අම්මා

crazycasper

Well-known member
  • Oct 22, 2008
    2,441
    226
    63
    Negombo
    මොළයේ පිළිකාවක් වැලඳී තිබුණු කාන්තාවක් රෝහලකට ඇතුළත් කරනු ලැබීමෙන් පසු මිය ගියාය. ඒ වන විට ඇය වටා සිටි ඇයගේ පුතා හා නෑදෑයන් සියල්ලෝම ශෝකයට පත්ව හඩාවැටුණෝය.

    දවස පුරාම හැඩූ පුතු රෝගී විය. ඔහු නිවසට ගොස් පැරසිටමෝල් පෙති සොයා ගැනීමේ අරමුණෙන් සිය මවගේ අල්මාරිය පිරික්සන්නට විය. ඔහුට කොළයක ඔතා තිබූ පැරසිටමෝල් පෙති කිහිපයක් හමුවුණි. ඒ කොළයේ තම මව ලියා තිබූ වදන් කිහිපයක් දුටු ඔහුගේ නෙත නැවතත් තෙත් විය.

    "...මේ පැරසිටමෝල් පෙති ටික බොන්න මගේ රත්තරං පුතේ. මම දන්නව පුතා ගොඩාක් ඇඩුවට පස්සේ අසනීප වෙනවා කියලා..." :'( :'( :'( :'(

    මවගේ ආදරය පැරදිය හැකි කිසිවක් තවමත් මෙලොව බිහිවී නොමැත. ඔබ ඔබේ මවට ආදරය කළත්, ආදරය නොකළත් ඔබෙ මව ඔබට ආදරය කරනු ඇත. ඔබේ යහපත උදෙසාම තම ජීවිතය කැප කරනු ඇත. එය ඇයට ඇති එකම සතුටයි.
     
    • Like
    Reactions: dgvirajm