හ්ම්ම්ම්.. මට පුදුමත් හිතෙනවා බන් සමහරු තාම දෙමව්පියන්ට වඳිනවලු.. අම්මා එක්ක close ගොඩක් ලූ.. බත් කවනවලු.. එහෙම බැඳීම් වැඩි වෙනකොට දුක වැඩී තමයි.. අපේ ගෙදර හාත් පසින්ම වෙනස් බන්..
පොඩි කාලේ ඉඳන් අපේ දෙමව්පියන් සල්ලි හම්බකලේ.. උදේ 6 ට එළියට බැස්සම ගෙදර එන්නේ රෑ 7 වෙලා.. ආච්චි තමයි අපිව බලා ගත්තේ.. ඒත් අපිට සැපෙන් අඩුවක් කලේ නෑ.. මහ ලොකු සල්ලි කාරයෝ නෙමේ.. ඒත් ඉගෙන ගන්න හැමදේටම උදව් කලා.. වියදම් කලා.. ඒත් සමහරු කියලා තියෙනවා වගේ දෙමව්පියන් එක්ක සමීප නෑ.. එහෙම වෙන්න කාළයක් තිබ්බෙත් නෑ.. දුරස් බවක් තිබ්බත් අපි වල් වැදුනේ නෑ.. හැමෝම හොඳට ඉගෙන ගත්තා..
එකට කන්න බොන්න.. ප්‍රශ්නයක් කථා කර ගන්න.. "මම කෙල්ලෙක් එක්ක යාළු වෙලා ඉන්නවා අම්මේ" කියලා විවෘතව කථා කරන්න බෑ.. එහෙම ඇහුවොත් කණ හරහා පාරක් දෙයි.. "මට අද බස් එකේදී අතවරයක් උනා" වගේ දෙයක්වත් කථා කරන්න බෑ බන් අපි හැදුන විදියට.. මට මතකයි මම කැම්පස් යන කාලේ මගේ යාළුවෙක් කිව්වා උගේ යට ඇඳුම් පවා හෝදන්නේ තවම අම්මලු.. මට පුදුමත් හිතුනා කර දඬු උස්මහත් වෙච්ච 24 කොල්ලෙක් මෙහෙම කථා කරනකොට.. මට මතකයි මගේ කකුල කැඩිලා ඉද්දි අක්කා තමයි ඇවිත් තෙල් ටික ගෑවේ..
මම පොඩි කාලේ ඉඳන් තනියෙන් හැදුනේ වැඩුනේ.. මගේ දේවල් මම කර ගත්තා.. හැමදේම.. අදටත් මම තනියෙන් මගේ රෙදි ටික හෝද ගන්නවා.. ටිකක් උයන්නත් පුළුවන්.. තේක හදා ගන්නවා.. දවසක් මම උදේ තේක හදන් එනකොට අපේ ගෙදරට ආපු ආන්ටි කෙනෙක් අහනවා "අනේ පුතේ ඔයාද තේ හදන්නේ කියලා.." මම කිව්වා ඉතින් ඔව්.. මොකද්ද ඒකේ ඇති විශේෂත්වය කියලා..???? අදටත් ඇඳ ගාවට අම්මලා තේක හදලා ගෙනත් දෙන අය ඇති... අම්මේ අරක කෝ මේක කෝ කොහෙද තියෙන්නේ අම්මා නැත්නම් මුකුත් හොයා ගන්න නෑ වගේ එකක් අපේ ගෙදර නෑ..
ඉතින් මම හිතන්නේ එහෙම ගොඩක් ආදරෙන් ඔයාලට සළකලා වෙන් උනාම ඒක දරාගන්න අමාරුයි... මට එහෙම ලොකූවට දුකක් නෑ.. දුකක් නැතෙත් නෑ, මොකද මම දැකලා තියෙනවා ඒ අය දුක් විඳපු හැටි.. අපි අද මෙහෙම කාලා ඇඳලා ඉන්නේ ඒ අය අපි වෙනුවෙන් මහන්සි උන නිසා.. මගේ ඉගෙනීම් වලට අම්මා ණය වෙලත් සල්ලි අරන් දීලා තියෙනවා.. බෙල්ලේ තියෙන මාලේ උගසට තියලා සල්ලී දීලා තියෙනවා.. තාත්තා නම් පොඩි කාලේ ඉඳන් මගෙත් එක්ක වලි මූඩ්.. අදටත් සැර පරුෂයි. හිට්ලර් ටයිප්.. ඉතින් එයාව තේරුම් අරන් ජීවත් වෙනවා..
