අම්බලන්ගොඩ ඩාන්ස් එක අවුල්ද?

EHDEHD

Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    අම්බලන්ගොඩ මෝදර දේවාලේ පෙරහැර
    - 78 වෙනි වරටත් ගමන් කරන මේ පෙරහැර ගැන දන්න නොදන්න අයට මම දන්න දේ කියන්නම්. මෝදර දේවාලය දෙවොල් දෙවියන් වැඩසිටින දේවාලය ලෙස සැලකෙනවා. මේ පෙරහැර විශේෂ පෙරහැරක් වන්නේ මෙහි වෙනත් පෙරහැරක දැකිය නොහැකි නැටුම් ඔබට දැකිය හැකි වීමයි. අපේ සංස්කෘතියට අදාල නැටුම්ද මෙහෙ ඇතුලත් වී තිබෙනවා. අම්බලන්ගොඩ ‍යනු ශ්‍රි ලාංකික සංස්කෘතියේ කොටසක්. ඊට හේතුව වෙස්මූණු හා රූකඩ මේ පුරවරයෙන් බිහිවීමයි.
    අම්බලන්ගොඩට විශේෂ නැටුම් වර්ගයකට සහභාගීවීම අම්බලන්ගොඩ ප්‍රදේශවාසීන් භාග්‍යක් සේ සලකන අතර වසරකට පමණක් උදාවෙන මේ අවස්ථාව මෙහි වාසය කරන්නන් මුදල් මත තීරණය නොකරන අතර එය අභිමානයක් සේ සලකනවා. ශ්‍රී ලාංකික කොඩිය, බෞද්ධ කොඩිය ඇතුලු කොඩි බතික් වලින් නිර්මාණය වී තිබීම මෙහෙ විශේෂයක්.
    රටේ කාලෙන් කාලෙට එන රැල්ල සහ සමාජය මූලික කරගත් නව නර්තන අංග මෙම පෙරහැරට විශේෂත්වයක් එක් කරනවා. පැය 3ක් පමණ වේලාවක් ඔබට මෙය රසවිදිය හැකි අතර දේවාල භූමියේද රාත්‍රී කාලයේ විශේෂ වැඩසටහන් පැවැත්වෙනවා. ලාංකිකයකු ලෙස ඔබ එක්වරක් හෝ බැලිය යුතුම පෙරහැරක් ලෙස මෙය නම් කල හැකියි. රටේ දේශපාලනය ,සමාජ තත්ව උපහාසයට ගෙන එයින් සමාජයට පණිවිඩයක් ලබාදීම සිදුවෙනවා. ඇවිත් බලන්න.



    පබ්ජී ගැන කතා කරපු කවුරුත් පෙරහැරේ මේ නැටුම් ගැන කතා කරේ නෑනේ..

    309057282_2460001317471216_6088727804867932507_n.jpg



    309371719_2460002350804446_1046280170369619519_n.jpg



    309115959_2460001727471175_4230538974678574557_n.jpg



    309306816_2460001337471214_1686248201732438599_n.jpg



    307464357_2459995017471846_5760535631397562437_n.jpg



    309379976_2460001654137849_8552654611818419796_n.jpg



    309990462_2460002010804480_5791406017637079648_n.jpg

    ------ Post added on Oct 4, 2022 at 7:59 PM

    අමීලියා දන්නව ඇති නේ ද ඔයාලා... එයාගේ තමයි මේ ආරියපාල වෙස් මුහුණු එක අවුරුදු ගානක් පැරණියි.. අමීලියා තමයි මේ ඉන්නේ..


    309497522_2460001804137834_3498051700692401067_n.jpg

    ------ Post added on Oct 4, 2022 at 8:00 PM

    310235764_2460002190804462_7003340271907010843_n.jpg

    ------ Post added on Oct 4, 2022 at 8:00 PM
     
    • Like
    Reactions: Avishka Indula

    Avishka Indula

    Well-known member
  • Jan 6, 2019
    896
    2,262
    113
    25
    Kandy
    මං මේ Thread එකට දාන්න Reply එකක් පැයක් විතර තිස්සේ Type කරා. පස්සෙ මට හිතුනා මගේ අදහස වෙන කට්ටිය දැනගත්තයි කියලා ඒකෙන් ඇති වැඩක් නෑනෙ කියලා. මං ඒ Reply එක බැරිවෙලාවත් දැම්මනං ඒකෙන් වෙන්නේ සමහර කට්ටිය මට හණමිටි අදහස් දරන, නූතන ලෝකෙ ගැන කිසිම අවබෝධයක් නැති, තාම අත්තම්මලාගේ කාලෙ ජීවත් වෙන මෝඩයෙක් කියලා බනින්න පටන්ගන්න එක විතරයි. 🙂 මං ඔය පෙරහැරේ තුවක්කු උස්සං කරපු විකාරෙට කැමති නෑ.