අම්මා නැති වෙලා ඉන්න උන්

helplesser

Well-known member
  • Nov 20, 2017
    18,151
    27,818
    113
    36
    Mirihana
    alis.alberta.ca
    මේ වෙද්දී අම්මා නැති උන් ඉන්නවද?
    උබලට කොච්චර විතර කාලයක් ගියාද සාමාන්‍යයෙන් නිතර මතක් වෙන ගතිය නැති වෙන්න.
    හීනෙන් එහෙම පේනවද?
     

    vgp

    Well-known member
  • Aug 19, 2010
    2,458
    2,089
    113
    ඒ මනුස්සයා හිටියනං සතුටු වෙන විදියට වැඩ කරපං.
     
    • Like
    Reactions: Chimpanzee Putha

    amino

    Well-known member
  • Jul 27, 2008
    2,312
    2,780
    113
    Pilimathalawa
    අම්මා
    මම අහල තියන දෙයක් කියන්නේ ඇත්ත නැත්ත මම දන්නේ නැ
    මට තේරෙන මට්ටමෙන් පැහැදිලි කරන්නම්

    අපි දානයක් දීලා මැරුණු කෙනෙක් ට පින් දෙනකොට ඒ කෙනා පින් ලබාගන්නවා කියනවා නේ
    (ඒ කෙනා වෙන ආත්මෙකට ගිහින් නැති නම්, ගන්දබ්බ අවස්ථාවේ නම්)

    01-
    ඒ වගේ නිතර මතක් කරනකොට ඒ කෙනාට ඒක ගැන පණිවිඩයක් වගේ දැනෙනවලු ඔන්න අහවලා මතක් කරනවා කියලා
    02-
    ජිවත් වෙලා ඉන්න සාමාන්‍ය මනුස්සයෙකුට ගණ ශරීරයක් තියන නිසා හිතට දැනෙන සිතිවිලි වල බර අඩුයි ලු
    ඒ කියන්නේ සතුටක් දුකක් උනත් දැනෙන ප්‍රමාණය අඩුයි ලු. ගන්දබ්බ අවස්ථාවේ ඉන්න කෙනෙකුට සතුට දුක වගේ දේවල් අපිට වඩා තිවුරව දැනෙනවා ලු

    ඉතින් එහෙම ලඟම කෙනෙක් නිතර නිතර මතක් කර කර ශෝක කරනකොට අර ගන්දබ්බ කෙනාට ලොකු වේදනාවක් වෙනවා ලු
    එහෙම උනාම එයාලට ඊළඟ ආත්මෙකට යන්න තියන මගත් ඇහිරෙනවා ලු
    ඒ නිසා කෙනෙක් නැති උනාම පින් දීලා ඉක්මනින් සුගති ගාමී ආත්මයක් ලබන්න ප්‍රාර්ථනා කරනවා ඇරුනාම
    මතක් කර කර දුක් වේවි ඉන්න හොඳ නැ ලු

    හැබැයි බොහොම ප්‍රබල පින් හෝ පවු තියන කෙනෙක් නම් ගන්දබ්බ අවස්ථාවේ ගොඩ කාලයක් ඉන්න හම්බවෙන්නේ නැ ලු
    එයාගේ පින හෝ පවට අදාළ තැනකට ගිහින් උප්පත්තියක් ලබනවා ලු
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,660
    167,314
    113
    එකමත් එක රටක
    අපි දානයක් දීලා මැරුණු කෙනෙක් ට පින් දෙනකොට ඒ කෙනා පින් ලබාගන්නවා කියනවා නේ
    (ඒ කෙනා වෙන ආත්මෙකට ගිහින් නැති නම්, ගන්දබ්බ අවස්ථාවේ නම්)
    කොහෙද එහෙම කියන්නේ ?