අම්පාරේ වෙඩි බෙහෙත් ගබඩාවක් කඩා පුපුරණ ද්‍රව්‍ය පැහැරගෙන!

monson

Well-known member
  • May 7, 2007
    25,825
    29,063
    113
    May 5, 2025 11:03 am

    අම්පාර දමන පොලිස් බලප්‍රදේශයේ අලහේන ගම්මානයේ පිහිටා තිබෙන වෙඩි බෙහෙත් ගබඩාවක් කඩා එහි තිබු වෙඩි බෙහෙත් ඇතුළු පුපුරණ ද්‍රව්‍ය පැහැරගෙන ගොස් ඇති බව අම්පාර උසස් පොලිස් නිලධාරියෙක් පැවසිය.
    දැනට ලැබි ඇති තොරතුරු අනුව ජෙල් කුරු කිලෝ 45ක්, සේවා නුල් මීටර් 10ක්, කැරලි 25ක්, ඩෙටනේට්ර් 4,100ක් පැහැරගෙන ගොස් ඇතැයි තහවුරු වී තිබේ.
    පෞද්ගලික ගල් මෝල්හිමියන්ගේ වෙඩි බෙහෙත් ගබඩා මෙම ස්ථානයේ ඇති අතර එම වෙඩි බෙහෙත් ගබඩාවල ආරක්ෂාවට පොලිස් මුරපොලක්ද පිහිටා ඇතැයි අප වාර්තාකරු පැවසීය.
    වෙඩි බෙහෙත් ගබඩා තුනක එක් ඉබ්බෙක් කඩා ඇති අතර අනෙත් ඉබ්බා එලෙසම පවතින බවද විමර්ශන නිලධාරින් ද විසින් සොයා ගෙන තිබේ.

    - https://sinhala.adaderana.lk/news/209539

    Last edited:

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,684
    100,974
    113
    Angry Dave Grohl GIF by Foo Fighters

    බන්කුවෙන් දමල ගහන්න තමා වෙන්නෙ.
     
    • Haha
    Reactions: Phone Hora

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,731
    75,896
    113
    May 5, 2025 11:03 am

    අම්පාර දමන පොලිස් බලප්‍රදේශයේ අලහේන ගම්මානයේ පිහිටා තිබෙන වෙඩි බෙහෙත් ගබඩාවක් කඩා එහි තිබු වෙඩි බෙහෙත් ඇතුළු පුපුරණ ද්‍රව්‍ය පැහැරගෙන ගොස් ඇති බව අම්පාර උසස් පොලිස් නිලධාරියෙක් පැවසිය.
    දැනට ලැබි ඇති තොරතුරු අනුව ජෙල් කුරු කිලෝ 45ක්, සේවා නුල් මීටර් 10ක්, කැරලි 25ක්, ඩෙටනේට්ර් 4,100ක් පැහැරගෙන ගොස් ඇතැයි තහවුරු වී තිබේ.
    පෞද්ගලික ගල් මෝල්හිමියන්ගේ වෙඩි බෙහෙත් ගබඩා මෙම ස්ථානයේ ඇති අතර එම වෙඩි බෙහෙත් ගබඩාවල ආරක්ෂාවට පොලිස් මුරපොලක්ද පිහිටා ඇතැයි අප වාර්තාකරු පැවසීය.
    වෙඩි බෙහෙත් ගබඩා තුනක එක් ඉබ්බෙක් කඩා ඇති අතර අනෙත් ඉබ්බා එලෙසම පවතින බවද විමර්ශන නිලධාරින් ද විසින් සොයා ගෙන තිබේ.

    - https://sinhala.adaderana.lk/news/209539

    "මම ඒක සොයා බැලුවා, එතන ඉන්න පොලිස් නිලධාරින්ට කතා කලා, ඔවුන්ගෙ දෙමාපියන්ට කතා කලා, අසල්වැසියන්ට කතා කලා. ඒ පුපුරන ද්‍රව්ය නිශ්පාදනය කල ආයතනයට කතා කලා. ඒ ලබාගත් තොරතුරු අනුව මෙය ප්‍රශ්නයක් නෙවී. අරන් ගිහින් තියෙන්නෙ පොඩි දේවල් ටිකක්. මෙහෙමද ඉස්සර මහින්ද ඉන්න කාලේ උස්සන් ගියේ. කන්ටේනර් අරන්ගියේ, කන්ටේනර්.

    එම නිසා මම වගකීමේ කියනවා මේ සිද්දියෙන් ජාතික ආරක්ශාවට අල්පමාත්‍රයකවත් හානියක් නෑ කියලා"
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,825
    29,063
    113

    අලහේන වෙඩි බෙහෙත් ගබඩාව කඩා පුපුරණ ද්‍රව්‍ය සොරාගෙන ගිහින්

    - 5 05 2025 - 22:53 - 3 views - ..

    අම්පාර දමන පොලිස් බලප්‍රදේශයේ අලහේන ගම්මානයේ පිහිටා තිබෙන වෙඩි බෙහෙත් ගබඩාවක් කඩා එහි තිබූ වෙඩි බෙහෙත් ඇතුළු පුපුරන ද්‍රව්‍ය පැහැරගෙන ගොස් ඇති බව අම්පාර උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.
    දැනට ලැබී ඇති තොරතුරු අනුව ජෙල් කූරු කිලෝ 45ක්, සේවා නූල් මීටර 10 ක්, කැරැලි 25ක් ඩෙටනේටර් 4100ක් පැහැරගෙන ගොස් ඇත.
    පෞද්ගලික ගල් මෝල් හිමියන්ගේ වෙඩි බෙහෙත් ගබඩා මෙම ස්ථානයේ ඇති අතර, මෙම වෙඩි බෙහෙත් ගබඩාවල ආරක්ෂාවට පොලිස් මුරපොළක්ද පිහිටා තිබේ.
    මෙම වෙඩි බෙහෙත් ගබඩාවල එක යතුරක් දමන පොලිස් ස්ථානයේ ඇති අතර, අනෙක් යතුර එහි අයිතිකරු සතුව තිබෙන බවද උසස් පොලිස් නිලධාරියෙක් සඳහන් කළේය.
    මෙම ගබඩා තුනේම ඉබ්බන් කඩා ඇති බව විමර්ශන නිලධාරීන් විසින් සොයා ගෙන තිබේ.
    දැනට පොලිස් කණ්ඩායම් 05ක් හා පොලිස් නිල සුනඛයන්ද යොදවා මෙහි පරීක්ෂණ ආරම්භ කර තිබේ.
    මෙම වෙඩි බෙහෙත් ගබඩාව පිහිටා තිබෙන ප්‍රදේශය අවට පොලීසිය යොදවා විශේෂ මෙහෙයුමක්ද අම්පාර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සනත් අමරසිංහ මහතාගේ නියෝග මත සිදුකරනු ලැබීය.
    නැගෙනහිර දිසාව භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර මහතාගේ නියෝගය පරිදි, අම්පාර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සනත් අමරසිංහ මහතාගේ අධීක්ෂණය යටතේ අම්පාර කොට්ඨාස 1 භාර පොලිස් අධිකාරී සනත් බණ්ඩාර මහතාගේ මෙහෙයවීමෙන් දමන පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක මනෝජ් කුමාර අලගියවන්න මහතා ඇතුළු නිලධාරීහු වැඩිදුර පරීක්ෂණ පවත්වති.

    අම්පාර - වසන්ත චන්ද්‍රපාල

    https://www.ada.lk/breaking_news/අල...-කඩා-පුපුරණ-ද්‍රව්‍ය-සොරාගෙන-ගිහින්/11-416037