අම්මා ගැන මට ගොඩක් දුකයි මචන්

lalindutj

Well-known member
  • Sep 12, 2010
    3,267
    1,166
    113
    උඹ මුලින්ම හිතලා බලපන් උඹ ඇයි ඔය තත්ත්වෙට පත් උනේ කියලා. අම්මගෙන් සමාව ගන්න කලින් අන්න ඒ දේ ගැන හොයලා බලපන්. උඹ මනසින් ගොඩාක් දේවල් අල්ලගෙන ඉන්නේ. උඹට ඒ දේවල් ප්‍රායෝගිකව සපුරාගන්න බැරි උනාම උඹ ගැනම දුකක් ඇති වෙනවා. ඊට පස්සේ කේන්තියක් ඇති වෙනවා. ඒ කේන්තිය පිට කරන්න විදිහක් ඊට පස්සේ සකස් කරගන්නවා. ඒක ගෙදර බඩුවක් මුට්ටුවකින් හරි කවුරැ හරි කෙනෙක්ගේ පිටින් හරි උඹ යවනවා. මෙතනදී උඹට ඔය කේන්තිය පිටස්තර කෙනෙක් පිටින් යවන්න බැහැ. උඹේ යටිහිත ඒකට බයයි. මොකද හොද කනේ පාරක් කන්න වෙනවා ඒක කරන්න ගියොත්. මෙතනදී අම්මා ඒ හැමදේම හිතින් දරන් ඉන්න නිසා උඹේ හිත අම්මා පිටින් ඒ කේන්තිය පිට කරලා දානවා.

    ඔය හැම දේකටම මුල උඹ ගොඩාක් දේවල් හිතින් අල්ල ගත්ත එකයි. ඒකෙන් උනේ උඹේ දාහය වැඩි වෙච්ච එකයි. උඹ, මම, අපි හැමෝම උඹගේ ඔය හීන වලට ආසයි. නමුත් අපි හැමෝටම ඒ දේවල් සපුර ගන්න පුලුවන් කමක් නැහැ.

    වැදගත්ම දේ උඹ ඔය හිතන කිසිම දෙයක් හොදින්, සතුටින් ජීවත් වෙන්න ඕන
    දේවල් නෙමෙයි. ඒත් උඹට ඕනමනම් ඔය දේවල් අත්පත් කරගන්න උත්සාහ කරපන්, නමුත් ඒ දේවල් අත්‍යවශයමමයි කියලා හිතන්න එපා. එතකොට තමයි අල්ලා ගත්තා වෙන්නේ. ලැබුනොත් පාවිච්චි කරලා ඒකේ තියෙන සුවය ගනින්. ඒවා නැතිව සතුටින් ජීවත් වෙන්න බැහැයි කියන මිත්‍යාවෙන් අත් මිදියන්. උඹට ඔය දේවල් ලැබුනත් යම් දවසක ආයිමත් උඹ හිගන්නෙක් වෙන්නත් පුලුවන්. එහෙම උනොත් උඹ මුලු ලෝකෙටම බෝම්බ ගහයිනේ. සම්බෝලයක් හදන් බත් කෑවත් ඒකේ රසයක් තියෙනවා. බුරියානි කන්නම ඕන නෑ මේ ශරීර කූඩුව පවත්වන් යන්න. නමුත් ලැබුනොත් ඒ වෙලාවට දීලා ඇරපන්. ඒත් ඒවා නැතුව කන්න බැහැ කියල ඒ මත්තෙම ඉන්න එපා. එහෙම උනාම තමයි දුක වෛරය කේන්තිය ඇති වෙන්නේ.

    දෙයක් ලැබුනොත් ඒක පාවිච්චි කරලා ඒකේ යම් සුවයක් තියෙනවනම් ඒක ගනින්. ඒත් ඒ දේ නැතුව ජීවිතයක් නැහැ, ඒක ඕනමයි කියන මිත්‍යාවෙන් මිදියන්. ඔය විදිහට පොඩ්ඩක් හිතලා බලපන් හිතට ලැබෙන සැනසීම කොච්චරද කියලා...

    meke kiyala thiyena de ubata thrum giye nathi eka ube awasanawak:(

    samaharawita kal yaddi ubata therei :)
     

    indikaku

    Well-known member
  • Apr 17, 2011
    1,493
    973
    113
    ප්‍ර‍ශ්නම ගැන හිතුවොත් ලං වෙන්නෙම ප්‍ර‍ශ්න තමයි. ඒ නිසා පොඩි වෙනසකින් පටන් ගන්න. සමාව නොගත්තත් හිත සතුටු වෙන වැඩක් කරන්න.
     
    Last edited:

    arunakr

    Active member
  • Jul 20, 2011
    205
    166
    43
    ඔව් බන් මට ඒක තේරෙනවා. ඒ නිසා තමයි මට ගොඩක්ම දුක. ලොකු ලෝන්නම් නෑ බන්. ඒත් මට ඕනේ ඉක්මනින් දියුණු වෙන්න. ඉක්මනින් ඉඩමක් අරන් ගෙයක් හදලා වාහනයක් ගන්න.බංකුවකට ගියාට ලෝන් දෙන්නෙත් නෑ

    මචන් ලෝන් ගන්න එපා පඩියෙන් කැපෙන්න උඹට වෙන ආදායම් මාර්ග නැත්නම්..අනික උඹ අම්මට බැන්න කියල උඹට සල්ලි ලැබෙන්නෙ නෑ...සමාව ගනින් ගිහින්
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,947
    1
    60,970
    113
    Mother Earth
    උබ එන බුද්ධිමත් කතා කියන එකානේ මේකෙ :lol::lol:
    ගොන් ගූ හේරා

    මානසිකව වැටිල ඉන්න එකෙක් තවත් මානසිකව වට්ටන්න එපා බන්. මහම කැරි පව් වැඩක්. :dull:
     

    The sponge.bob

    Well-known member
  • Feb 29, 2016
    1,845
    916
    113
    Every where

    මානසිකව වැටිල ඉන්න එකෙක් තවත් මානසිකව වට්ටන්න එපා බන්. මහම කැරි පව් වැඩක්. :dull:

    ඒක මම පිළිගන්නවා.ඒත් මම කියපු එක වැරදියට තේරුම් ගත්තට මට කරන්න දෙයක් නෑ.:oo:
     
    • Like
    Reactions: Candid-B

    heshanlk

    Active member
  • Dec 28, 2018
    188
    31
    28
    අඩු කරන්න වියදමක් නෑ බන්. ඔක්කොම අත්‍යාවශ්‍ය වියදම්. මන ෆ්‍රීලන්සිං පැත්තෙන්ම තව ටිකක් දියුණු කරගන්න අදහසක් තියෙනවා. ඒත් ඒකටත් සල්ලි ඕනේ වෙනවා. ඉතුරුවක් නැතුව ඒක කරන්නත් බෑ. දුගී බවේ විශම චක්‍රයේ ඉන්නේ.ඕක කඩන්න අනිවාර්යෙන් අඩු පොළී ලෝන් එකකට යන්න ඔනේ. ඒත් ෆ්‍රීලන්සර්ස්ලාට ලෝන් ගන්න බෑනේ බන්
    මන් දන්නේ නැහැ මේක උඹේ ප්‍රශ්න වලට උත්තරයක් වෙයිද කියලා, ඒ වුනාට මුලු thread එකම කියෝලා බලපන් මොකක්හරි අදහසක් ගන්න පුලුවන් වෙයි.
    http://http://www.elakiri.com/forum/showthread.php?t=1928882
     

    Baby_Girl

    Active member
  • Mar 17, 2014
    244
    45
    28
    Colombo
    මචන් මන් මේ දවස් ටිකේ ප්‍රශ්න ගොඩක ඉන්නේ. ඒ මදිවට ලෙඩ ඉවරයක් නෑ.මේ දවස් ටිකේ මට ටිකක් තරහ යනවා වැඩී.

    මම මේ දවස් ටිකේ අම්මටත් බැන්නා. මම අම්මට ගොඩක් ආදරෙයි. ලේසියෙන් හිත රිදෙන දෙයක් කියන්නේ නෑ. ඒ වගේම මම අම්මට ගොඩක් සලකනවා. මොකද අම්මා තාත්තත් නැතුව මාව හදාගන්න ගොඩක් මහන්සි වුනා.කුලී වැඩ හිටන් කරලා. මන් දැන් හම්බකරනවා. අම්මට රස්සවක් කරන්න දෙන්නේ නෑ මගේ ආදායමෙන් මන් අම්මගේ වියදමට හැම මාසෙම අම්මට කොටසක් දෙනවා.

    ඒ වගේම අම්මත් මට ගොඩක් ආදරෙයි.

    ඒත් මේ දවස් ටිකේ මන් අම්මට ටිකක් බැන්නා. ටිකක් කිව්වට. ගොඩක් නරක විදිහට.අම්මා මූසලයි කියලත් කිව්වා. ඇත්තටම අම්මගේ කිසිම වැරැද්දක් නැතුව මම බැන්නේ. මොකද මට මගේ ප්‍රශ්න කියන්න කවුරුත් නෑ. ඉතින් මේ දවස් වල තිබ්බ ප්‍රශ්නත් එක්ක මගේ හිතේ තිබ්බ පීඩනය පිට වුනේ අම්මට බැනලා.

    මන් මේක ටයිප් කරන්නෙත් කාමරේ දොර වහගෙන අඩන ගමන්. මට දරාගන්න බැරි තරම් දුකක් දැනෙනවා,මගේ කටින් පිට වුනු වචන මට ආපහු ගන්න බෑ.

    මන් අම්මට බනිද්දී අම්මත් මට ආපහු පෙරලා බනිනවා නම් මට දුකක් නෑ. ඒත් අම්ම මොකුත් නොකියා ඒ හැමදෙයක්ම අහගෙන ඉන්නවා. ඒත් මන් දැක්ක අම්මා ඊට පස්සේ වෙනම පැත්තකට ගිහින් හොරෙන් අඩනවා.

    මට මේ දේවල් මතක් වෙද්දි ලොකු දුකක් දැනෙනවා

    තෝ නං මහා කැරි බල්ලෙක්. අම්මට මුසලයි කියනවද පකෝ. වැඳලා සමාව ගනින් පකයා.