අම්පාර මාණික්කමඩු ආවාසය ඉදිකිරීමේ විරෝධ&

chamara_p

Well-known member
  • Sep 13, 2007
    2,748
    545
    113
    සිංහ_ලේ!
    අම්පාර මාණික්කමඩු ආවාසය ඉදිකිරීමේ විරෝධ&

    image_3d3d8c35a4.jpg

    මාණික්කමඩු ආවාසය ඉදිකිරීමේ විරෝධතාව අදත්

    (වසන්ත චන්ද්‍රපාල)
    අම්පාර මාණික්කමඩු හි දිඝවාපි පරිවාර චෛත්‍යයේ නව ආවාස ගෙයක් හැදීමට මහා සංඝරත්නය කටයතු ආරම්භ කළ අතර ප‍්‍රදේශයේ මුස්ලිම් ජනතාව මෙයට විරෝධය පෑමත් සමගම පොලිසිය විසින් මහා සංඝරත්නය සමග සාකච්ඡා කොට එහි ඉදිකිරිම් කටයුතු දින 5කට පමණ කල් දමනු ලැබීය.
    උතුරු නැගෙනහිර පිරිවෙන් භාර නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂක පුළුකුනාව රජමහා විහාරාධිපති අරන්තලාව බෞද්ධ මධ්‍යස්ථානාධිපති කිරිදිවැල සෝමරතන හිමියන් ගේ ප‍්‍රධානත්වයෙන් මෙම ඉදිකිරිමි කටයුතු අද (21) ආරම්භ වූ අතර පසුව එහි පැමිණි පිරිසක් විරෝධය පෑම නිසා උණුසුම් වාතාවරණයක් ඇතිවිය. අම්පාර නියෝජ්‍ය පොලිස්පති නුවන් වෙදසිංහ මහතා සහ අම්පාර කොට්ඨාස භාර පොලිස් අධිකාරි සාමන්ත විජේසේකර මහතා ඇතුළු පොලිස් නිලධාරිහු මෙම තත්වය පාලනය කිරිමට උත්සාහ ගත්හ.
    තත්ත්වය උණුසුම් විමත් සමගම පොලිස් කැරලි මර්දන ඒකකයද එම ස්ථානයට ගෙන්විමට පොලිසිය පියවර ගනු ලැබිය.
    පසුව මෙම පිරිස අම්පාර සහකාර දිසාපති සමග සාකච්ඡාවකින් පසු මෙම මස 25 වැනිදා නැගෙනහිර පළාත් සභාවේ ඉඩම් කොමසාරිස්වරයා පැමිණ මෙයට විසඳුමක් දෙන බවට එකඟතාවයකට පැමිණියේය.
    දින 05 ක් යනතුරු මෙම ස්ථානයට පොලිස් ආරක්ෂාව දිවාරාති‍්‍ර දෙකේම ලබාදීමටද අම්පාර නියෝජ්‍ය පොලිස්පති නුවන් වෙදසිංහ මහතා එකග විය.


    බලපල්ලකො පොන්න පැටව් ටික ඉන්න ලස්සන..
     
    • Like
    Reactions: ruwper
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    onna balapan mewunge mahaloku sahajeewane
    pansalaka thwa godangillak hadanwata oya wirode karanne

    thwa tika kalekin ubalage ganunta lamayi wadannath thahanam karana kan uda balagena eka eka deshpaluwata kade yana gaman hamba kadawal walata ehema palayalla
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,974
    1,649
    113
    දැන් මොනවා හරි කරන්න වෙනවා ....
     

    Dumbledore

    Well-known member
  • Oct 1, 2012
    2,363
    955
    113
    Godric's Hollow
    යකෝ පන්සල් හදන්න මුන්ගෙන් අවසර ගන්නේ මොන මගුලටද... වෙඩි තියල දාන්න ඕනේ හම්බ හැත්ත හැඳි ගැවිලා යන්න.. :angry::angry::angry::angry:
     

    nuwa11

    Member
    Jul 15, 2016
    2,120
    134
    0
    උපුටා ගෙන්ම ලංකාදීප පුවත්පතෙනි....

