පසුගිය තෙසතියක දී මෙරට ක‍්‍රියාත්මක වූයේ ලොව අසාර්ථකම සංචරණ සීමා ක‍්‍රියාත්මක කිරීම බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදයේ සභාපති වෛද්‍ය රුක්ශාන් බෙල්ලන මහතා ඊයේ සඳහන් කළා. එය මුළුමනින්ම අසාර්ථක සංචරණය සීමා පැනවීමක් බවත් එහි පැනවීමේ අරමුණු කිසි ලෙසකින්වත් ඉටු වී නැති බවත් හෙතෙම පවසනවා.
සංචරණය සීමා පැනවීමේදී හමු වූ ආසාදිතයන් සහ මරණවලට වඩා වැඩි ප‍්‍රමාණයක් මේ වන විටත් හමුවීම තුළ එම තත්ත්වය තහවුරු කෙරෙන බවද ඔහු පවසනවා. මේ වන විට මරණ සංඛ්‍යාව දස ගුණයකින් පමණ වැඩි වීම පවතින භයානක තත්ත්වයේ තරම කියාපාන්නක් බවත් එහෙයින් නිවැරදි ලෙස නිසි සංචරණ සීමා නැවත ක‍්‍රියාත්මක කිරීමට රජය නැවත කටයුතු කළ යුතු බවත් වෛද්‍ය රුක්ශාන් බෙල්ලන මහතා වැඩිදුරටත් අදහස් දක්වමින් කියා සිටියා.
