අම්මා අප යහමඟ යැව්වේ මෙහෙමයි
[FONT=Default Sans Serif,Verdana,Arial,Helvetica,sans-serif]

කුඩා අප අතින් කුහුඹුවකුට හෝ හිංසාවක් පීඩාවක් වනවා දකින්නට අම්මා කැමති වුණේ නෑ.
ඒ වගේම අප වරදින් මුදවා ගන්නට බැන්නේ හෝ ගැහුවේ නෑ. අවිහිංසාව, කරුණාව, දයාව, මෛත්රිය වගේ ගුණ ධර්ම අම්මා අපට හුරු කළේ බෝසත් කතා ඇසුරින්. සාම කුමාරයා ගේ කතාව, අම්මා තාත්තා පෝෂණය කළ බෝසත් ගිරවා ගේ කතාව, කෝකනම් වැද්දා ගේ කතාව, සිවි ජාතකය, සස ජාතකය, හංස ජාතකය වගේ බොහෝ කතා අම්මා අපට කියා දුන්නේ කතා රසය සමඟින් ජීවිතයට ගුණධර්ම ද එකතු කරමින්.
මිදුලේ කෙළවරක ඉන්දපු හෙන්දිරික්කා පඳුරු හත අටෙන් මල් වට්ටියක් පුරවා ගන්න අම්මා හැන්දෑවේ හය වෙන්න කලින් බුදු පහන තියනවා.
ඒ වෙලාවට අපි හැමෝම තෙරුවන් වඳින්න එකතු වෙනවා.
නින්දට පෙර තුන් සූත්රය කියල විනාඩි පහළොවක් විස්සක් මෛත්රී භාවනාව වඩන්නත් අපිට පුරුදු කළේ අපේ අම්මා. හංසයා දියෙන් කිරි වෙන්කර ගන්නවා වගේ හොඳ නරක තෝරා බේරා ගන්නා හැටි අම්මා අපට ආදරයෙන් කියා දුන්නා. පිළිවෙළට කන බොන හැටි, පිරිසුදුවට අඳින පළඳින හැටි, සංවරව හැසිරෙන හැටි මේ හැම දෙයක් ම අපි ඉගෙන ගත්තේ අම්මගෙන්. වචනයෙන් නෙවෙයි. අම්ම ගේ හැසිරීමෙන්.
අපි අම්මත් එක්ක ගමන් බිමන් ගියේ හරිම කැමැත්තෙන්.
බස් එකෙන් දුම්රියෙන් යන ගමන් බිමන්වල දී අපේ ජීවිතේට වටිනා අත්දැකීම් එකතු වුණා. ඇස් නොපෙනෙන අසරණයෙක්, අත පය නැති ආබාධිතයෙක්, මන්ද බුද්ධිකයෙක් ඇස ගැටෙන හැම වෙලාවකම ඒ අයට එහෙම වෙන්න හේතුවත් ඈ හෙමිහිට කියා දුන්නා. ‘පුතේ මේ, මේ, වැරැදි කළ නිසයි ඒ අය අද මේ විදිහට දුක් විඳින්නේ’ එහෙම අහපු අපි ඒ අසරණ මිනිස්සු ගැන දුක්වෙන අතරෙ ම ඒ වගේ වැරැදි නොකරන්නත් අධිෂ්ඨාන කරගත්තා. අදටත් අපි අතින් වැරදි සිදු නොවන්නේ ඒ බය නිසා කියලයි මට හිතෙන්නේ.
ඒ විතරක් නෙවෙයි. අසරණකමට හිනා නොවෙන්න, අසරණයන්ට පිහිට වෙන්නත් අපිට ඉගැන්නුවේ අම්මා. කාටත් වරදක් නොකර ධාර්මිකව ජීවත් වුණොත් ඒ ගුණධර්ම විසින් ම අපි ආරක්ෂා කරගන්නා බව අම්මා කියා දුන්නේ උදාහරණ ද සමඟින්. ධර්මපාල ජාතකය, අනාථ පිණ්ඩික - විශාඛා ආදි සිටුවරුන් සිටුවරියන් ගේ කතා ඇසුරෙන් ධර්මයෙහි හැසිරීමෙන් තමන්ගේ ආරක්ෂාව වගේම සමාජයටත් ආදර්ශවත් වෙන්න පුළුවන් බව ඈ අපට කියා දුන්නා.
