තාත්තා

Jan 24, 2010
108
17
0
35765_1402006542940_1615646501_966646_3984484_n.jpg

අම්මා සඳකි..

මම ඒ ලොව හිරුය රිදී..
ඒ ඉර හඳෙන් නුඹෙ ලෝකය
එළිය වුණී...
රැකුමට පුතුන් දිවියේ දුක් ගැහැට විඳී..
පිය සෙනෙහසට කවි ගී..
ලියවුනා මදී..

සිරුරේ දුවන්නේ මගෙ ලේ නොවැ පුතුනේ..
කුසයේ නොදැරුවත් දිවිබර මට දැනුනී..
මහ මෙරකට උසයි දරුපෙම හද පත්ලේ..
පුදුමයි පුතුනි කිම මගෙ ලේ කිරි නොවුනේ..

මවකට මුවා වී නුඹ වෙත දිවි දුන්නේ..
මම වෙමි පුතුනි එය මා පමණයි දන්නේ..
පිය සෙනෙහස නැතිද දරුවනි අඳුනන්නේ...
අම්මා වරුන් පමණද මතු බුදු වන්නේ..
තමන්ගේ ආශාවන් මුදුන්පත් කරවාගන්නට තමන්ගේම ලෙයින් උපන් දියණිය දූෂණය කරන ලෝකයක අපමණ දුකක් විඳ තමන්ගේ දරුවන් වෙනුවෙන් ජීවිතයම කැප කළ පියවරුන්ට...
 
Last edited:
  • Like
Reactions: DJ ASHAN