අමරණිය දින තුන

nishi_gurl

Member
Jun 12, 2018
924
193
0
අමරණිය දින තුන

අමරණිය දින තුන


attachment.php


attachment.php



ඊයේ අද සහ හෙට උතුරැ කොරියානුවන් සහ දකුනු කොරියානුවන් එකිනෙකාගේ දින දර්ශනයන්හි ඒවා අමරණියන් දිනයන් බවට සටහන් තබනවාට කිසිදු සැකයක් නොමැත. උතුරැ කොරියානු නායකයා දකුනු කොරියානුවන්ට උතුරැ කොරියාවෙි වෙසෙන සිය මවු පියවරැ, ඥාතින් හා හිතමිතුරන් දැක බලා ගැනීමට ඊයේ සිට දින 3 ක කාලයක් ලබා දුන්නේය. එය මිනිසාගේ හැගීමි බැදීමි සහ සබදතා කෙරෙහි රටක දේශපාලනය මොනතරමි සෘඡුව හා මැදිහත් ලෙස මිනිසාව හසුරැවන්නනේදැයි අපට පෙන්වාදෙන සරල සහ මෑතම උදාහරණයයි


සමහර විට ඔවුන්ට සිය ළගම ඥාතින් වුව පුරා අවුරැදු 65 ක කාලයක්
එකිනෙකා මුණ ගැසිය නොහැකි ලෙස තාප්පවලින් හා කටු කමිබි වලින් වෙන්කරනු ලැබ සිටියෝය. තවමත් එසේ වුව දින 3 කට පමණක් ඔවුනට එකිනෙකා තරයේ වැළද ගත ඇත

අවුරැදු 70 ක් වයසැති Ahn Jung-soon අවුරැදු 100 ක් වයසැති Ahn Jong-ho වන තම පියාට ඇය දකුනු කොරියාවෙන් ගෙන ආ කෑම කවන්නට පටන් ගත්තාය. ඔහු සිය දියණිය තමාව උතුරැ කොරියාවෙි තනිකර දකුනු කොරියාවට පළා යාම ගැන කිසිදු වචනයකුදු දෙඩුවෙි නැත. එහෙත් ඔහුගේ කමිමුල් හරහා සට සට ගාමින් කදුලු කඩා වැටුනේය

දකුණු කොරියාවෙි Baik Sung-kyu ට දැන් වයස 101 කි ඔහු උතුරැ කොරියාවෙි වෙසෙන සිය මුණුපුරා වන Baek Yong-ok, හට දකුණු කොරියාවෙන් ඔහු ගෙන ආ ඇදුමි, සපත්තු , විද්‍යුත් උපාංග සහ සුවද විළවුන් ද අතට දී මෙසේ කීවෙිය.
‘‘ මෙි අවසන් හමුවීමයි , ඒක නිසා මම ඔයාටගොඩාක් ගෙනාවා ‘‘

හෑන් සින් මීට වසර 65 කට පෙර තම දියණියද රැගෙන දකුණු කොරියාවට පලා ගියේ සිය බිරිද උතුරැ කොරියාවෙි තනි කරමිනි.ඔහු තම බිරිදට මෙසේ කීවෙිය
‘‘ මට සමාවෙන්න හැන් ෆීල්ඩි මම ඔයාව තනිකරල දරැවවත් අරන් පැනල ගියාට. ඒත් මගේ ඡිවිතකාලෙම මට වුවමනාව තිබුන ඒ සිද්දියෙන් පස්සෙ ඔයාගෙ දෑස් තිබුනෙ කොහොමද කියල බලන්න. ඒත් මට ඒකට තවත් අවුරැදු 65 ක් ඉන්න වුනා ‘‘

Yun Jung-sik දකුනු කොරියානු මිතුරා සිය උතුරැ කොරියානු මිතුරාට මෙහෙම කියනව.
‘‘ දන්නවද දකුණු කොරියාව දැන් කියනව උතුරැ කොරියාව විවෙිචනය කරන්න එපා ! එයාල අපේ කියල ‘‘




source http://thewoman.lk/love-south-korea/
 

Attachments

  • Love daughter 2.jpg
    Love daughter 2.jpg
    18.7 KB · Views: 185
  • Love daughter.jpg
    Love daughter.jpg
    16.4 KB · Views: 180
  • Like
Reactions: DangerMan119

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    බය වෙන්ඩ එපා ලගදිම උතුරු දකුණ අපි එකතු කරල ඇමරිකාව දකුණු කොරියාවෙන් පන්නනව- මීට මහජන චිනය... :yes::yes: