අම්මා (කවිබණ) - මාකඳුරේ පඤ්ඤසාර හිමියන්

<DNA

Well-known member
  • Oct 8, 2012
    15,174
    981
    113
    Sri Lanka
    බොහොම පිං මචෝ !
    You must spread some Reputation around before giving it to crazybuddy again.
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ගොඩක් පින් සහෝ.. මේ හාමුදුරුවන්ගේ සෙත් කවි thread එකක් දැක්ක මන් දවසක්.. පුළුවන් කෙනෙක් එක හොයල දෙන්නකෝ.. ලොකු පිනක්..
    එල මචං.. සෙට් වුනොත් පී ඇම් එකක් දාන්නම්කො..

    9.gif

    Thanks Machan, Rep Added+++++
    9.gif

    9.gif

    thanks machan
    9.gif

    බොහොම ස්තුතියි මචන් :)
    9.gif

    එළකිරි
    6437_zpsb2eded2a.png


    9Y7qmQ3.png
    ඇහුවද උඹ..? :dull:

    Thanks.....
    blcdilruk+9
    9.gif
    9.gif

    කෝරලේමහත්තයා;15712389 said:
    Thanks machan +6
    9.gif
    9.gif

    Thank you machan :)


    You must spread some Reputation around before giving it to crazybuddy again.
    9.gif
    9.gif

    9.gif
    9.gif

    බොහොම පිං මචෝ !
    You must spread some Reputation around before giving it to crazybuddy again.
    9.gif
    9.gif

    ela.............................:cool:
    9.gif
    9.gif

    kalin okka dala thibba ,wena ekk dapannko thiyenwanm
    ඕක මට අදයි හම්බවුනේ බං.. තව නම් නැහැ.. සෙට් වුනොත් දාන්නම්..
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    හිත තුල ඇති කරුණා නැත නිම්මා
    මාගේ දුක් ගිණි නැතිකර දැම්මා
    පෙන්නූවා ලොව්තුරු ගුණ සම්මා
    මගේ පණයි මගෙ ආදර අම්මා

    මව්කුස තුළ මා සිටි ඒ කාලේ
    ඔබගේ හදවත දැනුණි එවේලේ
    තිබුණු කැලැන්ඩර ගෙයි මැද සාලේ
    බලමින් ඔබ රැක්කා නිති සීලේ

    උෂ්ණ දෙයක් කෑවේ නැති අම්මා
    සීතලටත් බිය වූවා අම්මා
    ගමනත් පරිස්සමින් ගිය අම්මා
    මගේ පණයි මගෙ ආදර අම්මා

    පන්සලටත් සැබැහින් ගිය අම්මා
    බණ පද අසමින් සැනසුණු අම්මා
    සිල් රෙද්දෙන් සිසිලස ලැබු අම්මා
    මගේ පණයි මගෙ ආදර අම්මා

    බලන්න අන්න පුතේ බුදු සාදූ
    කියමින් ඔබ මට දුන්නා හාදූ
    මතකෙට එන විට ඔබෙ ගුණ වීදූ
    නෙතඟින් කඳුළක් වෙනවා මෝඳූ

    බෝ හිමි ළඟ පැන් කල ගෙන අම්මා
    පිරිතෙන් බෝ හිමි නෑවූ අම්මා
    කුසහොත් මා සුවපත් කල අම්මා
    බෝ මළුවකි මගෙ ආදර අම්මා

    ලොව ඇති මහ දුක වින්දා අම්මා
    කඳුළින් දුක් ගිණි පිටකල අම්මා
    පළමු වරට මා හැඬු විට අම්මා
    කඳුළින් සිනහසුනා මගෙ අම්මා

    රත්තරනේ නුබ මාගේ ලෝකය
    කියමින් සිනහසුනා නෑ ශෝකය
    කිසිවෙනසක් නෑ දවාල රෑකය
    අම්මා මා ළඟ පුදුමය ඒකය

    පුතේ තාත්තා පෙන්නූ අම්මා
    නෑදෑයොත් මට පෙන්නූ අම්මා
    පන්සල වෙහෙරද පෙන්නූ අම්මා
    මගේ පණයි මගෙ ආදර අම්මා

    බුදුන් වඳින්නට හුරු කල අම්මා
    පිරිත් අසන්නට හුරු කල අම්මා
    බණ අසමින් හිස අතගෑ අම්මා
    බණ පඳයකි මට ආදර අම්මා


