‍රල් ලාම්පු එළියක් වගේ ලොකු එළියක් ගන්ධ කුටියේ ඉස්සරහා තියෙනවා. ඊට පස්සේ ටිකක් වෙලා යනකොට එ් එළිය උඩට ගියා කිව්වා. එ් වගේ එකක් මමත් ලංකාවේ දී දැක්කා. මට ධර්මය උගන්වපු උතුම් ස්වාමීන් වහන්සේනමක් වැඩසිටියා වලානේ අමතගවේසී කියලා. දවසක් උන්වහන්සේයි, මමයි පාන්දර ථූපාරාමයට යද්දී අපට වඩා මීටර් දෙකක් වගේ ඉහළින් එළියක් ගියා. එතකොට අමතගවේසී ස්වාමීන් වහන්සේ කිව්වා ‘‘ආන්න ඤාණානන්ද එළියක්..” කියලා. ඊට පස්සේ එ්ක ටිකක් දුරක් ගිහිල්ලා නැතුව ගියා. එතකොට අපට පැහැදිලිව පේනවා, මේ ධර්මයට දෙවිවරු හරිම සම්බන්ධයි.

එ් වගේ ම ධර්මයේ හැසිරෙන පිරිසත් එක්ක දෙවිවරු ගොඩක් සම්බන්ධයි. එ් වගේ ම තිසරණයේ පිහිටලා හොඳට සීලාදී ගුණ රැුකගෙන වාසය කළොත් එයාව ආරක්ෂා කරනවා කියලා දෙවිවරු පොරොන්දු වෙලා ඉන්නවානේ. එ් විදිහට දෙවිවරුන්ගේ ගොඩක් සම්බන්ධකම් තියෙනවා. ඊ ළඟට ඔය එළි ගැන කතාකළොත් අපට එ් සියලූ ම එළි දේවතා එළි කියලා කියන්න බෑ. මොකද, අපි දැකලා තියෙනවා, වෙනත් ආගම්වල අයගේ දේවස්ථානවලත් යම් යම් ආකාරයට ඔය වගේ එළි පෙනිලා තියෙනවා.

අපේ බුද්ධගයාවේ අසපුව තියෙන්නේ නේරංජරා ගඟ අයිනේ. මම ඉස්සර වෙලාම අසපුව හදන්න ඉඩමක් බලන්න ගියා. යනකොට ලස්සන අඹ ගස් දෙකක් තියෙනවා. මට මේ අඹ ගස් දෙකට හිත ගියා. මං එ් එක අඹ ගහකට අත තියලා කිව්වා ‘‘මේකේ දෙවිවරු ඉන්නවා නම් මට මේ භූමිය ගන්න උදව් කරන්න” කියලා. ඉතින් ඉන්දියාව වගේ තැනක අපට එ් වගේ දෙයක් කරන්න හරි අමාරුයිනේ. නමුත් නන්නාඳුනන රටක අපි කොහොම හරි එ් ඉඩම අරගෙන අපේ ගොඩනැගිලිත් හැදුවා. දවසක් අපි මේ අඹ ගස්දෙක ෆොටෝ ගත්තා. ගන්න කොට එක අඹගහකින් එළියක් ආවා. එ් අඹ ගහේ ඉන්නේ දෙවඟනක්. නළලින් පල්ලෙහාට තැල්ලක් ඇවිල්ලා කරාඹු දෙකක් දාලා හිනාවෙලා ඉන්නවා. මේ ඔක්කොම ෆොටෝ එක ලොකු කළාම පේනවා.

