අම්මාවරුන් පමණ ද මතු බුදුවන්නේ?
අම්මා සඳකි මම ඒ ලොව හිරුය රිදී
ඒ ඉර හඳින් නුඹෙ ලෝකය එළිය වුණී
රැකුමට පුතුන් දිවියේ දුක් ගැහැට විඳී
පිය සෙනෙහසට කව් ගී ලියැවුණා මදී
සිරුරේ දුවන්නේ මගෙ ලේ නොවැ පුතුණේ
කුසයේ නො දැරුවත් දිවි බර මට රැඳුණේ
මහ මෙරකට උසයි දරු පෙම හද පතුලේ
පුදුමයි පුතුනි කිම මගෙ ලේ කිරි නොවුණේ
මවකට මුවා වී නුඹ වෙත දිරි දුන්නේ
මම වෙමි පුතුනි එය මා පමණයි දන්නේ
ය සෙනෙහස නැති ද දරුවන් හඳුනන්නේ
අම්මාවරුන් පමණ ද මතු බුදුවන්නේ




අම්මා සඳකි මම ඒ ලොව හිරුය රිදී
ඒ ඉර හඳින් නුඹෙ ලෝකය එළිය වුණී
රැකුමට පුතුන් දිවියේ දුක් ගැහැට විඳී
පිය සෙනෙහසට කව් ගී ලියැවුණා මදී
සිරුරේ දුවන්නේ මගෙ ලේ නොවැ පුතුණේ
කුසයේ නො දැරුවත් දිවි බර මට රැඳුණේ
මහ මෙරකට උසයි දරු පෙම හද පතුලේ
පුදුමයි පුතුනි කිම මගෙ ලේ කිරි නොවුණේ
මවකට මුවා වී නුඹ වෙත දිරි දුන්නේ
මම වෙමි පුතුනි එය මා පමණයි දන්නේ
ය සෙනෙහස නැති ද දරුවන් හඳුනන්නේ
අම්මාවරුන් පමණ ද මතු බුදුවන්නේ