     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    වැරදි කල විටදි සැර කල අම්මා
    මට නොපෙනෙන්නට හැඬුවා අම්මා
    මගෙ කුස පුරවා බොහොවිට අම්මා
    කුසගින්නේ හිටියා මගෙ අම්මා

    දුකට සැපට මා ළඟ සිටි අම්මා
    හදවත තුල ඇති කරමින් පෙම්මා
    ආදරයත් වටහා දුන් අම්මා
    ආදරයේ උල්පත මගෙ අම්මා

    පුර පෝ දිනයේ ආදර අම්මා
    මිදුලේ බංකුව මද හිඳ අම්මා
    හඳ හාමිගෙ කිරි පැණි දුන් අම්මා
    ඒ සඳ එළියයි මට මගෙ අම්මා

    මා ලෙඬ වූ හැමවිටකම අම්මා
    බෙහෙත් පොවා හිස අතගෑ අම්මා
    නොනිදා පහන් කලා රැය අම්මා
    මගේ හුස්ම පොද විය මගෙ අම්මා

    තොටිල්ලෙ තබමින් නැලවූ අම්මා
    උකුලෙ හොවා රස කවි කිව් අම්මා
    හඬන විටදි ලේ කිරි වුණු අම්මා
    මගේ පණයි මගෙ ආදර අම්මා

    මාගේ ලෝකයෙ සිනහව අම්මා
    මාගේ ලෝකයෙ දයාව අම්මා
    මාගේ ලෝකයෙ පින්කඳ අම්මා
    නොමැත ලොවක් මට නැති තැන අම්මා

    මම බත් කනතුරු නොකෑව අම්මා
    මට බත් කවන්න වෙහෙසුනු අම්මා
    ඇනූ බතින් අමරස දුන් අම්මා
    මගේ පණයි මගෙ ආදර අම්මා

    මම ඇඟෙ ජීවය බව කිව් අම්මා
    මම වෙනුවෙන් ඇගෙ පණ දෙන අම්මා
    මාව දුරස් කර තැබුවත් අම්මා
    මොහොතක් වත් ඉන්නට බැරි අම්මා

    තෙල් ගාලා හිස පීරුව අම්මා
    පවුඩර් දා මා හැඩකළ අම්මා
    කලිසම කමිසය අන්දා අම්මා
    මා පාසල් ගෙන ගිය මගෙ අම්මා

    පන්තිය තුල මා නැවතූ අම්මා
    ඈතට වී බලමින් සිටි අම්මා
    හඬන විටදි සිහිවී මට අම්මා
    සැනෙකින් ඇවිදින් මගෙ ළඟ අම්මා


     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    පාසල් ගොස් මා එනතුරු අම්මා
    ගෙපිලට වී මඟ බැලුවා අම්මා
    මා දුටු මොහොතේ සතුටට අම්මා
    මලක් වගේ පිපුණා මගෙ අම්මා

    සඳට වඩා සිසිලයි මගෙ අම්මා
    හිරුට වඩා එළියයි මගෙ අම්මා
    මලට වඩා සුවඳයි මගෙ අම්මා
    බුදුන් ළඟට බුදුවන මගෙ අම්මා

    නැති බැරි කම් නොකියූ මට අම්මා
    ඇති හැකි විදියට හිටියා අම්මා
    දුක් ගින්දර වින්ඳා නැත නිම්මා
    මතුවට බුදු වේවා මගෙ අම්මා

    කුසගින්නේ සිට මට කැවූ අම්මා
    වැරහැලි හැඳ මා හැඩකල අම්මා
    මාව වඩාගෙන ඇතිකර පෙම්මා
    මහ කඳු නැග්ගා මගෙ බුදු අම්මා

    ලුණුයි බතුයි කැව්වත් මට අම්මා
    රොටියක් පුච්චා දුන්නත් අම්මා
    කහට කෝප්පය දුන්නත් අම්මා
    පණට වඩා වටිනවා මට අම්මා

    පුතේ කියා හිස අතගෑ අම්මා
    හිතේ තියෙන දුක නැතිකල අම්මා
    සතේ නැතත් වෙනසක් නැති අම්මා
    මෙතේ බුදුන් හමුවට යන අම්මා

    කෙතේ ගොයම් කරලයි මට අම්මා
    කොතේ වෙහෙරෙ ඇති සිළුමිණ අම්මා
    කැතේ නැතුව කුණු අතගෑ අම්මා
    මෙතේ බුදුන් හමුවට යන අම්මා

