අමන_රියෑදුරන්ට_ගිය_රටක්‌ !

chathupatiya

Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    අමන_රියෑදුරන්ට_ගිය_රටක්‌ !

    අමන රියෑදුරන්ට ගිය රටක්‌ !


    හැම දෙනාගෙන්ම අවසරයි, මේ ත්‍රෙඩ් එක රීපොස්ට් වෙන්න ඇති සමහර විට, කලින් දැකලා තියෙන අය ගොඩක් ඇති, එත් මේක නොදැකපු අය වෙනුවෙන් මම එලකිරි සයිට් එකේ ත්‍රෙඩ් එකක් විදියට ඕන්න දැම්මා, වැඩි විස්තර සදහා ත්‍රෙඩ් එකේ අවසානය බලන්න.


    divider_95.gif

    අමන රියෑදුරන්ට ගිය රටක්‌ !

    12-1.jpg


    මේ එක්‌තරා කනගාටුදායක සිද්ධියකි. අපේ රටට වරක්‌ පැමිණි සංචාරකයන් නැවත අපේ රටට පැමිණෙන්නේ නැත. අපට හමුවූ ජර්මන්, ස්‌විට්‌සර්ලන්ත හා විශේෂයෙන්ම ඇමරිකානු ජාතිකයන් සෑම කෙනෙක්‌ම පැවසූවේ ශ්‍රී ලංකාවට නැවත නොයන බවයි. අපේ රටේ නොයන කාරණා තුනක්‌ ඔවුන් සඳහන් කරනවා. ඉන් වැඩිම කොටසක්‌ ප්‍රධානම වශයෙන් සඳහන් කරන්නේ අපේ රටේ අමන රියෑදුරන් සම්බන්ධවයි. මේ කණගාටුදායක අසුබ ආරංචිය අපට අපේ රට ගැන විශාල දුකක්‌ ඇති කරනවා නොවනුමානයි. සමහර සංචාරකයන් සඳහන් කළේ ලංකාවට ගිය විට විවිධ ස්‌ථාන නැරඹීමට යැමට මුලින් අදහස්‌ කර සිටියත් මේ අමන රියෑදුරන් නිසා ඔවුන් විශාල තැති ගැන්මකට පත්වූ හෙයින් සියලුම ගමන් බිමන් අවලංගු කළ බවයි. අපි මුලින් දැන සිටියේ නැහැ ශ්‍රී ලංකාවේ මෙවැනි රියෑදුරන් සිටින බවක්‌. මෙම චෝදනාව අපේ සංචාරක ව්‍යාපාරයට ඉතාම තදබල පහරක්‌ .වගේම මේ හේතූව මත අසරණ දරුවන්, මිනිසුන් කොපමණ සංඛ්‍යාවක්‌ නිරපරාදේ මිය යනවද? කවුද? මේ අසරණ ජීවිතවලට වග කියන්නේ. ක්‍රමවත් රියෑදුරු පුහුණුවක්‌ නොලැබීම අසරණ දහස්‌ ගණනකගේ ජීවිත විනාශ වීමට හෙතුවක් නේද.

    අපේ රටේ පුවත්පත්වලින් රූපවාහිනියෙන් අහන්න ලැබෙන්නේ ඊයේ සිදුවුණ මාරක රිය අනතුරින් තිදෙනකු මියගොස්‌ දෙදෙනකුට බරපතළ තුවාල සිදුවී ඇත. පොලිසිය මේ සම්බන්ධයෙන් පරීක්‍ෂණ පවත්වයි යන්නයි. මේ අපිට හැමදාම අහන්න ලැබෙන ප්‍රවෘත්තිය. මොකක්‌ද පොලිසිය කළ පරීක්‍ෂණය. කෝ ප්‍රගති වාර්තාවක්‌. මොකක්‌ද යෙදූ පිළියම. හැමදාම අහන බනේම තමයි අපි අදටත් අහන්නේ. පාරට බැහැලා විනාඩි 15 ක්‌ පමණ පාර දිහා බලා සිටින විට පෙනී යනවා අපි කොයි තරම් ලෝකයේ නොදියුණු මිනිසුන් කොටසක්‌ද බව. මම උදාහරණයකට පෙන්වා දෙන්නම් කහ ඉර. පාර මාරුවෙන්න කහ ඉර මත ළමයෙක්‌ වඩාගෙන තවත් දරුවෙක්‌ අතින් අල්ලාගෙන සිටින අසරණ කාන්තාවට වාහන නතර කර ඉඩ සලසා දෙන්න තරම් විනීත රියෑදුරන් අප දුටුවේ 5% පමණ සුළු පිරිසකි. අප අනෙක්‌ පුදුමයට පත්වුණ කාරණාව වූයේ සියලුම වාහන ගියාට පසුවයි මිනිසුන් පාර මාරු වීමයි. තවත් අප දුටු දෙයක්‌ නම් කහ ඉර පනින මිනිසුන් තම අතින් වාහනයට නවතින්න සංඥවක්‌ දෙමින් කහ ඉර මාරුවන ආකාරයයි.

