අමනුෂික වදදී මරා දැමු බල්ලන්
මොරටු සරසවියේ සිටියදී අමනුෂික වදදී අල්ලාගෙන ගිය බල්ලන් හෝමාගම ඉඩමක වළදමා තිබියදී සොයා ගනී
මොරටුව සරසවියේ නිදහසේ සැරිසරමින් සිටි බල්ලන් 23 දෙනෙකු අල්ලා රැගෙන ගිය සිද්ධියක් ගැන අපි ඊයේ ඔබට කිව්වා.
අමානුෂික ලෙස මෙම බල්ලන් අල්ලන වීඩියෝවක්ද මොරටු සරසවියේ සිසුවියක් විසින් අන්තර්ජාලයට මුදාහැර තිබුණා.
එහි දැක්වුණේ එම බල්ලන්ට බෙහෙතක් විඳ ලොකු වේදනාවකින් කෑගසමින් තැනින් තැන වැටි වැටී වේදනාවකින් කෑගසන අයුරුයි.
කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් අප කළ සොයා බැලීමකදී හෙළිවුණේ මෙම සතුන් රැගෙන ගියේ කවුරුන්ද කිනම් ස්ථානයකට රැගෙන ගියේද යන්න කිසිවෙකුත් නොදන්නා බවයි.
නමුත් මේ පිළිබඳව විමසිල්ලෙන් පසුවුණු සත්ව ක්රියාකාරීන් පිරිසක් එහි සියලු තොරතුරු සොයා ගැනීමට සමත්ව තිබෙනවා.
හෝමාගම පිටිපන පැත්තේ මොරටුව සරසවියට අයත් ඉඩමක හිංසාකාරී ලෙස අල්ලමින් රැගෙන ගිය බල්ලන් 23 දෙනා මරා දමා වලදමා තිබියදී සොයා ගැනීමට සත්ව ක්රියාකාරින් පිරිස විසින් සොයා ගෙන තිබෙනවා.
මේ පිළිබඳව අප සමඟ අදහස් දැක්වූ සත්ව ක්රියාකාරිනියක් පැවසුවේ ” යුනිවර්සිටි එකේ නංගි කෙනෙක් මට කතා කරලා කිව්වා හිංසාකාරී විදිහට කැම්පස් එකේ නිදහසේ හිටපු බල්ලන් අල්ලගෙන යන්න එනවා කියලා. පහුවදා මට ආයෙමත් කතා කරලා කිව්වා පරක්කු වැඩියි දැන් බල්ලෝ ටික අරන් ගියා කියලා. මට වීඩියෝ එකකුත් එව්වා. පස්සේ අපි හොයලා බැලුවා මේ ගැන. එතකොට දැනගන්න ලැබුණා මරලා දාලා හෝමාගම පැත්තේ ඉඩමක වලදාලා තියෙනවා කියලා. අපි ඊයේ ගිහින් බැලුවා මේ සිද්ධිය ඇත්තද කියලා.. ඒ විදිහට අරන් ආපු බල්ලෝ වලලලා තියෙන තැන් අපි හාරලා බැලුවා. ඒ කතාව ඇත්ත. ගමේ මිනිස්සුත් මේ වැඩේට විරෝධ වෙලා.. අහිංසක සත්තුන්ව මේ විදිහට මරලා දාන්න අයිතියක් නැහැ. කවුද මේවට උපදෙස් දුන්නේ කවුද කළේ කියන එක හොයාගන්න ඕනේ.”
බල්ලන් මරා දමා තිබූ අයුරු දැක්වෙන ඡායාරූප කිහිපයක් පහතින්…
කලින් මේ සම්බන්දයෙන් දාපු ලිපිය
http://www.elakiri.com/forum/showthread.php?t=1807430

Last edited: