පැහැදිළිවම මේ සිද්ධිය වෙන විට ඔහු ගජබා රෙජිමේන්තුවෙ හිටියෙ හැබැයි පසුව විශේෂ බලකායට බැඳනද දන්නෑ. ගොඩක් අය කියන්නෙ LRRP special mission එකකදි මේ ඝාතනය වුනා කියලනෙ. LRRP ල ඉන්නෙ කොටි ලයින් එකෙන් කිලෝමීටර් ගානක් ඇතුලට කුඩා කණ්ඩායමක් විදියට ගිහිල්ල තනිවම කෑම බීම කැලෑවෙන් හොයාගෙන අවධානමක් දරාගෙන කොටින්ගෙ විශේෂ ටාගට් වලට ගහල නිරුපද්‍රිතව එන්න. රජය මේ එක සෙබලෙක් වෙනුවෙන් ලොකු වියදමක් දරණව. මේ ඝාතනය වුනේ යාපනයට ආසන්නයේ මුදා ගත් ප්‍රදේශයක. අනිත් එක අවුරුදු පහේ ළමා සොල්දාදුවො මරන්න LRRP ල යවනවද? මොන ගොන් කතාවක්ද? මොහු එවකට සාලියපුර ගජබා headquarters අනුයුක්ත විශ්ෂ විමර්ෂණ කණ්ඩායමක ඉඳල තියෙනව (LRRP කතාව මේකෙන් ආවද දන්නෑ). මුදාගත් ප්‍රදේශ වල වැඩ වලට දාන්නෙ එක්කො බුද්ධි අංශය නැත්නම් ඔයවගේ රෙජිමේන්තු වල ඉන්නෙ කණ්ඩායම්.