සමහරක් වෙලාවට මට හිතෙනවා අම්මාගේ පෙට්ටිය ඉස්සරහ මට ඇඩෙයිද කියලා.. ඇඬෙයි අපි මනුස්සයෝ.. ඒත් මේ ලෝකේ හැමෝටම මේ මරණය පොදුයි.. ආවොත් යන්න ඕනේ..
ඉතින් මට පුළුවන් විදියට මම එයාලට සලකනවා. කවදක හරි එයාලා නැති උන දවසට පස්සෙත් මම අනිවා ඒ කරන්න ඕන දාන මාන කටයුතු මම නොපිරි හෙලා කරනවා.. ඒ අය ඉන්න තැනකට යන්න ඒ පින් හේතු වාසනා වෙන්න කියලා.. මගේ ජීවිතේ මම තනිකඩ ජීවිතයක් ගත කරන්නේ.. රකින්න පවුලක් දරුවෙක් මට නෑ.. ලොකු වියදම් නෑ.. ඉතින් මගේ එකම බලාපොරොත්තුව මම මැරෙනකන් හොඳින් ඉන්නත්.. ඉන්න කාලේ දෙමව්පියන් බලා ගන්න එකත්... ඊට පස්සේ කෙරෙන්න ඕන දේවල් නොපිරි හෙලා ඉටු කිරීමත්..
මගේ දෙමව්පියන් එක්ක මගේ තියන සම්බන්ධයත් මේකමයි. හැබැයි වෙනස තියෙන්නේ මම උඹට වඩා වැඩිමල්.මට ළමයි දෙන්නෙක් ඉන්නවා. මගේ තිබ්බ Love එක අම්මලා හින්දා මම අතහැරියා. පස්සේ කාලේදී අම්මලා මටගෙනාපු proposal වලදි මට තේරුණේ ඒ ගොල්ලන් කිසිම අවබෝධයක් නැතුව වැඩකරනව කියලයි.ඒ විදිහට proposal එකක් කරගත්තානම් මම මාර විඳවීමක් විඳවනවා. පස්සේ නෑදෑ වෙන මාමා කෙනෙක් හරහා මම කැමති කෙල්ලෙක්ව බඳින්න අම්ම්මාලාව කැමති කරගත්තා.ඒ proposal එක බැලුවේ මාමා. වෙඩින් එකෙන් පස්සේ අවුරුද්දේ ඒ මාමා හදිසියේ නැතිවුණා.තව අවුරුද්දක්පරක්කු උනානම් එක්කෝ මම තනිකඩ නැත්නම් මටඕන කෙල්ලෙක්ව බැඳගෙන පිටරටකට වෙලා ලංකාවට නොඇවිත් ඉන්නවා.මගේ වෙලාව තමයි.
මගේ පරණ love එක තරම්නොවුනත් දැන් මගේ Wife හොඳ හින්දාදෙමව්පියෝ ගැන මටලොකු තරහක් නෑ. මගෙන්වියයුතු දේ කරනවා. ලොකු බැඳීමක් නෑ.මට වෙච්ච දේමගේ පොඩි එවුන් දෙන්නට නොවෙන්න මම වගබලා ගන්නවා.ඒත් මගේ Wifeගේ අම්මලා මගේ දෙමව්පියන්ට හාත්පසින්ම වෙනස්. දෙමව්පියන්ගේ වටිනාකම මම ඉගෙන ගත්තේ ඒ ගොල්ලන්ගෙන්.
==========================================================================================
එළකිරියේ උඹලා සමහර දෙනාට හොඳ දෙමව්පියෝ ලැබිලා ඇත්නම් පණ ඇරලා සලකපන්. එත් දෙමව්පියෝ වැරදියි කියලා හිතෙනවනම් එඩිතරව තීරණයක් අරං දෙමව්පියන් අකමැති වුනත් විවාහය වගේ දේකදී තනි කැමැත්තට වැඩ කරපන්.අම්මලට වුනත් වයසට ගියාම සලකන්නේ උඹට ආදරය කරන ගෑණියෙක්.උඹට ආදරයනොකරන ගෑණි කවදාවත් උඹගේ අම්මලට බලන්නේ නෑ.
අම්මට තාත්තට මැරෙන කල් සැලකුවත් මදි කියල මම අහලා තියෙන්නේ. ප්‍රයෝගිකව මගේ ජීවිතේ අත්දැකීම් අනුව මට නම් හිතෙන්නේ යහපත් අම්මලා ලැබෙන්නත් පිං කරලාතියෙන්න ඕනේ.
==========================================================================================