    ඉහතින් සඳහන් කළ දේ වැරදි නැහැනේ. අපි කොයිතරම් ලෝකයේ නොදියුණු ජාතියක්‌ද. අපේ රටට පැමිණෙන සංචාරකයන් මෙවැනි නූගත් වැඩ දැකීමට කොහෙත්ම කැමැති නැත. අපට නම් මෙවැනි දේවල් දැකීමෙන් අපේ රට ගැන විශාල කනගාටුවක්‌ ඇති වුණා. මෙවැනි දේවල් සිදුවීමට හේතුවක් වශයෙන් කනගාටුවෙන් සඳහන් කළ යුතු කාරණාවක්‌ වන්නේ ලියන්න, කියන්න බැරි රියෑදුරන් 12% පමණ අප රටේ සිටිනවා. විශේෂයෙන්ම මේ පිරිස මාර්ග නීති, රීති කිසිවක්‌ දන්නේ නැහැ. උගත් නූගත් මේ දෙපිරිසම කහ ඉර පනින මිනිසුන්ට පවා වාහන නලාව ශබ්ද කරන්න තරම් නොදැනුවත් කමක්‌ තිබෙන්නේ. මෙවැනි හේතූන් මත නිසියාකාර ක්‍රමවේදයකින් තොරව ලබාගත් රියෑදුරු බලපත් හිමියන් සෑම දිනකම අසරණ ජීවිත ගණනාවක්‌ බිලිගන්නවා. ඒ සම්බන්ධයෙන් වගකිවයුතු නිලධාරීන් මොකද කරන්නේ? මෙවැනි නූගත් රියෑදුරන් දැනුවත් කිරීමට රූපවාහිනි වැඩසටහන් ප්‍රචාරය කරවීම ඉතාම වැදගත්.

