හරි, ඉපදුනා කියමුකෝ. වැඩෙන්නේ කොහොමද?
මිත්‍යා දෘෂ්ටිය යනු සරළවම නම් වැරදි දැකීමයි. වැරදි කල්පනාවයි.. වැරදි අදහස්ය.. කර්ම හා කර්ම ඵල පිළිබදව යථාවබෝධයෙන් තොර වීමයි..

බුදුරදුන් ලොව පහළ වූ සමයේ භාරතීය


සමාජය තුළ 62 ක් මිත්‍යා දෘෂ්ටික ආගම් හා

දර්ශණ පැවති බව සඳහන් වේ . කෙනෙක් යම් වැරදි දෘෂ්ටියක් කෙරෙහි එල්බගෙන ඇත්නම් ඔහු මිත්‍යා දෘෂ්ටියෙන් යුතු වූවෙකි.
.
බුදු දහමේ ප්‍රධාන මිත්‍යා දෘෂ්ටික සංකල්ප 10ක් පිළිබඳව දේශණා කර ඇත. ඒවා නම්,

දූන්දේ විපාක නැත.

මහා දානවල විපාක නැත.

වෙතට පමුණුවා / සකසා පිලිගන්වන දානයේ විපාක නැත.

කුසලාකුසල කර්මයන්ගේ විපාක නැත.

මෙළොවක් නැත.

පරළොවක් නැත.

මවක් නැත.

පියෙක් නැත.

ඕපපතිකව උපදින සත්වයෝ නැත.

හිත දියුණු කළ.. ලෝකය අවබෝධ කළ.. ශ්‍රමණ බ්‍රාහ්මණවරු නැත.
.
නිර්වාණය සාක්ශාත් නොකළ යම් අයෙක් ඇති නම් ඔවුන් තුළ මේ කරුණු දහයම අඩු වැඩි

වශයෙන් ඇත. නමුත් බෞද්ධ අප බොහෝ

කරුණු ගැන සැක උපදවා නොගනි.
එහෙත් මිත්‍යා දෘෂ්ටික අදහස් බහුල අද වැනි සමාජයක ධර්මය යටපත් වෙමින් පවතින යුගයක බොහෝ අය යම් යම් කරුණු පිළිබදව සැක උපදවා ගැනීමට යොමුවන්නේ ඔවුන් ධර්මයෙන් ඈත් වී ඇති නිසාය.

ධර්මයේ පිළිසරණක් නො ලබන සත්වයන් මිත්‍යා ආකල්ප වලට ඇදී යාම ලෙහෙසියෙන්ම සිදුවන්නකි. සමහරුන් අකුසල කර්ම, පස් පව් කරන්නේ ඒවායේ විපාක ද ඒ අනුව පරලොව උපතක් සිදුවිය නොහැකි බව ද සිතමිනි. එයින් බුදු දහමේ ගැඹුරුම දර්ශණය වන පුනර්භවය සංකල්පය ඔවුන් හෙළා දකී. නමුත් විහිළුවට කරුණ නම් කුසල කර්ම, පිං සිදු කරගතහොත් දිව්‍ය සැප ලබා ගත හැකි බව ඔවුන්ම විශ්වාස කිරීමයි.

තමා වැදූ මව පියා අමතකව ඇති සමාජයක

කටයුතු කරන්නේ තමා ඕපපාතිකව බිහි වූ

අයුරිනි. ඔවුන් විශ්වාස කරන දිව්‍ය සමූහයා ද ඕපපාතිකව පහළ වන්නන් වේ. නමුත් සතර අපායන් පිළිබදව අවිශ්වාස කරන ඔවුන් ප්‍රේත, බූත කොට්ඨාශ වැනි ඕපපාතිකව පහළ වන

සත්වයන් නැති බවත් ඒවා හුදු ප්‍රවාද බවත්

සිතයි. ඒ හුදෙක්ම තමා නොදකින නිසා බව

පුහු තර්ක ද ඉදිරිපත් කරයි.
නමුත් තම ලෞකික සමෘද්ධිය සඳහා සහය වන කවරක් හෝ, දැක්කත් නොදැක්කත් ඒවා අවිවාදයෙන් යුතුව පිළිගනී. තම සිත් සතන්හි රාග ද්වේශ මෝහ දුරු කර ගැනීමට ධර්මය

වැඩීම පසෙකළා දෙවියන් අමනුශ්‍ය කොටස්

අපට නොපෙනෙන්නෙ ඇයි යන දෙගිඩියාවෙන් බොහොමයක් දෙනා පසුවෙයි. තම සිත් සතන් තුළ පවතින පීඩනය පහ කර ගන්න නොයෙක් මාර්ග සොයාගෙන ඇත්තේ ද එබැවිනි.
මේ සියල්ලම අතරතුර ඔවුන් දහ වන කරුණ හුදු ජන ප්‍රවාදයක් බව ද, ධර්මය යන්නක්

ලොව නොපවතින බව ද සිතීමට යොමු වීම

නම් සිංහල බෞද්ධයන් ලෙස භයානක ඵල

විපාක ගෙන දීමට හේතු වේ.
ආනන්තරීය පාප කර්ම කළ අය පවා කල්ප ගාණක් හෝ නිරයන්හි දුක් විඳ ( සතර අපායන් විශ්වාස කලත් නැතත් ) හෝ ඉන් මිදෙන මුත් නියත මිත්‍යා දෘෂ්ටියෙන් යුක්තව ඉහත කාරණා අදහන පුද්ගලයා ගේ සසරේ නියත නවාතැන සතර අපායම පමණක්ම වන බව අප සම්බුදු පියාණන් වහන්සේගේ දේශණාවයි.

මිත්‍යාව සිඳ සත්‍යය දැකීමට වීර්‍යය නොකරන අසරණ සත්වයනට කාගේ නම් පිහිටක් ද !
•°•════•••════•••••════•••════•°•