අම්බලන්ගොඩ මෝදර දේවාලේ පෙරහැර
- 78 වෙනි වරටත් ගමන් කරන මේ පෙරහැර ගැන දන්න නොදන්න අයට මම දන්න දේ කියන්නම්. මෝදර දේවාලය දෙවොල් දෙවියන් වැඩසිටින දේවාලය ලෙස සැලකෙනවා. මේ පෙරහැර විශේෂ පෙරහැරක් වන්නේ මෙහි වෙනත් පෙරහැරක දැකිය නොහැකි නැටුම් ඔබට දැකිය හැකි වීමයි. අපේ සංස්කෘතියට අදාල නැටුම්ද මෙහෙ ඇතුලත් වී තිබෙනවා. අම්බලන්ගොඩ යනු ශ්රි ලාංකික සංස්කෘතියේ කොටසක්. ඊට හේතුව වෙස්මූණු හා රූකඩ මේ පුරවරයෙන් බිහිවීමයි.
අම්බලන්ගොඩට විශේෂ නැටුම් වර්ගයකට සහභාගීවීම අම්බලන්ගොඩ ප්රදේශවාසීන් භාග්යක් සේ සලකන අතර වසරකට පමණක් උදාවෙන මේ අවස්ථාව මෙහි වාසය කරන්නන් මුදල් මත තීරණය නොකරන අතර එය අභිමානයක් සේ සලකනවා. ශ්රී ලාංකික කොඩිය, බෞද්ධ කොඩිය ඇතුලු කොඩි බතික් වලින් නිර්මාණය වී තිබීම මෙහෙ විශේෂයක්.
රටේ කාලෙන් කාලෙට එන රැල්ල සහ සමාජය මූලික කරගත් නව නර්තන අංග මෙම පෙරහැරට විශේෂත්වයක් එක් කරනවා. පැය 3ක් පමණ වේලාවක් ඔබට මෙය රසවිදිය හැකි අතර දේවාල භූමියේද රාත්රී කාලයේ විශේෂ වැඩසටහන් පැවැත්වෙනවා. ලාංකිකයකු ලෙස ඔබ එක්වරක් හෝ බැලිය යුතුම පෙරහැරක් ලෙස මෙය නම් කල හැකියි. රටේ දේශපාලනය ,සමාජ තත්ව උපහාසයට ගෙන එයින් සමාජයට පණිවිඩයක් ලබාදීම සිදුවෙනවා. ඇවිත් බලන්න.
පබ්ජී ගැන කතා කරපු කවුරුත් පෙරහැරේ මේ නැටුම් ගැන කතා කරේ නෑනේ..
------
Post added on Oct 4, 2022 at 7:59 PM
අමීලියා දන්නව ඇති නේ ද ඔයාලා... එයාගේ තමයි මේ ආරියපාල වෙස් මුහුණු එක අවුරුදු ගානක් පැරණියි.. අමීලියා තමයි මේ ඉන්නේ..
------
Post added on Oct 4, 2022 at 8:00 PM
------
Post added on Oct 4, 2022 at 8:00 PM