    මේ අවස්‌ථාවේ අපට වැදගත් දෙයක්‌ සඳහන් කල හැකිය. රටක විනීත රියෑදුරන් ඇති කළ හැකි ක්‍රමයක්‌. ඇමරිකාවේ රියෑදුරු බලපත්‍රයක්‌ ලබාදෙන හැටි ඔබ දන්නවාද. ප්‍රථමයෙන්ම මාර්ග නීති රීති පිළිබඳව ප්‍රශ්න 75 ක්‌ පාඩම් කළ යුතුයි. මෙයින් පසු පරීක්‍ෂණයට ඉදිරිපත් විය යුතුයි. මෙයින් ප්‍රශ්න 20 කට පිළිතුරු සැපයිය යුතුයි. අනිවාර්යෙන්ම ලකුණු 80-100 ක්‌ ලබාගත යුතුයි. මෙම ප්‍රශ්න 75 ට විශේෂයෙන්ම කහඉර එනම් මිනිසුන් පාර මාරුවන ස්‌ථානය පිළිබඳව විශේෂ අවධානයක්‌ ඇති කරලීම සඳහා ප්‍රශ්න 6 ක්‌ ඇතුළත් වී තිබෙනවා. අපේ රටේ සමහර රියෑදුරන් මේ කහ ඉර තිබෙන්නේ මොනවටද කියාවත් දැනුමක්‌ නැත. මෙවැනි හේතූන් මතයි සංචාරකයන් අපිව නොදියුණු ජාතියක්‌ හැටියට හඳුන්වන්නේ. ප්‍රශ්නවලට පිළිතුරු සපයා ලකුණු 80-100 අතර ලබාගත් විට ඔහු ඊළඟ පරීක්‍ෂණයට සූදානම් වෙනවා. මෙයින් පසු ඔහු සමත් බවට නිකුත් කරන කාඩ්පත සමග තමන් කැමති රියෑදුරු පාසලකට යා යුතුයි. රියෑදුරු පාසලේදී තමන්ට කැමති පැය 20, 30, 40 හෝ එයට වැඩිය පැය ගණනක්‌ වුවද මුදල් ගෙවා පුහුණුවක්‌ ලබාගත යුතුයි. මේ රියෑදුරු පුහුණුවෙන් පසු රියෑදුරු උපදේශකවරයා තීරණය කරනවා රජයේ මෝටර් රථ දෙපාර්තමේන්තුවේ පරීක්‍ෂණය සඳහා ඔහු හෝ ඇය සුදුසුද නැද්ද යන වග. අවසාන වශයෙන් මෝටර් රථ දෙපාර්තමේන්තුවේ සමීක්‍ෂණයට පෙනී සිටිය යුතුයි. සමීක්‍ෂණ නිලධාරියාගේ අධීක්‍ෂණය යටතේ රථය පැදවිය යුතුයි. එම නිලධාරියාගේ ලැබෙන ලකුණු මතයි රියෑදුරු බලපත්‍රය ලැබෙන්නේ. මේ නිලධාරියා අකටයුතු කම්වල නොයෙදන ඉතාම අවංක මහත්මයෙක්‌. මේ අවසාන පරීක්‍ෂණය අවස්‌ථාවේ අප හට ඔහු සමග කතා කිරීම තහනම්. අනෙක්‌ සඳහන් කළ යුතු දේ තමා පිළිගත් රියෑදුරු පාසලකින් හැර පුද්ගලිකව රිය පැදවීම ඉගෙන ගැනීම ඇමරිකාවේ තහනම් නීතියක්‌. අපේ රටේ මේ තහනම් නීතිය ක්‍රියාත්මක වෙනවා. නීති රීති ගැන හරි අවබෝධයක්‌ නැති රියෑදුරෙක්‌ තව කෙනෙකුට උගන්වන්නේ කොහොමද? පෞද්ගලිකව කෙනෙකුගෙන් රියෑදුරු පුහුණුවක්‌ ලබන තැනැත්තා, අවංක, විනීත, නීතිගරුක රියෑදුරෙකු වන්නේ කොහොමද? ඇත්ත වශයෙන්ම අපට ශ්‍රී ලංකාව තුළ දකින්න ලැබෙන්නේ නම් ඉතාම අවිනීත මනුස්‌සකම පළාතකවත් නැති දඩබ්බරව මාර්ග නීති රීති කඩ කරමින් පුදුම කලබලකාරී රුපියල් මිලියන ගණනක වෙළෙදාමකට දුවන නරුමයන් පිරිසකි. මනුස්‌සත්වය මොකක්‌ද කියාවත් ඔවුන් දන්නේ නැහැ. මේ තමයි සංචාරකයන් තැති ගැන්මකට හා කණස්‌සල්ලට පත් වූ සිද්ධිය. ඔවුන් අප වෙත කළ ප්‍රබලම චෝදනාව මෙයයි. තවදුරටත් ඔවුන් පැවසුවේ ශ්‍රී ලංකාව, ඉන්දියාව, පාකිස්‌තානය, හා අප්‍රිකානු රටවල පමණයි මෙවැනි රියෑදුරන් දැකිය හැක්‌කේ.

