අම්මා ඉන්නෙ කොහෙද?
පහල පලමු ඡේදය පමණක්වත් කියවන්න.
පොඩ්ඩක් කල්පනා කරලා බලන්න. ඔයාගෙ අම්මා ඉන්නෙ කොහෙද? අම්මා ඉන්නෙ හිතේ නේද? අම්මගෙ චිත්ත රූපයට, ඇගේ කටහඩේ මතකයට, ඈ ඔබට සලකපු හැටියේ මතකයට, ඈ ගැන ඇති අනාගත බලාපොරොත්තු වලට, මෙන්න මේ චේතනා රටා වල එකතුවට නේද අපි අම්මා කියන්නේ? ඊට පස්සෙ අම්මව ඕනෙ උනාම , මේ ඔක්කොම කරුණු තියෙන්නේ අපේ හිතේ උනත්, අපි අම්මව හොයන්නෙ බාහිර ලෝකයේ. සතරමහාධාතුවෙන් හැදුනු, දිරන මස් ඇට ගොඩක් අරගෙන ඒකට අම්මා කියලා ඇලෙනවා. අනිත් ඇලීමුත් මෙහෙමම තමා. දැන් අම්මා කියල නමක් දීපු ඒ රූපෙ බාහිර ලෝකෙ දුටුවම හිතේ ආයෙත් අර හැගීම් හැදෙනවා. එතකොට බාහිර අරමුණකට දැඩි ඇලීම නැවත සකස් වෙනවා. උපාදානය තහවුරු වෙනවා තව තවත්.
උපාදානය යනු දැඩිව අල්ලාගැනීමයි. අපි සිතේ හදාගත් නාමරූපය තව තවත් වර්ධනය කරමින් අපි සිතේ හදාගත් රූ රටාව, චේතනා රටාව, හැගීම් රටාව, ශබ්ද රටාව, මතක රටාව බාහිර ලෝකයේ සොයනවා. ඔබ අම්මා ලෙස , පුතා ලෙස, ආදරවන්තයා ලෙස, සතුරා ලෙස හදාගෙන තියන හැමදේම තියෙන්නේ ඔබේ හිතේ නේද?
හිතේ තියන ඒ මනෝ රූපෙට බාහිර ලෝකෙ රූපයක් අමුනගෙන, බාහිර ලොකෙ ඉන්න කෙනා හිටියත් මැරුණත් අපි එයාට හිතෙන් ඇලිලා ඉන්නවා නේද?
මෙන්න මේ ඇලීම නිසයි අපිට දුක. අම්මා කියන නාමරූපය අපේ හිතේම හදාගත් දෙයකැයි නොදකින අපි බාහිර ලෝකේ ඇති "අම්මා" රූපය අම්මා ලෙසම දැක එම රූපය හිනාවෙද්දී සතුටු වෙනවා, එම රූපය වයස්ගතවෙද්දී කනගාටු වෙනවා, රූපය, එම මස්ගොඩ අක්‍රිය වෙලා මැරුනම අම්මා මැරුනා කියා අඩනවා. අම්මා කියන හැගීම අප සිතේ හදාගත් දෙයක්, සිතට පොඩි කාලෙ ඉදන් අම්මා නොදී, අම්මව මුලින්ම දැක්කෙ අවුරුදු 30ක් උනාටත් පස්සෙනම් ඔහොම උපාදානයක් වෙයිද?
එතකොට වෙනස් නේද? ඇයි අපි මෙහෙම රැවටිලා ඉන්නේ? ඇයි අපි බාහිර ලෝකයේ මෙතරම් ඇලෙන්නේ ගැටෙනේ? ඇත්ත ඇති සැටියෙන් නොදකින නිසයි. තමන්ගෙ කියලා හිතන ශරීරයවත් තමන්ගේ නොවෙද්දී, ලෝකයේ යතා ස්වරූපය නොදැන, කුණු මස් ගොඩකට, පස් ගොඩකට, ලෝහ,ප්ලාස්ටික් වලට ඒවායේ අනිත්‍ය බව නොදැන අපි ඇලෙන්නේ අවිද්‍යාව නිසයි.
