අම්මෙකුගෙන් කිරි බිපු කටකින් කොහොමද.......

Cj live22

Well-known member
  • Dec 9, 2011
    1,432
    434
    83
    අම්මෙකුගෙන් කිරි බිපු කටකින් කොහොමද.......

    [FONT=&quot]
    [/FONT]
    [FONT=&quot]“ජිවිතේ කියන්නේ හරි අපුරු දෙයක්...” මෙච්චර සැර කුනාටු ජිවිතේ පුරාම හමද්දිත් මට එහෙම හිතෙනවා.... මට හිතෙන්නේ දුක් විදින එකෙත් අමුතුම රසයක් තියෙනවා කියලා... මෙහෙම කියද්දි ඔයා කියයි මට පිස්සු කියලා.. දුක් විදින එකේ මොන රසයක්ද කියලා අහයි... අනේ මන්දා.. ඒත් ඒ ම‍ට හිතෙන විදිහ.. [/FONT]
    [FONT=&quot] අපිට දුක ගැනත් සරලව හිතන්න පුළුවන් නම් ගොඩක් ප්‍රශ්න අඩුයි කියලයි මම හිතන්නේ...ගොඩක් අය ජිවිතයට පුංචි ප්‍රශ්නයක් ආවත් පුදුම විදිහට කඩා වැටෙනවා...ඒත් හැම වෙලාවෙම මතක තියා ගන්න අපිට වඩා දුක් විදින මිනිස්සු මේ ලෝකේ ඉන්නවා.. සමහරු ප්‍රශ්න වලට බයේ පැනලා යනවා..ජිවිතේම දාලා යනවා...එහෙමත් නැත්නම් තමන්ගේ ජිවිතේ අරක්කු බෝතලේකට උගස් කරනවා...[/FONT]
    [FONT=&quot] විශේෂයෙන් ආදරෙන් පැරදුනාම ගොඩාක් අය මේ තත්වෙට වැටෙනවා.. ඒත් මම නම් කියන්නේ ආදරෙන් ඇති වෙච්ච දුක නැති කරගන්න කව්රුහරි බොනවනම් ඒ මනුස්සයා තමන්ගේ ජිවිතේටවත් ආදරේ කරන්න දන්නේ නැති කෙනෙක් කියලා...තමන්ගේ ජිවිතේටවත් ආදරේ කරන්න දන්නෙ නැති කෙනෙක් කොහොමද තව කෙනෙකුට ආදරේ කරන්නේ... මම මෙහෙම කියනකොට ඔයාගේ හිත රිදේවි...... ඒක මම දන්නවා.. ඒත් ඒක නේද ඇත්ත..මම දන්නවා ඔයා වගේ ගොඩක් අය ඉන්නවා.. ආදරේ නිසා .. ජිවිතේ තියෙන ප්‍රශ්න නිසා මිවිතට ජිවිතේ දන් දුන්න... ගොඩක් සංවේදි හිත් තියෙන ඒ වගේ මිනිස්සු ඒ වගේ විනාස වෙන්න හදන්නේ ඇයි කියලා මම දන්නෙ නැ...ජිවිතේ ප්‍රශ්න එනවා තමයි ඒත් ඒවා විසද ගන්න නම් හොද සිහියක් තියෙන්න ඕන නේද? මම එහෙම කියද්දි ඔයා කියයි “කියන්න නම් ලේසි..කරන්න තමයි අමාරු” කියලා..ඇත්ත කටට එන වචන ටික කියන්න ලේසි.. කරන්න අමාරුයි.. ඒත් අමාරුවෙන් හරි කලොත්...??[/FONT]
    [FONT=&quot] පොඩ්ඩක් හිතන්න අම්මා ගැන...එයා ජිවිතේ මොන තරම් දුක් විදින්න ඇද්ද? අපිව හදන්න..අපට කවන්න පොවන්න ලොකු මහත් කරන්න..ඒ වගේම එයාට ජිවිතේ මොන තරම් ජිවිතේ ප්‍රශ්න තියෙන්න ඇද්ද? අපේ අත්තම්මා කියන්නේ අම්මාටත් අහසටත් නිවනක් නෑ කියලා.. ඒකේ තේරුම එයා මොනව කලත් බැනුම් අහන්න වෙනවා කියලා..ළමයෙක් වරදක් කලත් බනින්නේ අම්මට... ඉතින් එයා මොන තරම් නම් දුකක් උහුලනවද?මේ වගේ ප්‍රශ්න කියලා අපේ අම්මලා ජිවිතෙන් කවදාවත් පැනලා ගියාද?? එයාලා දුක නිවා ගන්න කියලා අපේ අයියණඩිලා වගේ බෝතලයක් අතට ගත්තද??? නෑ නේද? අම්ම කෙනෙක් කවදාවත් එහෙම කරන්නෙ නැත්තේ එයා එයාගේ ජිවිතේට ආදරේ නිසා..එයාගේ ජිවිතේ කියන්නේ එයාගේ දරුවො ටික.. ඉතින් ඒ වගේ අම්මෙකුගෙන් කිරි බිපු කටකින් කොහොමද ඔය ජරාව බොන්නේ?? පොඩ්ඩක් හිතන්න... අම්මෙක් එයාගේ ලේ ටිකයි කිරි කරලා අපට පොවන්නේ... එයාගේ ඒ ලේ ටිකට කරන අගෞරවයක් නෙමෙයිද ඔය ජරාව බොන එක.. මම දන්නවා ඔයා අම්මට ගොඩාරියක් ආදරේ බව.. ඉතින් ඒ හිත රිද්දන්න එපා..[/FONT]
    [FONT=&quot] මම දන්නවා තමන් බලාපොරොත්තු වෙන ජිවිතේ..ආදරේ නොලැබුනාම ජිවිතේ එපා වෙනවා.. කලකිරෙනවා... ඒත් එහෙම කියලා ජිවිතෙන් පැනලා යන්න නම් ඇයි අපි ඉපදුනේ.... ඔයා දන්නවද සමහර වෙලාවට ජිවිතේ නරකම කාලෙදි තමයි ජිවිතේ හොදම දේවල් වෙන්නේ... ඔයා හැමදාම ජිවිතේ වැහුනු දොරක් ලගට වෙලා කොච්චර බලන් හිටියත් වැඩක් නෑ.. පොඩ්ඩක් වටපිට බලන්න ඔයා නොදැකපු දේවල් ගොඩයි....[/FONT]
    [FONT=&quot]ඇස් අරින්න..බලන්න වටේටම... ඔයා හිතන රටාව වෙනස් කරන්න.. ඊට පස්සේ ඔයාට තේරේවි මේ ජිවිතේ ඒ තරම් නරක නැති බව.... [/FONT]
    [FONT=&quot] [/FONT]
    http://akikaruhitha.blogspot.com/2010/12/blog-post.html