අම්මා කෙනෙක්ගේ සත්‍ය කතාවක්

magicwithhasitha

Well-known member
  • Sep 15, 2011
    3,195
    866
    113
    සංසාරේ
    අම්මා කෙනෙක්ගේ සත්‍ය කතාවක්

    හොද අම්මා කෙනෙක්..........

    mother_with_child_bw.jpg


    දැනට අවුරුදු හතකට විතර කලින් කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ 4 වාට්ටුවට අවුරුදු 5ක විතර දරුවෙක් අරගෙන අම්මා කෙනෙක් ආවා. මේ දරුවා රැගෙන ආපු අම්මා විශේෂ කෙනෙක්. (මේ මට දැනුන විදිය) ඇය ඒ වනවිට වැලිකඩ හිර ගෙදර නේවාසිකයෙක්. ඒ කියන්නේ මත් ද්‍රව්‍ය වගයක් ලග තබාගෙන හිටියයි කියන චෝදනාවට දඩුවම් විදිමින් සිටි කෙනෙක්. (ඇය මත් ද්‍රව්‍ය පාවිච්චි කලේ නැහැ. මං හිතන්නේ විකුනන්න ඇති.) ඇය මට කිව්වේ ඇගේ මල්ලි ඒවා පාවිච්චි කරනවා කියලයි. ඇගේ දඩුවම් කාල සීමාව වසරක්. මම මේ කියන කාල සීමාව වෙනකොට ඉන් මාස 10ක් ගෙවිලා ගිහින්.


    ඉතින් මේ අම්මා ගෙනාවේ පිරිමි දරුවෙක්. හොද ලස්සන පෙනුමක් තියෙන හොදට ඇග පත හැදිච්ච පිරිමි දරුවෙක්. මේ දරුවත් විශේෂයි. හේතුව දරුවාගේ ඇස් පේන්නේ නැහැ. කන් ඇහෙන්නේ නැහැ. ඇවිදින්න බැහැ. බාහිර පෙනුම හොද උනාට දරුවා ආබාධිතයි.


    ඉතින් මම මේ අම්මා ලගට කිට්ටු කරලා දරුවා ගැන විස්තර ඇහුවා. ඒ අම්මා දරුවව හොදට පිරිසිදුවට පිළිවෙලට තියාගෙන හිටියා. දරුවට පැම්පස් දාලා තිබුණා. අම්මාගේ ආරක්ෂාවට ආරක්ෂක නිලධාරිනියන් දෙදෙනෙකුත් රෝහලේ හිටියා.


    බැලූ බැල්මටම පෙනුනා ඇය දරුවා බොහෝම ආදරෙන් කරුණාවෙන් බලාගන්නා බව. සතුටක් වගේම දුකක් දැනුනා. දරුවා ආබාධිත දරුවෙක් නිසා. කෙසේ වෙතත් මේ අම්මාට තමන්ගේම දරුවන් තුන්දෙනෙකු ඉන්නවා. කසාද බදින වයසේ. (නමුත් ඇය ඒ වනවිටත් වයස අවු. 45ක විතර පෙනුමැති කාන්තාවක්). ඇගේ දරුවන් ලොකු මහත් වෙච්ච අය නිසා ඇය කොළඹ කාසල් රෝහලෙන් දරුකමට හදාගන්න දරුවෙක් සොය සොයා ඉන්න කොට තමයි මේ දරුවා ලැබිලා තියෙන්නේ.


    මේ පුතාගේ ඇත්ත අම්මා අවු.16ක පුංචි කෙල්ලක්. නුවර පලාතේ. තමන්ගේ පෙම්පතාගෙන් වෙච්ච අකරතැබ්බෙක ප්‍රථිපලය තමයි මම මේ කියන පිරිමි දරුවා. ඉතින් දරුවා නැති කරන්න අම්මා බෙහෙත් බීලා. ඒවායේ ඵලවිපාක අන්තිමේදී අසරණ දරුපැටියා පිටින් ගිහින්. ඔහු ගොඵයි. බිහිරියි. හදාගන්න අම්මා දරුවා අරගෙන මාස 3-4කට විතර පස්සේ තමයි දන්නේ දරුවාගේ සැබෑ තත්වය. නමුත් ඇය දරුවාව කුණු කානුවට නොදමා, ටොයිලට් වලකට නොදමා, එහෙම නැත්නම් පාරක අයිනේ හොරෙන්ම දාලා යන්නේ නැතිව ආදරෙන් හදා ගත්තා. දරුවාව අවශ්‍ය කරන හැම තැනකටම ගෙනිහින් පෙන්නුවා. විශේෂඥ වෛද්‍ය සහාය පැතුවා. දරුවා හොද කරන්න බැරි වුනත් ඇය තමන්ගේම දරුවෙක් වගේ මේ අහිංසක දරුවාව රැක බලා ගත්තා.