හිතෙන් මවාගත් මගේ පෙම්වතියට, මගේ ගෙදරට, මගේ ස්වාමිපුරුෂයාට, මගේ ළමයාට, කෑම එකට, මගේ ෆෝන් එකට අපි ඇලෙන්නේ ඒවායේ අනිත්‍ය බව නොහැඟීම සහ හිතේ හදාගත් හැගීමත් බාහිර රූපත් වෙන්කොට ගත නොහැකිකම නිසා. කොහොමද දැන් අපි මේ මෝඩකමෙන් මිදෙන්නේ? ඇත්ත ඇති සැටියෙන් නොදකිනතාක් අපි රැවටෙනවා. රැවටි රැවටි මේ ඇලීම අපිව සසර දිගේ ඇදගෙන යනවා.
ඇත්ත නොදැක්කාම අපි අනිත්‍ය දේවල් වලට හිතෙන් ඇලෙනවා, ගැටෙනවා.
අපි මේ අශා කරන් ඇලිලා ඉන්න අනිත්‍ය දේවල් නිසාමයි අපිට දුක. ඔබ ආශාකරන දේවල් 100ක් තියනවානම් ඔබට දුක් 100යි. අශා කරන දේවල් 10ක්නම් දුක් 10යි. එක දේකට විතරයිනම් ආශා(හිතමු පණට කියලා) දුක් එකයි. කිසිම දේකට ආශාවක් වෛරයක් නැතිනම්, ඇලිලා ගැටිලා නැතිනම් කෝ මේ දුක්? ඇත්ත ඇති සැටියෙන් දකිනතාක් අපි දුක් විඳිනවා.
ඇත්ත කියන්නේ මොකක්ද? බාහිර ලෝකෙන් එන සංඥා වලට ප්‍රතික්‍රියා දක්වමින් කරන සිතිවිලි ක්‍රියාවලියට "මම" සහ "මගේ" ලෙස රැවටී ඔබ ඉන්නා බව නුවණින් දැකීම. කියවා වැටහීම නෙමෙයි, සම්පූර්ණ යථා අවබෝධය.
ඉතින් ඇත්ත දකින්න කල යුත්තේ කුමක්ද?
බුදුරජාණන්වහන්සේ දේශනා කලා එකම මගක්.
‘‘එකායනො අයං, භික්ඛවෙ, මග්ගො සත්තානං විසුද්ධියා, ..."
සතර සතිපට්ඨානය
1. කයේ, එනම් ශරීරයේ යථා තත්වය නුවණින් මෙනෙහි කිරීම
2. වේදනා, විදීම් වල යථා තත්වය අවබෝධ කරගානීම
3.චේතනාවේ යතාතත්ව අවබෝධය සහ
4. ලෝක ස්වභාවයේ / ධර්මයේ යථා අවබෝධය
මෙලෙස ලොවේ යථා තත්වය නිවැරදිව දකින ඔබේ අවිද්‍යාව හීනවෙලා යනවා. එවිට අනවශ්‍ය , සසර දික් කරන උපාදානය හීන වෙනවා, මෙය ඔබ ඔබේ සිත යන ක්‍රියාවට සහ ශරීරයට "මම" ලෙස ඇති රැවටීම හා බාහිරයට "මගේ" යැයි ඇති රැවටීම දුරු කරනවා. එවිට ඔබ සීලවෘත ක්‍රමවල, පුහු විශ්වාසයන්ගේ ඇලෙන්නේ නැහැ, එමෙන්ම ඔබ ශ්රද්දාවද දියුණු කල යුතුයි, ඔබට මෙම නිවැරදි ධර්මය දැනගැනීමට ලැබුනේ බුද්ධ ධම්ම සංඝ යන ත්රිවිදරත්නයම නිසයි. එවිට ඔබේ බුදුන් දහම් සගුන් ගැන ඇති සැකය නැති වෙනවා.
ඉතින් මේ මෝහය, සීලවෘත සහ විචිකිච්චාව නැති ඔබ සෝවාන් ඵලයට පත්වූවකු වනවා. එයනම් ඔබේ ගැලවුමයි. නැති මම උපද්දවා විදවමින් යන මුලක් අගක් නැති ඝෝර සසරෙන් මිදීමේ ආරම්භයයි.