    ,වැවයි දාගැබයි ගමයි පන්සලයි සිහිගන්වන දීඝවාපී පරිවාර චෛත්‍ය දැන් බොහෝ වන්දනාකරුවන්ගේ වන්දනාමානයට පාත‍්‍ර වී ඇත. පරිවාර චෛත්‍ය පිහිටි කඳුමුදුනට නැඟ අවට සිසාරා බලන විට දක්නට ලැබෙන්නේ නෙතට රසඳුනක් බඳු දසුනකි. වැව්, අමුණු, කෙත්වතු, ඝන වනාන්තරය සහ නැගෙනහිර වෙරළ තීරයේ දැක්වෙන අහස - පොළොව යා කළ ක්ෂිජය, බලන්නට වටිනා දැකුමෙකි. ඓතිහසික දීඝවාපී පුදබිම වටා ඉදි කරන්නට ඇතැයි සැළකෙන පරිවාර චෛත්‍යයන්ගෙන් එක් චෛත්‍යයක් මේ සුවිසල් කඳු මුදුන මත පිහිටා ඇතැයි සැළකෙන අතර එකී චෛත්‍ය කාලයාගේ බලපෑමට යටත්ව අද වල් බිහිව නිධන් හොරුන්ගේ ග‍්‍රහණයට ලක්ව තිබේ. ඓතිහාසික දිගාමඩුල්ලේ අඩ්ඩාලච්චේන ප‍්‍රදේශීය ලේකම් කොට්ඨාසයට අයත් බුදුන්ගේ පාදස්පර්ශය ලද දීඝවාපී මහපන්සල පිහිටා ඇත්තේද මෙකී පරිවාර චෛත්‍යයට සැතපුම් දෙක තුනක් ඈතිනි. දීඝවාපී මහ පන්සල අවට ප‍්‍රදේශයේ පිහිටි පරිවාර චෛත්‍යයක් සහ පුරා වස්තු රැසක් පසුගිය කාලයේ ඩෝසර්වලට අසුවී විනාශවී ගිය අතර එම ප‍්‍රදේශයේ ඉඩකඩම් අබෞද්ධ අසිංහල බලවේග මගින් කොල්ල කා නිවාස පවා තනාගෙන ඇත. මෑත භාගයේ එම ප‍්‍රදේශයේ යුද හමුදා කඳවුරක් ස්ථාපිත වීම නිසා සමහර ක‍්‍රියාකාරකම් අඩපණ විය. මේ පිළිබඳ අවධානය යොමු කළ උහන සුහදගම සඳනදපුර, 19 තිස්සපුර සුදර්ශනාරාමය යන විහාරයන්හි උභය විහාරාධිපති, උහන ශාසනාරක්‍ෂක මණ්ඩලයේ සභාපති විශ්ව කීර්ති ශ්‍රී සමාජ සේවා ශිරෝමනී සාසන සෝබන ශ්‍රී රතනපාල පෝද්දිවෙල චන්දානන්ද මහනාහිමි මෙම පරිවාර චෛත්‍යය ඇතුළත් ඓතිහාසික පින්බිමේ වටිනාකම තේරුම් ගෙන එම භූමිය ඉතා දුෂ්කරව එළිපෙහෙළි කරගෙන බෞද්ධයන්ගේ චන්දනාමානයට අවශ්‍ය පරිදි ගොඩනගමින් එහි විහාරාධිපතිත්වයද දරමින් කටයුතු කිරීම සැබවින්ම ප‍්‍රශංසනීය කටයුත්තකි. සුවිසල් ගල් කන්දක් මත බෞද්ධ නිර්මිත රැුසක් මේ වන විටත් එහි ඉදිකර අවසන්ය. ප‍්‍රදේශයේ ව්‍යාපාරිකයකු වන දේශ ශක්ති දයා ගමගේ මහතා ලංකාව පුරාම චෛත්‍ය සියයක් ඉදිකිරීමේ වැඩසටහනක් අරඹා ඇති අතර එහි පළමුවැන්න මේ දීඝවාපී පරිවාර චෛත්‍ය පිහිටි කඳු මුදුනේ ආරම්භ කර තිබේ. මේ වන විටත් එහි