    එකම ඇඳුම නිති සෝදා අම්මා
    එය අන්දා මට හැඩබැලු අම්මා
    ඉගෙනගන්න දුක නැත කිව් අම්මා
    කඳුළු තුලින් මතකෙට එයි අම්මා

    උදේට ඉව්වෙත් උදෙන්ම අම්මා
    දවල්ට රෑටත් ඉව්වේ අම්මා
    හේනෙ කුඹුරෙ වැඩ කෙරුවෙත් අම්මා
    අමතක කරන්න නම් බැහැ අම්මා

    ගස් වැල් වල ඇති සුවයයි අම්මා
    දියඇල්ලක ඇති සිසිලස අම්මා
    ලස්සන හැම දේ එකතුව අම්මා
    දොලොස්මහේ පහනයි මට අම්මා


     

    Ethical tone

    Member
    Aug 13, 2013
    4
    0
    0
    lonely places
    no offence :dull: but,

    "මහණෙනි , ගීතමය ස්වරුපයෙන් ධර්මය දේශනා නොකරන්න"
    මෙහෙම
    බුදුහාමුදුරුවෝ වදාරලා තියෙනව.

    source : බණ්ඩාරවෙල අමිතානන්ද හිමි.
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මා හඬනා විට හැඬුවා අම්මා
    මා හිනැහෙන විට හිනැහුනු අම්මා
    කවුරු නැතත් මා ළඟ සිටි අම්මා
    මොනවා නැතත් මට වටිනවා අම්මා

    මුදල් සෙව්වෙ දුක් විඳ මගෙ අම්මා
    ඉගෙනගන්න වියදම් කල අම්මා
    සමත් වෙන විටදි මා බැති පෙම්මා
    සඳක් වගේ දිලුණා මගෙ අම්මා

    තිබුනු රූපයත් මට දුන් අම්මා
    තරුණ කමත් ශක්තිය දුන් අම්මා
    සියල්ල දී වයසට ගිය අම්මා
    නුදුන් දෙයක් නැති මගෙ බුදු අම්මා

    මහන වෙනවා මම කිව් දින අම්මා
    සතුටින් ඉපිල ගියා මගෙ අම්මා
    මහා පිණක් යැයි සිතමින් අම්මා
    හැඬූ අයුරු මට මතකයි අම්මා

    වෙහෙරෙහි ඉන්නා විට මගෙ අම්මේ
    මැවි මැවි පේනවා ඔබෙ රුව අම්මේ
    එන්න හිතයි දුවගෙන එක පිම්මේ
    ඉඩ දෙනවද උණුසුම ළඟ අම්මේ

    අපි පොඩි දරුවන් ලෙස මගෙ අම්මේ
    හිතන්නෙ නැති අය බණිනවා අම්මේ
    ලුණුයි බතුයි හරි කාලා අම්මේ
    ඉන්නට නැවතත් එන්නද අම්මේ

    බණ පොත් කියවන විට මගෙ අම්මේ
    පිටු අතරින් ඔබ පෙනෙනවා අම්මේ
    බුදු හාමුදුරුවො දෙසුවෙත් අම්මේ
    ගෙදර බුදුන් කියලයි මගෙ අම්මේ

    කන්න බොන්න ඇවිදින හැටි අම්මේ
    හැම දේ මුලින් කියා දුන් අම්මේ
    බුදු හාමුදුරුවො දෙසුවෙත් අම්මේ
    මුල් ගුරුවරු කියලයි මගෙ අම්මේ

    කලත් මහා වරදක් මම අම්මේ
    සමාව දුන් හැටි පුදුමයි අම්මේ
    බුදු හාමුදුරුවො දෙසුවෙත් අම්මේ
    අනුකම්පාවෙන් කියලයි අම්මේ

    අම්මලාට සලකන අය අම්මේ
    අත්පා මෙහෙවර කරමින් අම්මේ
    බුදු හාමුදුරුවො දෙසුවෙත් අම්මේ
    සත්පුරුෂයො කියලයි මගෙ අම්මේ


     

    Ethical tone

    Member
    Aug 13, 2013
    4
    0
    0
    lonely places
    this is a buisness.
    monks may come for dhamma speeches for free, but kavi singer monks never!!!!

    they sing kavi just to make u 'disire to their voice'. not to the real dhamma talks. they do this for money.
    they are not real monks, no way near.