    රියෑදුරන් කරන අනෙක්‌ වැරදිවලට වඩා මාරාන්තික හා භයානකම වැරැද්ද මෙයයි. මේ අමානුෂික රිය ධාවනය හේතුවෙන් පාර දෙපැත්තේ ජීවත්වන අසරණ දරුවන්, රෝගීන්, මහල්ලන් සහ අසරණ ජනතාව කියා නිම කළ නොහැකි මානසික පීඩනයක්‌ ලබන්නේ මේ දරුණු වාහන නලා ශබ්දය හේතුවෙන්. කවුද මේ ගැන සමීක්‍ෂණයක්‌ කරන්නේ. කාටද මේවා කියන්නේ. මේ ගැන සොයා බලන්න සමීක්‍ෂණයක්‌ කරන්න තරම් අපි දියුණු මදි. ශිෂ්ඨ සම්පන්න බුද්ධිමත් රටවල නලා ශබ්දයක්‌ ඇහෙන්නේවත් නැත. අපගේ සමීක්‍ෂණයට අසුවුණේ වැඩිපුරම වාහන නලාව ශබ්ද කරන පුද්ගලයන් වූයේ පෞද්ගලික බස්‌ රථ, ලොරි, ටිපර්, ත්‍රීවීලර් රථ රියෑදුරන්ය. ලෝකයේ දියුණු රටවල නීතියක්‌ තිබෙනවා. සවස 6 න් පසු හදිසියකදීවත් වාහන නලා ශබ්ද කිරීම තහනම්. නමුත් අපේ රටේ එවැනි නීතියක්‌ ක්‍රියාත්මක වන්නේ නැත. අපේ රියෑදුරන් පාන්දර 2-3 ටත් වාහන නලාව ශබ්ද කරනවා. නොදියුණු කමයි මෙයට ප්‍රධාන හේතුව. සියලුම මිනිසුන් නින්දට වැටී තිබෙන්නේ අපේ රියෑදුරන්ට එතරම් දුරට සිතන්න තරම් ශක්‌තියක්‌ නැත. මේ අපේ රටේ තහනම් විය යුතු දේවල්.

    දියුණු රටවල මෙන් මෙම දියුණු තාක්‍ෂණය අප වහා ක්‍රියාත්මක කළ යුතුයි. දියුණු රටවල මෙන් අපේ රටේ පාර මැද කහ ඉරි දෙක නැත. අපේ රටේ සිදුවන අනතුරුවලට ප්‍රධානම හේතුව මෙයයි. මෙම කහ ඉරි දෙක අධිවේගී මාර්ග හැර, අපේ රටේ අනෙක්‌ සෑම මාර්ගයකම තිබිය යුතුයි. සෑම සැතපුම් 5 න් 5 ට ස්‌ථානවල හැටියට වේග සීමා සඳහන් පුවරු සවි කළ යුතුයි. මෙම කහ ඉරි දෙකෙහි ප්‍රධාන හේතුව කිසිම රියෑදුරෙකුට අභිබවා යැම තහනම්. (OVER TAKE) යා යුතු ගමන් වේගය සඳහන් වී තිබෙනවා. මේ දියුණු තාක්‍ෂණය පාර බදුගෙන මාර්ග නීති කඩකරන අමන රියෑදුරන්ට වැට බැඳීමක්‌ හා අසරණ ජීවිත බිලි ගැනීම වැළැක්‌වීමට හොඳම පිළියමක්‌.

    මෙම නීතිය හදිසි ගිලන් රථ, ගිනි නිවීම් හා හදිසි පොලිස්‌ රථවලට බලපාන්නේ නැත. උදාහරණයකට කොළඹ නුවර මාර්ගය, මෙය අධිවේගී මාර්ගයක්‌ නොවෙයි. අසරණ ජීවිත බිලි ගන්නා ප්‍රධාන මාර්ගයක්‌ය. අනිවාර්යයෙන්ම මෙම මාර්ගය සඳහා මෙම දියුණු තාක්‍ෂණය ඇති කළ යුතුයි. අපිට සංචාරකයන් අවශ්‍යනම් ඒ වාගේම අසරණ ජීවිත බේරා ගැනීමටත්, අසරණයන් රෝගී කරන අමිහිරි නලා ශබ්දයෙන් තොර ශ්‍රී ලංකාවක්‌ දැකීමටත්, ශ්‍රී ලංකාව ශිෂ්ඨ සම්පන්න දියුණු මිනිසුන් සිටින රටක්‌ වග සංචාරකයන්ගේ මුවින් ඇසීමටත්, මේ දියුණු තාක්‍ෂණික නීතිය වහාම ක්‍රියාත්මක වුවහොත් අපත් ලෝකයේ දියුණු ජාතියක්‌ බවට පත්වනවා. විශේෂයෙන් සඳහන් කළයුතු අනෙක්‌ වැදගත් කාරණය වන්නේ මහා මාර්ග නීති රීති අකුරටම ක්‍රියාත්මක කරවා ගැනීමයි. මෙය පොලිස්‌ දෙපාර්තමේන්තුව සතු ජාතික වගකීමක්‌ සේම ජනතාවගෙන් අවංක ජාතික වගකීමක්‌ බවට පත්විය යුතුයි.

