අම්මා (කවිබණ) - මාකඳුරේ පඤ්ඤසාර හිමියන්

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඇති හැකිකම් තිබිලත් මගෙ අම්මේ
    අම්මලාට දුක් දෙයි නම් අම්මේ
    බුදු හාමුදුරුවො දෙසුවෙත් අම්මේ
    පිරිහෙන නපුරන් කියලයි අම්මේ

    උර මත තබමින් හිටියත් අම්මේ
    මේ ලොව රජකම පිදුවත් අම්මේ
    බුදු හාමුදුරුවො දෙසුවෙත් අම්මේ
    ණය ගෙවන්න බැහැ කියලයි අම්මේ

    බෝසත් හිමි පෙර දවසක අම්මේ
    අම්මා කරමත තබමින් අම්මේ
    මුහුදෙහි පිහිනා ආ විට අම්මේ
    බුදුවෙන විවරණ ලැබුණලු අම්මේ

    ගිරවෙකු වී බෝසත් පෙර අම්මේ
    වී කාලා ගෙනියනවලු අම්මේ
    උගුලට හසු වී කිව්වලු අම්මේ
    මවුපියන්ට ගෙනියන්නේ අම්මේ

    ඇතෙක් වෙලා බෝසත් අම්මේ
    අන්ධ මවට සැලකුවාලු අම්මේ
    රජමැදුරට ගෙන ආවත් අම්මේ
    කුසගින්නේ හිටියලු මගෙ අම්මේ

    මාගේ වරදක් දුටු දින අම්මේ
    දඬුවම් දුන්නත් කෝපෙන් අම්මේ
    මල් පෙත්තක් වැදුනත් මට අම්මේ
    රිදෙයි කියා ඔබ හැඬුවද අම්මේ

    මතකයි පෙර ඔබ හැඬුවා අම්මේ
    තවත් කඳුළු නෙත තියේද අම්මේ
    මම හින්දා නම් කිසිදින අම්මේ
    අම්මට හඬන්න වෙන්නෑ අම්මේ

    කවුරු මොනවා කිව්වත් මගෙ අම්මේ
    ඔබට වෙනස් කම් කෙරුවත් අම්මේ
    මගේ පොරොන්දුව අහන්න අම්මේ
    නැහැ හිත රිදවන්නේ මම අම්මේ

    ඔබෙ ගුණ ළඟ තිබු දැනෙනවා අම්මේ
    පුතේ කියන හඬ ඇහෙනවා අම්මේ
    කුමන දෙයක් මට වූවත් අම්මේ
    ඔබට අකීකරු වෙන්නෑ අම්මේ

    ලොවම මගේ ළඟ තැබුවා අම්මේ
    ලොවම දිනන්නට හැකි ලෙස අම්මේ
    මෙයයි පැතුම සසරෙහි මතු අම්මේ
    නිවන් දකින තුරු ඔබෙ පුතු අම්මේ
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මලක් වෙලා ඔබ පිපුණා අම්මේ
    දොළක් වෙලා ඔබ ගැලුවා අම්මේ
    සුළඟ වෙලා ඔබ හැමුවා අම්මේ
    නිවන වෙලා ඔබ දැනුණා අම්මේ

    කුසගින්දර දැනුණද මගෙ අම්මේ
    මම එනතුරු මග බැලුවද අම්මේ
    ඔබ ළග මම ඉන්නාතුරු අම්මේ
    වැඩිහිටි නිවාස මොකටද අම්මේ

    පුතු දුටු විට හිත පිරුණද අම්මේ
    ලෙඩදුක් තිබු දුරු වුණාද අම්මේ
    ඔබ ළඟ මම ඉන්නා තුරු අම්මේ
    බෙහෙතට රෝහල් මොකටද අම්මේ

    දුකක් දැනුණු විට කියන්න අම්මේ
    හිත රිඳුනා නම් කියන්න අම්මේ
    ඔබ ළඟ මම ඉන්නාතුරු අම්මේ
    දෙවි දේවතාවො මොකටද අම්මේ

    දුකක් දැනුණු විට දුවගෙන පිම්මේ
    එන්න හිතයි ඔබ දකින්න අම්මේ
    ඔබ මා ළඟ ඉන්නාතුරු අම්මේ
    වෙන සැපතක් මට මොකටද අම්මේ

    ඔබ මගෙ හිස අතගාමින් අම්මේ
    තුරුලට ගෙන හිස සිපගත් අම්මේ
    ඔබට මාව සිහිවෙනවිට අම්මේ
    දුර හිටියත් මම ඔබ ළග අම්මේ

    වාගෙයි මට අම්මා ගෙයි පහන
    හැමදා ගෙනදුන් මාවෙත සහන
    මේ ලොව තුල රුදු නපුරන් දහන
    සැබෑ කලා මම අම්මගෙ සිහින

    හැමදාමත් මම ඔබ ළඟ ඉන්නම්
    හිතට නිවන මම අරගෙන එන්නම්
    ඔබෙ ගුණ ගයමින් ලොව සනසන්නම්
    මතු සසරෙත් ඔබෙ පුතාම වෙන්නම්

    මවුගුණ සුවඳින් හමනවා පවන
    ඔබගේ කටහඬ පිනවයි සවන
    සියලු වේදනා නැතිකර දවන
    අම්මගෙ තුරුළෙහි දෙනු මැන නිවන

    සිටියත් සසරෙහි දුකකට හසු වී
    තිබේ පිණක් හදවත තුළ මතු වී
    මම බුදු වන විට දහමට නතු වී
    ඔබ ළඟ ඉන්නෙමි රාහුල පුතු වී


     
    • Like
    Reactions: rm1980

    maheerulz

    Member
    Jun 5, 2013
    587
    95
    0
    Maharagama
    එල මචං.. සෙට් වුනොත් පී ඇම් එකක් දාන්නම්කො..
    11.gif
    11.gif
     

    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    loku pinak machan umba kara ganne.godak kalekin umbe thred 1k dekketh.
    aela jaya wewa machan +2