ඉදිකිරීම් සිදුවෙමින් පවතින අතර මෙහි බොහෝ කටයුතු වලට දයා ගමගේ මහතාගේ අනුග‍්‍රහය ලැබී ඇත. දීඝවාපී මහපන්සලට යන බොහෝ බැතුමත්හු දීඝාවාපී පරිවාර චෛත්‍ය සහිත පින්බිම දැක වැඳ පුදා ගැනීමට අමතක නොකරති. මේ පූජනීය ස්ථානයේ විශේෂත්වයක් වන්නේ ලංකාවේ සතර දිග්භාගයෙන් පැමිණෙන වන්දනා නඩ සඳහා නොමිලේ නවාතැන් දීම සහ නොමිලේ ආහාර පානාදිය ලබාදීමයි. මෙවැනි ස්ථාන ලංකාවේ දුර්ලභය. කිසිදු ආදායම් මාර්ගයක් නොමැතිව මෙවැනි සමාජ සත්කාර්යක් කිරීම වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම බුදු දහම ප‍්‍රායෝගිකව අර්ථ ගැන්වීමකි. ”දෙන්න - දෙන්න ලැබෙනවා” තමන් කළ ආනිසංස මෙලොවදීම ඵල දෙනවා” යන්න ලාංකීය බෞද්ධ සමාජයේ මුල්බැසගත් බෞද්ධ මතයකි. එය සනාථ කරමින් මෙම පරිවාර චෛත්‍යයේ විහාරාධිපති පෝද්දිවෙල චන්දාන්ද හිමියන්ට අත්දැකීම් රැසකට මුහුණ දෙන්නට හැකි විය. දිගාමඩුල්ල ප‍්‍රදේශයේ වන්දනාවට පැමිණෙන බොහෝ බෞද්ධ වන්දනා නඩවලට නිරන්තරව මුහුණ දෙන්නට සිදුවන ගැටලූවක් වනුයේ නවාතැන් පහසුකම් සලසා ගැනීමයි. මේ නිසා ඔවුහු අසරණව අතරමංව සිටින කල දීඝවාපී පරිවාර චෛත්‍ය සොයා ඇදෙති. ඒ යන සෑම වන්දනා නඩයකටම තමන්ට හැකි උපරිම අයුරින් නොමිලේ නවාතැන් පහසුකම් පමණක් නොව නොමිලේ ආහාර පානද ලබාදීමට වන්දානන්ද හිමියෝ පියවර ගත්හ. ඉන් බොහෝ ලෙස සතුටට පත් සමහර වන්දනා නඩ තමන්ට හැකි උපරිම ආකාරයෙන් පන්සලට ආධාර කළෝය. වන්දානන්ද හිමියන් මේ කිසිවක් අපේක්‍ෂා නොකළද, මේ කටයුත්ත දිගින් දිගටම කරගෙන යාමට දිරි දෙනුවස් එලෙස උදව් කළ බව අපට හමු වූ වන්දනා කරුවෝ කීප දෙනෙක්ම පැවසූහ. පසුගිය සුනාමියෙන් පීඩාවට පත් පාන්ඩිරිප්පුවේ දෙමළ පවුල් සිය ගණනකට සුහදගම පන්සලේ සහ සුදර්ශනාරාමයේ මාස ගණනක් නවාතැන් දුන් චන්දානන්ද හිමියෝ එම කාලය තුළ ඔවුනට අවශ්‍ය ආහාර පාන, බේත් හේත්, ඇඳුම් පැළඳුම් ආදියද නොමසුරුව පරිත්‍යාග කළහ. මේ පිළිබඳ පැහැදුණු බොහෝ දෙනා චන්දනාන්ද හිමියන්ට අනුග‍්‍රහය දැක්වූහ. මේ ස්වාමින් වහන්සේගේ මෙකී මානුෂික සද්කාරය දෑසින් දුටු සාමය දයාව උදෙසා වූ ජාත්‍යන්තර සංවිධානයේ ප‍්‍රධානී ජර්මන් ජාතික