කැලය කපා කොන්ක්‍රීට් වනාන්තරයක් සෑදීමට පෙර මෙම ස්ථානයේ තිබී ඇත්තේ ජෛව විවිධත්වය බහුල අලංකාර වනයක්. එහි පලතුරු, දුර්ලභ ශාක හා බෙහෙත් වර් ග ගණනාවක් තිබී ඇති අතර කතාවට කියා ඇත්තේ මෙහි නැති දෙයක් නෑ කියායි. කන්දේ නෙල්ලි ගස් බහුලව තිබී ඇති අතර කදු මුදුනේ කුඩා කුටි සහිත ආරාමයක් තිබූ බවට සදහන් වෙනවා. පුරාණ ජනප්‍රවාද වලට අනුව අම්බුළුවාව සිට නුවර මාළිගාවට යාමට උමගක් තිබු බව කියවෙනවා. අද මෙහි කෙටි දුරක් ගමන් කිරීමට හැකියි. නුතන ජනප්‍රවාද අනුව මෙම උමගේ තිබී රත්රන් ඇදක් සහිත නිදන් වස්තුන් ලබාගත් බව කියවෙනවා. තවද පත පොතේ සදහන් පරිද්දෙන් මෙය රජය සතු භූමියක් වන අතර බදු පදනම මත වර්තමාන අයිතියට පත්කර ඇති බවද කියවෙනවා.