අම්මෝ_පිඹුරා

Amathi Putha

Well-known member
  • Dec 20, 2018
    5,295
    10,128
    113
    පෙට්‍රල් පෝලිමේ
    ගල්කිරියාගම පරවහගම ප්‍රදේශයේ නිවසක් ආසන්නයේ සිටි විශාල පිඹුරෙකු ආරක්ෂිත ස්ථානයකට ගෙනගොස් දැමීමට ගල්කිරියාගම වනජීවී නිලධාරින් කටයුතු කර තිබෙනවා. ඊයේ සවස (10) ගල්කිරියාගම නිවසක් ආසන්නයේ දිය කඩිත්තක මුවෙකු දඩයම් කොට මුවා ගිල දැමූ විශාල පිඹුරෙකු ගමන් කිරීමට නොහැකිව සිටින බවටයි වනජීවී නිලධාරීන්ට තොරතුරු ලැබී ඇත්තේ. පිඹුරා විසින් ගිලදැමු ගොදුර හේතුවෙන් පිඹුරාගේ උදරය තුවාල වී තිබු බවයි වනජීවි නිලධාරින් පැවසුවේ. එම ස්ථානයට පැමිණි වනජීවී නිලධාරින් මෙම අඩි පහළොවක් පමණ විශාල වූ දැවැන්ත පිඹුරා වනජීවී කාර්යාලයට රැගෙනවිත් රාත්‍රී කාලය වනතෙක් තබාගෙන කලාවැව රක්ෂිතයේ ආරක්ෂිත ස්ථානයකට මුදාහැරීමට කටයුතු කර තිබෙනවා.