උර්සුලා බයර් මහත්මිය එම කටයුතු සඳහා බොහෝ සෙයින් උදව් උපකාර කළාය. ඉන්පසුව මෙම පරිවාර චෛත්‍ය භූමියේ සංස්කෘතික ශාලාවක් ඉදිකිරීමට රුපියල් ලක්‍ෂ 61ක මුදලක් පරිත්‍යාග කිරීමට ඇය පියවර ගත් අතර මේ මුදලින් ඉදිකළ සංස්කෘතික ශාලාව් දයා සරණ දහම් පාසලද පැවැත්වේ. මෙහි පැමිණෙන බැතිමතුන්ට ප‍්‍රයෝජනවත් වන පරිදි මෙන්ම අවට වනයේ වනසතුන්ගේ ප‍්‍රයෝජනය සඳහාද පරිවාර චෛත්‍යයට පිවිසෙන තැන වම් පැත්තේ කුඩා ජලාශයක් ඉදිකර ඇත. විදලමු ශ්‍රී ලංකා වැඩපිළිවෙල යටතේ මේ පින්බිමට විදුලිය ලැබී ඇති අතර වැව සැදීමට දිගාමඩුල්ල දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී සරත් වීරසේකර මහතා රුපියල් ලක්‍ෂ 05ක මුදලක් ලබාදී ඇත. ඊට අමතරව අම්පාර හිටපු දිසාපති, වත්මන් රත්නපුර දිසාපති සුනිල් කන්නන්ගර මහතා මෙම චෛත්‍යයේ වැඩ කටයුතු සඳහා දිරිය ශක්තිය මෙන්ම විශාල අනුග‍්‍රහයක් දක්වා ඇත. ඒ හැරුණු විට මෙම පින්බිම භෞතික වශයෙන් සංවර්ධනය කිරීමේදී වන්දානන්ද හිමියන් බරපතළ ගැටලූවලට මුහුණ දුන් අවස්ථා ද ඇත. ඒ එක් අවස්ථාවකදී අමාත්‍ය පී. දයාරත්න මහතා කළ උදව් චන්දානන්ද හිමියෝ මෙන්ම දායකයින්ද කෘතඥතා පූර්වකව සිහිපත් කරති. නැගෙනහිර පළාතේ තිබිය යුතු මෙවැනි පූජනීය ස්ථාන රැුකගැනීම ඊට දිරිදීම ජාතික යුතුකමක් සේ සළකා පක්ෂ විපක්ෂ භේදයෙන් තොරව සහයෝගය දැක්වීමද සැබවින්ම අගය කළ යුතුය. ජය ශ්‍රී මහා බෝධි අංකුරයක් අම්පාර හිටපු දිසාපති සුනිල් කන්නන්ගර මහතා හිටපු නියෝජ්‍ය පොලිස්පති රංජිත් වීරසූරිය මහතා වෙත ලබාදීමෙන් පසුව මෙහි කඳු මුදුනේ රෝපණය කර ඇති අතර නැගෙනහිරට මුහුණලා ඇති ශාන්තවත් වූ බුදු පිළිමය බුදු දහමේ අනුහස් ලොවට කියාපානු වැනිය. මෙවැනි ඉපැරණි පුදබිමක් තෝරාගෙන කටු කොහොල් මැදින් ගොස් එය එළි පෙහෙළි කරගෙන දරන ලද උත්හායට සිවිල් ආරක්ෂක බළකායෙන්ද චන්දානන්ද හිමියන්ට ලැබුණේ අගනා සහයකි. සිවිල් ආරක්ෂක බළකායේ අධ්‍යාත්මික ව්‍යාපෘතිය යටතේ එහි අම්පාර සහ මොනරාගල අණදෙන නිලධාරී කර්නල් තිලකරත්න මහතා මෙවැනි බෞද්ධ වැඩකටයුතු වලදී නිරතුරු සහය පළ කරයි. ඒ අනුව සිය බළඇණියේ දායකත්වය