    අපේ රථ වාහන පොලිසිය මෙයට වඩා ක්‍රමවත් විය යුතුයි. රථ වාහන පොලිසියේ සේවය පැය 24 පුරාම මහා මාර්ගයට සීමාවිය යුතුයි. අද අපි දකින්නේ උදේට සහ සවසට ප්‍රධාන මංසන්ධිවල වාහන හැසිර වීම හා ඉඳහිට වේග සීමාව නිරීක්‍ෂණ කිරීමත් පමණයි. විශේෂයෙන්ම දිවා රාත්‍රි කාලයේ මුර සේවා මෝටර් සයිකල් ක්‍රමයක්‌ ඇති කළ යුතුයි. අනෙක්‌ විශේෂ කාරණය පොලිස්‌ රථවාහන අංශයට අවංක, විනය ගරුක, ජාතික හැඟීමක්‌ තිබෙන ඉරුදින ආගමික පාසල් සහතිකයක්‌ තිබෙන තරුණ මහත්වරුන් බඳවා ගත්තොත් අප රටේ මහා මාර්ගයේ සිදුවන ජාතික අපරාධ හා නොහික්‌මුණු අමන රියෑදුරන් නැතිකර ගැනීමට විශාල පිටිවහලක්‌ වනු ඇත.

    අප රට තුළ ක්‍රියාත්මක විය යුතු තවත් විශේෂ කරුණු කීපයක්‌ සඳහන් කළ යුතුව ඇත. අප මේ සඳහන් කිරීමට යන කාරණා කීපය මුල්ම වකවානුවේ එනම් සුද්දන්ගේ පාලන කාලය තුළ පැවැති දේවල්, නමුත් අද මේවා අභාවයට ගොස්‌ ඇත. ප්‍රධාන මාර්ගයක්‌ අසල පාසලක්‌ පිහිටා ඇත්නම් එම මාර්ගයේ වේග සීමාව පැ.සැ. 15 ක්‌ විය යුතුයි. පාසලට ප්‍රථම මීටර් 200 හා පාසල පසුවී මිටර් 200 යන තෙක්‌ වාහනයේ වේග සීමාව පැ.සැ. 15 ක්‌ සඳහන් දැන්වීම් පුවරුවක්‌ සමග වාහන නලා ශබ්දය තහනම් දැන්වීම් පුවරුද ඒ සමග විය යුතුය. අප රට තුළ තවත් වාහන නලා ශබ්දය තහනම් විය යුතු ස්‌ථාන හැටියට රෝහල්, උසාවි, පූජනීය ස්‌ථාන හා ප්‍රධාන මංසන්ධි විය යුතුයි. අවසාන වශයෙන් සඳහන් කිරීමට ඇත්තේ තවත් බරපතළ වැරැද්දකි. රාත්‍රි කාලයේදී අපේ රියෑදුරන් කරන තවත් විශාල වරදක්‌ තමා වාහනයේ ප්‍රධාන එළියෙන් (HEAD LIGHT) වාහනය පැදවීම. රාත්‍රි කාලයේ ඇතිවන අනතුරුවලට ප්‍රධානම හේතුවයි. ඇමරිකාවේ ප්‍රාන්ත 52 ම ප්‍රධාන එළියෙන් වාහනය පැදවීම තහනම්. සමහර අවස්‌ථාවල ප්‍රධාන එළිය පාවිච්චි කළ හැක්‌කේ ඉදිරියෙන් වාහනයක්‌ නොඑන වනාන්තර වැනි ප්‍රදේශයකදී පමණි. මෙයට හාත්පසින්ම වෙනස්‌ දෙයක් තමයි අපේ රටේ සිද්ධ වෙන්නේ. බොරැල්ල වැනි ජනාකීර්ණ මංසන්ධිවලත් ප්‍රධාන එළියෙන් දුවන වාහන විශාල ප්‍රමාණයක්‌ දැකිය හැකිය. අප මෙහි සඳහන් කරන මාර්ග නීති රීති ලෝකයේ දියුණු රටවල අකුරටම ක්‍රියාත්මක වන දේවල්. දියුණු රටවල රියෑදුරු බල පත්‍රයට අමතරව කළු තිත් තුනක්‌ තිබෙන කාඩ් පතක්‌ රියෑදුරුට ලැබෙනවා. යම්කිසි වරදක්‌ කළ විට මුදලින් දඩයක්‌ ගසා එක කළු තිතක්‌ අවලංගු කරනවා. මේ ආකාරයට කළු තිත් තුනම අවසන් වූවොත් ඔහුගේ රියෑදුරු බලපත්‍රය වසර 2 කට අවලංගු වෙනවා. මෙම කළු තිත් අවලංගු කරන ප්‍රධාන වැරදි වශයෙන් පාර මාරුවීමට වාහනය නතර නොකොට යැමට උත්සාහ කිරීම, මේ සඳහා ඇමරිකාවේ නිකුත් කරන දඩය රුපියල්වලින් නම් 12,000 ක්‌ හා එක්‌ කළු තිතක්‌ අවලංගු කිරීමයි. කහ ඉරි දෙක ඇති මාර්ගයේ අභිබවා යැම(OVER TAKE) මේ සඳහා ඉහත සඳහන් කළ දඩයමයි. පාසලක්‌ අසල ගමන් වේගය කඩ කිරීම දඩ මුදලකට සීමාවේ. අපගේ නිගමනයේ හැටියට මේ නීති රීති අප රටේ වහාම ක්‍රියාත්මක විය යුතුයි. ඒ සමගම මෙයට පෙර රියෑදුරු බලපත්‍රය ලබාගෙන සිටින සියලුම රියෑදුරන් නැවත කැඳවීමක්‌ කර විශේෂ පුහුණුවක්‌ ලබාදිය යුතුයි. සියලුම වාහන හිමියන්ගෙන් පුහුණුවට රු. 100 ක මුදලක්‌ ලබාගෙන ක්‍රමවත් මාර්ග නීති රීති පිළිබඳව දැනුමක්‌ ලබාදිය යුතුයි. මේ ලැබෙන මුදල් මාර්ග නඩත්තුව පිණිස යොදා ගත යුතුයි. අපේ පාලකයන්ට සංචාරකයන් මෙරටට ගෙන්වා ගැනීමට පෙර අප යන මේ වැරදි මාර්ගය හැකි ඉක්‌මනින් නිවැරදි කර ගත යුතුයි. එසේ නොවුණ හොත් කෙන්යාවේ සංචාරක ව්‍යාපාරයට අත්වූ ඉරණම අපටත් අත්වනවා නියතයි.

