අම්බුළුවාව ජෛව විවිධත්ව සංකීර්ණය

chamma_chamma

Active member
  • Dec 17, 2016
    341
    55
    28
    Kandy
    couple tami godak inne.week days gyoth godak shape.oone tram plz tynw

    :yes:
    මචන් එල. +12 :D
    අඩෝ කෙල්ලෙක් එක්ක එහෙම ඔතනට ගිහින් ආවහැකිද? බයික් එකක වගේ? එක දවසින්. අවුල්ල් තියනවාද මොනා හරි ඒ කියන්නෙ කන්ද නගින හරියේ හැමදාම මිනිස්සු ඉන්නවාද නැත්නම් නිවාඩු කාලෙට විතරද :rolleyes:
     

    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,459
    7,225
    113
    Thanks මචන්. කාර් එකකින් උඩටම යන්න පුළුවන්ද?
     

    HemJ

    Well-known member
  • Nov 13, 2017
    1,581
    178
    63
    migomu
    අම්බුළුවාව ජෛව විවිධත්ව සංකීර්ණය

    සොබා දහමත් මිනිසාගේ විශ්මිත වූ නිර්මාණ හැකියාවත් එක් තැන් කළ විට ඉතා විශ්ෂ්ඨ වූත් අනර්ඝ වූත් දර්ශනයක් දැක ගැනීමට හැකි වේ.එවැනි අතලොස්සක් වූ නිර්මාණ
    සමුදායට අම්බුළුවාව ජෛව විවිධත්ව සංකීර්ණයද එක් වනු නොඅනුමාන ය.


    5Z6ntuH.jpg


    ගම්පොල නගරයට පිවිසෙන්නකුට දුරතියාම දැකගත හැකි වන, ගම්පොල නගරයේ අනන්‍යතාවය බඳු සාධකයක් වනුයේ අම්බුළුවාව ගොවිජන සෑය ය.මෙය ගම්පොල නගරයට
    මෙන්ම ඈත ප්‍රදේශයන්ට ද ඉතාම සුන්දර වූ දර්ශනයක් මවා පායි.වළාකුළු නොමැති අවස්ථාවන් වලදී කඩුගන්නාව ප්‍රදේශයට පවා දිස් වන්නා වූ මෙය මිනිසාගේ අපූර්වතම නිර්මාණයකි.

    YxWxApL.jpg


    හිටපු අග්‍රාමාත්‍ය දි.මු. ජයරත්න මැතිතුමාගේ සංකල්පයක් මත නිර්මාණය වූ මෙම ජෛව විවිධත්ව සංකීර්ණය ලාංකිකයා විසින් නැරඹිය යුතුම ස්ථානයක් ලෙසට මා දකී.
    අම්බුළුවාව කන්ද අඩි 3567 ක් උස් වන අතර කන්ද ඉහළ පිහිටි ගොවිජන සෑය අඩි 243කින් සමන්විත වේ.

    ගූගල් මිතුරාට අනුව කොළඔ සිට අම්බුළුවාව දක්වා යාමට මාර්ගයන් කීපයක් පෙන් වුවද කොළඹ - නුවර A1 මාර්ගය ඔස්සේ පැමිණීම ඉතා පහසු යැයි මට සිතේ.
    කොළඹ සිට පැමිණෙන්නකුට මෙම ගම්පොල නගරයට එකම බසයකින් පැමිණිය හැකිය.


    TCIqbKt.jpg


    අප මේ ගමන ගියේ පසුගිය වසරේ දෙසැම්බර් මාසයේ දීය. ගමනට එක් උනේ මාගේ සරසවි මිතුරන් දෙදෙනකු වන සමීර හා උදයංග සොයුරන් දෙදෙනාය. මා ගම්පහ ප්‍රදේශයෙන්
    ගමන් ආරම්භ කළ යුතු අතර උදයංග අඹේපුස්සෙන් ද සමීර කෑගල්ලෙන් ද ගමනට එක් වීමට නියමිත ය.ගමනේ නිල ඡායාරූප සගයා වූයේ මගේ Microsoft Lumia 540
    දුරකතන කැමරාවය.ෆොටෝ නම් එතරම්ම කොලිටි නොමැත..

    මා උදෑසන 5.30 ට පමණ නිවසින් පිටත්ව මිරිස්වත්ත හංදියට පැමිණ කොලඹ - ගම්පොල බසයකට නැග ගතිමි. කෙසේ හෝ මිතුරන් දෙදෙනා ද එම බසයටම නැග ගත් අතර උදෑසන 9.00
    පමණ වන විට ගම්පොල නගරයට සේන්දු ලඟා විය.

    මුලින්ම කඩයක් පිටුපසට ගොස් අපගේ සිරුරේ බර සැහැල්ලු කර ගත් අතර යකෙක් හෝ දෙන්නෙක් කෑමට තරම් බඩේ ගින්දරෙන් පෙලුණු අප සිංහල කෑම කඩයක් සෙවීමට යුහුසුළු විය.
    සිංහල නමක් තිබූ කඩයකට රිංගා ගත් අප ලහි ලහියේ නූඩ්ල්ස් පිගන් 3 ක් ගිල දමා ප්ලේන්ටී 3ක් ද බී අවසන් කළෙමු. මුදල් ගෙවීමට ගිය විට කඩේ මුදලාලි මහතාට දුරකතන ඇමතුමක් ලැබිණ.
    එහිදී ඔහු කතා කළ භාෂාවෙන් අපට දෙලෝ රත් විය. සිංහල කඩයක් සෙවීමට සැතපුම් ගණනාවක් ඇවිද්ද අප දැන් පැමිණ ඇත්තේ ද හම්බ ගුබ්බෑයමකට වීම කණගාටුවට කරුණක්. මොවුන් ගුවන් විදුලියේ උදෑසන ධර්ම දේශනාවකට සවන් දෙමින් සිටි බැවින් අපත් මොවුන්ගේ දහම් ගැටයට අසු වූ බව පසක් වූයේ මුදල් ගෙවීමට ගිය විටදී ය.උදෑසනම ආහාර සඳහා මුදල් හම්බයකුට ලබා දීමේ පුන්‍යකර්මයට හවුල් වූ අප ඉන් ඉක්බිතිව ප්‍රබෝධමත්ව ගමන ඇරඹුයෙමු..

    ඊලඟ උභතෝකෝටික ප්ර්ශ්ණය වූයේ අම්බුළුවාව කන්ද ආසන්නයට යනේනේ කෙසේද යන්න ය.ඒ සඳහා තිදෙනාගේම ඒකායන තීරණය වූයේ ටුක් ටුක් එකක පිහිට පැතීම ය.
    ඒ සඳහා සිංහල පෙනුමැති අයියා කෙනෙකුගේ ටුක් ටුක් එකක් ලඟට කිට්ටු වූ අප ඔහුගෙන් අම්බුළුවාවට යාමට උපකාර පැතීය. ඔහු ඉතා උවමනාවෙන්ම ඒ උදව්ව කිරිමට අප හා එකඟ විය.
    ඔහු ඒ සඳහා රුපියල් 300.00 මුදලක් ඉල්ලා සිටි අතර අප හට එම මුදල ඉතා නොගිනිය හැති තරම් මුදලක් වූ බැවින් එක පයින්ම එම මුදල ගෙවා දැමුවෙමු...

    ගම්පොල හෙම්මාතගම මාර්ගයේ කි.මී. 3ක් පමණ පැමිණි කල මෙම රමණීය වූ භූමි භාගයට සම්ප්‍රාප්ත වන්නට අපට හැකි විය. එම දිනයන්හි හෙම්මාතගම දක්වා වෙනත් මාර්ගයක් ද ඉදි කරමින් තිබුණ නිසා මාර්ගය තරමක දූවිලි සහිත බවත් පෙනින.අප අව්වට කරවී වැස්සට දියවී පුරුදු පුහුණු වී සිටි නිසා එම දූවිල්ල දූවිල්ලක් තරම් වත් ගනන් ගත්තේ නැත.

    පිවිසුම් දොරටුව ඉතා මනරම් ආකාරයෙන් ඉදි කර තිබූ අතර එය ආසන්නයේම ඇති කවුන්ටරයෙන් රුපියල් 25.00 ක් (එකෙකුට තමයි 25.00)ගෙවා ටිකට් පතක් ගැනීමට ද අප හට සිදුවිය..


    DU2SGtIh.jpg


    ඒ අසල සිටි සුන්දර වූ සහෝදරියක් අපට ටුක් ටුක් එකකින් ඉහලට කැඳවාගෙන යාමට ආරාධනා කළ අතර ඇයගේ මායම් වලට හසු නොවූ අප අපගේ කකුල් දෙකෙන්ම ඉහලට ඇදීමට තීරණය කළෙමු.
    මක් නිසාද යත් අපට අපගේ ශරීරයේ මේදය දහනය කර ගැනීම මෙම ගමනේ එක් අරමුණක් වූ නිසාම අප පා ගමනින් ඉදිරිය බලා ඇදුනෙමු. ටුක් ටුක් එකකින් ඉහලට ගොස් ඉහල ඇති සුන්දරත්වය නැරඹීමට වඩා උපතින්ම ලැබුණ කකුල් දෙකෙන් කන්ද තරණය කිරීම මගින් මග දෙපස සුන්දරත්වය ඉතා හොදින්ම ග්‍රහණය කර ගැනීම අපගේ අරමුණ වේ.

    මෙතැන් පටන් ඇත්තේ කදු තරණය කිරීමකි.වංගු සහිත මාර්ග ඔස්සේ ඉදිරියට ඇදෙන විට නොයෙක් ගොඩනැගිලි පසු කර ආවද ඒවා මොනවා දැයි විපරම් කිරීමට තරම් අප යුහුසුළු නොවූයෙමු..
    මන්ද අප එකිනෙකා මුණ ගැසුනේ ඉතා දිර්ඝ කාලයකට පසුව බැවින් එකිනෙකා හා කතා කර ගැනීමට දෑ ද බොහොමයක් තිබිණ.


    fBeCxSAh.jpg


    pLDhVheh.jpg


    කෙසේ හෝ කන්ද ඉහලට නගිනා විට ශරීරයටද සිසිල් සුවදායි ගතියක් දැනුනේ පරිසරයේ සිසිලස මෙන්ම ගස් වැල් වල සිසිලසට මුසු වී ආ බැවිනි. කන්දෙහි මද දුරක් ආ විට කුඩා පොකුණක් දුටු අතර එහි එක් පසෙක් කන්ද කඩාවැටී පොකුණ පස් වලින් පිරී තිබුණ ආකාරයක් අපට දැක ගන්නට පිලිවන් විය..

    ScClzB8h.jpg

    අතර මගදී අපගේ පැරණි මිත්‍රයකු ද මුණ ගැසින...

    ඉන් පසු අප එලඹියේ ඉතාම සීඝ්‍ර ආනතියක් සහිත ගමන් මාර්ගයකටය.මෙම ස්ථානයේදී ටුක් ටුක් රථ හඩා වැලපෙමින් ඉහලට දිවූ අතර ඇතැම් ටුක් ටුක් ගැරඩියකුගේ ගමන් විලාසය සිහිගන්වන සිග් සැග් ආකාරයට ඉහලට නගිමින් සිටීයේ ය.

    1a7sS5ph.jpg


    kZ77tJxh.jpg


    semmfash.jpg


    ඉහල ඇති ගොවිජන සෑය ලං ලංව පෙනෙන්නට පෙනෙන්ට අපගේ සිත් සතන් වලට පහල වූයේ තව ටිකයි තව ටිකයි යන්න සිතිවිල්ලකි. එහෙත් සෑය ද අප ඉහලට නගිනා විට එයද ඉහලට යන බවක් අපට පෙනිනි. අප ඉතා හොඳ ෆිට්නස් එකක් ඇති අය වූ නිසා කකුල් වලට අමාරුවක් නැතිව නගින්නට පුළුවන් විය.එහෙත් එකාට එකා හති ඇරීම සිදු කලේ මහන්සිය නිසාම නොව...ශරීරයට ඔක්සිජන් හොඳින් ලබා ගැනීමට ය.

    WbyN0M3h.jpg


    PM1mbhqh.jpg

    අතර මගදී පෙනෙන ගම්පොල නගරය....


    කතාව ගමනට ඉනිමගක් යන වැකිය ඔප්පු කර පෙන්විමට මෙන් අප කෙමෙන් කෙමෙන් කන්දේ ඉහලට ගමන් කර ඇති සෙයක් පෙනෙන්ට විය. ඉතා අලංකාර වූ බුදු පිලිමයක් අසල නතර වූ අප ඒ අසලම ඇති ගිමන් හලකට ගොස් ගිමන් නිවා ගන්නට තීරණය කලෙමු. ඒ අතරම අප සිටිනා ස්ථානයට බාල සොයුරියන් කණ්ඩායමක් සේන්දු වූයේ අපට උන් හිටි තැන් ද පවා අමතක කරමිනි.ඔවුන් අපවම සොයා හඹා ආ නිසා අපද ඔවුන් නික්ම යන තෙක්ම එහි රැදී සිටියෙමු.ඔවුන් අප පසුපස පැමිණ මෙම ස්තානයටත් ලගා වූයේ ඔවුන්ගේ අඟර දඟර අප හට පෙන්වීමට ය. අපහසුවෙන් හෝ ඒවා බලා සිටි අප එයට කෘත ගුණ වශයෙන් ඔවුනට හොරා
    ඔවුන්ගේ මිරිවැඩි සඟල් මාරු කර අච්චාරු කර දැමූවෙමු.


    Lp1aUNOh.jpg


    මේ විකාර මධ්‍යයේ අප තිදෙනා කන්දේ ඉහලටම පැමිණ ඇති බව දැනින.සර්ව ආගමික මධ්‍යස්ථානයක් වන මෙය බෞද්ධ,හිංදු හා ඉස්ලාම් බැතිමතුන් සියල්ලම සඳහා පැමිණීමට හැකි ස්ථානයකි.

    dwievl0h.jpg


    I3TR9Okh.jpg


    fVGTQgJ.jpg


    OqsFlxUh.jpg


    7jyhiH2.jpg


    අපගේ ඊලග අරමුණ වූයේ ගොවි ජන සෑයේ ඉහලට නැගීමයි. ගොවිජන සැයේ පිවිසුම් දොරටුව ඉතාම අලංකාර වූ ලී කැටයම් වලින් පරිපූරණ වූ අතර කොන්ක්‍රීට් කණු පවා ස්වභාවික ගල් වලින් අලංකාර කර ඇත.

    v2M0Mb1h.jpg


    j6bQuCx.jpg


    n3R8RfHh.jpg


    මුල් අදියර කීපය සෑය ඇතුලතින් ගමන් කිරිමට හැකි වන ලෙස පඩිපෙල පැවතුන ද අවසාන අදියර සෑයේ පිටතින් යාමට සිදු වේ.මෙය තරමක් ලොමු දැහැගැන්වෙන ගමනකි.
    පඩි අතර ඇති පරතරයෙන් පහළ පෙනීම සිදු වීම නිසා සිතෙහි බිය දෙගුණ තෙගුණ වූයේ අපටත් හොරාම ය.


    cIynBAx.jpg


    jepCdc8.jpg


    dStlV28h.jpg


    ඉහලටම ගමන් කිරීමට ඇති පඩි පෙල ඉතාම පටු වූ බැවින් දෙදෙනෙකුට මාරු වීම ඉතාම අසීරු වේ.එහිදී අනෙකාට ඉඩ දීම සඳහා කවුළු සකස් කර ඇති අතර ඒවා ඇතුලට ගොස් අනෙකාට යාමට ඉඩ දීම සිරිත වේ.
    නංගිලා එන විට නම් අපේ උන් කවුළු ඇතුලට යාමට තරමක් මැලි කමක් දක්වයි.ඒ කුමට දැයි මම නම් නොදනිමි.....


    QjSKqz1.jpg


    7A4tIUO.jpg


    ගොවිජන සෑයේ ඉහලටම නැග වළාකුළු ගෑවෙන නොගෑවෙන තරමටම අහසට ලං වීමට හැකි වීම වචනයෙන් විස්තර කළ නොහැකි තරමටම සුන්දර වූ අත් දැකීමකි. තවමත් ඉදිකිරීම් 100% ක්ම අවසන් ව නොමැති වුව ද නරඹන්නන්ට උපරිම සුන්දරත්වයක් මවා පෑමට මෙම නිර්මාණයන් සමත් වන බව නම් කිව යුතුමය.

    dStlV28h.jpg


    JfYydhOh.jpg


    bvDAxAth.jpg


    GhKi6SCh.jpg


    FApHkYFh.jpg


    1sWP3hph.jpg


    L599j14.jpg


    HDjGAO5.jpg


    yiRyGvE.jpg


    t3guj1X.jpg


    9srjYbb.jpg


    jUn8qJO.jpg


    x3vmxKah.jpg

    මේ සිටින්නේ සිමෙන්ති හස්තියෙකි....


    C1wVcbA.jpg

    මා පියගැටපෙල බසිමින්....


    කෙසේ හෝ අකමැත්තෙන් වුව ද සෑයෙන් පහලට බැස ගත් අපගේ මීලග අභිප්‍රාය වූයේ අපගේ කුසේ සිටින පණුවන්ට දවල් ආහාරය ලබා දීමට ය.අප කුසගින්නේ සිටියත් ඔවුන්ව එසේ කුස ගින්නේ නොතැබීමට තරම් අප තිදෙනා සත්ව කරුණාවෙන් හෙබි අය වූ නිසාමය.මේ වන විට වේලාව 3.00ත් පසුවී තිබිණ.

    MJqiOaP.jpg


    මෙම ඡායා රූපය ගන්නා අවස්තාවේදීම නංගිලා දෙදෙනකු කැමරාව ඉදිරියට පැනීම හේතුවෙන් ඔවුන් දෙදෙනා ද රූප රාමුවට හසු විය.ඔවුන් එක් වරම පැනීම නිසා මට ද කරකියා ගත හැක්කක් නොවීමෙන් මා අසරණ තත්ත්වයට පත් විය.

    3hULl5E.jpg


    aBpS9u7.jpg


    FVN64gU.jpg


    scojwEl.jpg


    KZmTBpL.jpg


    තරමක් පහලට බසිනා විට භෝජන ශාලාවක් දැක ගන්නට ලැබිණ.එහි වූ හිමිකරු හට කිසියම් මුදලක් නොදී යාමට සිත් ඉඩ නොදුන් නිසාවෙන් අප ඉන් ෆ්රයිඩ් රයිස් 3ක්ම 750.00 ක මුදලකට මිලදී ගෙන සිත් සේ අනුභව කර පල්ලම් බැසීමට තීරණය කළෙමු.

    අපගේ මීලඟ අරමුණ වූයේ පැමිණි මාර්ගයේ නොමැතිව කෙටි මාර්ග ඔස්සේ ගමන් කිරීමට ය.එය තරමක් අපහසු වුව ද මාර්ගය නම් ඉතාම කෙටි ය.එහෙත් ඉතා සීග්‍ර පල්ලමක් තරණය කිරීමේදී ඇති වූ සිදු වීමක් හේතුකොට ගෙන දැණුන මරණ බියක් හේතුවෙන් අප නැවතත් ආ මාර්ගයේම ගමන් කරන්නට තීරණය කලෙමු. එම කෙටි මාර්ග වල ගමන් කිරීම නිසා ඇතැම් විට අපහට රාත්‍රිය ගම්පොල රෝහලේ ගත කිරීමට වුව ද බැරි නැත යයි සිතුනු නිසා හරි මාර්ගයේම ගමන් කලෙමු.


    z3lJYJGh.jpg

    ගේමක් නැතිව පහලට බසිනා මාගේ ගමන් සගයෙක් ...

    ZE4oeulh.jpg


    4ElZgWBh.jpg



    1NEuMOIh.jpg


    8L5w6U2h.jpg

    කෙසේ හෝ අප ගමන ආරම්භ කළ තොරණ අසලටම පැමිණ ඇත. ඒ අසල ඇති ටුක් ටුක් අයියා කෙනෙකු ලවා ගම්පොල නගරයට ඇරලවා ගත් අප බස් නැවතුම අසලට පැමිණි විට දෙලොව රත් විය.
    දින 4ක දිගු නිවාඩුවෙන් පසු කාර්යාල බලා යාමට සිටින මිනිසුන්ගෙන් බස් නැවතුම පිරී ඉතිරී ගොස් ඇති අතර කොළඹ බලා දිවෙන බස් රථ පෝලිම වෙසක් කාලයේ සීනි සම්බෝල හා පාන් දන්සැලක් සිහි ගන්වයි.
    එම පොලිමේ සිටිය හොත් අප හට ගෙදර යාමට සිදු වන්නේ හෙට උදෑසනින් වන අතර අප නුවර බලා යාමට තීරණය කළෙමු.අප ඉබි ගමනේ ඇදෙන ලංගම බසයකට ගොඩ වූ අතර එම බසය පැයකින් පමණ නුවරට සේන්දු විය.
    නුවරින් බසයකට ගොඩ වී කෙසේ හෝ මා ගම්පහ නගරය වෙත ලඟා වන විට රාත්‍රී 11.00ත් පසු වූ අතර දින 4ක් නිදහසේ ගතකර, හෙට දිනයේ කෙසේ හෝ රාජකාරි සඳහා වාර්තා කිරීම අසීරුවෙන් හෝ සිදු කළ යුතු යයි සිතමින් නිවස වෙත පිය මැන්නෙමි.
    Good jib machan
     
    • Like
    Reactions: ravinperera206