අමරදේව ශුරින්ගෙන් පසු එතනට

Jul 5, 2012
1,773
265
0
මම මෙච්රවෙලා වලි කෑවේ, වටේ ගියේ මේ ටික ගලප ගන්න rep7+

තමන්ගේ සාක්කුවට ගාන හොයාගන්න එදා වෙලේ දෙයක් කාන හම්පඩ සංගීථ කාරයන්ට සැබෑ කළා කරුවොන්ගේ නිර්මාණ සම තැනට ගෙනවනම් ඉරජ්ට වඩා ස්නිල් පෙරේරා පොරක්


Rep++++++++

ජිංතකගේ අදහස අනුමත කරනවා.

අමරදේවයන්ගේ තැනට ආදේශකයක් තියෙනවා කියලා මම විශ්වාස කරන්නේ නෑ. යම්කිසි තනතුරක් පුරප්පාඩු වෙනවා වගේ දෙයක් නෙමේ රටක ප්‍රමුඛතම ගාන්ධර්වයෙක් බිහිවන එක, මගේ පුද්ගලික මතය නම් ලංකාවේ ප්‍රමුඛතම ගාන්ධර්වයා ලෙස අභිෂේක ලබන්න සිටියේ සුනිල් සාන්ත මහතා තමයි ඔහුගේ අදීනත්වය, දැඩි ප්‍රතිපත්ති නිසා ඔහුගේ සංගීත දිවිය අතර මඟ නතර වුනා :(:( ඒ කාලය තුල අමරදේව මතු වුනා

අමරදේවයන්ගෙන් පසුව වර්තමානයේ සිටින ගායකයින් අතරින් එතුමා ගිය මග ගමන් කල ප්‍රමුඛතම ගායන ශිල්පින් දෙදෙනා තමයි වික්ටර් රත්නායක හා මහචාර්ය්‍ය සනත් නන්දසිරි ඒ අතුරින් සංගීතයේ නව මංපෙත් හා පර්යේෂණයන් රැසක් සිදුකරමින් සිංහල සංගීතයට සෑහෙන මෙහෙයක් කල අයෙක් තමා වික්ටර් රත්නායකයන්, සනත් නන්දසිරි විශ්ව විද්‍යාලීය අධ්‍යාපනික කටයුතු වෙනුවෙන් සිය වැඩිපුර කාලය කැප කිරිම නිසා සංගීතමය කටයුතු යම් අඩාලවිමක් සිදුවුනා.

අමරදේව හා වික්ටර් රත්නායක යන දෙදෙනාගේ සංයෝගයක් නැතිනම් හයිබි්‍රඩ් එකක් විදියට සුනිල් එදිරිසිංහයන්ව හදුන්වන්න පුලූවන් ඔහු හා අමරසිරි පීරිස් තමයි වර්තමාන තරුණ නිර්මාණ කරුවන් හා වැඩ කරන ප්‍රවිණ පරපුරේ ගායකයින් දෙදෙනා

Well said
+ Okata godak ma ape education system ekath waga kiyanna ona mata hithena widihata


Thanks!
 

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ජිංතක ජිල්ලබකිට;20879347 said:
    ගේය පද රචනය, තනු නිර්මානය සහ ගායනය යන තුන් ආකාර වූ නිර්මාණයන්ගේ සුසංයෝගයෙන් ය මන-කන පිනවන, අපේ ආධ්‍යාත්මික අත්දැකීම් හා ඒකාත්මික වන්නකි "හොඳ" ගීතයක් වන්නේ. උසස් රසඥතාවයක් ඇති පරපුරක් බිහිවන්නේ උසස් සහ විවිධ සාහිත්‍ය නිර්මාන පරිශීලනය කල තරමටය. රසඥතාවයද පුරුදු පුහුනු කර ගොඩ නංවා ගත් යුත්තකි. එය ඉබේ පහල නොවේ.

    පද රචනයෙන්, මඩවල එස් රත්නායක, ආරියවංශ, ඩෝල්ටන් අල්විස්, සුනිල් ආරියරත්න යනු අපේ රට තුල බිහිවූ විශිෂ්ඨම පද රචකයන්ය. සංගීත නිර්මානය අතින්ද එවැනිම විශිෂ්ඨයන් වූහ, තවමත් සිටිති. ඉරාජ් සහ පණ්ඩිත් අමරදේව එක ගොඩට දාන්නට වලි කන, "රසාස්වාදයේ ලුනු ඇඹුල් තෝරන ඉර ගහන්නේ කොතනදැයි" අසන පොරවල් අපට පෙන්වන්නේ අප ජාතියක් වශයෙන් වැටි ඇති නරාවලේ තරමයි. ඒ නරාවලේ අසුචි බුදින ඉහඳපනුවන් පොරවල් වී "මම ගූත් බුදුන්නෙමි, බුරියානිත් බුදින්නේමි, ක්‍රෙම් බුලේත් බුදින්නෙමි, ඔය හැම රසයක්ම මට ආතල්යැ" පාරම් බාති. රසඥතාවය සතතාභ්‍යාසයෙන්ද, බහුසෘත බවෙන්ද, සාහිත නිර්මාණ පරිශීලනයෙන්ද මුවහත් කල යුතු ඥාණයකි. එවැනි රසඥතාවයක් හැමටම ගොඩනගා ගත නොහැකිය. මනමේ හෝ පේමතෝ ජායති බලපු එකා සාජන් නල්ල තම්බි ත් ඒ ගොඩට දාන්නට වලිකන්නේ නම් එතන අවුලක් ඇති බව ඌට නොපෙනෙතත්, අනිත් උන්ට පෙනී යායුතුය. ඉරාජ් අමරදේවයන්ට සම කරන්නට තැත් දරන ඉහඳ පනුවන්ට අපමණ වූ මෙත් සිතෙන්අනුකම්පා කිරීම හැර වෙන කල හැකි දෙයක් නැත. රසඥතාව වර්ධනය කල යුතු ඥානයක්ම වන බැවිනි.
    ඇරලා........
    අත දිගෑරලා ම......