සමහර අවස්ථාවල අපි සොහොනකට ගියාම මිනී පුච්චන තැනට ගිහිල්ලා එතැන ඡුායාරූප ගත්තා. හැමතැනම එළි. එ්වායින් අපි තේරුම් ගත්තා මේවාට දේවතාඑළි කියන විග‍්‍රහය ගත්තොත් එ්ක සාර්ථක විග‍්‍රහයක් නෙවෙයි. මොකද, භූතයන්ගෙත් එ්වා පේනවා. එ් නිසා මේක දෙවිවරුන්ටම විතරක් තියෙන එකක් නෙවෙයි. මොකද, සොහොනකට ගිහිල්ලා මිනී පුච්චන තැනක ෆොටෝ එක්ක ගත්තාමත් එතැන දහස් ගාණක් එළි තියෙනවා. ඉතින් එ් නිසා අපට එ් එළි පිළිබඳව මේ දෙවිවරුමයි කියලා එකපාරට විග‍්‍රහයක් කරන්න බෑ. හැබැයි, එ් එළි පිළිබඳව යම්කිසි විග‍්‍රහයක් කරන්න පුළුවන්. එ් සමහර එළි හරි දීප්තිමත්. අන්න එතකොට අපට හිතාගන්න පුළුවන් මේක නම් විශේෂ ආලෝකයක් කියලා.

රුවන්වැලි සෑයේ අපේ පින්කමේ දී එවැනි විශාල ආලෝකයක් තිබුණා. සෝමාවතියේ පින්කමේදිත් එහෙමයිි. සෝමාවතියේ අපේ ඇස් ඉදිරිපිට බුදුරැුස් පවා විහිදෙනවානේ. ඉතින් එ් නිසා මේ වගේ එකක් ලෝකයේ තියෙනවා කොටින් ම අපි යහපත් දෙයක් කරනවා නම්, හොඳ දෙයක් කරනවා නම් එහෙම දෙයක් තියෙනවා. මං හිතන්නේ එ් දේවල් මේ ලෝකයේ සත්පුරුෂයන්ගේ ක‍්‍රියාවට තියෙන එකක් කියලයි.

අද අමනුෂ්‍ය ග‍්‍රහණය බලවත්…

සමහර අය අවසාන මොහොතේ නිකන් තෝන්තුවෙන් වගේ කියනවා ‘‘අන්න අසවලා ආවා.. අන්න පුංචි අම්මා ආවා… මට අඬගහනවා..” කියලා. මේ වගේ දොඩවනවා. එතකොට ගෙදර අය මේක විහිළුවට ගන්න හොඳ නෑ. එ් වෙලාවට එයාගේ ඔළුවට අත තියලා කියන්න ඕන ‘‘එහෙම නම් අම්මාව බුදුරජාණන් වහන්සේට භාරයි, ධර්මරත්නයට භාරයි, සංඝරත්නයට භාරයි. ගෞතම ශාසනය කෙරෙහි සිත් පහන් වූ සම්‍යක් දෘෂ්ටික දෙවියන්ගේ ආරක්ෂාව අම්මාට ලැබේවා..!” කියලා. එතකොට අර විදිහට යම් බලපෑමක් තියෙනවා නම් එ් බලපෑම බයවෙනවා, එයාව දැක්කා කියලා. මොකද, එ්ගොල්ලෝ ගොඩාක් ළංවෙන්නේ එ් අයව අපට පේන්නේ නෑ කියලා හිතලයි. කවුරු හරි කෙනෙක් එකපාරට කිව්වොත් ‘‘එහෙම කරන්න එපා..” කියලා එතකොට එ් අය හිතනවා අපිව දැක්කා කියලා. එතකොට එ්ගොල්ලෝ මග හරිනවා. එ් වගේ දේවල් හරි පුදුම විදිහට තියෙනවා. සමහර අමනුෂ්‍යයෝ මිනිස්සු කන බොන දේවල්වල රසය උරා ගන්නවා. තවත් සමහර අමනුෂ්‍යයෝ මිනිස්සුන්ගේ ඇඟවලට රිංගලා ඇඟවල්වල ඉඳලා ජීවත් වෙනවා.
එ්කෙන් අපට එකක් තේරුම් ගන්න පුළුවන්. එ් තමයි මේ සියල්ල අනාත්මයි කියලා. එ් කියන්නේ මේ අපේ ශරීරයේ යම්කිසි ශක්ති සම්පන්නභාවයක් තිබුණා නම් එහෙම වෙන්නේ නෑනේ. එච්චර ඕන නෑ, එක්ස් රේ එකකට පුළුවන්නේ මේ ශරීරය හරහා යන්න. එ් වගේ මේ ශරීර හරහා යන්න භූතයන්ට පුළුවන්. හැබැයි, අපේ පින් බලයෙන් තමයි අපි ආරක්ෂා වෙන්නේ.

