මටත් මගේ අම්ම මතක් උනා, මගේ අම්ම නැති වෙලා දැනට අවුරුදු 5ක් වෙනවා, මගේ අම්මට මට සලකන්න බැරි උන එක ගැන මම අද දුක් වෙනව ගොඩාක්... මගේ අම්ම නැති වෙද්දී මම ගත්ත පඩිය මට බයික් එකට තෙල් ගහල, ෆිනෑන්ස් එක ගෙවන්න විතරයි ඇති උනේ.. මට අම්මට කරන්න පුලුවන් උනේ ලගින් ඉන්න එක විතරයි, මගේ අයියයි, අක්කයි තමයි ඔක්කොම කලේ, අයියට පිංසිද්ද වෙන්න මගේ අම්ම රටවල් ගානක ඇවිද්ද, සතුටු උනා, හින උනා, එක දුකක් තියෙන්නේ අම්මට අයියගේ කොල්ලො දෙන්න නලවන්න, වඩා ගන්න බැරි උනා...
අද මගේ අම්ම හිටිය නම් මම අම්මව රැජිනක් වගේ තියාගන්නේ. අද අම්ම හිටිය නම් ලොකේ වටේ එක්කගෙන යනවා, අම්ම, අක්ක උඩ ඉදල අපේ දිහා බලාගෙන ඇති. හැමදාම, හැම මොහොතෙම, හැම තප්පරේම. ඒකයි මම අද තැනක ඉන්නේ, ඒ අම්ම නිසා...
අම්ම ගැන කියන්න ගොඩක් දේවල් තිබුනත් කියන්න බෑ. කදුළු නවත්තගන්න බෑ...