අම්බලංගොඩ වෙඩිතැබීමක් - දෙදෙනෙක් මරුට

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    ambalangoda-shot-two-dead


    අම්බලන්ගොඩ, ඌරවත්ත ප්‍රදේශයේ සිදුවූ වෙඩිතැබීමකින් කාන්තාවක් ඇතුළු පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් තිබේ.
    යතුරුපැදියකින් ගමන් කරමින් සිටියදී ඔවුන් දෙදෙනාට තවත් යතුරු පැදියකින් පැමිණි නාඳුනන තුවක්කුකරුවන් දෙදෙනෙකු විසින් වෙඩිතැබීම සිදුකර ඇති බව පොලීසිය පැවසීය.

    වෙඩි ප්‍රහාරයට ලක්වූ කාන්තාව සහ පිරිමි පුද්ගලයා එම ස්ථානයේ දීම මියගොස් ඇති අතර ඔවුන් අම්බලන්ගොඩ, කුලීගොඩ ප්‍රදේශයේ පදිංචිව සිටි 46 හැවිරිදි අඹුසැමි යුවළකි.

    මියගිය කාන්තාව මෙන්ම පිරිමි පුද්ගලයා ද මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ අය බව ද පොලීසිය සඳහන් කළේය.

    මෙම වෙඩි තැබීම T-56 වර්ගයේ ගිනි අවියකින් සිදු කර ඇති බවට දැනට සිදුකළ විමර්ශනය අනුව පොලීසිය සැකකරනු ලබයි.

    සිද්ධිය සම්බන්ධයෙන් අම්බලන්ගොඩ පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.