බුද්ධ දේශනාවේ තියෙනවා අපට ශරීර තුනක් තියෙනවා කියලා. එකක් මේ භෞතික ශරීරය. අනිත් එක මානසික ශරීරය. අනිත් එක සඤ්ඤාමය ශරීරය. සමහර අයගේ කර්මානුරූපව මානසික ශරීරයේ සිදුරු තියෙනවා. භූතයන්ට ගොඩක් වෙලාවට පේන්නේ මේ භෞතික ශරීරය නෙවෙයි, මානසික ශරීරයයි. එ්කයි ගොඩක් භූතයෝ බණ භාවනා කරන අයට කරදර කරන්නේ. මොකද, බණ භාවනා කරන කොට එයා මනස එකඟ කරනවානේ. එ් විදිහට එකඟ කරන කොට එයාට තමන්ගේ බලය පවත්වන්න බැරුව යනවා. එතකොට භූතයා කරදර කරනවා.

අපි ගත්තොත් එයාගේ ඤාති දරුවෙක් පාරේ යනවා කියමු. යනකොට මේ භුතයා එකපාරට හඳුනාගන්නවා ‘මේ ඤාතියා..’ කියලා. හඳුනාගෙන එයා පස්සෙන් යනවා. එයාගේ මානසික ශරීරයේ සිදුරක් තියෙනවා නම් එතැනින් ඇඟට රිංගනවා. එ් සිදුර හැදෙන්නේ කර්මානුරූපව. සමහරු භූතදෝෂවලින් දුක් විඳිනවා, සමහරු එහෙම භූතදෝෂවලින් දුක් විඳින්නේ නෑ. එ් කියන්නේ සමහරුන්ට එහෙම දෙයක් නෑ. එ් නිසා සමහරු එ්ක විශ්වාස කරන්නේ නෑ. ‘කොවුර්’ වගේ මහත්මයෙක් එ්ක විශ්වාස කළේ ම නෑ. එතුමා භූතයෝ වැහුණු තැන්වලට යනකොට භූතයා යනවා. එයාත් එක්ක කතා කරන කොට භූතයෙක් නෑ. එ් නිසා එතුමා කියනවා ”මේක රෝගයක් මිසක් එහෙම එක්ක නෙවෙයි..” කියලා.
නමුත් අපට හරි පැහැදිලියි, සමහර විට වෛද්‍යවරු ම බෙහෙත් කරලා කරලා කියනවා ”අපට මේ රෝගය හොයාගන්න බෑ, වෙන ක‍්‍රමයකින්වත් ඕක සනීප කරන්න පුළුවන් ද කියලා බලන්න” කියලා. සමහර විට බෝධිපූජා තියලා පිරිත් කියලා බණ භාවනා කරනකොට අර රෝගය සනීප වෙනවා. එ් මොකද, භූත කරදරයක් නිසා නම් එයා රෝගීවුණේ එ් භූත කරදරේ අයින් වුණා ද එයා නිකන්ම සනීප වෙනවා. එ් වගේ ම මිනිස්සුන්ට අනවින කොඩිවින බන්ධන හදි හූනියම් ආදි දේවල් කරනවානේ. එහෙම එකක් ලෝකයේ තියෙනවානේ. මේක හරිම පාපයක්. විශාල පාපයක්. එ් කියන්නේ එ් අමනුෂ්‍යයන්ව නොමඟ යවලා අමනුෂ්‍යයන් ලවා කරවන වැඩ. බාල වර්ගයේ අමනුෂ්‍යයෙක් වෙලා උපදින්නේ ම එයාගේ චරිත පරිහානියක් නිසානේ. එතකොට එ් කෙනාගේ රුචිකත්වයට වුවමනා කරන පොඩි පොඩි දේවල් දීලා ”අරයා මරපන්.. මෙයට හිංසා කරපන්..” කියලා කියනවා.
එහෙම කරන්න පුළුවන්. මේක විශාල පාපයක්. පින් පව් විශ්වාස කරන කෙනෙකුට නම් මේක කරන්න බෑ. මම එ්කයි කිව්වේ අපි ඉස්සර වෙලාම සත්පුරුෂයෙක් වෙන්න ඕන කියලා. සත්පුරුෂයෙක් නම් කවදාවත් එ් වගේ දේවල් කරන්නේ නෑ.