    අවසාන වශයෙන් සඳහන් කිරීමට පෙළඹෙන්නේ සංචාරකයන් චෝදනා කළ අවසාන කරුණු කීපයයි. ශ්‍රී ලංකාව බොහොම ලස්‌සන රටක්‌. ඒ ලස්‌සන රට උඹල තියාගන්න දන්නේ නැහැ. හරිම අපිරිසිදුයි. හැමතැනම කැළි කසළ, තාප්පවල, කොන්ක්‍රීට්‌ කණුවල හැම තැනම පෝස්‌ටර්. බල්ලෝ, බලල්ලු, හරක්‌ මහ පාරේ නිදැල්ලේ. අපි හිතුවා ඉන්දියාව, පාකිස්‌තානය, බංගලිදේශයට වඩා වෙනසක්‌ දකින්නට ලැබේවි කියා. නමුත් අපිට කිසිම වෙනසක්‌ දකින්නට ලැබුණේ නැත.


    divider_95.gif


    මේක මට ආපු ඊමෙල් එකක් මම මේක ඊමේල් එකකින් උස්සලා තමයි දැම්මේ. මම නැවතත් කියනවා මේක මට ආපු මේල් එකක් කියලා සමහර විට මේක කොහෙ හරි බ්ලොග් එකක තිබුනද දන්නෙත් නැහැ. ඔන්න මාවනම් අල්ලගන්න එපා හොදද , මම නම් ඉස්සුවෙ නැහැ ඒ බ්ලොග් එකෙන්, සමහර විට මගේ යාළුවගේ යාළුවෙක් ඉස්සුවද කියලා නම් මම හරියට දන්නෙත් නැහැ. කෙහේ තිබුනත්, මොකා ඉස්සුවත්, මේක ඇත්ත වෙන්නත් පුළුවන්, බොරු වෙන්නත් පුළුවන්, මම නම් හරියටම දන්නේ නැහැ ඒ ගැන, හොදයි කියලා හිතුන නිසා ඔයාලටත් බල්ලන්න ත්‍රෙඩ් එකක් විදියට දැම්මා,. සියළු නම් ගම් මංනන්කල්පිත බව කරුණාවෙන් සලකන්න.

