අම්මා සඳකි එනමුත් පිහියක් ගෙනෙතී
ඒ පිහියෙන් පුතු හිස ලේ මතු කරතී
කැපුමට පුතාගේ හිස දුක් ගැහැට දෙතී
හම්බ මවුන් ගැන කවි ලියවෙලා නැතී
ඔය ලේ ටිකත් වුනෙ ඇගෙ කිරි නොවැ පුතුනේ
කුසයේ දරාගෙන ලොව වෙත බිහි කෙරුනේ
මහමෙරකට උසනෙ මව් වරුගේ සෙනෙහේ
පුදුමයි පුතුනි කිම ඇගෙ ලේ දිය නොවුනේ
මවකට මුවා වී නුඹෙ හිස ලේ ගන්නේ
ඇය වෙයි පුතුනි මව් පදවිය කෙළෙසන්නේ
මව් සෙනෙහස නැතිද හම්බයො හඳුනන්නේ
හම්බ මවුන් ඇයි තම පුතු ලේ බොන්නේ