    වරේවා!!!:love:
     

    waligamaya

    Well-known member

  • ලංකාව තරම් කලාවට සාහිත්‍යයට වලකපපු නයෝකයෝ ඉන්න රටක් නුතන ඉතිහාසේ නැ. සාහිත්‍ය කන්නද කියා නයෝකාඕ ඉන්න කොට අවසානය සොච්නියි. මේකට නියම පැහැදිලි කිරීම ගුරුතරුව වේදිකා නාට්ට්‍යයේ හොදට පැහැදිලි කරනවා.

    කෙලින් තියන කොන්ද උඩ තියන මැටි කළයට අසුචි පුරවනවද, රන් පුරවනවද කියල්ල තොර බෙර ගන්න බැරි ජනතාවක් ඉන්නකන් අධම කපටි නායකයන්ට ඔවුන්ගේ වැඩේ කරගන්න පුළුවන්, එක ඔප්පු වෙලා තියනවා.

    නැත්නම් 20 සියවසේ අරබයේ ඉද්ද්න්ම මෙතරම් මානව හා භෞතික සම්පත් තිබිලත් දිනෙන් දින වලපල්ලට යන රටක් බිහිවෙන්නේ නැ.

    නුතන් තරුණ පරපුරට (අපිට) හරියට සිහල සාහිත්‍යයත් බැ ඉංග්‍රීසි සාහිත්‍යයත් බැ. හරිහමන් විදියට පාසල් වලින් බෂා (සිංහල, දෙමල, ඉංග්‍රීසි) දැනුම ගෙනවනම් අදා අපේ නුතන දක්ක්ෂ් තරුණ ගායකයන්ට අදෝනා කියන්න වෙන්නේ නැ
     
    Last edited:

    T h u s h

    Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113
    තම මහා කලාකරුවෝ බිහිව්වී ඒ ඔහු මිස, ඒ තවත් අමරදේව කෙනෙක් වත්, කේමදා කෙනෙක්වත් නෙවෙයි.


    හරියට නිව්ටන්ලා එක්කේනයි, අයින්සයින් ලා එකෙනයි, මිස අසිටයින් නිවුටන් නැති තැන පිරෙව්වේ නැ


    ඔයා අසංක ප්‍රියමන්ත අයියාද ?:rolleyes:
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    ජිංතක ජිල්ලබකිට;20879347 said:
    ගේය පද රචනය, තනු නිර්මානය සහ ගායනය යන තුන් ආකාර වූ නිර්මාණයන්ගේ සුසංයෝගයෙන් ය මන-කන පිනවන, අපේ ආධ්‍යාත්මික අත්දැකීම් හා ඒකාත්මික වන්නකි "හොඳ" ගීතයක් වන්නේ. උසස් රසඥතාවයක් ඇති පරපුරක් බිහිවන්නේ උසස් සහ විවිධ සාහිත්‍ය නිර්මාන පරිශීලනය කල තරමටය. රසඥතාවයද පුරුදු පුහුනු කර ගොඩ නංවා ගත් යුත්තකි. එය ඉබේ පහල නොවේ.

    පද රචනයෙන්, මඩවල එස් රත්නායක, ආරියවංශ, ඩෝල්ටන් අල්විස්, සුනිල් ආරියරත්න යනු අපේ රට තුල බිහිවූ විශිෂ්ඨම පද රචකයන්ය. සංගීත නිර්මානය අතින්ද එවැනිම විශිෂ්ඨයන් වූහ, තවමත් සිටිති. ඉරාජ් සහ පණ්ඩිත් අමරදේව එක ගොඩට දාන්නට වලි කන, "රසාස්වාදයේ ලුනු ඇඹුල් තෝරන ඉර ගහන්නේ කොතනදැයි" අසන පොරවල් අපට පෙන්වන්නේ අප ජාතියක් වශයෙන් වැටි ඇති නරාවලේ තරමයි. ඒ නරාවලේ අසුචි බුදින ඉහඳපනුවන් පොරවල් වී "මම ගූත් බුදුන්නෙමි, බුරියානිත් බුදින්නේමි, ක්‍රෙම් බුලේත් බුදින්නෙමි, ඔය හැම රසයක්ම මට ආතල්යැ" පාරම් බාති. රසඥතාවය සතතාභ්‍යාසයෙන්ද, බහුසෘත බවෙන්ද, සාහිත නිර්මාණ පරිශීලනයෙන්ද මුවහත් කල යුතු ඥාණයකි. එවැනි රසඥතාවයක් හැමටම ගොඩනගා ගත නොහැකිය. මනමේ හෝ පේමතෝ ජායති බලපු එකා සාජන් නල්ල තම්බි ත් ඒ ගොඩට දාන්නට වලිකන්නේ නම් එතන අවුලක් ඇති බව ඌට නොපෙනෙතත්, අනිත් උන්ට පෙනී යායුතුය. ඉරාජ් අමරදේවයන්ට සම කරන්නට තැත් දරන ඉහඳ පනුවන්ට අපමණ වූ මෙත් සිතෙන්අනුකම්පා කිරීම හැර වෙන කල හැකි දෙයක් නැත. රසඥතාව වර්ධනය කල යුතු ඥානයක්ම වන බැවිනි.



    මම කිව්වේ බන් අරූට වඩා මූ මූට වඩා අරූ පොරක් කියන්න බෑ කිසිම ෆීල්ඩ් එකක කිසිම දේක කියලා