    විශේෂ ස්තුතිය

    ඇමරිකාවේ වොෂින්ටන්හී නිව්ටන් විඡේසිංහ මහතාට
    කම්පියුටර් එක හොයා ගත්තු මහත්තයට,
    මෙම සදහන් සිටින මහත්ම මහත්මීන්ට සහ සත්තුන්ට,
    ෆොටොස් ගත්තු මහත්තයට,
    යාහූ එක හදපු මහත්තයට හෝ සමාගමට,
    සිංහලෙන් සහ ඉංග්‍රිසියෙන් කොටන්න පුළුවන් සොෆ්ට්වෙයාර් එක හදපු මහත්තයට හෝ සමාගමට
    මේ ටික උස්සලා මගේ යාළුවට මේල් කරපු යාළුවට,
    ඒ මේල් එක මට ෆොර්වඩ් කරපු මගේ යළුවාට,
    ඉමෙජ්සැක් අයිතිකාර මහත්තයට හෝ සමාගමට,
    එලකිරි වෙබ් සයිට් එක හදපු මහත්තුරුන්ට,
    විශේෂයෙන්ම මගේ රෙප් කපන්න, මම ත්‍රෙඩ් එකක් දානකන්ම බලන් ඉන්න මහත්තයට,
    මේ ත්‍රෙඩ් එක බලලා කමෙන්ට් දාන, රෙප් දෙන, බනින, ගොරවන, රවන, ඔරවන මහත්ම මහත්මීන්ට,
    එකී සහ මෙකී, කී සහ නොකී, පෙර කී සහ පසු කී සියළු දේනා ඇතුළු නන් අයුරින් සහය වූ සැමට.
     
    Last edited:

    Chathu D

    Well-known member
  • Aug 13, 2008
    3,818
    276
    83
    mata nm Three wheel karayan wa penna ba...samaharak hitan enne Three wheel hari loku wahane kiyala wadunoth nm kude kudu.....

    godak aya drive karanna anith minissu gana hitanne nathuwa...wadak na oya minissu hadenne na......yana kenata yanna denne na block karana drive karanwa.....

    Mama welawakata Headlight gahan ena ewa ewasanawa..mokada waradila wennath puluwan nisa...mokek hari padayek show dagena awoth nm denawa light para u andos wela gihin ethanama hitinna
     

    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    mata nm Three wheel karayan wa penna ba...samaharak hitan enne Three wheel hari loku wahane kiyala wadunoth nm kude kudu.....

    godak aya drive karanna anith minissu gana hitanne nathuwa...wadak na oya minissu hadenne na......yana kenata yanna denne na block karana drive karanwa.....

    Mama welawakata Headlight gahan ena ewa ewasanawa..mokada waradila wennath puluwan nisa...mokek hari padayek show dagena awoth nm denawa light para u andos wela gihin ethanama hitinna

    එකනම් ඇත්ත තමයි
     

    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    Ow apith drive karanakota Nosalakilimath wena welawal thiyenawa aththama kiwwoth. meeta wada api paredi neethi garuka wenna one, godak welawata api neethiyata pataheniwa drive karath weradi karana piris wala nomana driving matha nodenuwathma apit wereddata yomu wenawa...
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ..........................................................................................................................
     

    mawella

    Well-known member
  • Mar 17, 2008
    14,560
    184
    63
    37
    ratmalana
    monawa unath meka 100% eththam.. mamath godaaak ma welatwa nithiyata thama yannne.... balanna iwasala ehema gihin hithata harima sehellui :x
     

    sam@

    Well-known member
  • Apr 17, 2007
    4,087
    496
    83
    39
    Jem city
    සිරා ඇත්ත .....නලා ගැහිල්ල තමා නරකම ..........ඔය වගේ වැඩ නවත්වන්න ඕනි ...
    ඔය කාරණා තුන ඇත්ත ......
    කාලයක් මම පිටරට company එකක මෙහෙ බ්‍රාන්ච් එකේ වැඩ කලා .. එකේ බොස්ස්ලත් කිවේ ඔය tikamai ........හැමතැනම කුණු දාන එකත් මහා බලුම වැඩක් බන් .අපේ රට තරම් පාරාදීසයක් ලෝකේ කොහෙවත් නෑ කියල එකේ හිටපු පිටරට කට්ටිය ඔක්කොම කිව්වා .......
     

