අම්මා කියූ බොරු

~Zimba~

Well-known member
  • Apr 3, 2012
    1,190
    250
    63
    අම්මා කියූ බොරු

    මේ කතාව පටන් ගන්නේ මම ඉතා කුඩා කාලෙදි. මම බොහොම දුප්පත් පවුලක ඉපදුනේ. ගොඩාක් වෙලාවට අපිට හරි කෑම වේලක් කන්න පුළුවන් කමක් තිබුනෙ නැහැ. අපට මොනවා හරි කෑමක් ලැබුනහම අම්මා හැම වෙලේම අම්මාගේ පංගුව මට දුන්නා. අම්මා කෑම ටික මගේ පිඟානට දාන ගමන් කිව්වේ "ඔයා කන්න පුතා. මට බඩගිනි නැහැ" කියලයි.

    අම්මා මට කිව්ව පළවෙනි බොරුව ඒකයි.

    මම ටිකක් ලොකු වෙද්දි අම්මා අම්මගෙ විවේක කාලය කැප කරලා අපේ නිවස ලඟ තිබුනු ඇළේ මාලු අල්ලන්න පටන් ගත්තා. අම්මට ඕන වුනේ එහෙම හරි මගේ පෝෂණය වැඩි වෙන්න මාලු ටිකක් හොයාගන්නයි. දවසක් අම්මට මාලු දෙන්නෙක් අහුවෙලා සුප් එකක් හැදුවා. මම සුප් බොන අතරෙ මම කාලා මාලු කටුවල ඉතුරු වුන පුචි මාලු කෑලි අම්මා කනවා මම දැක්කා. මගෙ හිතට ලොකු දුකක් දැනුනා. මම මගෙ ඉතුරු මාලු ටික අම්මට දෙනකොට අම්මා මට කිව්වෙ "ඔයා කන්න පුතා. මම මාලු කන්න එච්චර ආස නැහැ" කියලයි.

    අම්මා මට කිව්ව දෙවෙනි බොරුව ඒකයි.

    මට ඉගෙන ගන්න මුදල් මදි වෙද්දි අම්ම නිවස ලඟ තිබුනු ගිනිපෙට්ටි කම්හලට ගිහින් පාවිච්චි කර ඉවත දාපු හිස් ගිනි පෙට්ටි ටිකක් ගෙනාවා. අම්මා ඒවට අලුත් ගිනිකූරු දාල පිරෙව්වා. ඉන් අපිට සුළු ආදායමක් ලැබුනා. එක සීතල රාත්‍රියක මම නින්දෙන් නැගිටල එද්දි අම්ම ඉටිපන්දම් එලියෙන්, සීතලේ ගැහි ගැහි ගිනි පෙට්ටි පුරවනවා දැක්කා. "අම්මා දැන් නිදා ගන්න. ඕක හෙට කරන්න පුලුවන්." අම්මා එතකොට මගේ දිහා බලලා හිනා වෙලා කිව්වෙ "පුතා ගිහින් නිදා ගන්න. මට නිදිමත නැහැ" කියලයි.

    අම්මා මට කිව්ව තුන්වෙනි බොරුව ඒකයි.

    මගේ අවසාන විභාගයට යද්දි අම්මත් මාත් එක්ක ආවා. මම විභාගෙ ඉවර වෙනකල් අම්මා එලියෙ ගිනි අව්වෙ බලාගෙන හිටියා. සීනුව ගහපු ගමන් මම අම්මා ගාවට දුවගෙන ගියා. අම්මා මාව ආදරයෙන් වැළදගෙන උණු වතුර බෝතලයෙන් තේ ටිකක් දාල දුන්නා. අම්මා අව්වෙ දහදිය දමමින් හිටිය නිසා මම තේ කෝප්පය අම්මට දීල, ඒකෙන් අම්මාටත් බොන්න කිව්වහම අම්මා මට කිව්වෙ "ඔයා බොන්න පුතා. මට තිබහ නැහැ" කියලයි.

    අම්මා මට කිව්ව හතරවෙනි බොරුව ඒකයි.

    තාත්තා මැරුණට පස්සෙ ඔක්කොම බර අම්මගෙ කරට වැටුනා. ඒක දුෂ්කර කාලයක්. අපි බඩගින්නෙ දුක් වින්දා. අපිට තියෙන කරදර දැකපු ගොඩාක් අය අම්මට කිව්වෙ නැවත වරක් කසාද බඳින්න කියලා. ඒත් මට වෙනස්කමක් වේවි කියල හිතල එතකොට අම්මා කිව්වෙ "මට වෙන පිරිමියෙකුගේ ආදරය ඕන නැහැ" කියලයි.

    අම්මා මට කිව්ව පස්වෙනි බොරුව ඒකයි.

    මගේ අධ්‍යාපනය නිමා කලාට පස්සෙ මට පොඩි රැකියාවක් ලැබුනා. අම්ම වින්ද දුක් වලින් අම්මා මුදවන්න කාලය ආවා. ඒත් අම්මා පුරුදු විදිහටම හැමදාම පොළට ගිහින් එළවළු ටිකක් විකුණුවා. මගේ සුළු පඩියෙන් මම අම්මට සල්ලි යවන්න ගත්තහම අම්මා ඒවා ආපසු මට හරවලා එව්ලා කිව්වෙ "මට සල්ලි එවන්න එපා පුතා. මට සල්ලි ඇති පමණට තියෙනවා" කියලයි.

