අමරණීය ළමා ගී

Alipak

Well-known member
  • Jun 4, 2012
    1,293
    273
    83
    On Earth



    මීට අවුරුදු 60කට විතර ඉස්සර ලියු ළමා කවි ගණනාවක් ම තියෙනවා. පරම්පාරා ගණනක් ළමුන් රසවත් කළ ඒවායින් එකක් තමයි පහත පළවෙන්නේ. මේ කව් පෙළ ලිව්වේ අද ජීවතුන් අතර නැති කේ. ජී. පෙරේරා කියන ගුරු අභ්‍යාස විද්‍යාල කථිකාචාර්යතුමායි.

    ”දේදුන්නේ
    පාට හයයි
    ඒ දුන්නේ
    ඉරු දෙවියොයි.

    හොඳ ළමයින්ගේ
    මුහුණේ
    දේදුන්නේ
    පාට පෙනේ.”

    මෙම ගී දෙපදය මීට දසක හයකට පෙර ලියැවුනක් වුවත් අදත් කුඩා ළමුන් අතර නිතර ගැයෙනු ඇසේ. එහි සංකල්පය ඒ තරමට ම නැවුම්ය; රසවත්ය. කුඩා දරුවන් තුළ නව අදහස් පුබුදු කරවන්නට එය සමත්ය. මේ ගීයේ ඉතිරි පද ඔබට මතකද? ඒවා මෙසේය:

    ”දේදුන්නේ
    දෙකෙළවරේ
    රන් කළගෙඩි
    දෙකක් තිබේ.

    රන් කළගෙඩි
    සොයන්න ගිය
    ළමයින් ඔබ
    දන්නවාද?

    ගියා ගියා
    මේ ළමයින්
    දේදුන්න ද
    ඈත ගියා

    මහන්සි වී
    හැන්දෑවේ
    ළමයින් ගෙට
    දුව ආවේ.”

    සිද්ධියක ස්වරූපයෙන් ලියා ඇති මෙම ගී පෙළ කුඩා දරුවන්ට රසවත් අත්දැකීමක් ලබා දෙන්නකි. මෙහි පද ගලා යාම නිරවුල්ය. කුඩා දරුවාට පහසුවෙන් හසුකර ගැනීමට හැකි රිද්මයකින් ද යුක්තය. ඔහු ලියූ බොහෝ ගීත යටකී ලක්ෂණවලින් සමන්විතය. ඒ නිසා ම මෙම ගී කිසිදාක සමාජයෙන් මැකී නොයයි.
     
    Last edited: