අනිවා මචන්. මන් ඉන්නෙත් උබ ඉන්නේ මතේම තමයි.අපේ අයියලා පන දාගෙන පු$% දීගෙන love කරනවා තමන්ට මුකුත්ම කරගන්නේ නැතුව. අන්තිමට ගෙවල් වලට කියන කාලේ ආවම හරිහමන් ජොබක් නැ. bank account එකේ සත 5ක් නැ කොටින්ම කිව්වොත් අමු අපතයෙක්.
ඒ වගේ එකෙක්ට මොන දෙමවුපියන්ද බන් තමන්ගේ දුවව දෙන්න කැමති. තමන්ට තමන්වවත් හරියට maintain කරන්න බැරුව වෙන කෙනෙක්ව කොහොම maintain කරන්නද, විශේෂයෙන්ම කෙල්ලෙක්ව. සත්‍ය ප්‍රේම ගොබ්බ රාජයෙක් වෙන්නේ නැතුව මොලෙන් ගේම ගහන්න ඕන. අර රත්තරං කියනවා වගේ " පොඩි කාලේ අපි කෙල්ලෙක් දිහා බැලුවොත් ඒ කෙල්ලගේ දෙමවුපියෝ අපි දිහා කන්න වගේ බලන්නේ එත් අපි තැනකට ඇවිත් කෙල්ලෙක් දිහා බැලුවොත් ඒ කෙල්ලගේ අහල පහල උන් අපිව වඩා ගන්නේ නැති එක විතරයි "
![]()
~![]()
අපි ඉස්කෝලෙ යනවා. ඒ අස්සෙ Love කරනවා.ඊට පස්සෙ ගෙවල් වලට මාට්ටු වෙනවා.
ඊටත් පස්සෙ තමයි ආතල් එක තියෙන්නෙ.
ඕක තමයි System එක. හැබැයි දැන් System එකෙන් Out යන වෙලාවලුත් තියෙනවා.
ඒක තමයි මචං අවුල. කෙල්ල පැත්තක ඉද්දි අම්ම දුවට Set කරනව කොල්ලෙක්ව. “මේන් මෙයා තමයි උඹේ Boy Firend කියලා.”
“ඒ කියන්නෙ..”
“ඒ කියන්නෙ කෙල්ලට කොල්ලෙක් එක්ක යාළුවෙන්න තියෙන Chance එකට උදැල්ල දාලා අම්මට ඕක එකාව දුවට සෙට් කරනවා.එතකොට එතන වෙන්නෙ අම්මගෙ ආසාවට ඉඩදීලා දුව ආදරේ කරන එක විතරයි. නැතුව දුවගේ ආසාවට ඒකි ආදරේ කරනව නොවේ.”
“නෑ.. නෑ.. මෙතන වෙන්නෙ අම්ම තමන්ගෙ දුවට හරියන එකාව යොජනා කරනවා විතරයි. ඒක හොඳයිනේ.. එතකොට උන් දන්නව වැඩේ කොහොමත් වෙනව අවුලක් නැතුව තමන්ගෙ වැඩ කරගෙන ඉන්න පුළුවන් කියලා..”
“බම්බුව තමයි..... කොල්ලෙකුයි කෙල්ලෙකුයි Freedom එකේ Love කරලා Film එකක් බලලා, Beach ගිහිල්ලා Shopping කරලා උන් එතන විඳින දේයි, ගෙවල්වල උන්ට ඕන විදියට Love කරලා ගේ මැද සාලෙ ඉඳන් අනාගතේ ගැන කතා කරන එකෙයි ලොකු වෙනසක් තියෙනන සහෝදරයා! "
“ඇයි එහෙම කියන්නෙ, කෙල්ලෙක්ගෙ අනාගතේ Build කරගන්න ඒකිට හරියන එකෙක්ව හොයල දෙන එකද උඹ කියන මහ ලොකු වෙනස..?”
“හරි... මේකත් හිතපං.. උඹේ කෙල්ලට උඹ සිරාවටම Love කරනවා.හැබැයි උඹලගෙ ගෙදර එවුන් ඕකට කැමති නෑ.
තාත්තා උඹට කියනවා ඔය කෙල්ලව අතෑරලා දාපන් ෂෝක් කෙල්ලෙක් මම උමට හොයලා දෙන්නම් කියලා..
උඹ ඕකට කැමති වෙනවද..?”
“පිස්සුද බං..?ඒක මගේ පෞද්ගලික දෙයක්.. මම ආදරේ උනත් විඳින විදියක් තියෙනවා.. Match වෙන කෙනාව හොයාගන්න විදිහ දන්නෙ මම මිසක් තාත්තා නෙමෙයිනේ..”
“ඔව්.. උඹ කොල්ලෙක් හින්දා ඔය තීරණේ ගනියි..හැබැයි කෙල්ලෙක්ට එහෙම වෙන්න බෑ.. ගොඩක් උන් ඉන්නෙ ගෙදර මිනිස්සු කියන විදියට.
ආදරේ කියන්නෙ නිකම්ම දෙයකුත් නෙමෙයි..”
“උඹ කියන්නෙ කෙල්ලෙක්ගෙ අනාගත මිනිහ තෝරන්න අම්මට අයිතියක් නෑ කියලද..?අපේ Culture එකෙත් එහෙම වෙලා තියෙනවනේ..
සාර්ථක පවුල් ජීවිත ගත කරන මිනිස්සු ඉන්නවනේ..”
“මිනිස්සුන්ගෙ ජීවිත වල වර්ධනය අඩාල කරන එක සාධකයක් තමයි සංස්කෘතිය කියන්නෙ. කෙල්ලෙක්ගෙ නිදහසට බාධාවක් වෙන්නෙ නැතුව ඒකිට කොල්ලෙක්ව හොයාගන්න බැරිම නම් අම්මල සොයලා දුන්නට කමක් නෑ.උන්ගෙ Love කඩල දාලා උන්ව ගෙවල් වලට හිර කරල, දාන්න පුළුවන් නීති ඔක්කොම දාලා අම්මලා උන්ට කොල්ලෙක් Set කරනවා කියන එක ඉතිං චා තමයි.”
කාන්තා අයිතිවාසිකම් ගැන මහ ලොකුවට කතා කරන ගෑනු, උන් විසින්ම තමන්ගෙ දුවගෙ නිදහස අමු අමුවේ මරා දානවා. ගේ ඇතුළෙන්ම තමයි මචං ගෑනියෙක්ගෙ නිදහස රාමුවකට කොටුකරන ප්‍රථම සාධකය බිහිවෙන්නෙ.. උන් දන්න එකම දේ පිරිමියා හා සමාන අයිතිවාසිකම් තමන්ටත් ඕන කියලා බෙරිහන් දෙන එක විතරයි. කාලයක් තිස්සෙ වුනේ කෙල්ලෙක් Love කරන්න තමන්ට ඕන විදියට කොල්ලෙක්ව සෙට් කරගන්න එක. ඒත් දැන්...! අම්ම හොයල දෙනව දුවට කොල්ලෙක්ව Love කරන්න කියලා. හිතන්නෙ ඕන එකම දේ Love කර්නනෙ අම්මද දුවද කියලා විතරයි.
හැබැයි ඔය අස්සෙ කොල්ලොන්ගෙ වැරැදි නැතුව නෙමෙයි. ඒ වැරදි උඹල හදාගන්න ඕනෙ. ජොබක් නැතුව, ඉන්න තැනක් නැතුව කෙල්ලෙක් එක්ක යාලුවෙන එක උඹල කරන පට්ට මෝඩකමක්.හරි.. උඹ හිතපං මචං උඹගෙ කෙල්ල උඹ ගැන ගෙදරට කියන්න හදන්නෙ.. දැන් උඹට ජොබක් නෑ. හරිහැටි ඉන්න තැනක් නෑ.. කෙල්ල ඒකිගෙ දෙමාපියන්ට උඹ ගැන මොන මගුලක්ද කියන්නෙ.
අනික උඹට පුළුවන්ද කෙල්ලගෙ දෙමාපියන්ට මුහුණ දෙන්න. අනිවා කෙල්ලගෙ තාත්තා උඹගෙන් අහන්නෙ එකම එක දෙයයි. තමුසෙ මගේ දුවව කසාඳ බැඳලා කන්න දෙන්නෙ අහවල් එකද..?