    වෛද්‍යවරු දරුවා අන්ධයි කියද්දී, ඔහුව වෛද්‍යවරුන් කිහිපදෙනෙකු ගාවටම ගෙනිහින් පෙන්නලා දරුවාට යන්තම් ඇස් පේන බව දැනගෙන උපැස් යුවළක් දමා තිබුනා.


    ඊට පස්සේ වසර ගණනාවක් යනතුරුත් මේ අම්මා අර දරුවා රැගෙන ළමා රෝහලේ සායනයට ආවා. ඇය ඇගේ අත් දෙකෙන් මේ දරුවා හරහට වඩාගෙන යන අයුරු මම මගේ ඇස් දෙකෙන් අනන්තවත් දුටුවා. (ඇය හිරෙන් නිදහස් වූ පසුත්). මම මෙහෙම කියන්නේ අවුරුදු 5ක් විතර යනකන් දරුවෙක් වඩාගෙන යන්න පුළුවන්. ඒත් අතපය පණ නැති දරුවෙක් වඩාගෙන යන එක එතරම් ලේසි වැඩක් නෙමෙයි. අනික හොදට අංග සම්පූර්ණ හැදිච්ච දරුවෙක්.


    දැනට වසර තුනකට විතර පෙර මේ දරුවා වකුගඩු රෝගයට ගොදුරු වුණා. ඒ අම්මා ඒත් දරුවාව රැගෙන විත් බෙහෙත් කලා. (මේ අම්මාට අපහාසයක් නොවේවා කියලා ප්‍රාර්තනා කරනවා. මම අදටත් ඇයට ගරු කරනවා). ඒ අතර ඇය ඇගෙ නීත්‍යානුකූල සැමියා අතැර වෙනත් කෙනෙකු සමග දීග ගියා (කොටින්ම කිවුවොත් පැනලා ගියා). හැබැයි ඇය මේ දරුවාව ඇස් දෙක වගේ රැක බලා ගත්තා. ඇය ගියේ දරුවාත් රැගෙනයි. (ඒකයි මම ඇයට ගරු කරන්නේ).


    එහෙත් දැනට වසරකට පමන පෙර මේ පුතා මෙලොවින් සමුගත්තා. මිය යනකොට දරුවාට වයස අවුරුදු 13ක්. දරුවාව ආදරෙන් රැකබලාගත් අම්මා කතෝලික කාන්තාවක්. කොළඹ නගරයට නුදුරුව ඇය දැනටත් පදිංචිව ඉන්නවා. මොන දේ මොන විදියට සිද්ධ වුනත් මේ නම් සැබෑම අම්මා කෙනෙක් කියලයි මගේ අදහස. මම තාමත් ඇයට ගරු කරනවා. අහිංසක දරුවෙක්ට හැබෑම අම්මා කෙනෙක් වුනාට. මේ වගේ පරිත්‍යාගයක් කරන්න පුඵවන් බොහෝම අතලොස්සකට විතරමයිනේ...............


    වදන්න පින් මදි මුත් හදනා පිනෙන්ම ඔබ මතු බුදු වෙනවා අම්මේ........


    mother-and-child.jpg


    නෙතට කදුලක් නැගුන සත්‍ය සිද්ධියක්.

    උපුටා ගැනීම
     

    wisal

    Member
    Jul 2, 2009
    7,624
    759
    0
    Israel
    ඩැබෑ මාතෘත්වය හදවතේ තියන කාන්තාවක්.. ඔය කරුනාව නිසා තමයි අදටත් ලෝකය පවතින්නේ...ස්තුතියි අපිත් සමග ශෙයා කරගත්තාට.