ඕනෑ කරන පොත්පත්, ඇඳුම් පැලඳුම් අඩුවක් නැතිව අරන් දුන්නත් ඒවා අරපරිස්සම් කරගන්නා හැටි වගේ ම ලැබෙන දෙයින් සතුටු වෙන හැටිත් ඇය කියා දුන්නා. දකින දකින දේ ඉල්ලා හඬා වැටෙන්නත්, දකින දකින කෙනා අනුකරණය කරන්නටත් අප හුරු නොවුණේ ඒ නිසා.
ජීවිතේ සැප සතුට වගේ. දුක හිමි වන බව, ජය පැරදුම, ලාබ අලාභ, නින්දා ප්රශංසා, කීර්තිය, අපකීර්තිය, මේ සියල්ල මැදහත් සිතින් විඳ දරා ගත යුතු බවත් ඉගැන්නුවේ ජීවිතේ සමහර හැල හැප්පීම් මැද අම්මා මුහුණ දුන්න හැටි කියා දෙමින්.
ඒ විතරක් නෙවෙයි. අම්ම ගේ අම්මට, තාත්තට වගේ ම තාත්තා ගේ අම්මට තාත්තටත් ඇය හරිම කරුණාවයි. ඒ අයට ගරු සැලකිලි කළේ හරිම උනන්දුවෙන්. වැඩිහිටියන්ට සලකන හැටි අම්මා අපිට ඉගැන්නුවේ ඒ විදිහට.
කවුරු හෝ කෙනෙක් පුංචි උදව්වක් කළත් කට පුරා ස්තූති කරන්නට වගේ ම කෙළෙහි ගුණ සලකන්නටත් අම්මා අමතක කළේ නෑ. අපට ශාස්තෘන් වහන්සේ වූ බුදුරජාණන් වහන්සේ කලගුණ උතුම් කොට සැලකූ බවත්, කෙනෙක් අනුන්ගෙන් උපකාර අරන් ඒ කළගුණ අමතක කළොත් නැවත උදව් අවැසි වෙලාවක එයට උපකාර වන කෙනෙකු සොයාගත නොහැකි බව උන්වහන්සේ දේශනා කළ බවත් ඇය අපට කියා දුන්නා. ඒ වගේ ම අම්මා අනුන්ට උපකාරයක් කළොත් ඒ අයගෙන් ප්රත්යුපකාර බලාපොරොත්තු වූයේ ද නෑ.
අම්ම නෑදැ හිතමිතුරන්ට වගේ ම අසල්වැසියන්ටත් හරිම හිතවත්. කුලවත්කම, උගත්කම, සිල්වත්කම, වත් පොහොසත්කම ගැන සලකමින් ඇය කිසිවෙක් ඇසුරු කළේ නෑ. ඒ විතරක් නෙවෙයි.
හොඳ චර්යාවක් නැති අය ඇසුරට ගියේවත්, අනුන් ගේ කේළාම් ඇසුවේවත් නෑ. ඕපදුප කියමින් කාලය අපතේ හැරියෙත් නෑ.
[FONT=Default Sans Serif,Verdana,Arial,Helvetica,sans-serif]
[/FONT]
අපේ ජීවිතේ නිවැරැදි මාවතකට යොමු කළේ අම්මා ගේ මේ ආදර්ශවත් ජීවිතයයි.
[/FONT]කුඩා අප අතින් කුහුඹුවකුට හෝ හිංසාවක් පීඩාවක් වනවා දකින්නට අම්මා කැමති වුණේ නෑ.