කියලා විතරයි.. උඹ ඒකට දෙන රිපලයි එක මොකක්ද..? දෙන්න රිප්ලයි එකක් කෝ.. කතාව ඇත්තනේ.. උඹ ඒකිව කසාඳ බැඳලා කන්න දෙන්නෙ අහවල් එකද..?
මොන අම්මද මොන තාත්තද බං කැමති තමන්ගෙ දුව දුක් විඳනවා දකින්න. අනික උඹ කැමතිද තමන්ගෙ කෙල්ලට දුකක් දෙන්න.
ආදරේ කරපන්.. ආදරේ කරනව වගේ අනිත් දේවල් ගැනත් හිතපං.. ඒ මත්තෙම නැහෙන්න එපා.. තමන්ගෙ ලයිෆ් එක පිළිවෙලක් කරගනිං මුලින්ම.. ඊට පස්සෙ වැඩේ ගොඩ දාගන්න එක ඒ තරම් අමාරු නෑ.. කෙල්ල උඹට කියන්නෙ “මට සල්ලි වලින් වැඩක් නෑ ඔයාව විතරයි ඕන”කියලනේ.. අහවල් එක තමයි..!!
සල්ලි නැතුව කොහොමද බං ආදරේ කරන්නෙ..? ආදරේ කරනකොට කෙල්ලොන්ගෙ කටින් ඔය වගේ ගොන් ටෝක්ස් ඉඳලා හිටලා එළියට එනවා.. මම හිතන්නෙ එහෙම වෙන්නෙ ආදරෙන් අන්ධ උනාමද කොහෙද. කොහොම උනත් දුර දිග හිතන්නෙ නැති එක කෙල්ලොන්ගෙ තියෙන ලොකු අඩුපාඩුවක්. උඹ කෙල්ලෙ එක්ක ඇවිදින්න ගියාම පර්ස් එකේ සල්ලි රුපියලට යනකන් බහින්නෙ ආදරේ කරද්දි සල්ලි ඕන නැති නිසාද කියල හිතන එක උඹලට බාරයි.
කෙටියෙන් කියන්න තියෙන්නෙ මෙච්චරයි..
ආදරේ කරපන්.. කෙල්ලෙක් නැති ජීවිතේ හරියට පරිප්පු නැති හෝටලේ වගේ, කුණාටුවට අහුවෙච්ච නැවක් වගේ.. හැබැයි ආදරේ කරනව කියලා මුළු පැය විසිහතර පුරාම කෙල්ල ගැනම හිත හිත ටයිම් පාස් කරන්න එපා.. ආදරේ කරන ගමන් තමන්ගෙ අනාගතේ ගැන හිතල වැඩ කරපන්.. උඹ තාම ඉගෙනගන්නව නම් ඒක හරියට කරපං.. ඒක අහවර උනාට පස්සෙ ජොබක් කරපං.. කෙටියෙන්ම කියනව නම් උඹගෙයි කෙල්ලගෙයි දෙන්නගෙම අනාගතේ ගැන හිතලා හැමදේම කරපං.. අද ගැන හිතපං හෙට යකාට ගියදෙන් කියල හිටියොත් පුතේ උඹට සොරි ඩොට් කොම්.
උඹ යම්කිසි තැනකට ආවම කෙල්ලට ඒකිගෙ දෙමාපියන්ට බය නැතුව උඹ ගැන කටක් ඇරලා කියන්න පුළුවන්.. අනික උඹට උන් දෙන්නා එක්ක බය නැතුව ටෝක දාන්න උනත් පුළුවන්.. එතකොට කෙල්ලව නොදී ඉන්න එයාලට හේතුවක් නෑ.. එහෙම වෙලත් කෙල්ලව උඹට නොදී හිටියොත් උඹලා ගහන්නෙ අන්තිම තුරුම්පුවනේ.. කෙල්ලව උස්සනවා.. ඒක නම් ඒ හැටි සාර්ථක තීරණයක් නෙමෙයි.. ඒත් කරන්නම දෙයක් නැත්තං අහවල් වැඩේ කරන්නද..? එහෙම කලොත් අන්න එදාට උඹල දෙන්නට කිසිම අවුලක් නෑ.. මොකද උඹලා දෙන්නට දුකක් කරදරයක් නැතුව ලයිෆ් එක ඇදගෙන යන්න පුළුවන්.
ලව් කරන එවුන්ට ජය වේවා!
-රජිත බස්නායක-