    RuZZa

    Well-known member
  • Jul 27, 2009
    4,648
    873
    113
    34
    ඇත්ත ...:yes:.:cool:.

    ලංකාවේ ලයිසන් එක දෙන විදිය නම් අන්තිමයි ....බලන්න බයික් ලයිසන් දෙන විදිය .....8 ගැහුවම හරි ...ඒත් හරියට 8 ගහන කෙනාට බයික් එක සමබරව තියා ගන්න පුලුවන් උනාට මාර්ග නීති ගැන අවබෝධය අඩු වෙන්න පුලුවන් :yes:.:sorry:....
    අඩුම තරමේ ලිඛිත පරික්ශනයට ප්‍රශ්න 60ක් වත් දාලා එකෙන් 50ක් වත් හරි යන කෙනාට පාස් එක දෙනවා නම් ගොඩක් හොඳයි ...... කෙටි කරලා කිව්වොත් ලංකාවේ වහන බලපත්‍ර දෙන ක්‍රමවේදය වැඩිදියුනු කරලා පාරෙ වැරදි කරන රියදුරන්ට දැනට දෙනවට වඩා වැඩි දඬුවම් දෙනවා නම් මේ අනතුරු ගොඩාක් නවත්ත ගන්න පුලුවන්
    ....:yes:.
     

    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ


    වැරදී යාළුවා මම ගත්තෙ නම් ඔතනින් නෙමෙයි කියලා මම කියලා තියෙනව වගේම, ඔය කතාව කියපු මහත්තයටත් මම ස්තුතියි කරලා තියෙනවා. මගේ ස්තුතියි කතාව කියවලා බලන්න
    විශේෂ ස්තුතිය

    ඇමරිකාවේ වොෂින්ටන්හී නිව්ටන් විඡේසිංහ මහතාට

    කම්පියුටර් එක හොයා ගත්තු මහත්තයට,
    මෙම සදහන් සිටින මහත්ම මහත්මීන්ට සහ සත්තුන්ට,
    ෆොටොස් ගත්තු මහත්තයට,
    යාහූ එක හදපු මහත්තයට හෝ සමාගමට,
    සිංහලෙන් සහ ඉංග්‍රිසියෙන් කොටන්න පුළුවන් සොෆ්ට්වෙයාර් එක හදපු මහත්තයට හෝ සමාගමට
    මේ ටික උස්සලා මගේ යාළුවට මේල් කරපු යාළුවට,
    ඒ මේල් එක මට ෆොර්වඩ් කරපු මගේ යළුවාට,
    ඉමෙජ්සැක් අයිතිකාර මහත්තයට හෝ සමාගමට,
    එලකිරි වෙබ් සයිට් එක හදපු මහත්තුරුන්ට,
    විශේෂයෙන්ම මගේ රෙප් කපන්න, මම ත්‍රෙඩ් එකක් දානකන්ම බලන් ඉන්න මහත්තයට,
    මේ ත්‍රෙඩ් එක බලලා කමෙන්ට් දාන, රෙප් දෙන, බනින, ගොරවන, රවන, ඔරවන මහත්ම මහත්මීන්ට,
    එකී සහ මෙකී, කී සහ නොකී, පෙර කී සහ පසු කී සියළු දේනා ඇතුළු නන් අයුරින් සහය වූ සැමට.
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අම්මේ.......ලංකාවේ පාරවල් සහ ඩ්‍රයිවින් ගැන නම් කතා කරන්න එපා.......ඔක්කාරෙට එනව.......:dull:
    ඔක්කොම පැත්තකින් තියමු........අපේ කාන්තා රියැදුරියෝ........
    අපේ සමහර දේශපාලන පක්ෂ වගේ බන්ස්.....:dull::dull::frown:
    වමට සිග්නල් දාල දකුණට හරවන්නේ...........!!!!!!:P