මේ සඳහා ලබාදී තිබීමද පැසසිය යුතුය. මේ පින් බිමේ ඇරඹුම හා වත්මන් කටයුතු පිළිබඳ අප හා අදහස් පළකළ පෝද්දිවෙල චන්දානන්ද හිමියන්, මීට වර්ෂ දහයකට දොළහක පෙර මමත් තව භික්ෂූන් වහන්සේලා පිරිසකුත් දීඝවාපි මහ පන්සලට පිටුපසින් තිබූ පල්ලකාඩු කැලෑබද ප‍්‍රදේශයට ගියා. අප ගියේ එහි පුරා වස්තු හා පරිවාර චෛත්‍යය නටබුන් ඩෝසර් කරලා විනාස කරලා තියෙනවා කියලා ලැබුණු ආරංචියට. ඒ ආරංචිය සත්‍යයක් බවට පත් වෙලා තියෙන බව අපි අපේ දෑස් වලින්ම දැක්කා. අපි මේවා ගැන කොච්චරවත් ඉහළට දැනුම් දුන්නත් ඵලක් වුණේ නෑ. එදා සිට තවත් දසවසරකින් පසුව මම එතෙන්ට ගියාම ජල, විදුලි, පහසුකම් සහිත නව නිවාස මාර්ග කුඩා වෙළඳසැල් ආදිය ඉදිවුණු අන්‍යාගමික අර්ධ නගරයක් දැක්කා. මම බොහෝම කම්පාවට පත්වුණා. ඉතින් මේ පූජනීය ස්ථානයටත් එලෙස සිදුවීමට ඉඩ නොදිය යුතුයි කියලා හිතලයි මෙතැන සංවර්ධනය කිරීම ආරම්භ කළේ. මේ ස්ථානය මට මුලින්ම පෙන්නුවේ දීඝවාපියේ බන්දුල මහතා. මම එතුමාටත් ස්තුතිවන්ත වෙනවා. එතුමා මම මේ සෑම තැනකටම එක්කරගෙන ගියා. මේ ගල උඩ නැග්ගම මෙහි ඇති ඓතිහාසික, සමාජීය, සංස්කෘතික මෙන්ම පාරිසරික වටිනාකම පිළිබඳ මට අවබෝධ වුණා. ඒ එක්කම බන්දුල මහත්තයා මට කිව්වා හාමුදුරුවනේ අපි මෙතන පන්සලක් හදමු කියලා. ඉතින් ඒ අනුව තමයි මම මෙතන වැඩ ආරම්භ කළේ. නිලධාරීන්, ව්‍යාපාරිකයින් මෙන්ම පක්ෂ විපක්ෂ සියලූම දේශපාලනඥයන් ගම්වැසියන් මේ සඳහා උදව් කළා. බෞද්ධයන්ගේ මුදුන්මල්කඩක් බඳු දීඝවාපි මහ පන්සලටද, අවට ගම් දනව් වලටද රැුකවරණයක් ලැබෙන දීඝවාපි පරිවාර චෛත්‍යය ප‍්‍රමුඛ පින්බිම රැුකගැනීම සහ ඊට කර උර දීම ඔබ අප සැමගේ යුතුකමකැයි සිතමි. ඊට අනුබල දීමට උදව් උපකාර කිරීමට කැමති අයෙක් වෙතොත් අංක 0773522134 දරන දුරකථන අංකයට කථා කර පෝද්දිවෙල චන්දානන්ද හිමියන්ට හෝ 0632222206 අංකයට කතා කර අම්පාර වත්මන් දිසාපති නීල් ද අල්විස් මහතාට කතාකර විස්තර විමසිය හැක. නවාතැන් පහසුකම් ගන්නට එන අය දින කීපයකට පෙර චන්දානන්ද හිමියන් ඇමතිය යුතුය. සටහන සහ සේයාරූ - දිගාමඬුල්ලේ සමන් දිසානායක



    Share
    [/QUOTE]