    අම්මා මට කිව්ව හයවෙනි බොරුව ඒකයි.

    මම මගේ මාස්ටර්ස් උපාධියට ඉගෙන ගන්න පටන් ගත්තා. ඊට වියදම් කලේ මම රැකියාව කරපු ආයතනය. මම ඇමරිකාවට ගියා. මට දැන් විශාල පඩියක් ලැබෙනවා. මම අම්මාව ඇමරිකාවට ගෙන්න ගන්න හිතුවා. නමුත් මගේ ඉගෙනීමෙ කටයුතු අතරෙ අම්ම ඉන්න එක මට බාධාවක් වෙයි කියල හිතලා අම්ම කිව්වෙ "මට ඔය වෙන රට රාජ්ජවල ඉන්න දන්නෙ නැහැ පුතා" කියලයි.

    අම්මා මට කිව්ව හත්වෙනි බොරුව ඒකයි.

    අන්තිම කාලෙදි අම්මාට පිළිකාවක් හැදිලා රෝහල් ගත කලා. මම ඇමරිකාවේ ඉදන් ගෙදර ආවා. එතකොට අම්මා ශල්‍යකර්මයක් කරලා ඇඳට සීමා වෙලයි හිටියෙ. අම්මා සිනා සෙන්න උත්සාහ කලා. ඇයගේ ඇඟ කෝටුවක් වගේ වෙලා. ඒත් මම දුකින් කියල තේරුම් ගිහින් ඇය අමාරුවෙන් මට කිව්වෙ "මට අමාරුවක් නැහැ පුතා" කියලයි.

    අම්මා මට කිව්ව අටවෙනි බොරුව ඒකයි.

    එහෙම කියලා අම්මා අවසන් හුස්ම හෙළුවා. ඔව්.

    මගේ අම්මා දේවදුතියක්...

    ~~පරිවර්ථනයකි (මනඃකල්පිත සිදුවීමකි)~~

    අදවගේ දවසකවත් අම්මට ආදරේ තියන අය, 'අම්මා' කියන අකුරු 3 තේරුම හරියට දන්නා අය හැමෝටම බලාගන්න මේ ත්‍රෙඩ් එක බම්ප් කරන්න.

    ඉස්සුවේ බ්ලොග් එකකින්....
    (අය්තිය බ්ලොග් කරු සතුය්)
     
    Last edited:

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..

    0002030B.gif
     
    prashan3000

    Well-known member
  • Apr 10, 2011
    3,923
    1,004
    113
    REPOST
    http://www.elakiri.com/forum/showthread.php?t=1438511&page=5
    RE POST

    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    මාව ලොකු මහත් කරන්න මගෙ අම්මා මෙච්චර දුක් වින්දෙ නෑ ඒ වුනාට මම මගෙ අම්මට ගොඩක් ආදරේ එක අම්මා හොදටම දන්නවා

    මේ ලොකේ දරුවෙකට දෙන්න පුලුවන් උපරිම කියන්නෙ සීමා රහිත නිදහසක් මගේ අම්ම මට දීලා තියනවා
    ඒ අම්මට මාව විශ්වාස නිසා

    මම ඒක කඩ කරන්නෑ

    මම වැරද්දක් කලත් එකටම ඇවිල්ල කියන්නෙ අම්මට
    එහෙම කියල බැනුම් අහනවා ඒ වුනාට මම වැරද්ද අම්මට තමා එකටම කියන්නේ​
     
    ~Zimba~

    Well-known member
  • Apr 3, 2012
    1,190
    250
    63
    REPOST
    http://www.elakiri.com/forum/showthread.php?t=1438511&page=5
    RE POST
    http://www.elakiri.com/forum/showthread.php?t=1438511&page=5
    RE POST
    http://www.elakiri.com/forum/showthread.php?t=1438511&page=5
    RE POST
    http://www.elakiri.com/forum/showthread.php?t=1438511&page=5
    RE POST
    http://www.elakiri.com/forum/showthread.php?t=1438511&page=5
    RE POST
    http://www.elakiri.com/forum/showthread.php?t=1438511&page=5
    RE POST
    RE POST
    RE POST
    RE POST
    RE POST

    http://www.elakiri.com/forum/showthread.php?t=1438511&page=5

    sorry for it. i didnt knw dat. dakapu nathi aya ona tharam athi.
     
    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    REPOST
    http://www.elakiri.com/forum/showthread.php?t=1438511&page=5
    RE POST
    http://www.elakiri.com/forum/showthread.php?t=1438511&page=5
    RE POST
    http://www.elakiri.com/forum/showthread.php?t=1438511&page=5
    RE POST
    http://www.elakiri.com/forum/showthread.php?t=1438511&page=5
    RE POST
    http://www.elakiri.com/forum/showthread.php?t=1438511&page=5
    RE POST
    http://www.elakiri.com/forum/showthread.php?t=1438511&page=5
    RE POST
    RE POST
    RE POST
    RE POST
    RE POST

    http://www.elakiri.com/forum/showthread.php?t=1438511&page=5
    http://www.elakiri.com/forum/showthread.php?t=1305223