මතු සබැඳි….
උපුටාගැනීම

මහාමේඝ 2016 ඇසළ කලාපය

අති පූජනීය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ

‘නමෝ බුද්ධාය’ සජීවී සදහම් කතිකාවත ඇසුරින් සකස් වන ලිපි පෙළේ පනස් තුන්වන කොටසයි.’
 
Last edited:

Gccamila

Well-known member
  • Feb 16, 2013
    3,282
    624
    113
    DownTown

    ......
     
    Sep 4, 2015
    3,212
    269
    0
    මේ හුත්තවල් කියවන්න අපිට වෙලා නෑ. ඕක ප්‍රින්ට් කරලා පාරෙ ඉඳන් බෙදපන්. බස් එකේ යන ගමන් හරි කියවන්න පුළුවන්. :yes:
     
    bulkhead

    Well-known member
  • Nov 19, 2015
    4,165
    407
    83
    මේ හුත්තවල් කියවන්න අපිට වෙලා නෑ. ඕක ප්‍රින්ට් කරලා පාරෙ ඉඳන් බෙදපන්. බස් එකේ යන ගමන් හරි කියවන්න පුළුවන්. :yes:

    Yes bro
     
    fidget

    Member
    Jan 3, 2018
    608
    65
    0
    අද අමනුෂ්‍ය ග‍්‍රහණය බලවත්…

    :yes:
    මේ කථාව ඇත්ත. පස් පව් කරන මිනිස්සු අද කාලේ ඉස්සරට වඩා වැඩියි. සත්තු මරනවා විනෝදෙට පවා. හොරකම වැඩියි. නිකම් වත් තමන්ගේ දෙයක් පොඩ්ඩක් දාලා එහෙට මෙහෙට යන්න බෑ ඒක හොරා කනවා, බස් වල පික්පොකට් කාරයෝ පිරිලා, scam කරන උන් වැඩියි. හොර ඒජන්සි කාරයෝ වැඩියි. අන්තර්ජාලයෝ පවා හොරු ඉන්නවා. කාමය හැසිරෙන ගත්තම ඒකත් වැඩියි. සමලිංගික උන් දැන් වැහි වැහලා, බඩු වැඩියි, බඩු කාරයෝ වැඩියි, රේප්, ළමා අතවර වැඩියි. බොරු කියන උනුත් වැඩියි. fb එකේම කොයිතරම් මිනිස්සු බොරු කියනවද තත්වේ රැක ගන්න කියලා. සුරාමේරයත් වැඩියි. ගෑනුත් දැන් ඔය දගලන්නේ බොන්න ඉල්ලලා. මේ වගේ අය මරනින් පස්සේ දුගතියට යනවා. දුගතියට යන මිනිස්සු වැඩි උනාම, සමාජය දුගතිගාමී උනාම, අමනුෂ්‍යයන් බලවත් වෙන එක අහන්නත් දෙයක් නෙවෙයි.