අම්මා...............................

northtech

Well-known member
  • Oct 26, 2006
    10,216
    304
    83
    Where U want me to be
    අම්ම ගැන ලියවුනු ලස්සන කවි ටිකක් .....................



    පුරා නුඹේ රුව පෙනෙනවා
    නුඹෙ සුවඳ තවම මට දැනෙනවා
    නික්ම ගිය නුඹ නමින් මගේ සිත
    නොනිමි වේදනාවෙන් පිරෙනවා
    හෙණ හඬට සසල වූ හදවතින්
    නුඹේ ලමැඩියට තුරුළුව උන්න
    අතීතය සිහිනයක් පමණි අද
    නුඹ නමින් වැලපේය තවම හද
    කාත් කවුරුවත් නැති පාලුවූ
    සුසානයේ විසල් බෙලි තුරු සෙවණෙ
    තනිව සැතපෙනා මගෙ සුදු අම්මෙ
    මේ ලියන දුක් කවත් නුඹ නමින්

    තිඹිරිගස්කටුවේ
    ස්වර්ණා ද සිල්වා​

    අම්මා
    කළුම කළු තාර කළු මා දෙස අවඥාවෙන්
    දහසක් නෙත් දැල්වෙද්දී අවමානයෙන්
    මගේ කළු පුතේ කියමින් ළයෙහි මා හොවා සෙනෙහස පෙවු
    සෙනෙහසේ කිරි සුවඳ මට තාම දැනෙනවා
    දැනුත් මට දැනෙනවා බණ පොතේ ඉසුරුබර
    කථා පෙර වදන් කර තුන් පිටකෙ ශාන්තිය
    දිවි මතුර කරවූ මව්නි, ඔබෙ නිමක් නැති
    සෙනෙහසේ කිරි සුවඳ මට තාම දැනෙනවා
    දැනුත් මට දැනෙනවා මා ළමැද හොවා ගත්
    රන් සුරත ළමැද බැඳ නොකියාම රහසින්
    ගියෙත් අම්මේ සදෙවි ලෝකෙට ඔබ තවම
    මගේ ළඟ ඉන්නවා
    දැනුත් මට දැනෙනවා‍


    වසන්තා හඳපාන්ගොඩ​

    අම්මා
    ලොවට පෙනෙන්නට
    දවසෙම හිනැහෙන
    හිත හැම රෑකම ඉකිබින්දා
    තනිය මකන්නට
    තුරුළුව මා ළඟ
    හිටියේ තනිකම නුඹ විතරයි
    මොහොතක් දවසක්
    මසක් වසක් කල්
    සඳු පායන තුරු තරු ගැන්නයි
    ගිම්හානෙට පින්නේ පීදෙන මල්
    විලසින් පැතුමන් බොඳ වූවයි
    තනි වුණ මගෙ හිත ළඟ නුඹ නැවතී
    එදවස රස මැවුවයි
    තුරුලු වෙලා පපුතුරෙ ලැබු උණුහුම
    දන්නෙ නුඹ හැර මා පමණයි
    පිපුණු අරලියා බක්මී පර මල්
    නුඹ එක්කළ අද මා පමණයි
    නොයන් හැර දමා මතු සංසාරේ
    මගෙ අම්මා මට නුඹ විතරයි

    මාමඩලේ ගැමුණු වික්‍රමසූරිය​

    අම්මා
    ජීවිතයට පෑයූ,
    සඳ කිරණ ඔබයි...
    මුළු ලොවම සුවපත් කළ,
    සිසිල් දිය ධාරාව ඔබයි...
    මුළු අහසම ලස්සන කරන,
    පුර සඳ නුඹයි...
    වැලි කතරේ වෙහෙස නිවන
    සිසිල් දිය බිඳ ඔබයි...
    ජීවිතයේ ළඟින්ම ඉන්න
    මගේ සෙවණැල්ල ඔබයි...
    මගේ ජීවිතයේ මඟ පාදන
    ගුරු තරුව නුඹයි...
    ජීවිතයේ අඳුරු මාවතේ
    පහන් වැට නුඹයි...
    මට අවැසි මගෙ ලොවට
    හිරු සඳු ඔබයි...

    පදවි ශ්‍රීපුර සම්පත් චාලක​

    උපුටා ගැනීම සිළුමිණ 01 06 2014
     
    • Like
    Reactions: rx_storm_aight